"කොටි" දෙමළ ජාතික සන්ධානයට ඇරියුම්

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
"කොටි" දෙමළ ජාතික සන්ධානයට ඇරියුම්

"කොටි" යයි කී දෙමළ ජාතික සන්ධානයට ආණ්ඩුව සමඟ මහමැතිවරණය එක්වන්න ඇරියුම්
(ලංකා ඊ නිව්ස් -2010.පෙබ.06, පෙ.ව. 11.15)

ළඟ එන ඊළඟ මහ මැතිවරණයේදී ආණ්ඩුව සමඟ එක්වී තරඟ කරන මෙන් ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයට ඊයේ (05) විවෘත ආරාධනාවක් කළේය.

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ විවාදය අවසන් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (05) කළ සිය කතාවේදී සභානායක අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ආණ්ඩුව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට මෙලෙස ඇරියුම් කළේය.

"ඔබට ඔබේ ජනතාවගේ අයිතීන් ආරක‍ෂා කිරීමට අවශ්‍ය නම් අප සමඟ එක්විය යුතුයි" යි කී අමාත්‍යවරයා ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමෙන් සිදුකළ වරද ඊළඟ මහ මැතිවරණයේදී නිවැරදි කරගැනීමට තමන් සමඟ එක්වන මෙන් කීය.

ඉකුත් ජනාධිපතිවරණයේදී ආණ්ඩුව විපක‍ෂයේ පොදු අපේක‍ෂකයාට එරෙහිව නැගූ එක් ප්‍රබල චෝදනාවක් වූයේ ඔහු රට ජාතිය පාවා දෙන රහස් ගිවිසුමක් දෙමළ ජාතික සන්ධානය සමඟ අත්සන් කොට ඇති බවය. මෙම චෝදනාත්මක ප්‍රචාරය තුළ දෙමළ ජාතික සන්ධානය හැඳින්වුණේ එල්ටීටීඊ රූකඩයක් ලෙසිනි. එම චෝදනාව ඉදිරිපත් කළ එක් ප්‍රධාන කථීකයකු ලෙස පාලක එජනි සන්ධාන වේදිකාවේ කැපී පෙනුණු චරිතයක් වූයේද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාය.
 

Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT
den desha prameen ammo kawda keewe koti kiyala mage deiyaaaaaaaa ummmmmmmmmaaaa TNA umbala nethiwa api paluwen hitiye darling