30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග ම‍‍ගේ මහත&#3

yehank

Member
Oct 14, 2006
163
3
0
30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග ම‍‍ගේ මහත&#3

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තා නොව, පැහැර ගත් බවත්, තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ගක් ලෙස මෙසේ කටයුතු කර ඇති බවත්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ අද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද පැවසුවාය.

"ඊයේ රාත්‍රී 9.30ට විතර කාර්යාලයේ ඉන්න කොට යුධ හමුදාවේ අය ඇවිත් අත්අඩංගුවට අරන්. යුධ හමුදාවෙන් ඇවිත් අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නයක්. මොකද මගේ මහත්තය දැන් සාමාන්‍ය පුරවැසියෙක්. සාමාත්‍ය පුරවැසියෙක් අත්අඩංගුවට ගන්න ක්‍රම තියෙනව. සාමාන්‍යයෙන් පොලිසිය මගින් තමයි අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ. නමුත් ඊයේ රාත්‍රී ම‍ගේ මහත්තය අත්අඩංගුවට ගත්තේ යුධ හමුදාවෙ නිලධාරීන් හා සෙබලුන් එකතු වෙලා. මේ කටයුත්තේ මූලිකයා ලෙස කටයුතු කළේ ජෙනරාල් මානවඩු කියන තැනැත්තා. මම ඔහුව හොඳින්ම දන්නව.

මෙතනදි කියන්නේ හමුදා නීතියට අනුව ඔහුව අත්අඩංගුවට ගත්ත කියල. මමත් යුධ හමුදාවේ නීතිය දන්නව. මගේ දැනුමේ තරමට වගේම යුධ හමුදාවේ නීතියට අනුව යම් හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගන්න ඔහුට වඩා ඉහළ නිලධාරියෙකු සිටිය යුතුයි. ඒ වගේමයි අත්අඩංගුවට ගැනීමේ පිළිවෙලක් තියෙනව වැදගත් ලෙස.

මේක අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි, මේක පැහැර ගැනීමක්. ඔහුව අරන් ගිහින් තියෙන්නේ ඔසවාගෙන. මේ අවස්ථාවේදී මගේ මහත්තය කියල තියෙනව මම සාමාන්‍ය පුරවැසියෙක් විදියට පොලිසියට භාර වෙන්නම් කියල. නමුත් ඒ අවස්ථාවේදී මානවඩු කියන ජෙනරාල්වරයා පොලිසිය පහළ ඉන්නව කියල. නමුත් ඒක බොරුවක්. ඒ අවස්ථාවේ කිසිදු පොලිස් නිලධාරියෙක් ඉඳල නැහැ. ඒ බොරුව කියල තමයි ඔහුව අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඇත්තෙන්ම මේක පැහැර ගැනීමක්.

මගේ මහත්තය රඳවා සිටින තැන් මම තවම දන්නේ නැහැ. ඇයි ඒක එහෙම වෙන්නේ. අත්අඩංගුවට ගත්තානම් ඔහු සිටින තැන අපට කියනව. මම ඔහුගේ බිරිඳ හැටියට ඒක දැනගත යුතුයි. නමුත් ඒ කිසිවක් අපි තාම දන්නේ නැහැ. කාගෙන්වත් ආරංචියක් වත් නැහැ.

මම දැනගන්න කැමතියි අවුරුදු තිහක් පුරා දුර ගිය මහා අමානුෂික යුද්ධය ඉවර කරපු දේට දෙන ත්‍යාගයද මේ. මම දන්නව ඔහු කැපවෙලා යුද්ධයට ‍දායකත්වය දක්වපු හැටි. ඔහුට රජය පෙරලීමට අවශ්‍ය වුණා නම් ප්‍රභාකරන් අවසන් කරපු වෙලාවෙම ඒක කරන්න තිබුණා. ඔහුට එවැනි කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි ඔහු කිසිම අවස්ථාවක නිල ඇඳුමින් දේශපාලනය කරල නැහැ.

ඒ සියලු දේ කරල අන්තිමේදී හරියට සතෙක් ගෙනියනව වගේ මගේ මහත්තයව අරන් ගිහින් තියෙන්නේ. ඒ වගේමයි මේ ජෙනරාල් මානවඩු සමඟ ආපු අනෙක් අය මගේ මහත්තය අත්අඩංගුවට ගැනීමට අදිමදි කරද්දි ඔහු ඉතා අසභ්‍ය විදියට ඒ අයට බැන වැදිල, "මූව අරගනින්" කියල, ඒ වචන ඒ විදියටම පාවිච්චි කරල තමයි අරන් ගිහින් තියෙන්නෙ.

ඒ වගේම මම කියන්න කැමතියි කාන්තාවන්ට මේක අද මට වුණා. හෙට ඔබගේ සැමියට වෙන්න පුළුවන්. ඔබගේ පියාට වෙන්න පුළුවන්. අපි මේ සඳහා එක්තැන් විය යුතුයි. රජය මෙවැනි පහත් තත්ත්වයට පත්වීම ගැන මම කනගාටු වෙනවා. මම හැම කාන්තාවකටම කියන්නේ මට වෙච්චි ‍දේ ඔබට සිදු නොවීමට අපි එකතු වෙමු. අපි කාන්තාවන් ලෙස එකතු වෙලා මෙයට විරුද්ධව යමක් කළ යුතුයි. ඒ වෙනුවෙන් මා සමඟ එකතු වෙන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා."


Anoma_1.jpg


source:http://www.lankatruth.com/sin/index...55:30-&catid=34:2008-10-13-08-28-51&Itemid=27
 

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    mechchara kal rata kawa madi nam
    dan ithin apiwatrh maragena kapalla
    sf we are still with you
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    mechchara kal rata kawa madi nam
    dan ithin apiwatrh maragena kapalla
    sf we are still with you



    munta hena gahanawa,munta saapa wewa. munge daru pawul pitin hendi gewilaa palayan






     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    wimal weerawansa mehema kiwwa ne..

    Bada gena hithapu ayata bada giya, rata gena hithapu ekata rata giya kiyala....

    Bada gena hithwe bada ginnata.... den muta rata giya nisa bada ginnata mun kanne "Rata"..

    suba anagathayak.. mama MR ta vote karapu unta saapa karanawa.....
     

    sandun_kg

    Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තා නොව, පැහැර ගත් බවත්, තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ගක් ලෙස මෙසේ කටයුතු කර ඇති බවත්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය..

    :shocked::shocked::shocked::shocked:
     
    Jan 25, 2010
    140
    5
    0
    SFta thawath KATA parissam kara ganda beri nam SORRY FONSEKA thamai.
    http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml
    ඇයි ගොබ්බයෝ , සාක්කි දෙන එකේ වැරද්ද මොකක්ද? හන්ගන්න දෙයක් නැත්නං, සාක්කි දෙන්න බය වෙන්න ඕනේද? නිකං නැට්ට පාගගෙන බුරන්න එපා. උඹ ඉස්සෙල්ලා රෑ ඉස්කෝලෙට ගිහින් සමාන්‍ය දැනුම හදාගනින්. උපන්ගෙයි මොන්ගල් කම නං නැති කරගන්න බැරිවෙයි.
     

    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    wimal weerawansa mehema kiwwa ne..

    Bada gena hithapu ayata bada giya, rata gena hithapu ekata rata giya kiyala....

    Bada gena hithwe bada ginnata.... den muta rata giya nisa bada ginnata mun kanne "Rata"..

    suba anagathayak.. mama MR ta vote karapu unta saapa karanawa.....


    I ll join with you tooo ...hate MR
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තා නොව, පැහැර ගත් බවත්, තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ගක් ලෙස මෙසේ කටයුතු කර ඇති බවත්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය..

    :shocked::shocked::shocked::shocked:

    ඉතින් ඔක දිහා මොකද උලමෙක් වගේ ඇස් ගෙඩි දෙක ලොකු කරන් බලන්නේ ඇත්තනේ කියලා තියෙන්නේ