551 ජාතකය !!

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
හැදින්වීම

පන්සිය පනස් ජාතක පොත අපි හැමෝම අසා ඇති, දැක ඇති, සමහර අය කියවා ඇති වටිනා ආදර්ශවත් පොතකි. නමින් 550 ජාතක පොත වුවත් එහි ඇත්තේ ජාතක කතා 547ක් පමණ බව කියවේ. මේ පොතට අමතරව පසුකාලීනව ඒ ආභාශයෙන් වෙනත් කතුවරුන් විසින් රචනා කරන ලද විවිධ කෘති ගැන ජන සාහිත්‍යයේ සදහන් වේ. ඊයේ පෙරේදා ගේ පි‍ටුපස පොල් පැලයක් සි‍ටුවීමට වලක් කපන විට නිවෙස් හිමි ගිහාන්ටද මෙතෙක් අප්‍රකටව තිබුනු එවන් අනුකාරක ජාතක කතාවක් අඩංගු මහාර්ඝ පුශ්කොල පොතක් හමු වී ඇත. මෙය පුශ්කොල ලෙස නම් කරේ දිගුකලක් පස් යට තිබී කතාව සහිත පොතේකොල පුශ් කා ඇති බැවින්.හුදී පාඨක සංවේගය උදෙසා එය මෙසේ පලකරමි.



මහා අවන්ත ජාතකය

කර්තෘ අඣාතයි ( අංඡකොරොස් නොවේ. කර්තෘ සොයාගැනීමට නැත)


එලකිරියේ යුග දිවියේ 20 වස(post 20 000) සපුරණ ‍ටුවිස්ටඩ් ඒ. කේ. ඒ. පිනෝකියෝ නම් කුල කුමරුවා දැක විමතියට පත්ව හොල්මන්ද පොල්කොල වූ එලකිරි ශ්‍රාවක පිරිස දැක ‍ටුවිස්ටඩ් සහ ටිලංග කුල කුමරිය අරභයා මහා සෘෂිවර ශී ලකී ජයරාම් ලක්ශිතයාණන් මෙසේ දෙසන ලදී.

"‍ටුවිස්ටඩ් මානවය ඔබ මෙසේ නොකඩවා එලකිරියේ 20 වසරක් යුග දිවි සැප ලැබුවේ මේ පලමු වර නොව,මීට පෙරද ඔබ මෙසේ මෙපරිද්දෙන්ම යුග දිවි සැප වලදා ඇත. ඒ කෙසේද යත්"

යටගිය දවස සිංහලද්වීපයේ 6 වන මහින්ද මහරජාණන් තම පිය ඇවෑමෙන් රජ කමට පැමිණදැහැමෙන් සෙමෙන් මිතුරන් සතුරන් කර රාජ්‍ය කරන සමයේ එ රජහුට මර්වින් නම් ඇමතියෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් සිටියහ. ඒ මරිවියා වූ කලී රට වැසියන් අතර ඉමහත් ජන ප්‍රසාදය ඇත්තෙකි.ඔහු යන එන විට ජනයා ගල් මුල්, තීන්ත මුත්‍රා ආදියෙන් එක පැහැර සංග්‍රහ කර තම ප්‍රසාදය දක්වති. ඔල්වරසන් දෙති (දන්න සිංහලෙන් කියනවා නම් හූ කියති) මව් ගුණ වයති. ඒ ඇමතියානන්ගේ මව්ද ඒ පින් ලබා දැනට වසර 125ක් පමණ ආයු වලදති.ලොව වයස්ගතම ගැහැනිය යන ගිනස් වාර්තාවේ හිමිකාරියද ඇයම වේ. මෙකල ඒ ඇමති මර්වියාණන්ට පින්වත් පුත් කුමරෙක් සිටියහ. එ කුමරා මහා පින් ඇත්තේය. එබැවින් පින්ගුත්තරයායන නම් ලදී. පිංගුත්තර කුමරාණන්ට තවත් නම් ද ඇත්තේය. අවන්තයා , පිනෝකියෝ යනාදී නම් ද ඔහුට වහරන ලදී. මේ පින්ගුත්තර ඒ.කේ.ඒ අවන්ත කුමරාණන් ට සිවල් නාදයක් හා සමාන මිහිරි කට හඩක් ඇත. ඔ‍ටුවෙක් හා සමාණවූ මොල්ලියක් ඇත.(ඒ අර්ථයෙන් හැච්බැක් යන නම් ලදී)මී ගවයන්ට නිගා දෙන සුලු සවිමත් කුර ඇත. ( සතියකට වරක් රනින් කල ලාඩම් ගසා කුර පොලිශ් කර මේන්ටේන් කරයි) නවදැලි හේනේ දා ගිය වැදිරියගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට සමාන රුව ඇත.පිය උරුමයෙන් ලද අං යුගලක් සහ වලිගයක් ඇත.පිනෝකියෝට මෙන් දිගු නාසයක් ඇත. බෝතල් අඩි කණ්ණාඩි පැලදීමෙන් ලද තීක්ශන දුර දක්නා නුවණ ඇත

නිසි වයස් පැමිණි කල පිය මර්වියාණන් මෙසේ බැණවීය.
"ගෙම්බා( සංස්කාරක සටහන්- මෙය එම්බා වියයුතුය. හෝ අවන්තයානන්ගේ තවත් නික් නේමයක් විය හැකිය) අවන්තය , තොප ඉගෙනුමට කල වයස සරිය. වහා ශිල්ප ඉගෙනීමට සැරසෙව."

එවිට අවන්ත ඒ.කේ.ඒ පින්ගුත්තර කුමරා තම සිවල් නාදයක් බදු වූ කටහඩ නංවා කන්පට ගසා, නගුට වණා මෙසේ කීය.
"පියාණන් වහන්ස මේ බජාරයේ මා තරම් නැණවත්, කුලවත් සිල්ප දත් එකදු කුමරෙක් නැත.එබැවින් මාහට තරම්වන සිඵ්හලක් මේ ඒරියාස් එකේ නැත. එහෙත් පස්ටි ගසන කාලයද ලග බැවින් සුදුසු කෙප්ස වැස්සියෙක් සොයාගැනීම අරභයා මම ඔබ ඇණවීම භාර ගනිමි."

එවිට මර්වියා පවසනුයේ
"ගෙම්බා අවන්තය පොර ටෝක් නොදමා මා දෙන දෙයක් කා බී කණ පලා නොගෙන ඉගෙනුමට යනු,මා මෙන් ආචාර්ය උපාධියක් හෝ ගෙන ප්‍රම්ප්‍රා නම්බුව රකිනු."

එවිට අවන්තයා චන්දෙන් පැරදුන ඇස් ඇෆ් සේ දුර්මුඛව පිය අණින් ශිල්ප ඉගෙනුමට කළ්යානී භජාරය බලා නික්මුනහ. අවන්තයා කුඩු ලාල්, සොක්ති උපාලි, ධම්මිකයානන්, මෝදර ඇල ගුණා ආදී දේශ දේශාන්තරයන්හි චිර ප්‍රසිද්ධ ආචාර්යපාදයේ සිල්ප හදාරන්නාහුය. ගිනි කෙලි, ගිනි අවි බයිසිකල් චේන්, පොලු කැට මුගුරු දැන් ඔහුට ටොයිෂ් වැනිය.වැඩේ දෙල් වෙනකොට මාරුවීම, සරම කඩා දමා දිවීම ආදියෙන් සාක් වාර්ථා හිමිය.

මෙසේ ඇල්මෙන් සිල්ප උගනින අවන්තයා එක් දිනක් එක් කුමරියක් දු‍ටුවාහුය. එ කුමරිය පංච කළ්‍යානියෙන් හෙබියාහුය. පොටි ගසා 40 වැලි කඩදාසියෙන් කපා සකස් කරන ලද සුදු මුදු ඡවී කළ්‍යානියෙන් යුක්තය. විග්ස් එකක් දමා ඉස්ට්‍රේට් කර ෆර්ම් කර රීබොන්ඩ්ස් කර වීට් ගා අමතර රෝම (මයිල්/මවිල්) ඉවත් කරන ලද කේශ කළ්‍යානියෙන් යුක්තය.සෝම පානයෙන්(බට/ගංජා ගැසීමෙන්) ඔපවත් වූ මාංස කළ්‍යානයෙන් යුක්තය.පුත්තලම් බූරුවන් 7ක් සහ තවත් එකෙක්ගේ වයස පෙනෙන අන්දමේ වයං කළ්‍යානයෙන් යුක්තය. යකාගේ ගල් වැට බදු වූ දන්ත කළයානියඇත්තාහුය.
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

මෙසේ පංචකළයානියෙන් අග්‍ර වූ එ කුමරිය දු‍ටු අවන්තයාගේ සිත ඈ කෙරෙහි බැදී ඇදී සැලී ‍රැලි වැටී ගියහ.ඈ දකින විට ඔහු හද මඩලේ මා වවුලන් ගී ගයති.කෑරලුන් කෑ ගසති, නරි හූ කියති.ඌරන් කැකුන තලති. හබන් කුකුලන් මැරි කරති ( ඊ ටී සී). එබැවින් අවන්තයා තමන් එකුමරියට ආලය කරන බව වටහා ගත්හ. හෙන ගේමක් දී පුරුශ ධෛර්‍යය උපදවා ගත් අවන්තයා කුමරිය බණවා මෙසේ ඇසීය.

"කුමරිය ඔබ උදෑසන පිපුණු කිඩාරම් මලක් සේ සුවද හමයි, පියකරුය. ඔබ කවුරුන්ද?"
එකුමරියද විලි බිය දක්වා (මෙහි විලිබිය දැක්වීම යනු කොටට ඇදි ඇදුම තවත් කොට කිරීම විය හැකිය)මෙසේ කීහ.

"කුමරාණෙනි මම ටිලාපියා නම් වන්නාහුය (මේ පැරණි සිංහල වදනේ වත්මන් ව්‍යවහාරය තිලාන්, තිලානයා ලෙස සකස්විය යුතුය.) මපියාණන් පතිරණ සාලයා වන්නාහුය. හෙතෙම ශීදූව පෙදෙසේ ඉඩම් හිමි ඛංෂා වැවිලිකරුවෙකි. අසූ කෙලක් ධන ඇත. මහින්ද මහරජාණන්ගේ ලෝකල් බ්‍රෑන්ඩඩ් ඉෂ්කාගාර
සංස්ථා පාලකයාද ඔහුය."

ඒ ඇසූ අවන්තයා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් සිතනුයේ මේ වනාහි මටම ඔබින්නාවූ කුමරියකි. පිය අනුමැතියගෙන වහා සරණ මංගල්‍යය පවත්වමි

සිත්වූ පරිද්දෙන් අවන්තයාණන් තිලංගයාණන් සරණ පාවා ගෙන නව විවාහ දිවියක් ඇරඹූහ.පස් මසක්(එහෙම වුනේ ඇයි?? අයි ඩෝන්ට් නෝ වයි) ඇවැමෙන් තිලංග කුමරියද ශිල්වා ප්‍රම්ප්‍රා නාමය ගෙනයනු පිණිස පුත් කුමරෙකු බිහි කළහ.

එවිට මර්වියාද මුනුබුරෙක් ලදැයි මහත් ප්‍රීතියට පැමිණ, විපක්ශ අපේක්ශකයානන්ට මිනිසුන් දමා හූ කියා,චන්ද කාර්‍යාල නම් වූ අම්බලම් මඩු කඩා, ආචාර වෙඩි මුර පවත්වා, ජෙප්පන් නසා කළ්‍යාණී පුරවරය උත්සවශ්‍රීයෙන් එකලු කලහ.

නැකතට පුතු අතට ගත් අවන්තයා මපුතුහට තබන නම් කවරේදැයි සිතනුයේ එකල මැරේජ් ලයිෆ් ප්ලෑන්ස් කරන සමයේ කරන ලද කතා බහක් සිහි කොට ( ඒ කවරේද යත්, වෙඩිං රිංස් බැලීමට යන විට ධාරාණිපාත වර්ශාවකට අසුවී කූල් ඉස්පොටයකට ගොඩ වී පෙම් බස් තෙපලන විට ටිලාපියා කුමරිය යෝජනා කරනුයේ කුමරාණෙනි මේ අසිරිමත් දිනය සිහිවීමට දුවෙක් ලදොත් වර්ශා ලෙස නම් තබමුයැයි පැවසූහ.)ලද දරුවා පුතෙක් බැවින් වස්සා ලෙස නම් තැබූහ.මෙලෙසම පසුව ලද පුත් කුමරුන් වස්සා 2, වස්සා 3 ලෙස නම් කරහ. ලද එකම දියණිය වර්ශා නම් විය.

මෙසේ අවන්ත-ටිලාපියා කපලය 20 වසරක් කම් වූ පරිද්දෙන් විවාහ දිවි සුව වැලදූහ.

මහා සෘෂි ලකීයාණන් මෙසේ පෙර කතාව පවසා පූර්වාපර සන්ධි ගලපනුයේ එකල අවන්තයාණන් මෙකල ‍ටුවිස්ටඩ් මානවයා බවද, මර්වින් ඇමැත්තා, පුශියා බවද , තිලාපිය කුමරිය ටිලාන් බවද පවසා ටුවිස්ටඩ් මානවයාට එලකිරියේ තවත් 20 වසරක් යුග දිවි සැප වැලදීමට බොක්කෙන්ම සුබ ප්‍රාර්තනා කරන අතරම, ශ්‍රාවක එලකිරි සමූහයාට මෙවන් දිගු ගමනක් එලකිරිය තුල යාමට නම් වහා කාන්තා පරාණයක් එලකිරි ආ විගස ෆුල් ට්‍රයි කර දාගන්නා ලෙස තරයේ අවවාද කළහ

ප.ලි.
සංස්කාරක ඉස්මෝල්විල් සහ මේ මහාර්ඝ පුස්කොල පොතේ හිමිකරු/තිර රචක/ ප්‍රොඩියුසර්/ අධ්‍යක්ශක ගිහාන් ද ‍ටුවිස්ටඩ් ඒ . කේ. ඒ අවන්ත ඒ.කේ.ඒ. පිනෝකියෝ ඒ.කේ.ඒ. බෝතල් කණ්ණාඩියාට එලකිරියේ විසිවසරට (20 000ට) උණුසුම් සුභ පැතුම් ගෙන එයි


සංස්කාරක ඉස්මෝල්විල්
smallvilleclerk50
Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif


මහාර්ඝ පුස්කොල පොතේ හිමිකරු/තිර රචක/ ප්‍රොඩියුසර්/ අධ්‍යක්ශක ගිහාන්
GihanFX
Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif


එකල අවන්තයාණන් මෙකල ‍ටුවිස්ටඩ් මානවයා බවද
twisted
Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif


තිලාපිය කුමරිය ටිලාන් බවද
thilangr8
Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif


ශී ලකී ජයරාම් ලක්ශිතයාණන්
lucky_lakshitha
Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif



මර්වින් ඇමැත්තා, පුශියා බවද
Puzhi
Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
 
Last edited:
  • Like
Reactions: Puzhi and kasun1986

Clerk_Kent

Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    මේක බලද්දි විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ අප්පා :lol:

    Menna magenuth subapathum :D

    Twisted යන නාමය බොහෝ විට යෙදෙන්නේ නැමුනු , ඇඔරුනු , යන තේරුම ලබා දෙන ලෙසයි .
    එහෙත් ඒ නාමයෙන් ඉතා ඔබ්බට යන තේරුමක් මොහුට ඇත.
    නැමුනු , ඇඔරුනු පමනක් නොව , කැඩුනු , වැටුනු , බැඳුනු ( මෙම ක්‍රියාපද වලට " පෙට්ටි , ජම්බුගස් , ඊ.ටී.සී එක් කරගන්නා මෙන් ඉල්ලමි )
    ඉතාමත් හොඳ කල්ක්‍රියාවක් කියා නාමයක් නැති , පිවිතුරු , පොල් මලක් වැනි සුකොමල , පුද්ගලයෙක් වන මොහු FBI , Interpol , 4 වෙනි තට්ටුව පමනක් නොව ගමේ පොලිසියේ පවා කූරු ගනන් කිරීම සඳහා එම ආයතන වලම වාහන වලින් රැගෙන යන මහා ගනන් කාරයෙක් වන බවද ඔබ සැමට දන්වා සිටින්නේ ඉතාමත් ආඩම්බරයෙනි ! :D

    මොහු ගැන තව දුරටත් කියන්න ගියොත් ඉතින් , මට පිස්සු හැදෙයි , සර්වර් ඔවලෝඩ් වෙයි , මු තව උඩ යයි . :rofl:
    සෝ මගේ වචන ස්වල්පය මෙතනින් නිමා කරමින්, Twisted මැතිතුමාට මෙම ලැබුවා වූ විසිදහසක කඩඉම අති සාර්ථක වු , නිර්මල වු , සුබ අනාගතයක් වේවා යයි ප්‍රාර්තනා කරමි ! :D

    මෙයට,
    විශ්වාසී,
    ක්ලාර්ක් කෙන්ට්. (Bsc.{gons} , Msc , Abc , MbTs )
     
    Last edited:
    • Like
    Reactions: KZRO

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    shammee
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif


    ඔන්න දවසක්දා බන්ඩාරනායක උන්නැහේ සිහිවෙන්න හදපු පැල්කොටේක පොල්කිරි කඩයක් දාල තිබ්බා.මෙතෙන්ට ආවා තඩි කන්නාඩි කුට්ටමක් දාගත්ත රයිගමයා වගේ මෑන් කෙනෙක්.මිනිහගේ වැඩේම කිරිපණු ගාය හැදිච්ච ගානට ඇඹරි ඇඹරි වට පිට බලන එකමයි.චීත්ත කෑල්ලක් දැක්කත් ඇති, කන්නාඩි කුට්ටම උඩින් බලනවා-යටින් බලනවා, තනියම විරිත්තනවා.වැඩ කෝටියයි.අර ලස්සනට දිස්නෙ ගගහා තියන කලුගල් පොළොව හුරනවා. කකුලේ මහපට ඇඟිල්ලත් ගෙවිලලු.

    කොහොමින් කොහොමහරි දවස් ගානක් ඔතෙන්ට ගාටලත් කිසිම කෙළිපැටික්කියක් ඇහැක් ඇරලවත් මේ ගොඹිලා දිහා බැලුවෙ නෑලු.එතන හිටපු කොලු පැංචො ටික කියපුවා අහගෙන ඉන්න බැරිම තැන තිලාගේ කසිප්පු තිප්පොලෙන් කාලක් ගහලා ජෝතිපාලගේ දුක් සිංදුවක් දාගෙන ගෙදර ගිහින්.බැලින්නම් ගෙදර කියලා ගිහින් තියෙන්නේ මරදානේ ස්මෝල්වීල් මලයගේ අය්යා..ඒ කිව්වෙ අංගොඩ ඉන්න ලකීලගේ එක්කුස නූපන් මුනුබුරා හෙවත් තොටලඟ ගිහාන් කියන මදාවියගේ වල් ෂේෂන් කුක්කා ඉන්න කූඩුවටලු.
    දවස් ගානකට පස්සෙ තමයි සිහිය ලැබිලා ගෙදර ගිහින් තියෙන්නෙ.ඔන්න එදා ඉඳලා තමයි මේ කොලුවා twisted වෙලා තියෙන්නේ.



     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    රචනාව හරී ලස්සනයි! :)

    මම කරුණු ගොඩක් දැන ගත්තා.:lol:

    Hikzzzzzzzzzzzzzzzzzzz!! Huki Huki Hooooooooooooooooo:rofl:

    high-five-0808-lg-76258126.jpg
     
    Last edited:
    • Like
    Reactions: thilangr8

    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel
    මොහු FBI , Interpol , 4 වෙනි තට්ටුව පමනක් නොව ගමේ පොලිසියේ පවා කූරු ගනන් කිරීම සඳහා එම ආයතන වලම වාහන වලින් රැගෙන යන මහා ගනන් කාරයෙක් වන බවද ඔබ සැමට දන්වා සිටින්නේ ඉතාමත් ආඩම්බරයෙනි !

    :lol::lol::lol::lol::lol:
     

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    එවිට මර්වියාද මුනුබුරෙක් ලදැයි මහත් ප්‍රීතියට පැමිණ, විපක්ශ අපේක්ශකයානන්ට මිනිසුන් දමා හූ කියා,චන්ද කාර්‍යාල නම් වූ අම්බලම් මඩු කඩා, ආචාර වෙඩි මුර පවත්වා, ජෙප්පන් නසා කළ්‍යාණී පුරවරය උත්සවශ්‍රීයෙන් එකලු කලහ.

    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Puzhi

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අඩෝ මැක්සා බං උඹලට අපි නැතුව මෙච්චර ගේමක් දෙන්න පුළුවං කියල කවුද හිතුවෙ :P:P:P:P
    Best congtrating thread I ever saw in EK

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    Congratzzzzzzzz Twistwed කණ්නාඩි පොඟලෝ :D
     
    Last edited:

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    ඊයේ පෙරේදා ගේ පි‍ටුපස පොල් පැලයක් සි‍ටුවීමට වලක් කපන විට නිවෙස් හිමි ගිහාන්ටද මෙතෙක් අප්‍රකටව තිබුනු එවන් අනුකාරක ජාතක කතාවක් අඩංගු මහාර්ඝ පුශ්කොල පොතක් හමු වී ඇත. මෙය පුශ්කොල ලෙස නම් කරේ දිගුකලක් පස් යට තිබී කතාව සහිත පොතේකොල පුශ් කා ඇති බැවින්.හුදී පාඨක සංවේගය උදෙසා එය මෙසේ පලකරමි.

    :lol:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    එවිට මර්වියාද මුනුබුරෙක් ලදැයි මහත් ප්‍රීතියට පැමිණ, විපක්ශ අපේක්ශකයානන්ට මිනිසුන් දමා හූ කියා,චන්ද කාර්‍යාල නම් වූ අම්බලම් මඩු කඩා, ආචාර වෙඩි මුර පවත්වා, ජෙප්පන් නසා කළ්‍යාණී පුරවරය උත්සවශ්‍රීයෙන් එකලු කලහ.

    :lol: :lol: :lol:
    :rofl:
     

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    අවන්තයා කුඩු ලාල්, සොක්ති උපාලි, ධම්මිකයානන්, මෝදර ඇල ගුණා ආදී දේශ දේශාන්තරයන්හි චිර ප්‍රසිද්ධ ආචාර්යපාදයේ සිල්ප හදාරන්නාහුය. ගිනි කෙලි, ගිනි අවි බයිසිකල් චේන්, පොලු කැට මුගුරු දැන් ඔහුට ටොයිෂ් වැනිය.වැඩේ දෙල් වෙනකොට මාරුවීම, සරම කඩා දමා දිවීම ආදියෙන් සාක් වාර්ථා හිමිය.

    :lol:
     
    Last edited: