සර්පයෝ - ශ්‍රී ලංකා
සර්පයින් වසර සියයකටත් පෙර සිට මිහිතලයේ වෙසෙන ජීවී විශේෂයකි.ලොව පුරා විවිධ වර්ගයේ සර්ප විශේෂ රැසකට අයත් සාමාජිකයෝ විශාල ප්‍රමාණයක් ජීවත් වෙති.ශ්‍රී ලංකාවේ වෙසෙන සර්ප විශේෂ ගණන අනෙකුත් ආසියානු රටවලට වඩා විශාලය.සර්පයින්ගේ ශරීරය හිස් කබල, කොඳු ඇට පෙළ හා ඉල ඇට වලින් නිර්මාණය වී ඇති අතර වියළි කොරපොතු වලින් වැසී පවතී.බාහිරව ශ්‍රවණේන්ද්‍රියක් පිහිටා නොමැති නිසා වාතය හරහා එන ශබ්ද තරංග ග්‍රහණය කර ගැනීම දුර්වලය.නමුත් ගමන් කරන පෘෂ්ඨය හරහා එන ශබ්ද ග්‍රහණය කර ගැනීමට සමත්ය.මොවුන්ගේ දිව ඉතා සංවේදී අවයවයකි.අවට වාතයේ ස්වභාවය අවබෝධ කර ගන්නේ උඩු ඇන්දේ නාස් පුඩු හා ඇස් අතර පිහිටි සිදුරක් සහිත ඉන්ද්‍රියක් ආධාරයෙනි.ඇසි පිය වෙනුවට විනිවිද පෙනෙන කොරපොත්තක් පිහිටා තිබේ.චලතාපී සත්ව විශේෂයකි.
සර්පයින්ගේ පොදු ලක්‍ෂණ
සර්පයෙකුගේ කොටස්
දළ
සර්පයින්ගේ දත් මුඛය තුළට වක්‍ර වී පිහිටයි.ගොදුරු රඳවා ගැනීමටත්, ගොදුර ටිකෙන් ටික ගිලීමටත් උඩ හා යටි හනුවේ පිහිටි දත් උපයෝගී වේ.සර්පයින්ගේ විෂ අනුව ඔවුන්ට පිහිටන විෂ දළ ද වෙනස් වේ.
විෂ දළ වර්ග
මාපිලුන්, ඇහැටුල්ලන් වැනි සුළු විෂ සහිත සර්පයන්ට මෙම දළ පිහිටයි.මුඛයේ මඳක් කෙළවරට වන්නට මෙම දළ පිහිටීමත්, දළයන්හි වූ පීල්ලෙහි ගැඹුර අඩු නිසාත් කාර්යක්‍ෂම ලෙස මොවුන්ට විෂ ඇතුළු කළ නොහැක.
උග්‍ර විෂැති කරවලුන්ට සහ නාගයන්ට මෙම දළ පිහිටයි.මුඛයේ ඉදිරි කෙළවරට වන්නට පිහිටා ඇති මෙම දළ තුළ ඇති පීල්ල ගැඹුරුය.ඒ නිසා දෂ්ඨනයේදී සාර්ථක ලෙස විෂ ශරීරගත වේ.
තිත් පොළඟා, වැලි පොළඟා වැනි සර්පයන්ට මෙම සිහින් නාලයක් වැනි විෂ දළ පිහිටයි.විෂ ග්‍රන්ථියේ සිට දිවෙන මෙම නාලය දළය කෙළවරින් විවෘතව දක්වයි.ඒ නිසා මෙය ඉතා කාර්යක්‍ෂමව විෂ ඇතුළු කරන දියුණුම දළ වර්ගයකි.
විෂ
සර්පයන් විසින් ගොදුරු අල්ලා ගැනීමට හා ගොදුරු කරගත් ආහාරය දිරවීමට මෙන්ම ආරක්‍ෂාවට ද විෂ උපයෝගී කර ගනී.සර්ප විෂ බහුලව ප්‍රෝටීන් අඩංගු ජලීය මිශ්‍රණයකි.කහ හෝ දුඹුරු වර්ණයන්ගෙන් යුක්ත වේ.ජලයට වඩා ඝනකමින් වැඩිය.ඛේට ග්‍රන්ථීන් විශේෂණය වීමෙන් විෂ ග්‍රන්ථි නිර්මාණය වී ඇත.සර්ප විෂෙහි අඩංගු එන්සයිම ප්‍රභේද 30ක් පමණ වේ.මේ අතර ප්‍රධාන වන එන්සයිම තුනක් වේ.
ලංකාවේ සර්පයෝ
ශ්‍රී ලංකාව තුළ සර්ප විශේෂ 94ක් පමණ දැක ගත හැකි වේ.ඔවුන් කුල 8කට සහ ගණ 49කට අයත් වේ.ඔවුන් ජීවත් වන පරිසරය අනුව රුක් වාසීන්, පාංශු වාසීන්,භෞමික හා ජලජ වශයෙන් වර්ග කෙරේ.ලංකාවේ වෙසෙන සර්ප විශේෂ 94න් විශේෂ 35ක් විෂ සහිත වන අතර ඉන් විශ්ෂ 20ක් මාරාන්තික විෂ සහිත වේ.එයින් විශ්ෂ 13ක් මුහුදු සර්පයන් වේ.විශේෂ 59ක් විෂ රහිත සර්පයන් වේ.සර්ප දෂ්ටනය නිසා ලෝකයේ වාර්ෂිකව සිදු වන මරණ සංඛ්‍යාව 4000ක් පමණ වේ.ලංකාවේ එම සංඛ්‍යාව 800-1000ක් පමණ වේ.මින් 97%ක් පමණම නාගයා, තිත් පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා සහ වැලි පොළඟා යන සර්පයන් නිසා සිදු වන මරණ වේ.
ලංකාවේ මාරාන්තික විෂ සහිත සර්පයෝ
ලංකාවේ ගොඩබිම වාසය කරන උග්‍රම විෂ සහිත සර්පයා ලෙස හැඳින්වේ.දේහයේ පෘෂඨිය පැත්ත කළු මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී.හොඳින් දිලිසෙන සුළුය.දිග අඩි 3-31/2ක් පමණ වේ.රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී සර්පයෙකි.මිනිස් වාසස්ථාන අසල, දිරාපත් වූ කොළ රොඩු අතර, ලී, ගල්, වියළි තණකොළ අතර වැඩි වශයෙන් දක්නට ලැබේ.කලබලයට හෝ බියට පත් වූ විට ගුලි ගැසී ඒ තුළ හිස සඟවා ගැනීමට උත්සාහ ගනී.ශ්‍රී ලංකාවේ වියළි හා ශුෂ්ක කලාප වල බහුලව දක්නට ලැබේ.මෙම සර්පයාගේ විෂ ග්‍රන්ථි තුළ මිනිස් ස්නායු පද්ධතිය විනාශ කිරීමේ හැකියාවක් ඇති 'ස්නායු විෂ' නිපදවේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 6-8ක් පමණ දමයි.
පෙණය කිරීමේ සුවිශේෂී හැකියාව ඇත.පෙණය පිටුපස දක්නට ලැබෙන 'ප' හැඩය හඳුනා ගැනීමේ ලක්‍ෂණයකි.දිවා කාලයේ ඉතා ක්‍රියාශීලී ලෙස හැසිරේ.දිග අඩි 6-8ත් පමණ වේ.දිවයිනේ මධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වී සිටී.මිනිස් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නතර කිරීමට තරම් විෂ සහිත සර්පයෙකි.දෂ්ටනයෙන් පැය 36ක් පමණ ඇතුළත රෝගියා මරණයට පත් වේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 20-30ක් පමණ දමයි.
ත්‍රිකෝණාකාර හිසක් සහිතය.දිග අඩි 1-11/2ක් පමණ වේ.වියළි කලාපයේ වෙරළබඩ තීරයේදී ප්‍රධාන වශයෙන්ම හමු වේ.රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී වන අතර දිවා කාලයේදී කොළ රොඩු අතර, පඳුරු .තුළ හෝ බුරුල් වැලි පසේ සැඟවී සිටී.වරකට පැටවුන් 3-6ක් පමණ බිහි කරයි.ලෝකයේ සර්ප විෂ ශරීරගත වීමෙන් සිදු වන මරණ වලින් විශාල ප්‍රමාණයක් සිදු වන්නේ වැලි පොළඟා දෂ්ඨ කිරීම නිසාය.
දිග අඩි 4-5ක් පමණ වේ.ලංකාවේ උස් කඳුකර ප්‍රදේශ හැර අනෙක් සෑම ප්‍රදේශයකම දක්නට ලැබේ.බහුල වශයෙන් රාත්‍රියේදී ක්‍රියාශීලී වන අතර ඇතැම් විට දිවා කාලයේදීද දක්නට ලැබේ.තිත් පොළඟාගේ විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්‍රමයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වීමත් සිදු විය හැක.ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් සිදු වන්නේ මොහුගෙනි.වරකට පැටවුන් 22-40 අතර සංඛ්‍යාවක් බිහි කරයි.
බොහෝ වර්ණ වෙනස්කම් සහිත සාමාජිකයන් දැකිය හැකි වේ.දිග අඩි 1-11/5ක් පමණ වේ.ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබේ.රාත්‍රියට ක්‍රියාශීලී වන අතර දිවා කාලයේදී කුණු ගොඩවල්, ගල් ආදිය යට සැඳවී සිටී.ලංකාවේ සර්ප දෂඨන නිසා සිදු වන මරණ වලින් 2%ක්ම සිදු වන්නේ පොළොන් තෙලිස්සා දෂ්ඨ කිරීමෙනි.වරකට පැටවුන් 3-15 අතර සංඛ්‍යාවක් බිහි කරයි.
මුදු කරවලා
ලංකාවට ආවේණික සර්පයෙකි.තෙත් කලාපයේ සුලභව ව්‍යාප්ත වී සිටී.සිරුර තද දම්, කළු පැහැති වන අතර හරස් අතට පළල් තනි, සුදු පැහැති (මුදු වැනි) ඉරි දක්නට ලැබේ.දිග අඩි 3ක් පමණ වේ.මුදු කරවලා දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වේ.වරකට 25mm ප්‍රමාණයේ බිත්තර 5ක් පමණ දමයි.
දෙපත් කළුවා
ශරීරය වැලි පැහැයට හුරු කහ පැහැයක් ගනී.දිග අඟල් 12ක් පමණ වේ.රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වේ.දිවා කාලයේදී කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වේ.ප්‍රධාන වශයෙන්ම වියළි කලාපයේ ව්‍යාප්ත වී සිටී.නමුත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්‍රදේශ වලදීද දැක ගත හැකිය.උග්‍ර විෂ සහිත සර්පයෙක් වන නමුත් ප්‍රමාණයෙන් ඉතා කුඩා නිසා මිනිසුන්ට දෂඨ කළ නොහැක. ප්‍රධාන වශයෙන් කුඩා සර්පයින් ආහාරයට ගනී.බිත්තර මගින් බෝ වීම සිදු වේ.
මද සහ සුළු විෂ සර්පයෝ
විෂ නැති සර්පයෝ
ප්‍රථමාධාර ලබා දීම
විෂ සහිත සර්පයෙකු දෂ්ට කළ විට ප්‍රථමාධාර ලබා දීම
විෂ නැති සර්පයෙකු සර්පයෙකු දෂ්ට කළ විට ජීවිත අවදානමක් නොමැති වුවද වේදනාව සහ ආසාදන තත්වයන් ඇති විය හැකිය.මේ නිසා,
සර්පයින් වසර සියයකටත් පෙර සිට මිහිතලයේ වෙසෙන ජීවී විශේෂයකි.ලොව පුරා විවිධ වර්ගයේ සර්ප විශේෂ රැසකට අයත් සාමාජිකයෝ විශාල ප්‍රමාණයක් ජීවත් වෙති.ශ්‍රී ලංකාවේ වෙසෙන සර්ප විශේෂ ගණන අනෙකුත් ආසියානු රටවලට වඩා විශාලය.සර්පයින්ගේ ශරීරය හිස් කබල, කොඳු ඇට පෙළ හා ඉල ඇට වලින් නිර්මාණය වී ඇති අතර වියළි කොරපොතු වලින් වැසී පවතී.බාහිරව ශ්‍රවණේන්ද්‍රියක් පිහිටා නොමැති නිසා වාතය හරහා එන ශබ්ද තරංග ග්‍රහණය කර ගැනීම දුර්වලය.නමුත් ගමන් කරන පෘෂ්ඨය හරහා එන ශබ්ද ග්‍රහණය කර ගැනීමට සමත්ය.මොවුන්ගේ දිව ඉතා සංවේදී අවයවයකි.අවට වාතයේ ස්වභාවය අවබෝධ කර ගන්නේ උඩු ඇන්දේ නාස් පුඩු හා ඇස් අතර පිහිටි සිදුරක් සහිත ඉන්ද්‍රියක් ආධාරයෙනි.ඇසි පිය වෙනුවට විනිවිද පෙනෙන කොරපොත්තක් පිහිටා තිබේ.චලතාපී සත්ව විශේෂයකි.
- සම්භවය : මීසොසොයික යුගය ක්‍රිටේසීය අවධිය
- රාජධානිය (kingdom) : Animalia
- වංශය (phylum): Chordata
- වර්ගය (class): Reptilia
- ගෝත්‍රය (order): Serpentes
සර්පයෙකුගේ කොටස්
- ශරීරයේ එක් කෙළවරක පැතලි වූ හිසක් දැරීම
- කශේරුවක් සහ කපාලයක් සහිත අස්ථි සැකිල්ලක් දැරීම
- සිරුර මතුපිට අපිචර්මීය කොරළ වලින් වැසී තිබීම
- පෘෂ්ඨයට සමීපව ශරීරය තබාගෙන ගමන් කිරීම
- ග්‍රන්ථි රහිත වියළි සමක් දැරීම
- සංවෘත රුධිර සංසරණයක් හා සම්පූර්ණ ද්විත්ව සංසරණයක් පැවතීම
- කුටීර තුනකින් යුත් හෘදයක් පැවතීම
- ඇස, දිව, නාසය සහ සම යන සංවේදී ඉන්ද්‍රියයන් පැවතීම
- බාහිර කන් සිදුරු නොමැති නිසා ශබ්ද නොඇසීම
- පංචාංගුලික ගාත්‍රා පැවතීම
- අභ්‍යන්තර සංසේචනයක් තිබීම
- කලල පටල විකසනය වීම
- කවච වලින් වටවූ බිත්තර දැමීමෙන් සහ පැටවුන් බිහි කිරීමෙන් වර්ලයා බෝ කිරීම
- චලතාපී සතුන් වීම
- බහිස්‍රාවී ඵලය යුරික් අම්ලය වීම.එය ඝන ස්වරූපයෙන් මළද්‍රව්‍ය සමඟ පිටවීම නිසා මුත්‍රා ලෙස ජල හානියක් සිදු නොවීම
- හිස් කබලේ අපර කපාල සන්ධාන අග්‍ර එකක් පිහිටයි.කපාල ස්නායු යුගල් 12ක් පිහිටයි
- පෙනහළු තිබීම
- බහිස්‍රාවයට වෘක්ක දැරීම
සර්පයින්ගේ දත් මුඛය තුළට වක්‍ර වී පිහිටයි.ගොදුරු රඳවා ගැනීමටත්, ගොදුර ටිකෙන් ටික ගිලීමටත් උඩ හා යටි හනුවේ පිහිටි දත් උපයෝගී වේ.සර්පයින්ගේ විෂ අනුව ඔවුන්ට පිහිටන විෂ දළ ද වෙනස් වේ.
- Ophisthoglyphous
මාපිලුන්, ඇහැටුල්ලන් වැනි සුළු විෂ සහිත සර්පයන්ට මෙම දළ පිහිටයි.මුඛයේ මඳක් කෙළවරට වන්නට මෙම දළ පිහිටීමත්, දළයන්හි වූ පීල්ලෙහි ගැඹුර අඩු නිසාත් කාර්යක්‍ෂම ලෙස මොවුන්ට විෂ ඇතුළු කළ නොහැක.
- Proteroglyphous
උග්‍ර විෂැති කරවලුන්ට සහ නාගයන්ට මෙම දළ පිහිටයි.මුඛයේ ඉදිරි කෙළවරට වන්නට පිහිටා ඇති මෙම දළ තුළ ඇති පීල්ල ගැඹුරුය.ඒ නිසා දෂ්ඨනයේදී සාර්ථක ලෙස විෂ ශරීරගත වේ.
- Solenoglyphous
තිත් පොළඟා, වැලි පොළඟා වැනි සර්පයන්ට මෙම සිහින් නාලයක් වැනි විෂ දළ පිහිටයි.විෂ ග්‍රන්ථියේ සිට දිවෙන මෙම නාලය දළය කෙළවරින් විවෘතව දක්වයි.ඒ නිසා මෙය ඉතා කාර්යක්‍ෂමව විෂ ඇතුළු කරන දියුණුම දළ වර්ගයකි.
සර්පයන් විසින් ගොදුරු අල්ලා ගැනීමට හා ගොදුරු කරගත් ආහාරය දිරවීමට මෙන්ම ආරක්‍ෂාවට ද විෂ උපයෝගී කර ගනී.සර්ප විෂ බහුලව ප්‍රෝටීන් අඩංගු ජලීය මිශ්‍රණයකි.කහ හෝ දුඹුරු වර්ණයන්ගෙන් යුක්ත වේ.ජලයට වඩා ඝනකමින් වැඩිය.ඛේට ග්‍රන්ථීන් විශේෂණය වීමෙන් විෂ ග්‍රන්ථි නිර්මාණය වී ඇත.සර්ප විෂෙහි අඩංගු එන්සයිම ප්‍රභේද 30ක් පමණ වේ.මේ අතර ප්‍රධාන වන එන්සයිම තුනක් වේ.
- හයලුරොනිඩේස් (සර්ප විෂ ශරීරය පුරා පතුරුවයි.සෛල එකට බැඳ තබන හයලුරොනික් අම්ලය විනාශ කරයි.පටක ලිහිල් වේ.
- ෆොස්ෆොලිපේස් (විෂ ගමන් ගන්නා මගදී හමුවන දේහ සෛල වල සෛල පටක විනාශ කරයි.)
- ප්‍රෝටිනේසස් (දෂ්ටනය අවට පටක කුණු වීමත් රුධිර කේශ නාලිකා බිඳ දමමින් ලේ ගැලීමත් සිදු කරයි.)
ශ්‍රී ලංකාව තුළ සර්ප විශේෂ 94ක් පමණ දැක ගත හැකි වේ.ඔවුන් කුල 8කට සහ ගණ 49කට අයත් වේ.ඔවුන් ජීවත් වන පරිසරය අනුව රුක් වාසීන්, පාංශු වාසීන්,භෞමික හා ජලජ වශයෙන් වර්ග කෙරේ.ලංකාවේ වෙසෙන සර්ප විශේෂ 94න් විශේෂ 35ක් විෂ සහිත වන අතර ඉන් විශ්ෂ 20ක් මාරාන්තික විෂ සහිත වේ.එයින් විශ්ෂ 13ක් මුහුදු සර්පයන් වේ.විශේෂ 59ක් විෂ රහිත සර්පයන් වේ.සර්ප දෂ්ටනය නිසා ලෝකයේ වාර්ෂිකව සිදු වන මරණ සංඛ්‍යාව 4000ක් පමණ වේ.ලංකාවේ එම සංඛ්‍යාව 800-1000ක් පමණ වේ.මින් 97%ක් පමණම නාගයා, තිත් පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා සහ වැලි පොළඟා යන සර්පයන් නිසා සිදු වන මරණ වේ.
ලංකාවේ ගොඩබිම වාසය කරන උග්‍රම විෂ සහිත සර්පයා ලෙස හැඳින්වේ.දේහයේ පෘෂඨිය පැත්ත කළු මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී.හොඳින් දිලිසෙන සුළුය.දිග අඩි 3-31/2ක් පමණ වේ.රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී සර්පයෙකි.මිනිස් වාසස්ථාන අසල, දිරාපත් වූ කොළ රොඩු අතර, ලී, ගල්, වියළි තණකොළ අතර වැඩි වශයෙන් දක්නට ලැබේ.කලබලයට හෝ බියට පත් වූ විට ගුලි ගැසී ඒ තුළ හිස සඟවා ගැනීමට උත්සාහ ගනී.ශ්‍රී ලංකාවේ වියළි හා ශුෂ්ක කලාප වල බහුලව දක්නට ලැබේ.මෙම සර්පයාගේ විෂ ග්‍රන්ථි තුළ මිනිස් ස්නායු පද්ධතිය විනාශ කිරීමේ හැකියාවක් ඇති 'ස්නායු විෂ' නිපදවේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 6-8ක් පමණ දමයි.
පෙණය කිරීමේ සුවිශේෂී හැකියාව ඇත.පෙණය පිටුපස දක්නට ලැබෙන 'ප' හැඩය හඳුනා ගැනීමේ ලක්‍ෂණයකි.දිවා කාලයේ ඉතා ක්‍රියාශීලී ලෙස හැසිරේ.දිග අඩි 6-8ත් පමණ වේ.දිවයිනේ මධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වී සිටී.මිනිස් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නතර කිරීමට තරම් විෂ සහිත සර්පයෙකි.දෂ්ටනයෙන් පැය 36ක් පමණ ඇතුළත රෝගියා මරණයට පත් වේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 20-30ක් පමණ දමයි.
ත්‍රිකෝණාකාර හිසක් සහිතය.දිග අඩි 1-11/2ක් පමණ වේ.වියළි කලාපයේ වෙරළබඩ තීරයේදී ප්‍රධාන වශයෙන්ම හමු වේ.රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී වන අතර දිවා කාලයේදී කොළ රොඩු අතර, පඳුරු .තුළ හෝ බුරුල් වැලි පසේ සැඟවී සිටී.වරකට පැටවුන් 3-6ක් පමණ බිහි කරයි.ලෝකයේ සර්ප විෂ ශරීරගත වීමෙන් සිදු වන මරණ වලින් විශාල ප්‍රමාණයක් සිදු වන්නේ වැලි පොළඟා දෂ්ඨ කිරීම නිසාය.
දිග අඩි 4-5ක් පමණ වේ.ලංකාවේ උස් කඳුකර ප්‍රදේශ හැර අනෙක් සෑම ප්‍රදේශයකම දක්නට ලැබේ.බහුල වශයෙන් රාත්‍රියේදී ක්‍රියාශීලී වන අතර ඇතැම් විට දිවා කාලයේදීද දක්නට ලැබේ.තිත් පොළඟාගේ විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්‍රමයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වීමත් සිදු විය හැක.ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් සිදු වන්නේ මොහුගෙනි.වරකට පැටවුන් 22-40 අතර සංඛ්‍යාවක් බිහි කරයි.
බොහෝ වර්ණ වෙනස්කම් සහිත සාමාජිකයන් දැකිය හැකි වේ.දිග අඩි 1-11/5ක් පමණ වේ.ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබේ.රාත්‍රියට ක්‍රියාශීලී වන අතර දිවා කාලයේදී කුණු ගොඩවල්, ගල් ආදිය යට සැඳවී සිටී.ලංකාවේ සර්ප දෂඨන නිසා සිදු වන මරණ වලින් 2%ක්ම සිදු වන්නේ පොළොන් තෙලිස්සා දෂ්ඨ කිරීමෙනි.වරකට පැටවුන් 3-15 අතර සංඛ්‍යාවක් බිහි කරයි.
- මුදු කරවැලා Ceylon krait (Bungarus ceylonicus)
මුදු කරවලා
ලංකාවට ආවේණික සර්පයෙකි.තෙත් කලාපයේ සුලභව ව්‍යාප්ත වී සිටී.සිරුර තද දම්, කළු පැහැති වන අතර හරස් අතට පළල් තනි, සුදු පැහැති (මුදු වැනි) ඉරි දක්නට ලැබේ.දිග අඩි 3ක් පමණ වේ.මුදු කරවලා දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වේ.වරකට 25mm ප්‍රමාණයේ බිත්තර 5ක් පමණ දමයි.
- දෙපත් කළුවා Sri Lanka Coral Snake (Calliphis melanurus sinhaleus)
දෙපත් කළුවා
ශරීරය වැලි පැහැයට හුරු කහ පැහැයක් ගනී.දිග අඟල් 12ක් පමණ වේ.රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වේ.දිවා කාලයේදී කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වේ.ප්‍රධාන වශයෙන්ම වියළි කලාපයේ ව්‍යාප්ත වී සිටී.නමුත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්‍රදේශ වලදීද දැක ගත හැකිය.උග්‍ර විෂ සහිත සර්පයෙක් වන නමුත් ප්‍රමාණයෙන් ඉතා කුඩා නිසා මිනිසුන්ට දෂඨ කළ නොහැක. ප්‍රධාන වශයෙන් කුඩා සර්පයින් ආහාරයට ගනී.බිත්තර මගින් බෝ වීම සිදු වේ.
මද සහ සුළු විෂ සර්පයෝ
- නාග මාපිලා Boiga forsteni
- නිදි මාපිලා Boiga ceylonesis
- පලා පොළඟා Trimeresurus trigonocephalus
- ඇහැටුල්ලා Ahaetulloa nasutus
- නිහලුවා Balanophis ceylonesis
- දඟර දන්ඩා Chrysopelea taprobanica
- රූන් මාපිලා Boiga trigonatus trigonatus
- මල් සරා Chrysopelea ornata sinhaleya
- පුල්ලි දත් කැටියා Oligodon sublineatus
- ආහර කුක්කා Amphiesma stolata
- කොට / වැලි පිඹුරා Enx conica brevis
- කට කළුවා Elaphe helena helena
- කුරුන් කරවලා Haplocerecus ceylonesis
- දිය වර්ණ Atretium schistosum
- දෙපත් නයා Chlindrophis maculata
- පිඹුරා Python molurus molurus
- ගැට රදනකයා Dryocalamus nympha
- කබර රදනකයා Lycodon striatus sinhaleyus
- ගැරඬියා Coluber nucosus maximus
- දෙපත් තුඩුල්ලා Rhinophis trevelyana
- වයිරි දත් කැටියා Oligodon taeniolatus ceylonicus
- මහ බිම් උල්ලා Pseudotyphlops philippinus
- දිය බරියා / දිය නයා Xenochrophis piscotor discator
- රත් දණ්ඩා / ලේ මැඩිල්ලා Aspidura brachyorrhos
- පලා බරියා Macrophisthodon
- අරනි දත් කැටියා Oligodon arnesis
- දිය පොළඟා Xenochrophis asperrimus
- රෙදි නයා / දිය ගොයා Acrochordus granulatus
- දුමුටු කණ උල්ලා Ramphotyphlops braminus
- අළු රදනකයා Lycodon aulicus
- ඩුමන්ඩ්හයිගේ වල්ගා ඇබයා Rhinophis dnanmondhavi wall
- තර හාල් දණ්ඩා Dendrelathis tristis
- රෝගියා සර්පයාගෙන් ඉවත් කරන්න.
- ඇඳුම් ලිහිල් කරන්න.විෂ සහිත සරපයෙකු දෂ්ට කළ ස්ථානය ඉදිමීමට ලක් විය හැකිය.
- ලේ ගමනාගමනය වේගවත් කරන ක්‍රියාකාරකම් වලින් විෂ ශරීරය පුරා පැතිරවීම වේගවත් කරන නිසා එවැනි ක්‍රියාකාරකම් වලින් වළකින්න.
- දෂ්ටනයට ලක් වූ ස්ථානය කැපීමෙන් හෝ මුව තබා විෂ ඉරීමෙන් වළකින්න.
- දෂ්ටනයට ලක් වූ ස්ථානය සබන් සහ ජලයෙන් සෝදන්න.
- තුවාලය තදින් වෙලන්න.
- දෂ්ටනයට ලක්වූ අවයවය සෙලවීමෙන් වැළැක්වීම සඳහා පතුරක් තබා වෙලන්න.භාවිතා නරන පතුරේ කෙළවර හදවතේ මට්ටමට වඩා පහළින් තබන්න.
- රෝගියා සන්සුන්ව සහ ආරක්‍ෂාකාරීව තබන්න.වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන තෙක් විවේක ගැනීමට සලස්වන්න.රෝගියා සිහිසුන් වී නොමැති නම් දියර වර්ග පානය කිරීමට දෙන්න.
- තුවාලය ප්‍රවේශමෙන් පිරිසිදු කරන්න.පිරිසිදු ජලයෙන් සෝදන්න.
- ප්‍රතිජීවකයක් ආලේප කරන්න.
- තුවාලය වෙලන්න.ආසාදිත ස්ථානය ආරක්‍ෂා කිරීමට සහ ආසාදනය වැළැක්වීමට මෙය උපකාරී වේ.