යන්ට දෑසත් පෙනේ නම්-කිම බැදිවල යන්නේ

starchild82

Member
Jan 9, 2010
581
12
0
Divaina Kathuwekiya

මේ වන විට පාර්ලිමේන්තුව ද විසුරුවා හැර මහ මැතිවරණයක්‌ සඳහා දින නියම කර තිබුණත් අප ඉදිරිපිට ඇත්තේ බෙහෙවින් කැළඹුණු දේශපාලන සමාජයකි. මේ දේශපාලන කැළඹිල්ල යළිත් රට වෙනත් දිසාවකට හැරවීමට සිටින අයගේ වාසියට ද හේතු විය හැකිය. මන්ද යත් දේශපාලනය යනු අතිශය සංකීර්ණ ක්‍රියාවලියක්‌ හෙයිනි. ඒ සංකීර්ණත්වය තුළින් අවස්‌ථාවාදී මෙන්ම බලලෝභී කොටස්‌ ප්‍රයෝජන ගැනීමේ අනතුර ජනතාවට තබා ඇතැම් දේශපාලන චරිතවලට ද ඉඳුරා පසක්‌ නොවන අඳුරු අපැහැදිලි දෙයකි.

ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු යළිත් දිලෙන සිංහල දෙමළ බෙදුම් රේඛාව මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් ද අපට දැක ගත හැකිය. යළිත් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විකෘති කිරීම සඳහා රහසේ හා එලිපිටම ක්‍රියාත්මක වන විවිධ බලවේග හිස ඔසවමින් තිබේ. රජය ඒ තත්ත්වයට බුද්ධිමත්ව මුහුණ දී නැති බව අකමැත්තෙන් වුවද කිව යුතුය.

අද දෙස්‌ විදෙස්‌ මාධ්‍යවලට මෙන්ම බුද්ධිමය හා දේශපාලන ක්‍ෂෙත්‍රවලටත් ප්‍රධාන මාතෘකාව සපයා දී ඇත්තේ රජයයි. රජය ජෙනරල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය සාධාරණ හා යුක්‌ති සහගත එකක්‌ නොවන බව ක්‍රමයෙන් ජනතාව අතර පැතිර යන අදහස වී තිබේ. එහෙත් සත්‍යය එයට වඩා වෙනස්‌ය.

ජෙනරාල් ෆොන්සේකාගේ දේශපාලන හැසිරීම් ඔහුගේම හමුදා භූමිකාව පවා අභියෝගයකට ලක්‌ කරන නරක තත්ත්වයකට පත්ව තිබේ. ඔහු සිය වෘත්තීය සගයන් පාවා දෙන මානසිකත්වයකට එළඹ සිටියි. ඔහු ඔහුට වුවමනා ආකාරයට වඩා රටට හානිදායක දුෂ්ට බලවේගවලට අවශ්‍ය ආකාරයට පදම් වෙමින් එහි උපරිමයට ගොස්‌ සිටියි.

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර ලංකාවේ ප්‍රතිරූපය බිඳ දැමීමට සැරසෙන අධම සන්ධානයක්‌ වෙනුවෙන් පෙනී සිටින තත්ත්වයක්‌ කරා ඔහු රැගෙන යැමට හැකිවී තිබේ. ඔහු මුලින්ම අප දුටුවේ විපක්‍ෂ සන්ධානයේ ට්‍රෝජන් අශ්වයා ලෙසය. එහෙත් දැන් ඔහු කඩොල් ඇතකු බවට පත්ව සිටියි. අමිහිරි වුවද ඇත්ත එයයි.

ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගත් ආකාරය මෙන්ම ඔහුට පක්‍ෂව සිදු කරන සත්‍යග්‍රහ ආදියට එල්ල කෙරෙන මැර ප්‍රහාර පිළිබඳවද ඇඟිලි දික්‌ වන්නේ රජයටය. පොලිස්‌ නිලධාරීන් ඉදිරිපිට මැරයන් ක්‍රියා කළ ආකාරය රටම බලා සිටි අශෝභනම සිද්ධියකි.

ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සිය දේශපාලන ප්‍රතිවාදීන් වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකාගේ දිවංගත ස්‌වාමි පුරුෂයා වූ විජය කුමාරතුංගට සැලකූ ආකාරය දන්නා අය තවම සිටිති. එදා ඒවා අනුමත කළ සමහරු අද මහින්ද රාජපක්‍ෂ රජය ජෙනරාල්ට දක්‌වන ප්‍රතිචාර ගැන කිඹුල් කඳුළු හෙළති. ඇත්ත වශයෙන්ම ඡේ. ආර්. ට වඩා වෙනස්‌ නායකයකු වන මහින්ද සිය ප්‍රතිවාදියාට ප්‍රතිචාර දැක්‌වූයේද වෙනස්‌ හා යුක්‌ති සහගත ආකාරයකටය. එහෙත් අද ඒ සියල්ල වෙනුවට වෙනත් අමිහිරි වාතාවරණයක්‌ උදාවී තිබේ.

ජනාධිපතිවරණ සටනේදී මතක හිටින පිළිතුරක්‌ ජෙනරාල් ප්‍රමුඛ විපක්‍ෂයටම ලැබිණි. එහෙත් ජෙනරාල් ප්‍රමුඛ විපක්‍ෂයේ දෙවන මැතිවරණ මෙහෙයුම සඳහා රජය ප්‍රතිචාර දක්‌වන්නේaa වෙනත්ම ආකාරයකටය. ඒ වරද රජය සිතා මතා සිදු නොකළත් අද ඒ සඳහා කිසියම් මිලක්‌ ගෙවීමට රජයට සිදුවී තිබේ.

ජෙනරාල් හමුදා පාලකයකු බවට පත්විය හැකිය යන අදහසට සාධාරණ පදනමක්‌ තිබිණි. ඔහුගේ සිනමන් ලේක්‌ මෙහෙයුම ඇතුළු පසුකාලීන ක්‍රියාකාරකම් අහිංසක දේවල් නොවේ. එහෙත් අද ඒවා යටපත් වී ඔහු අඳුරු සිරගෙයක බිරිඳගෙන් වෙන්ව නෑ හිතමිතුරන් හා දේශපාලන සගයන්ගෙන්ද වෙන් කරනු ලැබූ සිරකරුවකු වී ඇතැයි බොහෝ දෙනෙක්‌ කල්පනා කරති. අනෝමා ෆොන්සේකාගේ කඳුළුද නොතකා සිටිය නොහැකි බව රජයටද වැටහී තිබිය යුතුය.

උඳු වපුරා මුං බලාපොරොත්තු විය නොහැක. රජය බුද්ධිමත්ව හා දේශපාලනිකව මේ අන්තෝ ජටා බහි ජටා තත්ත්වයෙන් ගොඩ ආ යුතුය. රජය තුරුම්පු සියල්ලක්‌ම අතේ තබාගෙන සූදුව පරාජයෙන් අවසන් වනු දැකීමට සූදානම්ද? හෙට අනිද්දා මානව හිමිකම් හොටබරියෝද රජයට අභියෝග කිරීමට ඉදිරිපත් විය හැකි වෙති.

"මඟ හොඳට තිබේ නම්,
යන්ට දෑසත් පෙනේ නම්,
කිම බැදිවල යන්නේ"
අපට ඇසීමට ඇත්තේ එයයි

http://www.divaina.com/2010/02/14/editorial.html
 
Last edited: