~සමනළයෙකුට වෙඩි තැබීම~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~සමනළයෙකුට වෙඩි තැබීම~

[FONT=&quot]ඇතුලතින් බුර බුරා නැගෙන දුක වාවා ගැනීමට නොහැකිවූ ජනී ජනයා විලාප නගමින් එක රොත්තට ඇදී ආවේ මුහුද ගොඩ ගැලුවාක් වැනි ආවේශයකිනි..[/FONT]

[FONT=&quot]“විජය” නමැති සෙනෙහෙවන්තයාගේ අවසන් හුස්ම පොද නික්ම යන්නට පෙර තමන්ගේ හුස්ම පොද වුව පුදා ඔහු රැක ගැනීමේ පිවිතුරු ඒකායන අදිටනින්ය…[/FONT]

[FONT=&quot]අතට අසුවෙන හා ඇසට පෙනෙන මායිමක පියෑඹු සුන්දර සමනලයෙකුට කුරිරු බල ලෝභීන් වෙඩි තබා මරා දැමූවේ අද වගේ දිනක මීට අවුරුදු විසි දෙකකට පෙරය…[/FONT]

vijaya06.jpg

[FONT=&quot]ලාංකීය සිනමාවේ මෙන්ම ලාංකීය දේශපාලනයේ “විජය ලකුණ” විමසා බැලීම අප වෙත පැවරෙන වගකීමක් වන්නේ අද දිනට ඔහු මිය ගොස් වසර 22ක් සපිරෙන නිසාම නොවේ... [/FONT]
[FONT=&quot]ඔහු විසින් ඔහු දුටු කලාව සහ දේශපාලනය ඔහුටම ආවේනික ගති සොබාවෙන් අර්ථ ගන්වා ගත් නව්‍ය භාවය අදටත් ගැලපෙන නිසාවෙනි.[/FONT]

[FONT=&quot]ඔහුගේ පිරිපුන් මානව හිතවාදයත්, රටකට ඇවැසි වූ හරි දැක්මත් ඔහුගේ ජීවිතයෙන් මෙතරම් ඉක්මනට ඔහුට වන්දි ගෙවීමට මුලිකව බල පෑ ඉහලම සුදුසුකම් විය..[/FONT]

[FONT=&quot]ඔහු සතුව තිබූ අව්‍යාජ සිනා රැල්ල හා ඔහු වටා පෙල ගැසී සිටි අති දැවැන්ත ජනතා රැල්ල උහුලා දරා ගත නොහැකිවූ අදිසි බලවේගයන් ඔහුට තුවක්කුවක් අමෝරා ඔහුගේ උතුරා ගලා ගිය මිනිස්කම රැගත් පපු කුඩුම්බිය එකම ලේ විලක් මැද නැවත පිලිසකර කරන්නට බැරි අයුරින් කීතු කීතු වලට සිදුරු කොට දැමීය…[/FONT]

[FONT=&quot]“මගේ මුහුණ දිහා බලාගෙන කවුරුවත් මට වෙඩි තියන එකක් නෑ” යැයි විජය තම මිතුරන් ඉදිරියේ පළකොට තිබූ විශ්වාසයද කුරිරු ඝාතකයා විසින් සිය දබර ඇඟිල්ලෙන් ගැස්සූ කොකා හරහා ක්ෂණයෙන් බිඳ දැමීය..…[/FONT]

[FONT=&quot]මේ මොහොතේ මට විජය “අහස් ගව්ව” සිනමා සලෙරුවේ රඟ පෑ මහතුන් අය්යාගේ භූමිකාව නිතැතින්ම සිහියට නැගේ…විජය එහි රඟ පෑවේ නිර්ධන පංතිය නියෝජනය කරනා කුණු ලොරියක ඩ්‍රයිවර් කෙනෙක්ගේ භූමිකාවයි…[/FONT]
[FONT=&quot]එහි එන මෙම දෙබස් ඛණ්ඩය තවමත් මා සිතෙහි නිබඳව දෝංකාර දෙයි..[/FONT]

[FONT=&quot]“මල්ලී කුණු කොතනද.. අපි එතන” …..[/FONT]

[FONT=&quot]වරක් විජය රඟ පෑ “ක්‍රිස්තු චරිතය” රූප ගත කිරීමකදී වූ හාස්කමකින් මෙම සටහන නිමා කරන්නට මට සිතුණි....[/FONT]

[FONT=&quot]ක්‍රිස්තුස් වහන්සේ කුරුසයත් ඔසවාගෙන දරුණු වධ හිංසාවන්ට මුහුණ දෙමින්, කස පහර කමින් කුරුසයේ ඇන ගැසිම සඳහා ගොල්ගොතාව කරා රැගෙන යන දුක්බර ජවනිකාව රූපගත කරන්නට සියල්ල සුදානම්ව තිබුනි..මෙම රූපගත කිරීම කරන ලද්දේ කතෝලික ජනතාව වැඩි වශයෙන් වෙසෙන මීගමුවට ආසන්න පෙදෙසකයි..…[/FONT]

[FONT=&quot]බයිබලයේ හැටියට ගිගුරුම් දෙන අකුණු සහිත මහා වැස්සක් මෙම රූප ගත කිරීම සඳහා ඇවැසි වූ නිසා චිත්‍රපටයේ අධ්‍යක්ෂක සුනිල් ආරියරත්න ඒ සඳහා කෘතිම වැසි වස්සන්නට උපයෝගි කර ගන්නා උපකරන සියල්ල සීරුවෙන් සුදානම් කොට තබා ජවනිකාව සඳහා විජයට අණ දෙන ලදී..[/FONT]

[FONT=&quot]ආශ්චර්යයකි…විජය කුරුසය පිට තබා ගත් වනම මහා හෙන අකුණු පුපුරා ගොස් ධාරානිපාත වැස්සක් ස්වභාවිකව ඇද හැලෙන්නට විය.. අවට රැස්ව සිටි කතෝලික ජනතාව විජයගේ දෙපා සිඹිමින් ජීවමාන ජේසුතුමා පහල වූ අයුරින් ඔහු ලඟ භක්තියෙන් වැඳ වැටෙන්නට වූහ…..[/FONT]

[FONT=&quot]ආදරණිය විජය…. එදා මෙන් අදත් මා දුටු ප්‍රබලම මානව හිතවාදියා ඔබම පමනෙකි…[/FONT]

[FONT=&quot]ආදරණිය විජය… ඔවුන් ඔබව මරා දැමූවද ඔබ මිය ගොස් නැත….[/FONT]

[FONT=&quot]“දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් අළුගෝසුවනේ එල්ලාපන්…[/FONT]

[FONT=&quot] ඔබේ ගැඹූරු ගී හඬ මට ඈතින් ඇසේ….[/FONT]

සොයුර, ඔබට සුබ රාත්‍රියක්!!.....
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ඇත්තම කියනවනම් අද කාලේ ජීවත් වෙන්න තිබ්බ මනුස්සයෙක් මේ
විජය තරම් හොදට ප්‍රේමවන්තයගෙ චරිතෙ රගපාන්න බෑ තාම කාටවත්
එ වගේම් දේශපාලනයෙදි විජයගේ තිබ්බ දැක්ම හරි වටිනවා...
ලංකාවේ අවාසනාව වේ වගේ මනුස්සයෙක් අහිමි උන එක...
 
nwnbs

Member
සංවේදී සටහනක් අයියා...
ඇත්ත. මේ අද කාලයේ අප අතර සිටිය යුතු මනුස්සයෙක්... අපේ අවාසනාවට අද අප අතර නොසිටිය යුත්තන් ඉතුරු වෙද්දි සිටිය යුත්තන් අපෙන් වෙන්වෙලා...
බොහොමත්ම ස්තුතියි අයියා ඔබේ සටහනට...
 
Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
ගොඩක් කාලෙකින් එලකිරි එක පැත්තේ නිවී සැනසිල්ලේ ආවේ..එතකොට තමයි මම අයියගේ මේ සටහන දැක්කේ..:shocked::shocked:
මම හිතුවේ පොයම් එකක්වත් කියලා...
බලපුවාම බොහොම වැදගත් සටහනක්...
ඇත්තටම මමත් බොහොම ආදරය කරන පුද්ගලයෙක් තමා විජය කියන්නේ..

මගේ අදහසට අනුවනම් ඔහු තරම් පේමවන්තයාගේ චරිතයට පණ පොවන්න දක්ෂයෙක් අද වනතුරු බිහි වෙලා නෑ..කිසිම කෙනෙකුට ඔහු තරම් හැගීම් බරව ඒ චරිතය කරගන්න බැරි වෙලා තියෙනවා...නලුවෙක් විදිහට මම නම් විජය දකින්නේ ලංකාවේ ෂාරුක් කාන් විදිහට..මොකද ඉන්දියවෙත් මම හිතන විදිහට ෂාරුක් තරම් හැගීම් බරව ප්‍රේමවන්තයගේ චරිතයට පන පොවන කෙනෙක් නෑ..එහෙම බැලුවාම විජය කියන්නේ ලංකාවේ අසහාය නලුවෙක්...

දේශපාලනය පැත්තෙන් බැලුවාම ත් ඒ වගේමයි..හරිම අව්්‍යාජ සිනාවක් තියෙන අපූරු දෙශපාලකයෙක්...මම හිතන විදිහට ඒ අමනුස්සයන් විජය ඝාතනය නොකලා නම් අද දේශපාලනය කියන එක මේ තරම් පිලිකුල් එකක් නොවනු ඇති..මොකද ඔහු සෑම විටම අපක්ෂපාතීව ජනතා ප්‍රශ්න දිහා බලලා ඒවා විසදපු නිසා සහ ජනයාට යුක්තිය රජයන ලොවක් දායද කිරීමට ඔහු ගත් උත්සහයත් නිසාවෙන් ... විජය ඔබ අමරණියයි!!
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මෙවන් මිනිස්සුන්ව මරන්න බැහැ.. මොකද ඔවුන් ජීවත් වුනේ මිනිස්සුන්ගෙ හදවත් වල... ඔවුන් අමරණීයයි !
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්තම කියනවනම් අද කාලේ ජීවත් වෙන්න තිබ්බ මනුස්සයෙක් මේ
    විජය තරම් හොදට ප්‍රේමවන්තයගෙ චරිතෙ රගපාන්න බෑ තාම කාටවත්
    එ වගේම් දේශපාලනයෙදි විජයගේ තිබ්බ දැක්ම හරි වටිනවා...
    ලංකාවේ අවාසනාව වේ වගේ මනුස්සයෙක් අහිමි උන එක...

    විෂකුරු සමාජයේ උන්මත්තකයින් විසින් මරාගත් තවත් අගනා මිනිසෙක්...

    බොහොම ස්තුතියි මල්ලියට අදහස් දැක්වීම ගැන.....
     
    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    ජනරාල් රහස් රැසක් හෙළිකරයි

    ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමෙරිකාව සමග සිදු කළ රහසිගත කටයුතු රැසක් පිළිබඳ රහස් රැසක් අනාවරණ කර ඇත. ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා වශයෙන් සිටිය දී ඔහු ලංකාවේ ආරක්ෂක රහස් රැසක් ඇමෙරිකාවට හෙලිකර ඇත. ‘ඇමරිකන් රිපබ්ලික් පුවත්පත" මෙම තොරතුරු හෙළි කර තිබේ. :cool:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමෙරිකාව සමග සිදු කළ රහසිගත කටයුතු රැසක් පිළිබඳ රහස් රැසක් අනාවරණ කර ඇත. ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා වශයෙන් සිටිය දී ඔහු ලංකාවේ ආරක්ෂක රහස් රැසක් ඇමෙරිකාවට හෙලිකර ඇත. ‘ඇමරිකන් රිපබ්ලික් පුවත්පත" මෙම තොරතුරු හෙළි කර තිබේ. :cool:

    මල්ලියට ලොකු වැරදීමක් වෙලා වගෙයි...මේක දේශපාලන මඩ ගොහොරුව ගැන සටහනක් නෙවෙයි මිනිස්කම තිබු මිනිසෙකුට කරන ලද උපහාරයක සටහනක්....

    කරුණාකර මෙම සටහන කැත නොකරන මෙන් ආදරයෙන් ඉල්ලනවා......
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    එදා යන්න යනකොට තමයි මේ ත්‍රෙඩ් එක දැක්කේ. වෙලාව තිබ්බේ නැති නිසා මුකුත් ලිව්වේ නැහැ.
    ඒක නිසා මම අද හොයාගෙන ඇවිත් යමක් සටහන් කරන්න හිතුවා. එදා වෙඩි වැදුන සමණල්ලු කිහිප දෙනෙක් ගෙන් එක්කෙනෙක් තමයි විජය කුමාරතුංග කියලයි මට හිතෙන්නේ. ප්‍රේමකීර්තිද අල්විස් වගේ අහිංසක මිනිස්සුත් නිකරැණේ එදා මරා දැමුණා.
    විජය කුමාරතුංගලා, ප්‍රේමකීර්තිද අල්විස්ලාට එදා වෙඩි තියලා දැම්මට ඒ මැරයින්ට ඔවුන්ව විනාශ කරන්න බැරිවුනා. අදටත් ඔවුන්ගේ නම මිනිසුන් ඇතර රැදී තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති.
    රොන් අයියාට ස්තූතිවන්ත වෙනවා මේ වගේ මාන හිතවාදියෙකු ගැන සටහනක් ගොනු කිරීම පිලිබඳව.

    අවසාන වශයෙන් මේ ගැන කීමට මම කොහේදි හෝ කියවපු පොඩි දෙයක් මතක්වුනා. කාගේ කියමනක්ද කියලනම් මතක නැහැ....

    " උමතු මිනිසෙක්ට උයනක ඇති ගස් සියල්ල විනාශ කල හැක. එහෙත් වසන්තය උදාවන එක වැලැක්වීමට ඔහුට නොහැකි වනු ඇත............"
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    http://www.lankalibrary.com/pol/vijaya2.htm

    රොන් අයියා මේක කියෙව්වද මම දන්නේ නෑ...

    මගේ ජීවිතයේ මම වැඩියෙන්ම ගරුකරන පුරුශයන් තිදෙනා..

    1. තාත්තා
    2.සේකර
    3.විජය....

    ආදරනීය විජය, ඔබට ිිවන් සුව....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සංවේදී සටහනක් අයියා...
    ඇත්ත. මේ අද කාලයේ අප අතර සිටිය යුතු මනුස්සයෙක්... අපේ අවාසනාවට අද අප අතර නොසිටිය යුත්තන් ඉතුරු වෙද්දි සිටිය යුත්තන් අපෙන් වෙන්වෙලා...
    බොහොමත්ම ස්තුතියි අයියා ඔබේ සටහනට...

    බොහොම ස්තුතියි නුවන් මල්ලියා සටහන කියෙව්වට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගොඩක් කාලෙකින් එලකිරි එක පැත්තේ නිවී සැනසිල්ලේ ආවේ..එතකොට තමයි මම අයියගේ මේ සටහන දැක්කේ..:shocked::shocked:
    මම හිතුවේ පොයම් එකක්වත් කියලා...
    බලපුවාම බොහොම වැදගත් සටහනක්...
    ඇත්තටම මමත් බොහොම ආදරය කරන පුද්ගලයෙක් තමා විජය කියන්නේ..

    මගේ අදහසට අනුවනම් ඔහු තරම් පේමවන්තයාගේ චරිතයට පණ පොවන්න දක්ෂයෙක් අද වනතුරු බිහි වෙලා නෑ..කිසිම කෙනෙකුට ඔහු තරම් හැගීම් බරව ඒ චරිතය කරගන්න බැරි වෙලා තියෙනවා...නලුවෙක් විදිහට මම නම් විජය දකින්නේ ලංකාවේ ෂාරුක් කාන් විදිහට..මොකද ඉන්දියවෙත් මම හිතන විදිහට ෂාරුක් තරම් හැගීම් බරව ප්‍රේමවන්තයගේ චරිතයට පන පොවන කෙනෙක් නෑ..එහෙම බැලුවාම විජය කියන්නේ ලංකාවේ අසහාය නලුවෙක්...

    දේශපාලනය පැත්තෙන් බැලුවාම ත් ඒ වගේමයි..හරිම අව්්‍යාජ සිනාවක් තියෙන අපූරු දෙශපාලකයෙක්...මම හිතන විදිහට ඒ අමනුස්සයන් විජය ඝාතනය නොකලා නම් අද දේශපාලනය කියන එක මේ තරම් පිලිකුල් එකක් නොවනු ඇති..මොකද ඔහු සෑම විටම අපක්ෂපාතීව ජනතා ප්‍රශ්න දිහා බලලා ඒවා විසදපු නිසා සහ ජනයාට යුක්තිය රජයන ලොවක් දායද කිරීමට ඔහු ගත් උත්සහයත් නිසාවෙන් ... විජය ඔබ අමරණියයි!!

    හුඟ කාලෙකින් මල්ලිව දැක්කේ.. හොඳින් නේද??

    බොහොමත්ම ස්තුතියි මේ සටහන කියෙව්වට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙවන් මිනිස්සුන්ව මරන්න බැහැ.. මොකද ඔවුන් ජීවත් වුනේ මිනිස්සුන්ගෙ හදවත් වල... ඔවුන් අමරණීයයි !

    බොහොම ස්තුතියි මල්ලියා සටහන කියෙව්වට
     
    Similar threads