රුණානිධි කතාකරන්නෙත් කොටියෙක් විදිහටයි

Sakibura

Member
Sep 20, 2009
226
10
0
රුණානිධි කතාකරන්නෙත් කොටියෙක් විදිහටයි


Sunday, 14 February 2010 17:15 Top Lanka News පෙබරවාරි 213
karunanidi.jpg

තමිල්නාඩුවේ මහ ඇමති කරුණානිධි ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට තර්ජනාත්මක පණිවිඩයක් නිකුත්කරමින් ජනාධිපතිවරණ සමයේ දෙමළ ජනයාට දුන් පොරොන්දු ඉටුකරපන් යයි කියි සිටී. තමිල්නාඩුව ලංකාවේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්න දිහා නිකන් ඇස් දල්වාගෙන සිටින්නෙක් පමණක් නොවන බව මතක තබාගනින් යයි කියයි. ඉන්දීය මධ්‍ය ආණ්ඩුව සම්බන්ධ කරගෙන ලංකාවට පාඩමක් උගන්වන බවත්කියයි.
මේ කොටියාගේ කතාවට සමාන කතාවකි. මේ විදිහට කතා කිරීම නුසුදුසු බව කරුණානිධිලාට නොවැටහේ. තමිල්නාඩුවේ දේශපාලනඥයින් යනු පුදුම ජාතියකි. ඔවුන් හැමදාම ශ‍්‍රී ලංකාව කෙරේ වෛරයෙන් කටයුතු කරති. වෛරයෙන් ප‍්‍රකාශ නිකුත් කරති. මෙය සිංහල ජාතිය පිළිබද වෛරයකි. වෛරයෙන් ප‍්‍රශ්න විසදන්ට මොවුන් සිතති. ඔවුන් වෛර කතා හා ප‍්‍රකාශන මගින් තමිල්නාඩුවේ වැසියන් පිනවති. ඒ මගින් ලංකාවේ ජාතිභේදය ඇවිලීමට උත්සාහ දරති.
කරුණානිධි ජෙනරාල් පොන්සේකා වෙනුවෙනුත් කතා කරයි. පොන්සේකාව අත් අඩංගුවට ගැනීම කරුණානිධිටත් රිදී තියෙන කාරණාවක් බව ඉන් පැහැදිලි වේ. යුද්ධයෙන් පරාජය වු කොටි ව්‍යාපාරය සහ ඔවුන්ව යළි ගොඩනැංවීමට වෙහෙසෙන විජාතික බලවේගය පොන්සේකා බලයට පත්කිරිමට කළ වෑයම පසුපස කමිල්නාඩු දේශපාලනඥයින්ද සතුටින් බලා සිටිය බව මෙයින් ඔප්පුවේ.