අතුරලියේ රතන හිමියෝ සංඝ භේදයට මුල පුරති
අතුරලියේ රතන හිමියෝ සංඝ භේදයට මුල පුරති
2010 පෙබරවාරි 15 වෙනි සදුදා, 23:19 Lanka Truth
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී ඇති බව දක්වමින්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ සර්ව ආගමික සමුළුවේ සිටිය අය පසුගිය කාලයේදී ත්‍රස්තවාදයට සහය දුන් අය බව ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ අද (15) TNL රූපවාහිනියේ පැවැති "ජනහඬ" සජීව සංවාදයේදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ පැවසුවේ මෙවැනි සර්ව ආගමික සමුළු දහයකට වඩා වැඩි ප්‍රමාණයක් සොයා ගත හැකි බවත්, එහෙන් මෙහෙන් අහුලා ගත් පිරිසක් එක් කොට අටවා ගත් සංවිධානයක් මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වී ඇති බව හෝ ජෙනරාල් අත්අඩංගුවට ගැනීම වැරදි බව පැවසිය නොහැකි බවයි. එමෙන්ම මෙම සමුළුවේ එක් නියෝජිතයෙකු වන පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කළ බවයි.
මෙම ප්‍රකාශයේදී අතුරලියේ රතන හිමියෝ සිය ප්‍රකාශය මගින් ව්‍යංගයෙන් දැක්වීමට උත්සහ දැරුවේ පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ එක්සත් ජාතික පක්ෂය හා එක් වෙමින් කටයුතු කිරීමෙන් ත්‍රස්තවාදයට සහය දැක්වූ බවයි.
මෙයට අමතරව රතන හිමියෝ පැවසුවේ ත්‍රෛනිකායික මහ සංඝ සමුළුව වෙනුවෙන් මහ නායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය පිළිගැනීමට නොහැකි බවයි. මෙම නිකායන් තුනෙහි පාර්ශව ගණනාවක් ඇති බැවින් මහ නායක ස්වාමීන් වහන්සේලා සිවු නම අත්සන් කළ පමණින් මෙය පිළිගත නොහැකි බවයි.

owwa tikak hoyala balanna den itin parliment ekene 