~සිංහල සංගීතයේ "කේමදාස" ලකුණ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~සිංහල සංගීතයේ "කේමදාස" ලකුණ~

zp16khemadasaeo.jpg


සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයත් සමඟ සිංහල ජනමාධ්‍ය විශේෂයෙන් පුවත්පත් මුල් කොටගෙන ඇතිවූ කතා-බහත් සමඟ ප්‍රේමසිරි කේමදාසයන් ලංකාවේ සිංහල කතා කරන සමාජය තුළ වැදගත් සමාජ සංසිද්ධියක් ලෙසින් ප්‍රකාශයට පත්විණි.

මීට පෙර ගුණදාස කපුගේ, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම ආදී කලාකරුවන් ගේ අභාවයන් ද සිංහල සමාජයේ සාමූහික අවධානය ඉහළින්ම දිනා ගත්හ.

ගුණදාස කපුගේ ගේ අභාවයේ දී ඔහුගේ ගායනා හෝ සංගීත හැකියාවට වඩා ජන අවධානය දිනා ගත්තේ ඔහුගේ වාමාංශික බව යැයි පෙනී ගියේය. සුගතපාල ද සිල්වා සහ සයිමන් නවගත්තේගම ගේ අභාවයන් හිදී ද ජන අවධානය යොමුවූයේ ඔවුන්ගේ කලා ශිල්පමය හැකියාවන්ට නොව වෙනත් දේටය, නවගත්තේගම ගේ අසම්මත සමාජ චර්යාවට, සහ සුගතපාල ද සිල්වා තුළ තරුණයන් දුටු මනුස්සකමටය.


කේමදාසගේ අභාවය සිංහල සමාජයේ අවධානය දිනා ගත්තේ ඔහු තුළ පැවැති අසම්මතවාදීත්වය නිසා යැයි කියනු ලැබේ. නමුත් ඉහත සඳහන් කළ අවස්ථාවන්හි දී මෙන් නොව කේමදාසගේ අභාවය මෙරට සිංහල සමාජයේ අවදි කරනු ලැබූයේ, කේමදාස නැමැති සංගීතඥයා පිළිබඳත් සිංහල සංගීතය පිළිබඳත් උනන්දුවකි. මේ උනන්දුව මූලිකවම සිංහල කතා කරන, කියවන සමාජයට සීමා වූවකි.

ඉංග්‍රීසියෙන් කේමදාසයන් පිළිබඳ පළවූ ලිපි සංඛ්‍යාව අල්පය. ඉංග්‍රීසියෙන් කටයුතු කරන ලාංකේය මැද පන්තිය තුළ කේමදාසගේ සංගීතයට ඉහළ වටිනාකමක් නොලැබුණි.

ඊට හේතුව කේමදාසයන් බටහිර සංගීත සම්ප්‍රදාය අනුකරණයේ නොයෙදීම විය හැකිය. රොහාන් ජෝශප් සේරම්, ලලනාත් ද සිල්වා ප්‍රමුඛ, කේමදාසයන්ගේ සංගීතය අගය කළ බටහිර සංගීත නිර්මාණකරුවන් සහ ශිල්පීන් පිරිසක් ලංකාවේ සිටියද, සිංහල සංධ්වනි, ඔපෙරා, කැන්ටාටා නිර්මාණය පිළිබඳ අදහස ඉංග්‍රීසි කතාකරන ලාංකිකයන්ට පිළිගත නොහැකි වුවා විය යුතුය. අනෙක, කේමදාසයන්ගේ සමජවාදී දේශපාලන අදහස් ද ඊට හේතු වූවා විය හැකිය.

ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවය හේතුවෙන් ලංකාවේ මහත් ප්‍රාතිහාර්යයක්, මහත් අසිරිමත් දෙයක් සිදුවුණි... එය නම් කලාව කියා දෙයක් නැතැයි පෙර කියා සිටි ලාංකීය පශ්චාත් නූතනවාදීන් කලාව පිලිබඳ කථා බහට යලි ප්‍රවිශ්ඨ වීමයි.. ඔවුනට කලාව පිලිබඳ නැණ නුවණ පහල වීමයි...

කේමදාසයන් බටහිර සංගීතයෙන් සිංහල සංගීතයට හඳුන්වා දෙන්නට උත්සාහ කළ සංධවනිය, ඔපෙරාව, කැන්ටාටාව යනාදිය බටහිර සංගීතය විවිධ කලාපයන්හි, විවිධ යුගයන්හි අත්පත් කරගත් සාධනයන්හි විශිෂ්ඨ අග්‍රඵලයන්ය. ඒවා අනුකරණය කිරීම නොව සිංහල සංගීතයේ නිර්මාණ ආකෘති ලෙස ස්වාධීනව යොදා ගැනීම ඔහුගේ අරමුණ වූ බැව් පෙනී යයි.

අද සිටින, තම ශිල්පීය හැකියාවන් වෙළඳපොලේ ඉහළම මිලට අලෙවි කිරීම කලාව වශයෙන් තරුණ තරුණියන්ට උගන්වන, ඊනියා කලාකරුවන් මෙන් නොව ඔහුට කලාව පිළිබඳව වූයේ මහත් ලාලාසාවකි.

‘හැම කෙනෙකුටම මිලක් ඇත. මම මට ලැබෙන ඉහළම මිලට අලෙවි වෙමි’ යනුවෙන් පශ්චාත්-නූතනවාදීන් තරුණ තරුණියන් අතර ජනප්‍රිය කළ ධර්මය කේමදාස තරුණයන්ට ඉගැන්වූ දෙය සමඟ කිසිසේත් නොගැළපේ.

ගැමි දරු-දැරියන්ගේ ගායනා කුසලතාවන් ඔප් නංවා, පුහුණු කොට ඔවුන් ජාත්‍යන්තර ගායනා තලයට ගෙනයාම, ජගත් විශිෂ්ඨයන් අතරට ගෙනයාම කේමදාසයන්ගේ අපේක්ෂාව සහ උත්සාහය විය.

ඔහු තරුණ තරුණියන් පතන දෙය ඔවුන්ට ඉගැන්වූයේ තම බඩ ගෝස්තරය සඳහා හෝ ඔහුගේ අනුගාමිකයන් තනා ගැනීමට නොවේ. “මා කියන දෙය නොපිළිගන්නැයි” ඔහු තම සිසුනට නිතර කීබව ප්‍රසිද්ධය.

දැනටමත් ඇතැමුන් පෙන්වා දී ඇති පරිදි, ඔහු තුළ කලාව පිළිබඳ වූයේ දැවෙන ගින්නකි. ඔහු කලාව මුදලට, බඩ ගෝස්තරයට අලෙවි නොකළේය. ඔහුටත් අන්සැම මිනිසෙකුට මෙන් යැපීමට, කුටුම්භ සංරක්ෂණයට මුදල් අවශ්‍ය වූවා විය යුතුය.

නමුත් ඔහු මුදල් පසුපස හඹාගිය කලාකරුවෙකු නොවීය. ඔහු ගතකළ චාම් සරල ජීවිතය එයට උදව් විය. මුදලේ සම්භවය රාජ්‍ය, පෞද්ගලික, රාජ්‍ය ‍නොවන කුමන අංශයක වුවද ඔහු තම ආත්මය මුදලට නොවිකිණීය. ඔහු මූල්‍යාධාර සපයන්නන්ගේ ඉල්ලුමට “කලා නිර්මාණ” බිහි කළේ නැත.

ප්‍රකාශයට පත් කිරීම සඳහා දැවෙන යමක් ඔහු තුළ සැමවිටම තිබුණි. එය ව්‍යාපෘති, අරමුදල් වල අරමුණු වලින් කුළු ගැන්වුණු කලා නිර්මාණයක් නොවීය. තමා ශාස්ත්‍රාලීය සංගීත අධ්‍යාපනයක් නොලැබුවද, ඔහු සංගීතය තමන්ම ශාස්ත්‍රීයව හැදෑරීය. උසස් ලෙස ගායනය ප්‍රගුණ කරන්නට නම් බාල සංගීත සේවනයෙන් මිදිය යුතු යැයි ඔහු තම ශිෂ්‍යයන්ට අවවාද කළේය. මිනිසුන්ට පෞරුෂය අහිමිකරන වැඩවසම් සම්ප්‍රදායන්ට එරෙහි වූ ඔහු ඒ අතරම ශික්ෂණය ද අගය කළේය.

ඔහු ශිෂ්‍යයන්ට ඉගැන්වූයේ තමන්ගේ ලකුණ (එවැනි ලකුණක් ඔහු ගොඩනඟා‍ගෙන තිබුණි) ශිෂ්‍යයන් මත ඔබ්බවා ඔවුන් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියක (ඔහුට එවැනි දේශපාලන ව්‍යාපෘතියක් නොතිබුණි) කාඩර්වරුන් කිරීමට නොව, ඔවුන්ට තමන්ගේම වන ස්වාධීන යමක් ගොඩනඟා ගන්නටය.

ඔහු තුළ විරල මානව ගුණාංග විය. ඔහු තමන් සමඟ සංගීත ශිල්පයෙහි යෙදුණවුන්ට බෙහෙවින් ගරු කළේය. ඔහු සමාජයේ වැරදි, අගතීන් කෙරෙහි වූ තම කෝපය තම අදහස් සමඟ එකඟ නොවූවන් හෝ ඒවා විවේචනය කළවුන් මත ශාරීරික වදා හිංසා ලෙසින් මුදාහැරීම‍ට යොමු වූයේ නැත.

දෙපා දැවෙන රළු පොලොව ඔහුට හොඳ හැටි හුරුය...ඔහුගේ සංගීත ලකුණ එක් දේශයකට හා එක් ජන කොටසකට වෙන්වුවක් හෝ සීමාවුවක් නොවේ..

හෙළයේ අපට සිටි මහා ගාන්ධර්වයා ප්‍රේමසිරි කේමදාසයාණෝ මතු මතුත් අප අතරම ඉපදිය යුතු මානව හිතවාදියෙකි...
 
Last edited:

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
අද කාලෙ බයිලා වලට වඩා උසස් නිර්මාණ කළ කලා කරැවෙක්.

කිව යුතු සියල්ල අයියා කියලා තියෙනවා.

ඒ වගේම අපි නොදන්න දේවලුත්.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අද කාලෙ බයිලා වලට වඩා උසස් නිර්මාණ කළ කලා කරැවෙක්.

කිව යුතු සියල්ල අයියා කියලා තියෙනවා.

ඒ වගේම අපි නොදන්න දේවලුත්.

බොහොම ස්තුතියි නංගියා..මෙය අද තරුණ පරම්පරාවට වැදගත් වෙන හින්දයි මෙලෙස පල කලේ...
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
kemadasa master ge songs walin mage favourite " hemin sare piyaa widaa" ... bohoma sthuthie ron aiyya ma wisthara apita labadunnata..
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කේමදාස සර්ගෙ සංගීතය අහනකොට දැන් එන සමහරක් සංගීත මොනවද කියල හිතෙනවා..
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    විශ්වයේ භාෂාව වූ සංගීතයෙන් අප හදවත් පිරිමැද්දාවූ මහා ගාන්ධර්වයා.......
    අප හදවත්වලට තට්ටු කලාවූ
    මහා ගාන්ධර්වයා....

    කිවයුතු සියළු දේ ඉතා පැහැදිලිව රොන් අයියා කියා තියෙනවා අයියෙ......

    බොහෝමත්ම ස්තුතියි ඔයාට....

     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    කේමදාසයන් ලාංකික සංගීතයේ විප්ලවවාදියා කිව්වොත් හරි.ඉස්සර "කේමදාසගේ කෝපය" ගැන මිනිස්සු කතා කරා මතකයි. ඔව් . ඔහු ඉතාම සංවේදී මනුස්සයෙක්. ඔහු කිපුනේ ඔහු දෙන්න හදන දේ ඔහු කතාකරන දේ මිනිස්සු තේරුම් ගන්න උත්සාහ නොකරපු නිසයි. මට මතකයි එක රූපවාහිනී වැඩසටහනක ඔහුගෙන් ඇහුවා "ඔබ කල නිර්මාණ අතුරින් කැමතිම මොකටද ?"කියලා. ඔහු කීවේ "මගෙන් ඔය බොළඳ ප්‍රශ්න අහන්න විතරක් එන්න එපා" කියලා:lol: .ඔව් ඔහු අපට හිටි වස්තුවක්. ස්තූතියි සහෝදරයා..

    කිසිවකු ඇස නොගැටී
    පස් යට සැඟව තිබූ
    ජීවයෙන් පිරි මැණික් කැට දහසක්
    ගරා සෝදා කපා කොටා
    ඔපමට්ටම් කර දැයට පිදූ
    උතුම් මිනිසෙකි ඔබ..
    ඝාණ්ධර්වයානනි.....
    එනු මැන නැවත අප අතරටම.
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මගේ ප්‍රියතම සංගීතඥ්ඥයා මාස්ටර්.
    හැමවෙලේම බහින කලිසමයි සෙරෙප්පු දෙකයි එතුමගේ අනන්‍යතාවය වෙලා තිබුණා. ඒ බහින කලිසම අතින් උඩට ඇදීම ඔහුගේ පුරැද්දක්.
    එහෙත් ඔහු යම් ස්ථානයකට පැමිණෙන විට සියලු දෙනාම නැගිටුවන්නට තරම් පෞරැෂත්වයක එතුමා සතු වුනා.

    බොල් මිනිසුන් ඉදිරියේ දණ නොගැසූ ඔහු ලෝක පුරවැසියෙක් ලෙස හැදින්වූවත් වරදක් නැහැ.

    ඔහුටත් ඒ ගැන සටහනක් තැබූ ඔබටත් මගේ උපහාරය...!


     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මෙවන් තොරතුරු බෙදාදීම ගොඩාක් වටින කාර්යයක්, ඔබට පින්.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    keemadaasa master ge aadaraneeya shisyawak apa atarama innawa..

    e thamai T.kanch nohot kanchana sis..

    eya eth dan wadiya enne naha...

    godak stooti sahoo apith ekka me adahas beda hada gaththata....


    බොහොම ස්තුතියි රසික මල්ලියා...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    kemadasa master ge songs walin mage favourite " hemin sare piyaa widaa" ... bohoma sthuthie ron aiyya ma wisthara apita labadunnata..


    මමත් ගොඩක් විඳින ගීතයක් තමයි ටී.එම් සහ සුනිලා අබේසේකර ගයන ඔය අමුතුම ආරේ මාස්ටර්ගේ ගී තනුව....

    ඔය ගීතය අඩංඟු වුනේ ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක්" චිත්‍රපටයට....

    මාස්ටර් ගැන පිටු ගනන් ලියන්න දේ බොහෝයි..මල්ලිට ස්තුතියි.......
     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    2emiedw.jpg



    ශ්‍රීලාංකීය සංගීතයේ යම්කිසි අනන්‍යතාවයක් ඇත්ද, එයින් සෑහෙන ගෞරවයක් හිමිවිය යුත්තේ මාස්ටර් ටය.
    එතුමන් ගැන වචන 2-3 කින් කතාකරන්න අපහසුයි.
    එතුමන්ට නිවන්සුව ප්‍රාර්ථනා නොකර නැවත අප අතරටම ඉපදී අපේ ශ්‍රීලාංකීය සංගීතයට මෙහෙවරක් කරන්න ලැබේවායි පතමි.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අසා ඇති පරිදි මනුසත්කම පිරුණු මිනිසෙක්

    දැක ඇති පරිදි අපේ සංගීත කලාව උඩු යටිකුරු ගාන්දර්වයෙක්...

    අමතක නොකල යුතු මතකයක් අළුත් කලාට මගේ ප්‍රණාමය අපේ ron අයියට
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කේමදාස සර්ගෙ සංගීතය අහනකොට දැන් එන සමහරක් සංගීත මොනවද කියල හිතෙනවා..

    ගොඩක් ස්තුතියි මල්ලියා සටහන අගය කලාට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    විශ්වයේ භාෂාව වූ සංගීතයෙන් අප හදවත් පිරිමැද්දාවූ මහා ගාන්ධර්වයා.......
    අප හදවත්වලට තට්ටු කලාවූ
    මහා ගාන්ධර්වයා....

    කිවයුතු සියළු දේ ඉතා පැහැදිලිව රොන් අයියා කියා තියෙනවා අයියෙ......

    බොහෝමත්ම ස්තුතියි ඔයාට....



    "හඳුනාගත්තොත් ඔබ මා" ....

    කොච්චර මියුරු ගීත තනුවක්ද අපේ මාස්ටර් බමරු ඇවිත් සිනමා පටයට හදපු..

    කවදත් වගේ ගොඩාරියක් ස්තුතියි නංගියා මේ සටහන කියවන්න කාලය මිඩංගු කලාට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කේමදාසයන් ලාංකික සංගීතයේ විප්ලවවාදියා කිව්වොත් හරි.ඉස්සර "කේමදාසගේ කෝපය" ගැන මිනිස්සු කතා කරා මතකයි. ඔව් . ඔහු ඉතාම සංවේදී මනුස්සයෙක්. ඔහු කිපුනේ ඔහු දෙන්න හදන දේ ඔහු කතාකරන දේ මිනිස්සු තේරුම් ගන්න උත්සාහ නොකරපු නිසයි. මට මතකයි එක රූපවාහිනී වැඩසටහනක ඔහුගෙන් ඇහුවා "ඔබ කල නිර්මාණ අතුරින් කැමතිම මොකටද ?"කියලා. ඔහු කීවේ "මගෙන් ඔය බොළඳ ප්‍රශ්න අහන්න විතරක් එන්න එපා" කියලා:lol: .ඔව් ඔහු අපට හිටි වස්තුවක්. ස්තූතියි සහෝදරයා..

    කිසිවකු ඇස නොගැටී
    පස් යට සැඟව තිබූ
    ජීවයෙන් පිරි මැණික් කැට දහසක්
    ගරා සෝදා කපා කොටා
    ඔපමට්ටම් කර දැයට පිදූ
    උතුම් මිනිසෙකි ඔබ..
    ඝාණ්ධර්වයානනි.....
    එනු මැන නැවත අප අතරටම.

    "දඩබ්බර නොහික්මුණු ගාන්ධර්වයා"..ඕක තමයි මං ගොඩාක්ම කැමති විදිහ මාස්ටර්ව හඳුන්වන්න....

    සහෝදරයාට ගොඩාරියක් ස්තුතියි මේ සටහන කියෙව්වට හා විස්තරයක් ලිව්වට....
     

    nwnbs

    Member
    මෙවන් වටිනා මිනිසුන්ගේ මතකයන් පවා හිතට පුදුම හැඟීමක් ගෙන එනව... එවැනි වටින මතකයන් අමතක නොවෙන්න නොදී අපත් සමඟ බෙදාගන්න මෙසේ සටහන් කරාට අයියාට මගේ ආචාරය...
    එතුමාගේ නිර්මාණයන්ගේ තිබෙන ඒ පුදුමාකාර අපූර්වත්වය... වචන කරන්න මම දන්නෙ නෑ... ඒක විඳින්නම ඕනෙ...
    මෙවැනි මිනිසුන් අපෙන් සමු ගන්නව... දිනෙන් දින... අපේ අවාසනාව...

    නැවතත් බොහොම ස්තුතියි අයියා...

    රසික අයියා කිව්ව වගේ T.Kench සහෝදරිය දැන් එන්නෙ නෑනෙ. නැත්නම් අපට තවත් වටින තොරතුරු දැනගන්න තිබුන මේ වගේ...