සඟ සමුළුව නතර කළේ ආණ්ඩුවේ හිමිවරු පිරිසක්
සඟ සමුළුව නතර කළේ ආණ්ඩුවේ හිමිවරු පිරිසක් මැදිහත් වෙලා - අත්තංගනේ රතනපාල හිමි2010 පෙබරවාරි 18 වෙනි බ්‍රහස්පතින්දා, 11:20
අද දිනයේ මහනුවරදී ත්‍රෛනිකායික මහා සංගරත්නය මැදිහත්ව පැවැත්වීමට නියමිතව තිබූ මහා සංඟ සම්මේලනය කල් දැමීමට සිදුව ඇත්තේ ආණ්ඩුවට පක්ෂපාතී ස්වාමීන් වහන්සේලා පිරිසක් මැදිහත්ව මහානායක ස්වාමීන් වහන්සේලාට කළ බලපෑම් හේතුවෙන් බව ජාතික භික්ෂු පෙරමුණේ අනුශාසක මහාචාර්ය අත්තංගනේ රතන පාල හිමියෝ අද පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ සඟ සමුළුව කල් තැබීමට හේතු දක්වමින් අද ත්‍රෛනිකායන්හි ස්වාමීන් වහන්සේලා පිරිසක් විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
එහිදී අදහස් දැක්වූ අත්තංගනේ හිමියන් පෙන්වාදුන්නේ ආණ්ඩුවට පක්ෂපාත ස්වාමීන් වහන්සේලා පිරිසක් මහා නායක ස්වාමීන් වහන්සේලා හමුවී පැය ගණනාවක් තිස්සේ උන්වහන්සේලාට බලපෑම් කර ඇති බව ප්‍රකාශ කලහ. මහනායක හිමිවරුන්ට සිදුකර ඇති එම තර්ජනයන් උන්වහන්සේලා සඟ සමුළුව කල් තැබීම දැනුම් දෙමින් නිකුත් කළ නිවේදනයෙන්ද පිළිඹිබුවන බව අත්තංගනේ හිමියෝ පෙන්වාදුන්හ.
වැඩිදුරටත් අදහස් දක්වමින් අත්තංගනේ රතනපාල හිමියන් තමන් මෙම ප්‍රකාශයන් සිදුකරන්නේ මහානායක හිමිවරුන් තමන් වහන්සේට පැවසූ කරුණු ආශ්‍රයෙන් ඉතා වගකීම් සහගතව බවද ප්‍රකාශ කළහ.

Last edited: