මෙහෙම බැලුවම බුදු බණේ කියවෙන උප්පාද-ඨිති-භංග කියන චක්‍රය සනාථ වෙනවා නේ?කල්ප ගනනක් පවතින මේ හිරු ඇතුළු සියළු ග්‍රහ වස්තූන් සහ ජීවීන් සියල්ලම නැවත නැවතත් ඉපදීම පැවතීම විනාශය යන ධර්මතාවයට ගොදුරු වෙනවා.අනාත්ම ලක්ෂණ හැර.
බුදුවරුන්ද ඒ ඒ යුගවල නොනැවතීම පහළ වෙනවා.අනෙකුත් සාමාන්‍ය ආගමික නායකයින් ලෙස ගැනෙන අයත් එහෙමයි.මුස්ලිම් ආගමේ නායකයා ගැන පමණක් වෙනස් මතයක්ද?
ජේසුතුමා යනු යුගයක මිනිසෙක්(ගාන්ධි වැනි)කියන මතය සනාථ වෙලා තියෙන්නේ.
(කිසි ආගමකට ගැරහීමේ චේතනාවක් නැත.මට හැඟෙන දේ පමණි)
මුහම්මද් නබි(PBUH) කියන්නේ අපේ ආගමට අනුව පහල වුන අවසාන ශාස්තෲවරයා
ජේසු කියන්නෙත් අපේ ආගමික ශාස්තෘවරයෙක්, අපි කියන්නේ නබි ඊසා(PBUH) කියලා
මෝසස්(PBUH) කියන්නෙත් ජේසු(PBUH) ට කලින් මෙලොවට පහල වුන කෙනෙක් අපි කියන්නේ නබි මූසා(PBUH) කියලා.
තව ගොඩක් අය ඉන්නවා
මේ හැමෝම එයාලව දෙවියන් වහන්සේ වශයෙන් හදුන්වා ගත්තේ නැහැ, නමුත් දෙවියන් විසින් එවනු ලැබූ බවටයි ප්‍රකාශ කලේ, බයිබලයට අනුව ලෝක ව්නාශය ලං වෙනකොට ජේසු තුමන්ගේ පැමිනීම ගැන සඳන් වෙලා තියෙනවා ඒ වගේම අපේ අල්-කුරාණයෙත් ඒක තියෙනවා.
හුඟක් අය මේ ආගම් වල තියෙන වෙනස් කම් ගැන කථා කරනවා ඇරෙන්න තියෙන සමාන කම් ගැන කථා කරන්නේ නැහැ, ඒකයි මෙතන තියෙන එකම අවුල
එළුවා සහෝදරයා ගේ පැහැදිලි කිරීම නෙමෙයි වීඩීයෝ එකේ තියෙන්නේ, පුළුවන් නම් එඩිට් කරන්න
