ජෙනරාල්ගේ ඇප ඉල්ලීම අද සලකා බැලේ

kulasingha

Member
Jun 9, 2009
149
3
0
Sri lanka
ජෙනරාල්ගේ ඇප ඉල්ලීම අද සලකා බැලේ

ජෙනරාල්ගේ ඇප ඉල්ලීම අද සලකා බැලේ

යුද හමුදා පොලිසිය විසින් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයට ගෙන තිබෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇප පිට නිදහස්‌ කරන්නැයි ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සලකා බැලීමට නියමිතය.


sf_0912.jpg


ජෙනරාල් ෆොන්සේකා වහාම මුදාහැරීමට යුද හමුදාපතිට හා ආරක්‍ෂක ලේකම්ට නියෝග කරන්නැයි ඉල්ලා ඇය ගොනු කළ පෙත්සම පිළිබඳ පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 12 දා තීරණය කළ අතර එතෙක්‌ ඔහු කොන්දේසි රහිතව හෝ උසාවියට සුදුසු කොන්දේසි මත ඇප පිට මුදාහරින්නැයි එම පෙත්සමෙන් කර තිබූ අතුරු ඉල්ලීම ගැන සලකා බැලීම අදට කල් තබන ලදී. එහිදී රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට අදාල කිසිදු හේතුවක් ඉදිරිපත් කිරීමට නොහැකිවීම විශේෂත්වයක් විය.

අද ඇප ඉල්ලීම පිළිබඳව අද විභාග කෙරෙන්නේ වැඩ බලන අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක, ජගත් බාලපටබැඳි සහ කේ. ශ්‍රීපවන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේය.

Source - www.lankatruth.com/sin/index.php?op...-20-54&catid=35:2008-10-13-08-30-14&Itemid=63