තලිබාන් ආත්මය පෙන්වන පොතක්

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    තලිබාන් ව්‍යාපාරයේ ආරම්භකයෙකු වු මුල්ලා අබ්දුල් සලාම් ෂායිෆ් තලිබාන් සංවිධානයේ මුදුන් කණුවක් වශයෙන් නොයෙකුත් කාරියන් කරපු මිනිහෙකි. 2001 සැප්තැම්බර් 11 දින ඇමරිකාවෙ හි ලෝක වෙළද මුලස්ථානය ප‍්‍රධාන ස්ථාන කිහිපයකට පහරදීම සැලැසුම පිටුපස සිටි ඔහු සිරකරුවකු හැටියට ගුවන්තානාමා සිරකදවුරට ගාල්වුනි එතනින් එළියට පැමිණි තැන් සිට ෂායිෆ් තලිබාන් සංවිධානයෙන් ඈත්වු පුද්ගලයෙකු ලෙසින් කටයුතු කරයි.
    මෙම පුද්ගලයා සිය ජිවිත කතාව හෙලිදරව් කරමින් තලිබාන්ලා සමග මගේ ජිවිතය මයි ලයිෆ් විත් ද තලිබාන් මැයෙන් පොතක් ප‍්‍රසිද්ධකර තිබෙි. තලිබාන් මෙන්ම අන්තවාදී ඉස්ලාම් දේශපාලන දර්ශනය කුමක්දැ යි විනිවිද දක්වන මෙම පොත කියවද්දී ඇෆ්ගනිස්ථානයේ පමණක් නොව බංගාලිදේශය මාලදිවයින ආදි රටවල ඉස්ලාම්වරු බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන්නේ මක්නිසාද යන කාරණය වැටහේ. මිට කලකට පෙර ලංකාවෙහි නැගෙණහිර පාලතේ දිඝවාපි සැයට අයිති යම් යම් පුරාවස්තුන් ඉස්ලාම් අන්තවාදින් ගේ ඩෝසර් යන්ත‍්‍රවලට යටවු බව ලංකාව දන්නා කරුණකි. ඇතැම් ඉස්ලාම් ආගමිකයින් බුද සසුන සමග හතුරු ඇයි?
    ලංකාව බදු රටවල ජනයා අතර තලිිබාන්ලා ප‍්‍රසිද්ධවීමට ප‍්‍රධාන හේතුව බමියාන් බුදු රූ පිපිරවිමේ සිද්ධියයි. බුදුරුවක් යනු බෞද්ධයාට අති පුජනීය වස්තුවකි. බෞද්ධයින් බුදුරුවට වදින්නේ ජීවමාන බුදුන්ට කරන වන්දනාවක් ලෙසිනි. බුද්ධ ප‍්‍රතිමාව බෞද්ධයාට ජීවමාන බුදුහාමුදුරුවෝ ය.
    බෞද්ධයා පිළිබදව අබමල් රේණුවක්වත් සැලකිල්ලක් නොදැක්වු තලිබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බමියාන් බුදු රූ පිපිරවිමට කළ තීරණය වැලැක්විමට ජපානය ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන බෞද්ධ රටවල් විශාල උත්සාහයක් දැරූහ. එහෙත් තලිබාන්වරු බමියාන් ප‍්‍රතිමා පිපිරවුහ.
    ෂායිෆ් තලිබාන් සමග ගතකළ ජීවිතය විස්තර කරමින් පොත ලියද්දී බමියාන් ප‍්‍රතිමා පිපිරවීම ගැන ද සදහන් කරයි. බුදුදහමට කිසිම ගරුකිරිමක් නොකළ යුතු බව ඉස්ලාම් ඉගැන්වීම හැටියට ෂායිප් පෙන්වයි. ඔහු එය ප‍්‍රතික්ෂෙප කරන බවක් නොකියයි. ජපානය බමියාන් ඇෆ්ගාන් ජාතික උරුමයක් බව අවධාරනය කරද්දී තලිබාන්වරු ගරු නොකළ යුතු අතිත ආගමකට ගරු කිරිම ප‍්‍රතික්ෂේප කළ හැටි ඔහු ආඩම්බරයෙන් ලියයි. දැඩි ඉස්ලාම්වරු වශයෙන් තලිබාන්වරු බුදුදහම වැරදි ආගමක් ලෙසටත් ඉස්ලාම් ආගම අංග සම්පුර්ණ නිවැරදි ආගම හැටියටත් පිළිගනියි’. එමනිසා ඒ අවස්ථාවෙිදී ෂායිෆ් ජපානයට පිළිතුරක් දෙමින් වැරදි බුදුදහම අතහැර නිවැරදි ඉස්ලාම් ආගම තේරාගන්නැයි ජපානයට දන්වා යැව්වාලු.
    මීට ජපානය දුන් පිළිතුර ෂායිෆ් සදහන් නොකරයි. දෙවියෙකු පෙරේතයෙක් දුන් පිළිතුරක් විදිහට ජපන් බෞද්ධයන්ට හැගෙන්ට ඇත.