ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Sihala Piyasa (Sinhala Literature Forum) > Nisadas saha Kaavya
Reload this Page වික්ටර් . . වික්ටර් . . වික්ටර් . . !!!
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
dukaa|දුකා's Avatar
dukaa|දුකා dukaa|දුකා is offline
Senior Member
dukaa|දුකා will become famous soon enough
 
Posts: 228
Blog Entries: 32
Join Date: Oct 2009
වික්ටර් . . වික්ටර් . . වික්ටර් . . !!! - 02-28-2010, 10:53 AM

වික්ටර් . . වික්ටර් . . වික්ටර් . . ඔහුට සම කල හැකි වෙන කිසිවෙක් ඇද්ද. . ???


ලිව්වේ දුකා on Thursday, February 18, 2010 Labels: කලාව සහ රසවින්දනය, ජීවිතය සහ සමාජය . ., නෑසෙන ගී රස . . .




කලෙක හුරුබුහුටි ගැටයෙකු වීමි.
හැමගේ ආදරය දිනා ගතිමි.
තුටු වීමි.
රුදූ ගිනි දල්ලකට මැදිවී සියොලඟම දැවී විරූපී වීමි.
මග යන්නන් මා දුටු විට පිලිකුලෙන් අහක බලනු දුටු කල නොසැලුනෙමි.
සිත තව තව සවි කොට අමාරුවෙන් දරා ගතිමි.
සියළු සංස්කාරයෝ නැසෙන සුළුය
මෙලොව නොවෙනස්වන එකම දෙය සියළු දේ වෙනස්වනවා යන දහම පමනි යි සිතා පෙනුම නම් මොටදැයි සිතා දුක් නොවී සිටින්න උත්සාහ ගතිමි.

. . . . .

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බල මහිමයෙන් හා රාජරත්න වෙදැදුරු තුමාට නිවන් සුව අත්වෙන්න පෙර තරම්ම නොවුනත් කඩවසම් තරුණයෙකු වීමට තරම් වාසනාවන්තයෙකු වීමි.
නැවත සැමගේ ආදරය, සැලකිල්ල නොමදව ලදිමි.
සංගීත සැඳෑවල්, නාට්‍ය, සතුටු සාද, චිත්‍රපටි, විනෝද ගමන්, ප්‍රේමණීය වදන් . . මෙසේ මේ සියළු දේ සමඟින් තාරුණ්‍යයේ රිසි සේ පියෑඹීමි.
තුටු වීමි.

. . . . . . . .

කැඩපත අසලට වී රැවුල බානාවිට සුදු ගස් එකක් දෙකක් නොව කීපයක්ම දිටිමි.
සැලූන් එකේ බාබර් ගේ "මහත්තයාගේ සෑහෙන්න තියෙනවා නේ සුදු කෙස් ගස්" බස් අසා සිනාසුනෙමි වගකට නැතුව.
සිත රිදෝ නොගතිමි.
මඛාදේව රජු මෙන් තපස් රැකුමට යාමට නොසිතීමි.
ඔව්ව ඔහොම තමයි.

. . . . . . . . . .

මුහුනේ, සමේ පෙර තිබූ දීප්තිය නැති බව කැඩපතින් දිටිමි.
රැලි වැටී නැතත් තවම සම, සිත නොව ශරීරය වයසට යන්න පටන් ගෙන ඇති බව පසක් කලෙමි.
උපේක්ෂාවෙන් සිතුවෙමි හැමදේම වෙනස්වෙනවා, මොනා කරන්නද.
සියළු සංස්කාරයෝ නැසෙන සුළුයි
ඉතිං කුමට දුක් වෙනවාද?

. . .

ට්‍රීං . . . ට්‍රීං . . .
(වෙලාව උදේ දහයයි . . දමිත් මල්ලී)
මොකෝ බං නිවාඩු දවසේ උදේ පාන්දර.
නිදා ගන්න දෙන්නේ නැද්ද අදවත් ටිකක් වැඩිපුර.
හරි හරි හලෝ. නිදා ගන්න එක කොයි වෙලාවේ කරන්න බැරිද.
ටී වී ලංකා දාන්න, අද එතෙර මෙතෙර ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් ඉන්නේ "වික්ටර්"
නැහ් සිරාවට . . !!
ඇඳෙන් නැගිට්ටාද පැන්නාද කියා සිහිය නැත.
සෙනෙහසේ ගුවන් පාලම "එතෙර මෙතෙර" එකළු කරමින් කහපාටට හුරු ජාතික ඇඳුමින් සැරසුනු වික්ටර්ගේ රුව කාලෙකට පසු දිටිමි.

. . . . . . . . . .

අනේ වික්ටර් වයසට ගිහින්
හිත හිරවුනාද??? හුස්ම ගන්න අමතක වුනාද???? ගල් වුනාද????
මීට කලිනුත් කීප පාරක් මෙහෙම වෙලා තියෙනවා.
ජෝතිපාල මැරුනු වෙලාවේ.
විජය, කැරැන්ස්, රමණී බර්තොලමියුස්, මිල්ටන්, ඩයනා කුමාරි, කේමදාස මාස්ටර්, මර්වින් පෙරේරා, මගේ මිතුරු සංජීව මැරුනු බව ඇසූ වෙලාවල් වලදීත්.
තාත්තා අසනීප වුනු බව දැන ගත්තු ගමන් ඉමර්ජන්සි ලීව් දාලා ලංකාවට යන ගමන් ප්ලේන් එකේදී "අනේ තාත්තා මැරුනොත්" කියලා හිතුනු වෙලාවේදී.
ඒත් මේ පාර ගල් වීම ඒ හැම එකටම වඩා වැඩී වගේ.
බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාන බව අහපු ආනන්ද හාමුදුරුවෝත් දුක් වෙන්න ඇත්තේ මේ වගේද?

. . . . . . .

ඇයි බං උඹම නේද කියන්නේ සියළු සංස්කාරයෝ නැසෙන සුළුයි කියලා නිතරම හිතන්න කියලා??
ලස්සනට තිබුනු උඹේ මූන චාටර් වෙන්න පිච්චිලා වත් දුක් නොවුනු උඹ . .
රැවුල කොන්ඩේ සුදු වෙන්න ඇවිත් වයසට යන්න පටන් අරන් කියලා දුක් නොවුනු උඹ. .
මොකෝ මේ වික්ටර් වයසට ගියා කියලා මෙච්චර දුක් වෙන්නේ?
සියළු දේ වෙනස්වනවා, නැසෙනවා කියන දේ වික්ටර් සම්බන්ධව අදාල නැද්ද ???
නෑ නෑ කොහොමත් වෙන්න බෑ.
මම මැරෙන තුරුත් වික්ටර් ජීවත් කරවලා වික්ටර් මැරෙනවා දකින එක මට නොදකින්න තරම් මාව වාසනාවන්තයෙක් කරාවී දෛවය.
උපේක්ෂාව, දරා ගැනීම ගන මොන තරම් බන කිව්වත් වික්ටර් වුනත් කවදා හරි මැරෙනවා කියන හැඟීම මොන හිතකින් දරා ගන්නද??

. . . . . . . .

සියලු දේ වෙනස් වන ලෝකයේ වික්ටර් ව පමනක් නොවෙනස් ව තබා ගැනීමට මගේ සිතට බල කරන්නේ වික්ටර්ගේ තනු නිර්මානයේ ඇති හැකියාවටත් වඩා ළයාන්විත කටහඬ කීවොත් මා සමඟ එකඟ නොවන්නෙක් සිටීද. . ?

. . . . . .

ප්‍රේමවන්තයෝ ආනන්දයෙන් අමන්දානන්දයට පත්කරවන්න, ශෝක වන්නන්ගේ හදවත් ශෝකයෙන් ඉරිතලා දෙදරවා යවන්න, දම් අසනු කැමැත්තෝ දම් සිසිලෙන් තෙමා සිහිලැල් කරන්න මේ ආදී කී නොකී ඒ ඒ ගීතයට ඒ ඒ අවස්තාවට උපරිම සාධාරනය ඉටු කරමින් සහෘද හදවත් පිනවිය හැකි වික්ටර්ට සමකල හැකි වෙන කිසිවෙක් සිටීද . . ?
Reply With Quote
(#2)
Old
dukaa|දුකා's Avatar
dukaa|දුකා dukaa|දුකා is offline
Senior Member
dukaa|දුකා will become famous soon enough
 
Posts: 228
Blog Entries: 32
Join Date: Oct 2009
02-28-2010, 10:56 AM

me lipiya nisadas style eken liyapu nisa methana damme . . .. mekata match wenne nat nam kiyanan mama meka delet karannam . .. mage blog eke liyapu lipiyen bagayai metana damme . . . (nisadas style ekata liyapu tika vitarai damme)
Reply With Quote
(#3)
Old
mdee mdee is offline
Senior Member
mdee has a spectacular aura aboutmdee has a spectacular aura aboutmdee has a spectacular aura about
 
Posts: 1,810
Blog Entries: 1
Join Date: Jun 2009
Location: Small Planet
02-28-2010, 02:51 PM

ලස්සනයි යාලු අදහස, පද ගෙතී ඇති ආරය... රසවින්දා ගොඩාක්ම.

තමුන් ගැන නොවුනත් අනුන් ගැන දුක්වෙන්න පුලුවන්වීම අගේය, සංසාර පුරුද්දක් වෙන්න ඇති...
Reply With Quote
(#4)
Old
truth100%'s Avatar
truth100% truth100% is offline
Senior Member
truth100% will become famous soon enoughtruth100% will become famous soon enough
 
Posts: 645
Join Date: Jan 2010
02-28-2010, 08:19 PM

NICE ONE MACHAN..KEEP IT UP
Reply With Quote
(#5)
Old
DiLakshika's Avatar
DiLakshika DiLakshika is offline
Senior Member
DiLakshika has a spectacular aura aboutDiLakshika has a spectacular aura aboutDiLakshika has a spectacular aura aboutDiLakshika has a spectacular aura aboutDiLakshika has a spectacular aura about
 
Posts: 3,144
Join Date: Nov 2008
Location: ~~ Kandy ~~
02-28-2010, 08:41 PM

අපූරු නිර්මාණයක්...මම මෙය ඔබේ බ්ලොග් අඩවියෙත් කියෙව්වා...
Reply With Quote
(#6)
Old
ronsilva ronsilva is offline
Senior Member
ronsilva is just really niceronsilva is just really niceronsilva is just really niceronsilva is just really niceronsilva is just really niceronsilva is just really niceronsilva is just really nice
 
Posts: 6,163
Join Date: Jan 2009
Location: Canada
02-28-2010, 08:57 PM

ඉතාමත් අගය කල යුතු හා අන් හැමෝම කියවිය යුතු සටහනක් ලෙසටයි මා මෙය දකින්නේ....

අනිත් මිනිසුන් ගැන හිතනා සංවේදී මිනිසුන් නැති පුහු ලොවක ඔබගේ සටහන කොච්චර නම් දීප්තියක්ද....

අපේ රටේ භාවමය රොමෑන්තිකයේ සියුමැලි සංගීත සුරැවිකරු වික්ටර් රත්නායකයාණනි, ඔබට දිගු කල් නීරෝගී ආයු ලැබ ජනතා සිත් තව තවත් පහන් කරන්නට වාසනාව හා ශක්තියම ලැබේවා...

මල්ලියා සමහරු ඉන්නවා කිසිදාක අපේ නිර්මානකරුවන්ට හයියක් වෙන්න වචනයෙන් විචාරයක් නොකොට මහා පඬිවරු වගේ තුට්ටු දෙකේ පාට පාට සරුවත්ම බොන ගමන් පස්ස පැත්තෙන් ඇවිත් කියනවා (ඉස්සහරහින් එන්න කොන්දක් නැති එවුන්) "ආ ඕක මෙතැනට සුදුසු නෑ..ඔතනින් අයින් කර ගන්න..මේක කවි සහ නිසදැස්වලට තියෙන තැනක් කියලා.."

හැබැයි බලාගෙන යනකොට උන්ම දන්නේ නෑ මොකද්ද කවිය මොකද්ද නිසදැස කියල..මොකද එහෙම එකක් ජීවිතයේ කවදාවත් ලියල නැති හින්දත් කරන්න පුළුවන් එකම දේ ලියපු එකාට පිටිපස්සෙන් ඉඳන් ඌව අඩපණ කරන එකත් විතරක් නිසා...

මම හරි කැමැත්තෙන් ඉන්නේ ඔය කියන කෂ්ටිය ඉදිරියට ඇවිත් කෙලින් කියන දවස වෙනකන්....

මම අභියෝග කරනවා එහෙම කරන්න පුළුවන් කෙනෙකුට ඉදිරියට එන්න එතකොට මං කියල දෙන්නම් මොනවද සුදුසු, මොනවද නුසුදුසු, කොතනද දැමිය යුත්තේ හා කොතැනද නොදැමිය යුත්තේ ආදී වශයෙන්....


මල්ලියාට ගොඩාක් පිං සමාජයට දිය යුතුම දෙයක් ඒ දෙය ග්‍රහණය කර ගත හැකි දැනුවත් පිරිසක් ඉන්නා තැනක සටහන් කලාට..

මල්ලියා දිගටම මෙවැනි දෑ පල කරන්න..ඔබට ජය...
Reply With Quote
(#7)
Old
archirasika's Avatar
archirasika archirasika is offline
Senior Member
archirasika has a spectacular aura aboutarchirasika has a spectacular aura aboutarchirasika has a spectacular aura aboutarchirasika has a spectacular aura aboutarchirasika has a spectacular aura about
 
Posts: 8,412
Join Date: Nov 2006
Location: සුදු මැණිකේ ළඟ.....
02-28-2010, 09:42 PM

apooru nirmanayak.... pelagasma vishistai saho........
Reply With Quote
(#8)
Old
chandi_mendis's Avatar
chandi_mendis chandi_mendis is offline
Senior Member
chandi_mendis will become famous soon enoughchandi_mendis will become famous soon enough
 
Posts: 407
Join Date: Jan 2010
Location: Borlesgamuwa.
03-01-2010, 09:25 AM

හරියට රස වින්දා. දුකාගේ හිතට දැනුනදේ. කාහටත් වෙන ලෝක ස්වභාවය. නමුත් හිත පිලිගන්න කැමති නැති බව. අප සැම කැමති එදා දැකපු ඔහුව දකින්නයි. එදා ඔහුගේ හඩ අසන්නයි. " ස " අමරනීයයි.
Reply With Quote
(#9)
Old
cspmaxx's Avatar
cspmaxx cspmaxx is offline
Senior Member
cspmaxx is a glorious beacon of lightcspmaxx is a glorious beacon of lightcspmaxx is a glorious beacon of lightcspmaxx is a glorious beacon of lightcspmaxx is a glorious beacon of lightcspmaxx is a glorious beacon of lightcspmaxx is a glorious beacon of lightcspmaxx is a glorious beacon of lightcspmaxx is a glorious beacon of lightcspmaxx is a glorious beacon of lightcspmaxx is a glorious beacon of light
 
Posts: 15,199
Join Date: Feb 2007
Location: පැය 3.5 කලියෙන්
Send a message via Yahoo to cspmaxx Send a message via Skype™ to cspmaxx
03-01-2010, 09:52 AM

හරිම අපූරුයි සහෝ.

ගොඩාක් වින්දා..කාලයට ඔබින සිතට දැනෙන කතා බහක් වගේ..
Reply With Quote
(#10)
Old
kingdewi's Avatar
kingdewi kingdewi is offline
Senior Member
kingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of light
 
Posts: 15,039
Join Date: Sep 2006
Location: (¯`◦—╬ღ♥BLOOD BANK♥ღ╬—◦´¯)
03-01-2010, 09:55 AM

Niyama nirmanaya dukaa!~!
Rep +4
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10521 seconds with 6 queries