කුමාරතුංග_මුනිදාස_ශූරීන්
මාර්තු මස 02 වැනිදාට යෙදී ඇති කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ 66 වැනි ගුණ සමරුව වෙනුවෙනි.
1887 ජූලි 25 දින රුහුණේ දික්වැල්ලේ ඉඳිගස්ආරේ දී වෙදැදුරු පලවින්නේ දොන් අබියෙස් කුමාරතුංග සහ නෝන බබා කුමාරතුංග යන දෙමාපියන්ට දාව උපත ලැබීය. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් 13කි. ඉන් දොලොස්වැන්නා ඔහුය. ඔහුගේ නම පලවින්නේ මුනිදාස කුමාරතුංග නම් වී පසුව කුමාරතුංග මුනිදාස නම් විය.
සිංහල භාෂාවේ භාවිතය, තත්ත්වය හා සංස්ථිතිය යනාදී සෑම අංශයක් ම කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කිරීමට සමත් වූ නූතන පඬිවරයා කුමාරතුංග මුනිදාස (1887-1944) මහතා ය. ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍යය පැවැති යටත්විජිත සමයක සිංහල භාෂාවේ ප්‍රෞඪත්වය සිංහලයන්ට අවබෝධ කරවීමට පුරෝගාමී වූ භාෂානුරාගියකු වශයෙන් පමණක් නොව, ප්‍රාචීන භාෂා සාහිත්‍යයෙහි පැතිර ගිය දැනුමින් හා නිර්මාණ ශක්තියෙන් හෙබි විද්වතකු ද වශයෙන්, සමකාලීන පඬිවරුන් අතර ඔහුගේ පෞරුෂය අද්විතීය එකක් විය.
භාෂාව හා සම්බන්ධයෙන් ගත් විට ඔහු හෙළබස් රීතිය මතු කරමින් එය මෙරට ස්ථාපිත කරන්ට උත්සුක වූවා සේ ම පැරැණි පොත් සංස්කරණය කරමින් ද ඒවාට විවරණ සපයමින් ද සාහිත්‍ය කලාවට සිදු කළා වූ සේවාව මහානර්ඝ ය.
නිර්මාණශීලි ලේඛනයේ දී ඔහු බෙහෙවින් කැපී පෙනුණේ කවියකු හා ළමා කතා රචකයකු ලෙසිනි.
ඒ හැරුණු කොට ඔහු පුවත්පත්කලාවේදියකු වශයෙන් ද සුවිශේෂ යුග කාර්යභාරයක් ඉටු කෙළේ ය. ‘ලක්මිණි පහන’ පුවත්පත නැවත ප‍්‍රකාශයට පත් කරමින් ඔහු එය සංස්කරණය කළ අතර ‘සුබස’, ‘පහන’ යන සිංහල සඟා මෙන් ම ’THE HELIO’ (හේළියෝ) නමින් ඉංග‍්‍රීසි සඟාවක් ද සංස්කරණය කෙළේ ය.
’ලක්මිණි පහන’ පත‍්‍රය ආරම්භ කැරුණේ 1862 දී ය. (රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි ව ඇති මුල් ම සිංහල මුද්‍රිත පත‍්‍රය මෙය යි.) කොග්ගල ධම්මතිලක පඩිතුමා (දොන් ජොහැන්නස් පණ්ඩිතතිලක) එහි සමාරම්භක කර්තෘවරයා විය.
කුමාරතුංග මුනිදාස විසින් ‘ලක්මිණි පහන’ සංස්කරණය කරනු ලැබ ප‍්‍රකාශනයට පත් කරන්ට පටන්ගත්තේ 1934 ජුනි මස 26 වැනි දා සිට ය. එතැන් සිට 1936 ජුනි 26 දක්වා එහි කලාප 77 ක් ඔහු සංස්කරණය කර ඇත.
එතෙක් ‘ලක්මිණි පහන’ යන නම භාවිත කැරුණේ ‘ලක්මිණි පහණ’ යනුවෙනි. (‘පහණ’ සඳහා මූර්ධජ ‘ණ’ යන්න යොදා ගැනිණි.) එහෙත් ‘පහණ’ යන්නෙහි අරුත ගල - පාෂාණය බැවින් කුමාරතුංග එය එළිය, ආලෝකය යන අරුත් නංවන ‘පහන’ ලෙස වෙනස් කෙළේ ය.
කුමාරතුංගයන් වැඩි අවධානයක් යොමු කෙළේ දෙස, බස, රැසට ය. ඔහු ගේ තෙරුවන වූයේ එය යි.
මා දෙස හෙළ දෙස
මා රැස හෙළ රැස
මා බස හෙළ බස
වේ මගෙ මතැ හිස
යනුවෙන් ඔහු ‘හෙළ මියැසියේ’ සඳහන් කර ඇත.
පුවත්පත් ශීර්ෂ පාඨ (හෙඩින්ස්) වර්තමානයේ දක්නා ලැබෙන ආකාරයෙන් වෙනස් කිරීමට පුරෝගාමී වූයේ කුමාරතුංගයන් ය. ඊට ඉහත සිරස්තල යෙදුණේ කි‍්‍රයාව භාව නාමයෙන් තැබීමෙනි.
(උදාහරණ : ‘මහත්මා ගාන්ධි මියයෑම’) එහෙත් එකී සිරස්තලයට වර්තමාන රූපයෙන් ආඛ්‍යාතය යෙදීම (උදාහරණ : ‘මහත්මා ගාන්ධි මියයයි’) පටන්ගත්තේ කුමාරතුංගයන් ය.
එසේ ම පුවත්පත් මාධ්‍යයට මෙන් ම පොදු ජන ව්‍යවහාරයට ප‍්‍රයෝජනවත් අලුත් වචන රාශියක් නිර්මාණය කිරීමෙන් ද කුමාරතුංග කළ සේවාව විශිෂ්ටය. සරසවිය (විශ්වවිද්‍යාලයය; රෝහල (ආරෝග්‍ය ශාලාව), හෙදිය, පාපැදිය, ජනරජය, සමුළුව, කමිටුව, දුරදක්නය, වෙළුම වැනි වචන ඊට නිදසුන් වේ.
උපුටා ගැනීම්: සිළුමිණ1 , සිළුමිණ2 .

Last edited: