කුමාරතුංග මුනිදාස ශූරීන්

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුමාරතුංග_මුනිදාස_ශූරීන්

    මාර්තු මස 02 වැනිදාට යෙදී ඇති කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ 66 වැනි ගුණ සමරුව වෙනුවෙනි.

    ar-08030211-1.jpg


    1887 ජූලි 25 දින රුහුණේ දික්වැල්ලේ ඉඳිගස්ආරේ දී වෙදැදුරු පලවින්නේ දොන් අබියෙස් කුමාරතුංග සහ නෝන බබා කුමාරතුංග යන දෙමාපියන්ට දාව උපත ලැබීය. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් 13කි. ඉන් දොලොස්වැන්නා ඔහුය. ඔහුගේ නම පලවින්නේ මුනිදාස කුමාරතුංග නම් වී පසුව කුමාරතුංග මුනිදාස නම් විය.

    සිංහල භාෂාවේ භාවිතය, තත්ත්වය හා සංස්ථිතිය යනාදී සෑම අංශයක් ම කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කිරීමට සමත් වූ නූතන පඬිවරයා කුමාරතුංග මුනිදාස (1887-1944) මහතා ය. ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍යය පැවැති යටත්විජිත සමයක සිංහල භාෂාවේ ප්‍රෞඪත්වය සිංහලයන්ට අවබෝධ කරවීමට පුරෝගාමී වූ භාෂානුරාගියකු වශයෙන් පමණක් නොව, ප්‍රාචීන භාෂා සාහිත්‍යයෙහි පැතිර ගිය දැනුමින් හා නිර්මාණ ශක්තියෙන් හෙබි විද්වතකු ද වශයෙන්, සමකාලීන පඬිවරුන් අතර ඔහුගේ පෞරුෂය අද්විතීය එකක් විය.

    භාෂාව හා සම්බන්ධයෙන් ගත් විට ඔහු හෙළබස් රීතිය මතු කරමින් එය මෙරට ස්ථාපිත කරන්ට උත්සුක වූවා සේ ම පැරැණි පොත් සංස්කරණය කරමින් ද ඒවාට විවරණ සපයමින් ද සාහිත්‍ය කලාවට සිදු කළා වූ සේවාව මහානර්ඝ ය.
    නිර්මාණශීලි ලේඛනයේ දී ඔහු බෙහෙවින් කැපී පෙනුණේ කවියකු හා ළමා කතා රචකයකු ලෙසිනි.
    ඒ හැරුණු කොට ඔහු පුවත්පත්කලාවේදියකු වශයෙන් ද සුවිශේෂ යුග කාර්යභාරයක් ඉටු කෙළේ ය. ‘ලක්මිණි පහන’ පුවත්පත නැවත ප‍්‍රකාශයට පත් කරමින් ඔහු එය සංස්කරණය කළ අතර ‘සුබස’, ‘පහන’ යන සිංහල සඟා මෙන් ම
    ’THE HELIO’ (හේළියෝ) නමින් ඉංග‍්‍රීසි සඟාවක් ද සංස්කරණය කෙළේ ය.

    ’ලක්මිණි පහන’ පත‍්‍රය ආරම්භ කැරුණේ 1862 දී ය. (රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි ව ඇති මුල් ම සිංහල මුද්‍රිත පත‍්‍රය මෙය යි.) කොග්ගල ධම්මතිලක පඩිතුමා (දොන් ජොහැන්නස් පණ්ඩිතතිලක) එහි සමාරම්භක කර්තෘවරයා විය.
    කුමාරතුංග මුනිදාස විසින් ‘ලක්මිණි පහන’ සංස්කරණය කරනු ලැබ ප‍්‍රකාශනයට පත් කරන්ට පටන්ගත්තේ 1934 ජුනි මස 26 වැනි දා සිට ය. එතැන් සිට 1936 ජුනි 26 දක්වා එහි කලාප 77 ක් ඔහු සංස්කරණය කර ඇත.

    එතෙක් ‘ලක්මිණි පහන’ යන නම භාවිත කැරුණේ ‘ලක්මිණි පහණ’ යනුවෙනි. (‘පහණ’ සඳහා මූර්ධජ ‘ණ’ යන්න යොදා ගැනිණි.) එහෙත් ‘පහණ’ යන්නෙහි අරුත ගල - පාෂාණය බැවින් කුමාරතුංග එය එළිය, ආලෝකය යන අරුත් නංවන ‘පහන’ ලෙස වෙනස් කෙළේ ය.

    කුමාරතුංගයන් වැඩි අවධානයක් යොමු කෙළේ දෙස, බස, රැසට ය. ඔහු ගේ තෙරුවන වූයේ එය යි.

    මා දෙස හෙළ දෙස
    මා රැස හෙළ රැස
    මා බස හෙළ බස
    වේ මගෙ මතැ හිස

    යනුවෙන් ඔහු ‘හෙළ මියැසියේ’ සඳහන් කර ඇත.


    පුවත්පත් ශීර්ෂ පාඨ (හෙඩින්ස්) වර්තමානයේ දක්නා ලැබෙන ආකාරයෙන් වෙනස් කිරීමට පුරෝගාමී වූයේ කුමාරතුංගයන් ය. ඊට ඉහත සිරස්තල යෙදුණේ කි‍්‍රයාව භාව නාමයෙන් තැබීමෙනි.
    (උදාහරණ : ‘මහත්මා ගාන්ධි මියයෑම’) එහෙත් එකී සිරස්තලයට වර්තමාන රූපයෙන් ආඛ්‍යාතය යෙදීම (උදාහරණ : ‘මහත්මා ගාන්ධි මියයයි’) පටන්ගත්තේ කුමාරතුංගයන් ය.

    එසේ ම පුවත්පත් මාධ්‍යයට මෙන් ම පොදු ජන ව්‍යවහාරයට ප‍්‍රයෝජනවත් අලුත් වචන රාශියක් නිර්මාණය කිරීමෙන් ද කුමාරතුංග කළ සේවාව විශිෂ්ටය. සරසවිය (විශ්වවිද්‍යාලයය; රෝහල (ආරෝග්‍ය ශාලාව), හෙදිය, පාපැදිය, ජනරජය, සමුළුව, කමිටුව, දුරදක්නය, වෙළුම වැනි වචන ඊට නිදසුන් වේ.

    උපුටා ගැනීම්: සිළුමිණ1 , සිළුමිණ2 .
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මා දෙස හෙළ දෙස වෙන කිසි දෙසකට
    මා බස හෙළ බස වෙන කිසි බසකට
    මා රැස හෙළ රැස වෙන කිසි රැසකට
    මේ හිස නො නමමි නො නමමි කිසි විට

    අපට කුමට සැප නිකමුන් ලගිනා අර සුර ලොවේ
    අපට කුමට ලෙඩට දුකට ඇරුණු දෙරණ දඹ දිවේ
    තව ද නොයෙක තැන් ඇති ලොවැ ඉනෙ'කකට ද රිසි නො වේ
    සිරි සර ඇති සුව සැප ඇති විසිතුරු ඇති හෙළ දිවේ

    හෙළ රටැ හෙළ ගෙයි හෙළ ඇඳැ සැතැපෙන
    මගෙ මව මට දුනු හෙළ බසැ ගී
    මැලැවිලි දුරු කැරැ සැනැසිලි ගෙනැ දිනි
    මිහිරි යැ මිහිරි යැ රස අනැඟී

    රටට දැයට හිත දපා
    මඳකට දිවි ලොබ ලොපා
    කළ මෙහෙයක් නැති දෙ පා
    හෙළයකු දැකුමත් එපා


    රටට දැයට ආගමයට හෝ බසට
    ඔබට කළැ’කි සුළු මෙහෙයක් වත් නොකොට
    නිවට බැවින් තව මුළු ගැන්වී නොසිට
    සිතට වැර කවා ගෙන එව පෙරමුණට

    හැම දැයෙකැ මැ හැම මිනිසෙකු මැ පිබිදිලා
    යොමමින සිය නුවණ නැ‍ඟෙනා සැටිය බලා
    කමකට නැති නොයෙක් බේ ඇදැ ගෙන මෙකලා
    කුමටද තැවෙනු යවු පෙරට මැ පහන බලා

    -කුමාරතුංග මුනිදාස ශූරීන්

     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හෙල හවුල
    Hela Havula


    From Wikipedia, the free encyclopedia

    The Hela Havula is a Sri Lankan Sinhalese literary organization founded by Munidasa Kumaratunga in 1941. The movement advocates the replacement of Sanskritic words with Hela (native) versions. It was incorporated in 1985. Besides Munidasa Cumaratunge, other prominent members include/d Sunil Shantha (musician), Amarasiri Gunawadu (poet)Rev. Fr. Moses A. Perera, Raphael (Raipiyel) Tennekoon (poet), Ven. Tirikunamale Ananda Anunayaka Thera, Fr. Marcelline Jayakody (poet, hymn writer), Arisen Ahubudu (poet), Jayantha Weerasekera (journalist), Jayamaha Wellala (poet), Hubert Dissanayake (poet) and Gunapala Senadeera (poet).
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හෙළ හවුල

    සිංහල වියත් බස් වහරට කවරකු ගෙන් හෝ හානියක් විපතක් සිදු වන බව පෙනුණු හැම විටෙක ම පාහේ හෙළ හවුලේ වියතුන් ඇදුරු මහ ඇදුරු ඈ පුද්ගලයා ගේ තරාතිරම නොතකා ඊට විවිධ මාර්ගවලින් එරෙහි ව නැඟී සිටි අවස්ථා භාෂා ඉතිහාසයේ මෑත භාගයේ තතු විමසන කවරකුට වුව ද පැහැදිලි වනු ඇත.

    අද සිටින බොහෝ දෙනකුට හෙළ හවුල ගැන වත් එහි යටගියාව පිළිබඳ වත් නිසි වැටැහීමක් ඇතැ යි සිතිය නො හැකි ය. හෙළ හවුල ඇරැඹුණේ 1941 ජනවාරි මස 11 වන දා පානදුරේ ගොරකාපොළ පිහිටි කුමාරතුංග මහ පඩිවරයාණන් ගේ “හෙවණ” නම් නිවසෙහි ය.

    මතු දැක්වෙන කරුණු ඇතුළු අරමුණු අටක් මුල් කොට ගත් බසට වැඩක් වන තවත් කරුණුවලට ඉඩ සැලැසෙන ඉසවු කීපයක් එහි සඳහන් විණි.
    සිය බසට රුකුල් දීමට එකතුවක් පිහිටුවීම, නානා ඉසවු පිළිබඳ පොත් කිරීමට සුබැසියන් තේරීම, අවරදිගින් එන අලුත් හැඟුම් හෙළ බසින් පවසන ඉතා මැ සුදුසු මං පෑයීම, පොත් පළකිරීමට හවුලක් ඇති කිරීම, හවුරුද්දකට වරක් සෝදිසියක් කොටැ සමත් වූවාට තෑගි, දෙස් පත් දීම යන කරුණු ඒ අතර කැපී පෙනිණි.


    ar08012071-2.jpg

    මුනිදාස කුමාරතුංග

    යට දැක්වුණු හෙළ හවුල නමින් අද දක්වා පවත්නා මේ සංවිධාන පැවැතුණ ද එහි මූලාරම්භය 1939 මාර්තු 4 වන දා පළමුවන මරදානේ නම්වර 115 දරන ස්ථානයේ “සිංහල සමාජය” නමින් පිහිටුවා ගත් සිංහල සමිතියක් බව අනාවරණය වෙයි.
    කුමාරතුංග මුනිදාස පඩිවරයාණන් මුල් කොට ජයන්ත වීරසේකර, අමරසිරි ගුණවර්ධන, ඒ. ඩී. ජයසේකර, දො. දේ. මොහොට්ටි යන විද්වතුන් ඇතුළු දොළොස් දෙනකු පමණ ඊට සහභාගි වී ඇත. හෙළ හවුලේ දැක්වුණු කරුණු අටට පදනම් කොට ගත් අරමුණු හතරකට පමණක් ඒ සමිතියේ කටයුතු සීමා වූ බව පෙනේ.

    ar08012071-1.jpg

    ජයන්ත වීරසේකර

    සිංහල සමාජය නමින් එතෙක් පැවැති ඒ සමිතියට මේ මුළුවේ දී “සිංහලාලය” යන නම සම්මත කැර ගැනීම මෙහි දී සිදු වූ විශේෂ කරුණක් හැටියට දැක්විය හැකි ය.
    අනතුරු ව 1941 දී පැවැත්වුණු මුළුවේ දී ඊට සුදුසු වෙනත් නමක් සම්මත කැර ගත යුතු යයි කුමාරතුංගයන් මතු කළ අදහසක් අනු ව “හෙළ හවුල” යන්න ඊට වඩාලාත් ම සුදුසු යයි ජයන්ත වීරසේකරයන් පළ කළ අදහසින් මහත් සොම්නසට පත් කුමාරතුංගයෝ තමන් ද නමක් සිතා සිටි නමුත් මේ නම සුදුසුතම නම යයි තහවුරු කළ හ.


    හෙළ හවුලට මුල් වූ සිංහලාලය පැවැති සමයේ දී ම ඇරැඹුණු “සුබස” අද දක්වාත් විටින් විට එළි දකිමින් එහි ජීවමාන සංකේතය බවට පත් ව තිබේ. මීට අමතර ව හෙළ හවුලේ වියතුන් පළ කැර ඇති පොත පත මෙන් ම ලිපි ලේඛන ද ගී පද බැඳුම් ඇතුළු “සක්විති රාවණ වැනි නළු ද හෙළ හවුලේ විශේෂත්වය කියා පාන සංකේත වශයෙන් හැඳින්විය හැකි ය.


    හෙළ හවුල ඇරැඹියේ අද වැනි නො වහල් නිදහස් යුගයෙක නො ව මහ අදිරදයෙක පාලන බලයෙන් මිරිකී දෙස බස රැස පර ගැතියාවට යට වී ඉංගිරිසිය රජයු බස බවට පත් ව සිංහලය මුළුතැන් ගෙයි බසක් බවට පත් වූ අඳුරු යුගයෙක බව අමතක කළ යුතු නො වේ.
    මේ හැම ගණඳුරෙන් එළියට ඒමට නන් අයුරින් පෙරමුණ ගත් හැම හටනකට ම පාහේ ඉදු මඟින් මෙන් ම වක් මඟින් ද, හෙළ හවුල ඉටු කළ මහ මෙහෙය අමතක කළ හැකි නො වේ.

    හෙළ හවුලේ අනුනයු මඬුල්ලේ අ. ආ. ගුණතිලක
    උපුටා ගැනීම සිළුමිණ
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    සහෘදයාණෙනි, අපි ඔබට සදා ණය ගැති වෙමු...

    "ලක්දිවට ඉතා බිහිසුණු කාලයකි.පිට රටින් සාල නැවතිණි නම් අපට කෑම නැත.පිට රටින් එන රෙදි නැවතිණි නම් අපට විළි වැස්ම නැත.පිට රටින් එන යාන නැතිනම් අපට ගමන නැත.කොටින් මැ පිට රට පිහිට නැත්නම් අපට කළහැකි කිසිවක් නැත."
    (ලක් මිණි පහන් කතු වැකි_කුමාරතංග මුනිදාස)

    z_p05-munidasa.jpg


    සහෘදයාණෙනි,
    අපි ඔබට සදා ණය ගැති වෙමු...



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    [FONT=&quot]කුමාරතුංග මුනිදාස ශූරින් අතින් ලියැවුනු පොත් කිහිපයක්:

    [/FONT]

    • [FONT=&quot]විරිත් වැකිය[/FONT]
    • [FONT=&quot]ව්‍යාකරන විවරණය[/FONT]
    • [FONT=&quot]ක්‍රියා විවරණය[/FONT]
    • [FONT=&quot]හෙළ මියැසිය[/FONT]
    • [FONT=&quot] ළමයින් සඳහා ක්‍රියා මාර්ගය පොත් පෙළ[/FONT]
    • [FONT=&quot]කියවන නුවණ පොත් පෙළ[/FONT]
    • [FONT=&quot]කුමාර රචනය පොත් පෙළ[/FONT]
    • [FONT=&quot]හත්පණ[/FONT]
    • [FONT=&quot]මගුල් කෑම[/FONT]
    • [FONT=&quot]හීන් සැරය[/FONT]
    • [FONT=&quot]පිය සමර
      [/FONT]
    • [FONT=&quot]සුර කුමරිය[/FONT]
    • [FONT=&quot]කුමර ගී[/FONT]
    තවද,

    • නිකාය සංග්‍රහය,මුවදෙවිදාව, අමාවතුර, කව්සිළුමිණ, එළුඅත්තනගලු වංශය, පොත්වල විවරණ සකස් කළේය.
    • සිංහල සංදේශ කාව්‍ය වලට සන්න ලිව්වේය.
    • සිදත් සඟරාවිවරණය කළේය.


    හත්පණ කියවන්න ආස නම් මෙන්න:

    හත් පණ 1
    හත් පණ 2
    හත් පණ 3

    උපුටා ගත්තෙ මෙතනින්.

     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    උගැන්නැ සිය බස
    මත් වන්නැ එහි රසයෙන්
    දකින්නෙ’හි මහඟු බව
    කියා දෙන්නැ අනුන්ටත්


    අනුන් පර බසෙකැ
    අගය වනත පුන-පුනා
    සිය අගය පානු බැරි
    හෙළයා මහා නිවටයෙකි

    කා කුමක් කීවත්
    සිය බස කෙලෙසා අපට
    නිදහසෙක් නො මැ ලැබේ
    පටන් ගන්නැ සිය බසින්

    හෙළයන් අබිමුවැ
    හෙළ අදහස් හෙළ බසින්
    හෙළනු බැරි නම් කෙතෙක්
    පර බස් දත ද කුමට යැ


    -කුමාරතුංග මුනිදාස ශූරීන්
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුමරතුඟුන්ගේ කවි

    කුමාරතුංග මුනිදාස ශූරීන් විසින් රචිත කවි පංතියක්.

    නැළැවිල්ල

    තොටිල්ල සැම සුව පිරී
    පැ‍ද්දෙයි තාලෙට සරී
    අසමින් ගී සුමිහිරී
    නිදන්නැ පුත රන් කිරී


    දොයි දොයි දොයි
    බයි බයි බයි
    නිදි මව එයි
    වැලැඳැ ගනියි

    උණු වැඩි යැ යි හිරු ‍ගෙ රැස්
    තෙමා නැවැතැ ගෙනෙන ලෙස්
    ගියේ යැ වැදැ මුහුදු කුස්
    පෙනේ ද ආදර ‍ වෙසෙස්

    සිහිල් වෙති යි සඳ ඉතා
    සාවා එහි පැනැගතා
    රැසින් අඩක් නොනවතා
    සිටී ද ඒ හොඳ සතා

    සුරතල් දරු බිය වෙතී
    කුරුලු පැටවු නො හඬතී
    නැළැවි‍ල්ලෙන් කම් නැතී
    කිරිල්ලෝ ද සැතැපෙතී

    වසු පැටියෝ ගෙල වසා
    මිණි වැල් සෙලැවෙන නිසා
    රිසි ලෙස ඇඟ නො මැ කසා
    නිඳති තණට ඇස වසා

    හූනෝ එළියට අවුත්
    මැස්සන් පස්සෙන් ගතොත්
    නඟති යි උන් හඬ මහත්
    කට මැ කටෙහි ලා ගනිත්

    හෝරා යතුරත් අපේ
    පතා ඔබට නිදි සැපේ
    ගෙවෙනා සැටියට කපේ
    පුරුදු පරිදි නො වැලැපේ

    සුවඳ ගෙනෙන මලු'යනා
    සුළඟ කවුළු තිරයෙනා
    තද ගති අඩු කැරැ ගෙනා
    එයි ඔබ හට දී සිනා

    සර සර ගානා තදේ
    ගසුත් සුළඟ වැදැ මඳේ
    දැන් නොමැ කැරැ කිසි සඳේ
    අතු අතරින් ගමන දේ

    ගඟ ද සුළඟ සමඟිනී
    කතා නොකැරැ පෙරැ මෙනී
    හබල් පහර ඔරුයෙනී
    නිසොල්මන්වැ විඳ ගනී

    සඳ පානේ වැලි තලා
    සුර කුමරියො මල් සලා‍
    නටති මෙ දෙස බල බලා
    ගිගිරි වළලු පයැ නො ලා

    සුර කුමරුවො පෙළ සැදී
    අතින් හිසින් රඟ යෙදී
    හඟවති තාලය බැඳී
    වීණා බෙර නද නොදී

    සඳ ද සිනිඳු රස් කඳූ
    නොහෙළා බිමැ එක බඳූ
    වලාකුළින් පිරිසිදූ
    පෙරා එවයි බිඳු බිඳූ

    කැරැ ගස් අඳුරත් වටා
    තද ගොස් ‍නොඇසෙන්නටා
    සඳ රස් ගඟ දිය පිටා
    පය උස් නො කැරැ මැ නටා

    සුර බිලිඳෝ සඳු කැලුම්
    තළත සමන් මල් නොහිම්
    බිහිරි වෙති යි කන සියුම්
    නවත ති දී අත් කුසුම්

    අහසේ තරු රැස දිළී
    අහෝ යහන ළඟැ එළී
    වැඩි නම් නො වෙති යි කෙළී
    වෙවුලයි බිය ගෙනැ පෙළී

    ඔබ සිප - ගන්නට ලොබා
    වෙමින් උනුන් පසු බබා
    එති සුර කුමරියො බබා
    පයැ'ඟිලි අග බිමැ ඔබා

    සරසවි ‍ඔබ මුව සිඹී
    සිරි ඇඟැ දැවැටී හොබී
    හැම දෙවියෝ එබි එබී
    බලති අමා රස නො බී


    දොයි දොයි දොයි
    බයි බයි බයි
    නිදි මව එයි

    වැලැඳැ ගනියි

    ****

    විශාරද නන්දා මාලිනී-තොටිල්ල සැම සුව පිරී




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුමරතුඟුන්ගේ කවි

    කුමාරතුංග මුනිදාස ශූරීන් විසින් රචිත කවි පංතියක්.

    හාවාගේ වග

    හා හා හ‍රි හාවා කැලේ මැදින් ආවා
    හිටගෙන ගඟ ගාවා වටපිට ඇහැ ලෑවා
    කොළ දෙකටක් කෑවා පැන් උගුරක් බීවා
    තොල කට ලෙව කෑවා ඉතින් ඇතැයි කීවා


    තබා නිකට ගාවා වීණාවක් ගෑවා
    මිහිරි සිංදු කීවා නැටුම් ටිකක් පෑවා
    එයින් වෙහෙස වූවා ඉඳගෙන හති ලෑවා
    තණ බිස්සේ බාවා ඇඟපත සැතැපූවා

    බිරුම් හඬක් ආවා ඉහල වීසි වූවා
    කොඳුඇට හිටැවූවා කන් දෙක දිග පෑවා
    බිරීම ලංවූවා කඳ හරහට බාවා
    සතර පයට පාවා දීලා යමු කීවා

    පඳුරු උඩින් බෝවා විදුලි කෙටිලි පෑවා
    කොළ සරබර ගෑවා බිරූ කටත් ආවා
    බිරීම නැවැතූවා නාසය බිම ගෑවා
    ඇහින් වැහැන් ලෑවා කොයිද කොයිද හාවා
    කොයිද කොයිද හාවා


    ****

    විශාරද නන්දා මාලිනී-හා හා හරි හාවා


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුමරතුඟුන්ගේ කවි

    කුමාරතුංග මුනිදාස ශූරීන් විසින් රචිත කවි පංතියක්.

    මල්බස්


    ගස අගනා
    අර රඳනා
    මලට මනා
    බොහොම හිනා

    ගස වතු සුදු
    වී පිරිසිදු
    පොහොය නැතදු
    සිල්ගත් බඳු

    දහස් දලා
    ගත විමලා
    මහන වැලා
    සිටින තුලා

    මල කිණිහිරි
    රුවිනි සසිරි
    නැති නැණ සිරි
    දරුවකු සරි

    මහ පුදුමෙකි
    මලෙක මලකි
    නැහැ එහි සකි
    සමනලයෙකි

    මලක් මෙහෙම
    කෙඳිරි ගෑම
    නෑසිමි මම
    කලෙක කිසිම

    ලඟ පාසල
    නිසා මෙමල
    මතුරා තොල
    උගනී බල

    මී මැස්සා
    එහි බැස්සා
    මල උස්සා
    බල ගත්තා

    සිනාව සරු
    ගුණැති නපුරු
    දනන් අයුරු
    මෙමල් කපුරු

    නැණ ගුණ දම්
    රුව පැහැතුම්
    ඇති අයනම්
    රෝස කුසුම්


    ****

    විශාරද නන්දා මාලිනී-ගස අගනා