සිංහලකම සහ ගැමිකම

Sakibura

Member
Sep 20, 2009
226
10
0
සිංහලකම සහ ගැමිකම

http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=2318:2010-03-10-03-31-16&catid=4:yaka&Itemid=2
Written by එස්. සිල්වා Wednesday, 10 March 2010 03:29 Top Lanka News මාර්තු 09
උදේ කන්තෝරුවට යන මා සවස ගෙදර පැමිණි විගස කරන පළමුවෙනි කාර්්‍යය ඇදුම් ගලවා සරමක් ඇද ගැනිමයි. ගෙට පැමිණි විගස සරම ඇදිගන්නා තෙක් මට සිහියක් නැත. සරම ඉණට වැටුණු සැනින් මට දැනෙන සැහැල්ලූව වචනයෙන් විස්තර කරන්ට නොහැක. මගේ ඇගේ විඩාව දුරුවෙන්ට පටන් ගනී. මෙපරිද්දෙන් සරමට බැදී සිටින්නේ මා පමණක්ම නොවේ. ගැමි දිවිය ගෙවන ලංකාවේ ජීවත්වෙන සිංහල පිරිමින්ගෙන් සිංහල අනුනවයක් ම ගමනට බිමනට රැුකියාවට මොන ඇදුම ඇන්දත් ගෙදර දි සරම ප‍්‍රියකරන බව මම දනිමි. ඒ පර්යේෂණයක් සිදුකර ලබාගත් දැනුමක් නොවේ. ජීවිත අත්දැකීමෙන් පසක් කරගත් කාරණාවකි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමහර අවස්ථාවල සරමකින් හා කමිසයකින් සැරසී ප‍්‍රසිද්ධ රැුස්විම් වලට පවා සහභාගි වේ. එබදු අවස්ථා රුපවාහිනියෙන් දකින මට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමා ගැමියෙක් හැටියට හදුන්වා ගන්නේ බොරුවට නොවන බව වැටහේ. මට හිතෙන විදිහට සරමකින් කමිසයකින් සැරසී මහජනයා අතරට පැමිණි එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පමණි.

රනිල් වික‍්‍රමසිංහ කලිසම නොඅදින බොහෝ අවස්ථාවල අදින ඇදුමක් තිබේ. ඒ ඇදුම ඇගලාගත් ඔහු ට ක‍්‍රිස්තියානි පුජකයෙකු ගේ පෙනුම ලැබේ. රනිල්ගේ යටි සිත ඒ පෙනුමට කැමති ඇතැ යි මට සිතේ. සාමාන්‍ය ජීවිතයේදී කිසිම විටක සරමක් නොඅදින පුද්ගලයින් මම දනිමි. මෙවැන්නෝ ගෙදරට කොට කලිසම් අදිති. ?ට පිජාමා අදිති. සරම් අදින් අපට නම් මේ ඇදුම් ශරීරයට හිරිහැරයකි. රනිල් ද කිසිදිනක සරමක් අදින්නේ නැති අයෙක් යැයි මට සිතේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර දොරේ ජිවත්වෙන හැටි මා දන්නේ නැත. නමුත් එතුමා ගෙදර දොරේ දි සරම කමිසය ඇදැගන අප වැනි ගැමියන් අයුරින් සැහැල්ලූවෙන් කාලය ගත කරන කෙනෙක් යයි මට සිතේ. එහෙම නැති කෙනෙකුට සරමකින් කමිසයකින් සැරසී මහජනයා ඉදිරියට ඒමට නොහැක.
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    බෝලෙට හුලං වදින්න තියන එකද දැන් ගැමිකම කියල කියන්න උත්සාහ කරන්නේ මෙතන?