මහින්දගෙ චණ්ඩ් පාට් අලි බොරුවක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්දගෙ චණ්ඩ් පාට් අලි බොරුවක්

පැස්කෝ එවීම ගැන ශ්‍රී ලංකා ජනාධිපති එකඟ වුණා - බෑන් කී මූන් ප්‍රධාන පුවත 2010 මාර්තු 10 වෙනි බදාදා, 11:40
ban_ki_moon.jpg
ශ්‍රී ලංකාවේ වගවීමේ තත්ත්වයට අදාලව අදාලව තමන්ට උපදෙස් දීම සම්බන්ධයෙන් වූ මණ්ඩලයට අදාලව එත්සත් ජාතීන්ගේ දේශපාලන මණ්ඩල නියෝජ්‍ය මහ ලේකම් ලියන් පැස්කෝ මහතා ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළ කළ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා නිව්යෝර්ක් නුවරදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.


ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දුරකතනයෙන් ඇමැතූ අවස්ථාවේදී ලංකාවේ වත්මන් යුද්ධයේ අවසානයේ රජය එක්සත් ජාතීන් සමඟ අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශනයට අදාලව අත්සන් කළ කරුණු පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් මූන් මහතා වැඩිදුරටත් පවසා ඇත.

"දේශපාලන සමගි සන්ධානයක් කරා ගමන් කිරීමත්, අභ්‍යන්තර අවතැන්වූවන්ගේ තත්ත්වය පිළිබඳවත් වගකිවයුතු ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් මම ශ්‍රි ලංකා ජනාධිපතිවරයා හා සාකච්ඡා කළා. මම කණස්සල්ලට පත් වනවා පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර ඇති කර ගත් ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන් කරුණූ ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගතියක් දක්නට නොලැබීම පිළිබඳව. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දන්වා සිටියා ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන ප්‍රමිතීන් හා දර්ශක පිළිබඳව උපදෙස් දීමට මණ්ඩලයක් පත් කරන බවට. එහිදී එක්සත් ජාතීන්ගේ දේශපාලන මණ්ඩලය පිළීබඳ නියෝජ්‍ය මහ ලේකම් ලියන් පැස්කෝ මහතා ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට එවීමටත් අප එකඟ වුණා." මෙහිදී මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් --- me mokadda kiyanne