යතුරු_පළඳනා_අලෙවිකරුවන්_දෙදෙනකු_රිමාන්ඩ&
බුදු දහමට අපහාස වන ආකාරයේ යතුරු පළඳනා අලෙවි කිරීමේ චෝදනා මත පුද්ගලයින් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
බුදුරජාණන් වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටින ඡායාරූප ඇතුළත් යතුරු පළඳනා, පදික වේදිකාවේ අලෙවි කරමින් සිටියදී පිටකොටුව පොලිසිය විසින් අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය ප්රකාශ කළේ මෙය ආගමික හැඟීම් ඇවිස්සීම සහ ආගමික ශාස්තෘවරයන්ට අපහාස කිරීමක් වන බැවින් අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි.
පොලිසියේ ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය, සැකකරුවන් ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළාය.
adaderana

Last edited: