You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
රූපයයි - බුද්ධියයි
ප්‍රංසයේ සුප්‍රකට නළඟනක් දිනෙක ජින් පෝල් සාත්‍රේ නම් දාර්ශනිකයා හමුවීමට ගියා ය.
නළඟන - ආචාර්යතුමනි, ඔබ බුද්ධිමත් ද?
සාතේ‍්‍ර - මං හිතන්නේ ඔව්.
නළඟන - ඔබ හිතනවද මම රූමත් කියලා?
සාත්‍රේ - අපොයි ඔව් ඔබ හරිම රූමත්.
නළඟන - බලන්න, අපි දෙන්නා කසාද බැන්දොත්... මගේ රූපයයි ඔබතුමාගේ බුද්ධියයි එකතු වෙලා ලෝකේ ලස්සනම හා බුද්ධිමත්ම දරුවා ඉපදෙනවා.
සාත්‍රේ - අදහස් නරකම නෑ. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
නළඟන - මොන ප්‍රශ්නයක් ද?
සාතේ‍්‍ර - වැරදිලාවත් ඒ දරුවට මගේ රූපයයි ඔයාගේ බුද්ධියයි ගියොත් මොකද වෙන්නේ.

+ Rep me if You Like This Thread
මොනවද පේන්නේ
ෂර්ලොක් හෝම්ස් හා ඩොක්ටර් වොට්සන් රහස් පරීක්ෂක කටයුත්තක් සඳහා කාන්තර ප්‍රදේශයට ගියෝය. මහ රෑ නින්දෙන් පිබිදුණු ෂර්ලොක් හෝම්ස් විසින් ඩොක්ටර් වොට්සන් අවදි කරනු ලැබීය.
ෂර්ලොක් - ඩොක්ටර් වොට්සන් නැඟිටලා බලනවා අහසේ මොනවද පේන්නේ කියලා
වොට්සන් - ආ හොඳට තරු පායලා නේ
ෂර්ලොක් - ඉතිං මොකක්ද ඒකෙන් ලැබෙන නිගමනය?
වොට්සන් - ඉහළ අහසේ වලාකුළු රහිතයි. වැලි කුණාටුවක් වැනි අනතුරකට ඉඩක් නෑ.
ෂර්ලොක් - තව මොනවද පේන්නේ?
වොට්සන් - අපි හරියටම ඉන්නේ දඩයක්කාරයාගේ තරුව යට. ඒ කියන්නේ උතුරු අක්ෂාංශ 12 සිට නැඟෙනහිරට...
ෂර්ලොක් - නෑ... තාරකා විද්‍යාව නෙවෙයි මම අහන්නේ වෙන මොනවද පේන්නේ?
වොට්සන් - තාරකා ආලෝකය ප්‍රබලයි. ළඟදී හඳ පායන එකක් නෑ...
ෂර්ලොක් - නෑ මනුස්සයෝ. වෙන මොනවද පේන්නේ?
වොට්සන් - ආ... වායුගෝලය හා ජල වාෂ්ප අතින් ගත්තම...
ෂර්ලොක් - නෑ... නෑ... ඔය විකාර නෙවෙයි වෙන මොනවද පේන්නේ...
වොට්සන් - ඒ කියන්නේ සූර්ය ග්‍රහණයක් වගේ එකක් ගැනද?
ෂර්ලොක් - නෑ... මනුස්සයෝ කූඩාරම හොරු ගලවගෙන ගිහිං... ඒකනේ අහසේ තරු පේන්නේ.

+ Rep me if You Like This Thread
මොළේ චීස්
මොළේ චීස්
හොලිවුඩ් ගිනි සිළුව; මැරිලින් මොන්රෝ කාලයක් ආතර් මිලර් සමඟ පෙමින් වෙළී සිටියාය. ආතර් මිලර් අති දක්ෂ තිරකතා රචකයෙකි. ඔහු දිනෙක් මිතුරකු සමඟ කතාබහක යෙදී සිටියේය.
මිතුරා - ආතර් කොහොමද මැරිලීන්?
ආතර් - එකකට එකක් වෙනස්
මිතුරා - ඒ කිව්වේ?
ආතර් - එයා ගේ පපුව ගල් වගේ ඒත් මොළේ නම් චීස්.

+ Rep me if You Like This Thread
පටලැවිල්ල
පටලැවිල්ල
මනෝජ් මඟුල් කපුවකු ගෙනා යෝජනාවක් අනුව මනාලිය බලන්නට ගියේ තම මිතුරු අරුණත් එක්ක. මනමාලි බලලා, සංග්‍රහයක් හෙම භුක්ති විඳලා ආපහු එන අතරේ කපු මහත්තයා මනෝජ්ගෙන් මෙහෙම ඇහැව්වා.
’කොහොමද මහත්තයා මනමාලි’ හිතට ඇල්ලුවද?’
මනෝජ් උත්තර දුන්නේ මඳක් ලැජ්ජාවෙන්.
’කෙල්ල නං ලස්සනයි. ඒ වුණාට එයාගෙ උඩ ඇන්දේ ඉස්සරහ දතක් නැහැනෙ කපු මහත්තයා’
’දෙයියන්ට ඔප්පු වෙච්චාවේ, මහත්තයා, ඒ මනමාලි නෙමෙයි, එයාගෙ අම්මා’ කපු මහත්තයා ඔළුවේ අතගහ ගත්තා.

+ Rep me if You Like This Thread
කොහොමද එන්නෙ?
කොහොමද එන්නෙ?
දිනක් මධ්‍යම රාත්‍රියේදී ගිනි නිවන හමුදාවේ දුරකථනය නොනවත්වාම නාද වන්නට විය. දුරකථනයෙන් නැඟුණේ් කලබලයෙන් කතාකරන ගැහැනියකගේ හඬකි.
’ගින්නක්... ගින්නක්...’
’කොහේද’ ගිනි නිවන හමුදාවෙන් විමසුමක් නැගිණ.
’අපේ ගෙදර’ ගැහැනිය නොඉවසිල්ලෙන් කීවාය.
’ගෙදර කොහේද’ ගිනි නිවන භටයා ඇසීය.
’කුස්සියේ’ ඈ කෑගසමින් කීවාය.
’හරි.. හරි... කොහොමද ඔතනට එන්නේ!’
භටයා ඇසුවේ නිවැරැදි පිළිතුරක් අපේක්‍ෂාවෙනි.
’ඇයි තමුසෙලා ළඟ වාහන නැද්ද’ ගැහැනිය කෝපයෙන් තෙපළාය.
+ Rep me if You Like This Thread
හිතුණු දේ කළා
හිතුණු දේ කළා
කැන්ටිමේ කොනක වාඩිවෙලා තේ වීදුරුවක් තොල ගාමින් සිටි අජිත් වඩේ එකක් හපන ගමන් ඉදිරිපස අසුනේ සිටි සුසන්තට මෙහෙම කිව්වා.
’මම කාටවත් බය ඇති කොල්ලෙක් නෙමෙයි. මට හිතුණ දෙයක් මම කරනවා.’
සුසන්ත කට ඇද කළේ ඔලොක්කුවට වගෙ.
’එහෙනං ගිය සුමානෙ තුසිත ගහන්ඩ පැනපු වෙලාවේ උඹ පැනලා දිව්වේ.’
’ඔව්, මට දුවන්ඩ හිතුණා ඉතින් මම දිව්වා.’
අජිත් කිව්වේ පපුව ඉස්සරහට දාගෙන.

+ Rep me if You Like This Thread
විසඳුම
විසඳුම
කඳුකර ප්‍රදේශයක් හරහා ගමන් කරමින් තිබූ දුම්රියේ එක් මැදිරියක සිටි කාන්තාවෝ දෙදෙනෙක් දබර කර ගනිමින් උන්හ. එක් කාන්තාවක් තමා අබියස ජනේලය වසා දැමිය යුතු යයි තරයේ කියා සිටි අතර අනෙක් කාන්තාව ජනේලය හැර තැබිය යුතු යයි තර්ක කළාය.
ක්‍රමයෙන් උග්‍ර අතට හැරුණු මේ හබය බේරීමට ඉදිරිපත් වූයේ දුම්රිය ආරක්‍ෂක නිලධාරියෙකි. ඔහු හමුවේ කරුණු දැක්වූ එක් කාන්තාවක්,
’මේ ජනේලෙ ඇරලා තිබුණොත් සීතලේ වෙවුලලා මාව මෙතනම මැරිලා යාවි’ යයි කීවාය.
’මේ ජනේලෙ වහලා තිබුණොත් හුස්ම හිරවෙලා මාව මෙතනම මැරිලා වැටේවි’ අනෙක් කාන්තාව හඬ නැඟුවාය.
මොහොතක් කල්පනා කළ ආරක්‍ෂක නිලධාරියා මෙසේ කීය.
’මුලින්ම ජනේලෙ ඇරලා තියමු. එතකොට මෙයා ඉවරවෙයි. ඊට පස්සේ ජනේලෙ වහමු. එතකොට අරයා ඉවරයි. ඊට පස්සෙ මේ ඔක්කොටම කනක් ඇහිලා කෝච්චියෙ යන්න පුළුවන් නෙ.’

+ Rep me if You Like This Thread
ThanX, Yahaluwa.. 

Kohenda ban hoyagatte patta aathal +rep ekakut dunnaaaa 
patta aathal +rep ekakut dunnaaaa
ThanX, Yahaluwa.. 
L
L
Rep denna balu
L
L
Rep denna balu
Ekatha Awlak ne, Yahaluwa..
ThanX, Yahaluwa.. 