යුධ ටැංකි[Armored tanks]

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    යුධ ටැංකි සියළු භූ විශමතා වල ක්‍රියාත්මක විය හැකි සන්නාහ යුධ වාහනයක් වන අතර මූලිකවම ඉදිරි සටන් පෙ‍රමුනේ දී සෘජු පහර දීම් භාවිතයෙන් සතුරු බලය බිද ලීමට භාවිතා කරයි. ටැංකි දියුණු කිරීමෙන් මුල්කාලීන පරේක්ෂණාත්මක දින වලදී සකස් කිරීම් කිහිපයක් අත්හදා බලා ඇතත් සම්මත සැළසුම් ආකාරයක් සැමැන්‍ය යෙන් පිළිගත් රටාවක් බවට මතු විය. මේ සදහා ටැංකියෙහි මුදුනේ සවි කරන ලද සම්පුර්ණයෙන්ම හැරවිය හැකි ප්‍රධාන කාලතුවක්කුවක් හා විවිධ අතිරේක මැෂින් තුවක්කු අයත්වෙයි.

    දාර්ශනිකව යුධ ටැංකියක් යනු ස්වභාවයෙන්ම ආක්‍රමණකාරී ආයුධයකි. අඩුම තරමින් එක් තුවක්කුවකින් යුක්ත වන ආරක්ෂා කාරී ආවරණයක් වන මෙය සතුරන් කරා ගමන් කළ හැකි බලකොටුවක් ලෙස හැදින්විය හැක. (එසේම ආරක්ෂාකාරී පසුබිම්වලදී මෙවා ස්ථිතික බලකොටු වේ.)

    ඓතිහාසිකව යුධ ටැංකි වර්ග 3 කට බෙදා දැක්විය හැකිය. කුඩා ප්‍රමාණයේ යුධ ටැංකි (කුඩා, තුනී සන්නාහයෙන් යුත් දුබල වෙඩි බලයකින් යුත් නමුත් අතිශයින් ජංගම මෙම රථ සන්නාහ පිරික්සුම් රාජකාරීය සඳහා යොදා ගනී.) මධ්‍යම ප්‍රමාණයේ යුධ ටැංකි (ප්‍රමාණයෙන් සාමාන්‍යයයි, අවශ්‍ය පරිදි සන්නාහයෙන් යුක්ත‍ වේ, සැලකිය යුතු වෙඩි බලයකින්ද යුක්ත වේ, සැලකිය යුතු තරම් චලනය වීමේ හැකියාවකින් යුත් මෙම ටැංකිය ක්‍රියාකාරී යුධ ගැටුම්වලට (විශේෂයෙන් වෙනත් ටැංකිවලට එරෙහිව) අවශ්‍ය සමතුලිත අංග ලක්ෂණ සපයයි.) විශාල යුධ ටැංකි (ප්‍රමාණයෙන් විශාලයි, ඝනව සන්නාහයෙන් යුක්තය. අධික වෙඩි බලයක් සහිතයි. නමුත් චලනය වීමේ හැකියාව අවම වේ. බොහෝ විට පාබල සේනාංකවලට සහය සඳහා ආරක්ෂක වළලු කඩා බිඳ දැමීමට සකසා ඇත. වෙනත් රටවලින් සිදු කරන ලද අනෙකුත් නම් කිරීම් (Cavalry Tank, Cruiser Tank, Infantry Tank) මේ හා සමාන වූ භූමිකා නිරූපණය කරයි.

    නූතන ප්‍රධාන යුධ ටැංකිවලට දියුණු චලනය වීමේ, කාලතුවක්කු හා සන්නාහ තාක්ෂණ ඇතුළත් වන අතර ඒවා එකතු වීමෙන් ඓතිහාසික වර්ග තුන එක් වර්ගයක් කරා රැගෙන විත් ඇත. එය එහි යුගයේ වූ අනෙක් වාහනවලට සාපකේෂව වෙඩි බලයේ, සචලතාවය හා සන්නාහ ආරක්ෂාව උසස් තත්වයෙන් උසස් ස්ථානයක් ලබා ගනී. එයට සන්සන්දනාත්මකව රළු භූ ලක්ෂණ හරහා වැඩි වේගවලින් ගමන් කළ හැකි මුත් එහි ඉන්ධන, නඩත්තු කිරීම හා අවි ආයුධ සැපයීම එය ප්‍රවර්ධනමය වශයෙන් යම් තත්වයක පවත්වයි. එයට සටන් බිමෙහි වූ අනෙක් ඕනෑම වාහනයකට වඩා වැඩි බරම සන්නාහ අයත් වන අතර සටන් මෙහෙය වූ විශාල ඉලක්ක ප්‍රමාණයක් නිෂේධනය කළ හැකි බලවත් ආයුධවලින් යුක්ත වෙයි. එය සටන් බිමෙහි වූ වඩාත් බලවත් හා බිය ජනක ආයුධයක් වෙයි.


    මේසේ ලොව පුරා විවිධ රටවල බාවිතා වන යුධ ටැංකි වර්ග


    T-90S(Russia)


    t90.jpg



    t_90.jpg



    _44640500_t-90_afp1_466b.jpg




    M1A2 Abrams(United states)

    m1a2_abrams.jpg


    abram15.jpg


    M1A2_Abrams_SEP_Urban_warfare_Army_Recognition_002.jpg


    Leopard 2A6
    (Germany)

    leopard_2A6.jpg


    LEOPARD2.jpg


    land_leopard_2a6_lg1.jpg


    challenger 2(UK)

    omani-challenger-2-b.jpg


    Challenger2-Iraq.jpg


    Chall208.jpg


    Merkava Mark 4(Israel)


    z_merkava_2.jpg


    IDF_MerkavaMk3c.jpg


    merkava4kks1.jpg


    මා දන්නා තරමින් ශ්‍රී ලංකා හමුදා සතුව ඇති යුධ ටැංකි කීපයක්

    Sri%20Lanka%20flag-XL-anim.gif


    T-55(Russia)

    soldiers-ride-on-a-tank-sri-lankan-army-after-fights-with-the-liberation-tigers-of-tamil-eelam.jpg


    4283_83443149842_83202164842_1888319_3327500_n.jpg


    indep_1.jpg



    BTR-80(Russia)


    SLA_Armoured_Corps_BTR-80.JPG


    BTR-80A_Sri-Lanka_07122006_news_01.jpg



    btr-80_sri-lankan_news_003.jpg


    BMP-2
    (Russia)

    3085571454_43610bb2b3.jpg


    3360495081_cab95885b7.jpg






     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    වෙනදා වගේම නියම වැඩක් මචන් ....:D
    ගොඩක් ස්තූතියි :)
     
    • Like
    Reactions: RuZZa

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ane amme Ruzzo. Umbath awith mara dewal tamai hoyaganne. Sahenna mahansi wea tiyanawa wage meka danna. Keep it up. +7 added for your hard effort.
    Ela kiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: RuZZa