අවතැන් ඡන්ද දායකයන් 45967කට ඡන්ද හිමිකම
අවතැන් ඡන්ද දායකයන් 45967කට ඡන්ද හිමිකම
ලියාපදිංචි ඡන්aද බල ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශවල තාවකාලිකව පදිංචිව සිටින අවතැන් ඡන්ද දායකයන් 45967 දෙනකු මහා මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත. ඒ අනුව යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් 13200 ක් ද වන්නි දිස්‌ත්‍රික්‌කයෙන් 32679 දෙනෙක්‌ද මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙන් 55 දෙනෙක්‌ද ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයෙන් 32 දෙනෙක්‌ද, දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කයෙන් එක් අයෙක් ද ඡන්ද ප්‍රකාශ කරති.
මෙම ඡන්ද දායකයන් මේ වන විට දිස්‌ත්‍රික්‌ක 08 ක තාවකාලිකව පදිංචිව සිටින අතර එම දිස්‌ත්‍රික්‌කවල සිටම ඡන්ද ප්‍රකාශ කරති. අවතැන් ඡන්ද ප්‍රකාශ කිරීමට පුද්ගලයන් පනස් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් ඉල්ලුම් කර තිබුණි.