ඒකෝන් ලංකාවට ගෙන්වීමට මුල් වී ඇත්තේ සංචා&#3515

cadruwan

Junior member
  • Feb 12, 2007
    30
    0
    6
    ඒකෝන් ලංකාවට ගෙන්වීමට මුල් වී ඇත්තේ සංචා&#3515

    ලෝක ප්‍රකට සුපිරි පොප් ගායක ඒකෝන් මේ වසරේ අප්‍රේල් 24 වැනි දින පැවැත්වීමට සංවිධානය කර තිබූ ප්‍රසංගයට වෙනුවෙන් ලංකාවට පැමිණිමට නියමිතව සිටියද ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට රංය තීරණය කර ඇති බවට රජයේ ප්‍රවෘත්ති මේ වන විට පවසමින් සිටී. නමුත් සත්‍ය තොරතුර වන්නේ ඒකෝන් ලංකාවට ගෙන්වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ලංකා රජය වන අතර, මේ වෙනුවෙන් සම්බන්ධිකාරක කටයුතු සිදු කර ඇත්තේ දේශප්‍රේමී යැයි කියා ගන්නා ඇමැතිවරයෙකු යටතේ පවතින සංචාරක අමාත්‍යංශය විසිනි.

    ඒකෝන්ගේ ප්‍රසංගය ප්‍රකාශයට පත් කිරිම සදහා පසුගිය 17 වෙනිදා සංචාරක අමාත්‍යංශ්‍යට අයත් හ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී ඒකොන් ලංකාවට ගෙන්වීම සඳහා ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් "ප්ලැටිනම් එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම" මුල්වී ඇත. මෙයට අමතරව ඒකෝන් ප්‍රසංගය වෙනුවෙන් අනුග්‍රාහකයින් ලෙස ඩයලොග් ආයනය, ශ්‍රි ලංකන් එයාර් ලයින්, සිනමන්ග්‍රෑන්ඩ් සහ යර්ස් එෆ්.එම්. ආයතන කටයුතු කර ඇති අතර, මෙම ආයතන නියෝජිතයින්ද එදින ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීව ඇත.

    කෙසේ වෙතත් පසුගියදා සිරස මාධය ආයතනයට එල්ල වූ ප්‍රහාරයට මෙම ඒකෝන්ගේ ප්‍රසංගය හේතු වූ බවට විවිධ මත මේ වන විට පැතිර යමින් පවතී. කෙසේ වෙතත් මේ වන විට රජය පවසන්නේ ඒකෝන් විසින් එළිදක්වා ඇති එක් වීඩියෝ පටයක බුදු දහමට නිගා වන ආකාරයේ දර්ශන ඇතුළත් බැවින් ඒකෝන් ප්‍රසංගය ලංකාවේ පැවැත්වීමට අදාලව ඒකෝනට වීසා ලබා නොදෙන බවත්, මෙය ලංකාවේ බුදු දහම ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය විසින් ගන්නා ලද පියවරක් බවයි.

    නමුත් සත්‍ය වන්නේ මෙම ප්‍රසංගයේ මූලිකයා සංචාරක අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂය යටතේ පවතින ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වන අතර, ඒකෝන් ලංකාවට ගෙන්වීමට මෙම කාර්යාලය මුල්වී ඇති අතර, එය රජයේ පූර්ණ අධීක්ෂණ්‍ය යටතේ සිදු වූවක් බවයි.
    http://www.lankatruth.com/sin/index...-26-47&catid=35:2008-10-13-08-30-14&Itemid=63
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකින් පවත්වන්නට සූදානම්ව තිබූ ප්‍රසංගයකට කැඳවීමට නියමිතව සිටි සුපුරි හිපොප් ගායන ශිල්පි ඒකෝන් ‍ශ්‍රීලංකා රජය තමන්ට විසා නොදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.

    තමන්ගේ ගීතයකට අදාළ රූප රාමු තුළ බෞද්ධ ප්‍රතිමාවක් ඇති බව මේ වනතුරුත් තමන් නොදන්නා බවත්,කිසියම් ආගමකට නිග්‍රහයක් ඇති වන අන්දමින් කටයුතු කරන්නට කිසිසේත්ම තමන් බලාපොරොත්තු නොවූ බවත් ප්‍රකාශයක් කරමින් ඒකෝන් සඳහන් කර තිබේ. තමන්ද ආගමකට ලැදි පුද්ගලයෙකු බවද ඒකෝන් වැඩිදුරටත් පවසා ඇත.

    කෙසේ වුවද සුපිරි හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ට ශ්‍රීලංකාවට ඒම සඳහා රජය විසින් වීසා නිකුත් නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ‍ වාර්තා කර ඇත.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    රකින්න කියා මහ ලොකු සංස්කෘතියක් ඉතුරු වෙලා නැති, ඕනම දහ ජාරාවක් විකුණන්න පුළුවන් නිදහස් ආර්ථිකයක් තියෙන, ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ වගේ ගොඩක් දේවල් වෙනස් කරන්න අමාරුයි. ඒත් මොනා හරි දෙයක් වුනායින් පස්සේ බොරුවට කෑගහලා ලොකෙටම joke එකක් වෙනවට වඩා ඒ දේවල් වෙන්න කලින් ඒ ගැන අවබෝධයෙන් ඉන්න එක තමා වඩා හොද..

     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ලාංකික අපට බුදු හාමුදුරුවන්ට වඩා එකොන් වටිනා පුද්ගලයෙක් වීම තුලින් අප සමාජයේ පිරිහීම මනාව වටහා ගත හැකිය.........