ත්‍රිකුනාමලය ගැන දැනගන්න. ඹොහොම අපුරු නගර
අද මම හිතුවා ඔයාලට අපේ රටේ තියන තවත් අපූරු නගරයක් ගැන විස්ථර කියලා දෙන්න.
ත්‍රිකුනාමලය
පලාත : නැගෙනහිර
දිස්ත්‍රික්කය : නැගෙනහිර
වර්ග ප්‍රමානය : ව.කි.මී. 7.5
ජනගහනය : 101,958
"තිරිකෝනමලෛ" යන දෙමළ නමින් මුල් කාලයේ භාවිතා කල මෙම නගරය පසු කාලයේ ත්‍රිකුනාමලය බවට පත් වී ඇත. තිරිකෝනමලෛ යන්නෙහි අරුත lord of the sacred hill යන්නයි. ඈත අතීතයේ ගෝකන්න (GOKANNA) යන නමින් ස්වාභාවික වරායක් පැවති බවට අපේ ඉතිහාසයේ සදහන් වෙනවා. ඒ කියවෙන ස්වාභාවික වරාය ත්රිකුනාමල වරාය කියලයි විද්වත් මතය. වරායකට ගැලපෙන බොහොම අපුරු පරිසරයක් ත්රිකුනාමල බොක්කත් එක්ක නිර්මානය වෙලා තියනවා.
ත්‍රිකුනාමලය වරාය තමයි මේ තියෙන්නෙ.
ත්‍රිකුනාමලය වරායේ නාවික හමුදා ප්‍රවාහන නැව්
කෝනේස්වරම් කෝවිල ගාවට ගියාම ත්‍රිකුනාමලය මුහුද, බොක්ක, ධිවර වරාය බොහොම අපූරුවට බලන්න පුලුවන්.
මම මේ පහල පෙන්නලා තියන තැන ගැන අපුරු කතාවක් එහෙ මිනිස්සු කියනවා. මේ තියන ගල් දෙබොක්කාව අතරින් ගලක් පහලට දැම්මාම ඒ ගල කවමදාකවත් කෙලින් පහලට වැලටෙන්නේ නැහැලු. ඒක ගල් දෙබොක්කාවෙ කොහෙ හරි වදිනවාමයි කියලා මිනිස්සු කියනවා.
හින්දු බෞද්ධ දෙගොල්ලන්ටම වන්දනාමාන කරගන්න පුලුවන් බොහොම පැරණි සිද්ධස්ථාන කිහිපයක් මේ නගරයේ පිහිටලා තියනවා.
සේරුවාවිල
සේරුවාවිල පුරාණ රාජමහා විහාරය කාවන්තිස්ස රජතුමාගේ අතින් අවුරුදු 2231 කට විතර කලින් ඉදිවුනා කියලා තමයි ඉතිහාසයේ කියවෙන්නේ.පැරනි ගල් කණු,නටඹුන්,බොහොම ලස්සන විහාර ගෙයක් මේ පන්සලේ තියනවා. ඔයාලත් එහේ යන්න හිතාගෙන ඉන්නවානම් සේරුවාවිල පන්සලට යන්න අමතක කරන්න එපා.
කෝනේස්වරම් කෝවිල
හින්දු බෞද්ධ සියලුම දෙනාගේ වන්දනාමාන ලැබෙන තවත් තැනක් තමයි කෝනේස්වරම් කෝවිල. 3 වෙනි ශත වර්ෂයේ නිර්මානය වුනා කියලා විශ්වාස කරන මේ කෝවිල යටත් විජිත කාලයේ කීප පාරක් විනාශවෙලා තියනවා. 1953 කාලයේ මේ ලස්සන කෝවිල ගොඩක් හොදට හැදුවා කියලා තමයි කියවෙන්නේ.
උණුවතුර ලිo.(කින්නියා)
ත්‍රිකුනාමලේ යන බොහොම දෙනෙක් නොවරදවාම යන තැනක් තමයි මේ. මේ වතුර ස්නානය කරන එක ශරීරයට බොහොම හොදයි කියලා කතාවක් තියනවා.
තවත් ලස්සන පින්තූර කිහිපයක් ඔයාලට පෙන්නලාම මගේ Tread එක ඉවර කරන්න කියල හිතුවා. බලන්නකෝ මේවා ගොඩක් ලස්සනයි.
මට අමතක වුනා. ත්‍රිකුනාමලේ මම කැමතිම තැන ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතන තමයි මම ආසම තැන.
ත්‍රිකුනාමලේ කෝච්චි ස්ටේශන් ඒක.
ADD REP++ IF YOU LIKE MY TREAD !!!
ELA KIRI AAAAAAAAAAAAAA!

Picture Source : Flickr
Last edited: