ටෙලි සිනමා ගම්මානයේ පළමු අදියර 30 වැනිදා වි&#3

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    ටෙලි සිනමා ගම්මානයේ පළමු අදියර 30 වැනිදා වි&#3

    ටෙලි සිනමා ගම්මානයේ පළමු අදියර 30 වැනිදා විවෘත වේ



    තිස්‌සමහාරාමය රන්මිණිතැන්නේ ඉදිකරන ජාතික සිනමා සහ රූපවාහිනි උද්‍යානයේ පළමු අදියර අනිද්දා (30 දා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත කරනු ලබයි.

    අක්‌කර දේසිය තිස්‌පහක භූමි භාගයක ඉදිකෙරෙන මෙය "මහින්ද රාජපක්‍ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය" ලෙස නම්කර ඇත.

    මෙම උද්‍යානය සඳහා මුල්ගල තැබුවේ 2008 වසරේ ඔක්‌තෝබර් 30 වැනිදාය. පළමු අදියරේ වැඩ කටයුතු සියල්ල මේ වනවිට නිමකර ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි හැත්තෑවක්‌ වැය වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. ගනේගල මහතා ප්‍රකාශ කළේය.

    විකාශය කරනු ලබන විදේශීය ටෙලි නාට්‍යවලින් අයකරන බදු මුදල් උපයෝගී කර ගනිමින් මෙම සිනමා සහ ටෙලි උද්‍යානය ඉදිකරනුයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මතය.

    චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රූගත කිරීම්වලදී අවශ්‍යවන පසුතල දර්ශන මෙම උද්‍යානය තුළ විශේෂයෙන් ඉදිකර තිබෙන අතර ස්‌වභාවික දර්ශනතල මෙන්ම චිත්‍රාගාර පහසුකම් ද ඇත. කලාකරුවන්ට නවාතැන් පහසුකම් ද මෙහි තිබෙන අතර දැනට තිබෙන පහසුකම් අනුව එකවර කණ්‌ඩායම් දෙකකට මෙහි සේවාවන් ලබා ගත හැකිය. පුස්‌තකාල ආපන ශාලා මෙන්ම රැස්‌වීම් ශාලාද පළමු අදියරය යටතේ නිමා කර ඇත.

    මෙහි සමාරම්භක උළෙලේදී ප්‍රවීණ සිනමාකරුවකු වන ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් නිර්මාණය කළ "රන්මිණිතැන්න වීථි ගී නළුව" සුවිශේෂී ගායන වාදන හා නර්තන ප්‍රසංගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවේ ඉදිරිපත් කිරීමට ද කටයුතු යොදා ඇත. මෙහි නර්තන වින්‍යාසය ප්‍රවීන නර්තන ශිල්පී චන්න විඡේවර්ධනය. සංගීත නිර්මාණය "රංග දසනායකය. නිෂ්පාදනය රවීන්ද්‍ර ගුරුගේය.

    සියලුම සිනමා සහ රූපවාහිනි නළු නිළියන් හා කාර්මික ශිල්පීන්ද මහින්ද රාජපක්‍ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය විවෘත කිරීමේ උළෙලට සහභාගි වෙති.