මේ මැතිවරණය ජාතිය මුදාගැනීමේ ඊළඟ අවස්‌ථා

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    මේ මැතිවරණය ජාතිය මුදාගැනීමේ ඊළඟ අවස්‌ථා

    මේ මැතිවරණය ජාතිය මුදාගැනීමේ ඊළඟ අවස්‌ථාවයි

    p4fea1.jpg
    ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්‌තවාදය විනාශ කිරීම ජාතිය මුදා ගැනීමේ පළමු අවස්‌ථාව විය. ඉන් ඉක්‌බිතිව පැවති ජනාධිපතිවරණය එහි දෙවන අවස්‌ථාව විය. තව ටික දිනකින් පැවැත්වෙන මැතිවරණය අප විසින් සැලකිය යුත්තේ ඒ ක්‍රියාදාමයේම තෙවන අවස්‌ථාව ලෙසයි. යම් විදිහකින් කොටි ත්‍රස්‌තවාදය විනාශ කිරීමෙන් පසු පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පැරදුනේ නම් කොටි විනාශකර දැමීම අර්ථ ශූන්‍ය කාර්යයක්‌ වන්නට තිබිණි. ඒ අයුරින්ම මේ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක්‌ එක්‌සත් ජනතා සන්ධානය ලබා නොගත හොත් ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ලැබූ ජයග්‍රහණය අර්ථ ශූන්‍ය ක්‍රියාවක්‌ වනු ඇත.

    මේ තර්කයෙන් මා බලාපොරොත්තු වන්නේ කොටි විනාශ කිරීම, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජයගැනීම, මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක්‌ ලබා ගැනීම වෙන් වෙන් ක්‍රියා නොව එකම ක්‍රියාදාමයක අවස්‌ථා ලෙස අප විසින් සැලකිය යුතු බවයි. ඒ ක්‍රියාදාමයේ පරමාර්ථය අන් කිසිවක්‌ නොව අපගේ රට ජාතිය පත්ව ඇති ශෝචනීය තත්ත්වයෙන් එය මුදා ගැනීමයි. මෙහිදී තුනෙන් දෙකක බලයක්‌ රජයට ලබාදිය යුත්තේ කුමක්‌ නිසාද යන්න ඇතැමෙකුගේ විමසිල්ලට භාජන වී ඇති බව අපි දුටිමු. මෙහිදී එවැන්නන් විසින් නගන තර්ක කීපයක්‌ පසුගිය දිනවල අපට අසන්නට ලැබිණ.

    මේ රජය දූෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රජයක්‌ නොවේ. එවැනි රජයකට තුනෙන් දෙකක බලයක්‌ ලබා දීම අස්‌පයාට අං ලබාදීමක්‌ වැනි ක්‍රියාවක්‌ වන්නට පුළුවන. තුනෙන් දෙකක බලයක්‌ ලබා ගැනීමෙන් පසු ඒ දූෂණය, භීෂණය, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පටිපාටිය තව දුරටත් වැඩි වනු විනා අඩු නොවෙනු ඇත.