තලෙයි මන්නාරමේ එකම පන්සල
තලෙයි මන්නාරමේ එකම පන්සල
උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩි කොටසක් පිහිටා ඇත්තේ මන්නාරම දූපත ඇතුළත භූමි භාගයේය. එය මෙරට විශාලම දූපත ද වෙයි. මේ දූපතේ කෙළවර ප්‍රදේශය හඳුන්වන්නේ තලෙයි මන්නාරම ලෙසයි. මෙහි සිට ඇති ආදම්ගේ පාලම මඟින් ශ්‍රී ලංකාව - ඉන්දියාව නොගැඹුරු ජල තීරයක් සහිතව සම්බන්ධ වේ. මේ තලෙයි මන්නාරමේ ලංකාව කෙළවරේ පිහිටි එකම විහාරස්ථානය තලෙයි මන්නාරමේ සිරි වාලුකාරාමය ලෙස හැඳින්වේ.
1948 දී ආරම්භ කළ මේ විහාරස්ථානයට වසර 60 කට අධික ඉතිහාසයක් තිබේ. පසුගිය වසර 30 ක කොටි ත්‍රස්තවාදී පීඩනයෙන් පසු අදත් ඒ විහාරස්ථානය නිරුපද්‍රිතව පැවතීම මෙරට සිංහල බෞද්ධ ජනතාවගේ සතුටට හේතුවකි.
නොයෙක් දුක් ගැහැට මැද වසර 2000 සිටම සිරි වාලුකාරාමයේ විහාරාධිපති ලෙස කටයුතු කරන්නේ වලල්ලාවිට විමලසිරි හිමිපාණන්ය. උන් වහන්සේ පවසන පරිදි තලෙයි මන්නාරමේ ඇති එකම හා පැරැණිම පන්සල මෙය වේ.
“අපි දැන් වසර 10 ක් මෙහි වැඩ වෙසෙනවා කොටි ත්‍රස්තවාදීන්ගේ නොයෙකුත් තර්ජන පීඩන පැමිණියා. එමෙන්ම මෝටාර් කාලතුවක්කු වෙඩි උණ්ඩ පවා අප පන්සල අසලට වැටුණා. ඒත් අපි මේක දාලා ගියේ නැහැ. නාවුක හමුදාව අපිට දානේ දෙනවා. දුක සැප බලනවා. අපිත් ඒ අයට පුළුවන් විධියට ආගමික කටයුතුවලට උදවු කරනවා. පසළොස්වක දිනට නාවික හමුදාව සියලු ආගමික වතාවත් කරනවා. සමහරු සිල් ගන්නවා.
ඒක රටටම ආදර්ශයක්. කවුරු මේ ප්‍රදේශයේ නාවික හමුදා ආඥාපති වුණත් අපිත් සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කරනවා. අපේ අවවාද අනුශාසනා ලබා ගන්නවා. පසුගිය යුද්ධය දරුණු ලෙස තිබුණු කාලේ අපි හමුදාවට ආශිර්වාද කළා බෝධි පූජා තිබ්බා. සෙත් පැතුවා. පිරිත් කිව්වා. කඳවුරුවලට ගොස් පිරිත් නූල් බැන්දා.
නාවුක හමුදාව අපේ බඩ ගින්දර නිව්වත් 2009 මැයි වන තුරු හිතේ ගින්දර තිබුණා. ජනාධිපතිතුමයි ආරක්ෂක ලේකම් තුමයි යුද්දෙ ඉවර කරපු නිසා දැන් නම් සිතට ලොකු සහනයක් තියෙනවා. හිතේ ගින්දර දැන් නැහැ.
මෙතන පන්සල අක්කර එක හමාරක් තිබෙනවා. හරියට ආවාසයක් අපට නැහැ. ධර්ම ශාලාවක් නැහැ. මේ කාමරයයි සාලයයි විතරයි තිබෙන්නේ. බැසිල් රාජපක්ෂ මහත්තයා අපේ සංඝාවාසය හැදීමට රුපියල් 1377000 ක් දුන්නා. අපි දැන් සංඝාවාසය හදාගෙන යනවා.
ඉදිරියටත් අපිට නාවුක හමුදාව උදව් කරනවා. දැන් ඉස්සර වගේ හිතේ ගින්දරක් නැහැ. දැන් මේ පැත්තට නිතර නිතර සිංහල අය එනවා. ඒ 9 විවෘත කළාට පස්සේ දැන් අපේ ජනතාවට රටේ හැම තැනම ඇවිදින්න පුළුවන්. ඉස්සර අපට දකින්න පුළුවන් වුණේ නාවික හමුදාවේ සිංහල අය පමණයි. දැන් දකුණේ සිංහල බෞද්ධ අය ඇවිල්ලා අපේ සුවදුක් අහලා යන එකත් ලොකු සතුටක්.” වලල්ලාවිට විමලසිරි හිමියෝ පැවසූහ.
මෙවැනි විහාරස්ථානවලට මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ උදව් අවශ්‍යය. ඔබත් උතුරේ සංචාරයක යෙදෙන විට මේ පන්සල පිළිබඳව අවධානය යොමු කරන්න. මේ සුරැකීම අපේ යුතුකමකි. මන්නාරමේ පාලම බැස තලෙයි මන්නාරම පාරේ කිලෝමීටර් 25 ක් පමණ තලෙයි මන්නාරම දෙසට යන විට මන්නාරම - තලෙයි මන්නාරම පාර අසලම මේ සුවිශේෂ විහාරස්ථානය පිහිටා තිබේ. උතුරු වසන්තය වැඩ සටහනෙන් මන්නාරම දියුණු කිරීමට පියවර රැසක් ගෙන ඇති මේ වකවානුවේ මේ සිරි වාලුකාරාමය ද දියුණු කර මන්නාරමේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම සදානුස්මරණීය සිදුවීමක් වනු ඇත.
නිහාල් පී. අබේසිංහ
සේයාරූ - ඉන්ද්‍රජිත් පෙරේරා
තලෙයි මන්නාරමේ එකම පන්සල
උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩි කොටසක් පිහිටා ඇත්තේ මන්නාරම දූපත ඇතුළත භූමි භාගයේය. එය මෙරට විශාලම දූපත ද වෙයි. මේ දූපතේ කෙළවර ප්‍රදේශය හඳුන්වන්නේ තලෙයි මන්නාරම ලෙසයි. මෙහි සිට ඇති ආදම්ගේ පාලම මඟින් ශ්‍රී ලංකාව - ඉන්දියාව නොගැඹුරු ජල තීරයක් සහිතව සම්බන්ධ වේ. මේ තලෙයි මන්නාරමේ ලංකාව කෙළවරේ පිහිටි එකම විහාරස්ථානය තලෙයි මන්නාරමේ සිරි වාලුකාරාමය ලෙස හැඳින්වේ.
1948 දී ආරම්භ කළ මේ විහාරස්ථානයට වසර 60 කට අධික ඉතිහාසයක් තිබේ. පසුගිය වසර 30 ක කොටි ත්‍රස්තවාදී පීඩනයෙන් පසු අදත් ඒ විහාරස්ථානය නිරුපද්‍රිතව පැවතීම මෙරට සිංහල බෞද්ධ ජනතාවගේ සතුටට හේතුවකි.
නොයෙක් දුක් ගැහැට මැද වසර 2000 සිටම සිරි වාලුකාරාමයේ විහාරාධිපති ලෙස කටයුතු කරන්නේ වලල්ලාවිට විමලසිරි හිමිපාණන්ය. උන් වහන්සේ පවසන පරිදි තලෙයි මන්නාරමේ ඇති එකම හා පැරැණිම පන්සල මෙය වේ.
“අපි දැන් වසර 10 ක් මෙහි වැඩ වෙසෙනවා කොටි ත්‍රස්තවාදීන්ගේ නොයෙකුත් තර්ජන පීඩන පැමිණියා. එමෙන්ම මෝටාර් කාලතුවක්කු වෙඩි උණ්ඩ පවා අප පන්සල අසලට වැටුණා. ඒත් අපි මේක දාලා ගියේ නැහැ. නාවුක හමුදාව අපිට දානේ දෙනවා. දුක සැප බලනවා. අපිත් ඒ අයට පුළුවන් විධියට ආගමික කටයුතුවලට උදවු කරනවා. පසළොස්වක දිනට නාවික හමුදාව සියලු ආගමික වතාවත් කරනවා. සමහරු සිල් ගන්නවා.
නාවුක හමුදාව අපේ බඩ ගින්දර නිව්වත් 2009 මැයි වන තුරු හිතේ ගින්දර තිබුණා. ජනාධිපතිතුමයි ආරක්ෂක ලේකම් තුමයි යුද්දෙ ඉවර කරපු නිසා දැන් නම් සිතට ලොකු සහනයක් තියෙනවා. හිතේ ගින්දර දැන් නැහැ.
මෙතන පන්සල අක්කර එක හමාරක් තිබෙනවා. හරියට ආවාසයක් අපට නැහැ. ධර්ම ශාලාවක් නැහැ. මේ කාමරයයි සාලයයි විතරයි තිබෙන්නේ. බැසිල් රාජපක්ෂ මහත්තයා අපේ සංඝාවාසය හැදීමට රුපියල් 1377000 ක් දුන්නා. අපි දැන් සංඝාවාසය හදාගෙන යනවා.
ඉදිරියටත් අපිට නාවුක හමුදාව උදව් කරනවා. දැන් ඉස්සර වගේ හිතේ ගින්දරක් නැහැ. දැන් මේ පැත්තට නිතර නිතර සිංහල අය එනවා. ඒ 9 විවෘත කළාට පස්සේ දැන් අපේ ජනතාවට රටේ හැම තැනම ඇවිදින්න පුළුවන්. ඉස්සර අපට දකින්න පුළුවන් වුණේ නාවික හමුදාවේ සිංහල අය පමණයි. දැන් දකුණේ සිංහල බෞද්ධ අය ඇවිල්ලා අපේ සුවදුක් අහලා යන එකත් ලොකු සතුටක්.” වලල්ලාවිට විමලසිරි හිමියෝ පැවසූහ.
මෙවැනි විහාරස්ථානවලට මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ උදව් අවශ්‍යය. ඔබත් උතුරේ සංචාරයක යෙදෙන විට මේ පන්සල පිළිබඳව අවධානය යොමු කරන්න. මේ සුරැකීම අපේ යුතුකමකි. මන්නාරමේ පාලම බැස තලෙයි මන්නාරම පාරේ කිලෝමීටර් 25 ක් පමණ තලෙයි මන්නාරම දෙසට යන විට මන්නාරම - තලෙයි මන්නාරම පාර අසලම මේ සුවිශේෂ විහාරස්ථානය පිහිටා තිබේ. උතුරු වසන්තය වැඩ සටහනෙන් මන්නාරම දියුණු කිරීමට පියවර රැසක් ගෙන ඇති මේ වකවානුවේ මේ සිරි වාලුකාරාමය ද දියුණු කර මන්නාරමේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම සදානුස්මරණීය සිදුවීමක් වනු ඇත.
නිහාල් පී. අබේසිංහ
සේයාරූ - ඉන්ද්‍රජිත් පෙරේරා
Code:
උපුටා ගත්තේ : [URL]http://www.silumina.lk/2010/03/28/_art.asp?fn=as1003286[/URL]