යුගදනවි

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    අපේ ඉංජිනේරුවන්ගේ මොළයෙන් ඉදි වූ "යුගදනවි" බලාගාරය


    24bala.jpg


    ශ්‍රී ලංකාව තුළ බලශක්‌ති අර්බුදයක්‌ මහා පරිමාණයෙන් පැන නැඟී නැත්තේ තවමත් රට තුළ නිපදවන බලශක්‌තිය කිසියම් ආකාරයකට හෝ ප්‍රමාණවත් වන බැවිනි. එහෙත් නුදුරු දිනක දී මෙරටට පිරිමැසිය නොහැකි බලශක්‌ති අර්බුදයක්‌ පැන නැඟිය හැක්‌කේ සිදු වන වේගවත් සංවර්ධනයත් සමගිනි.

    ඇති විය හැකි එවැනි බලශක්‌ති අර්බුදයකට මුහුණ දීමේ අරමුණින් පිහිටුවනු ලැබූ ආයතනයක්‌ ලෙස කෙරවලපිටිය වායු බලාගාරය හැඳින්විය හැකි ය.

    කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි අක්‌කර 33ක වගුරු බිම් ප්‍රමාණයක්‌ මේ බලාගාරය ඉදි කිරීම සඳහා යොදා ගනියි. මිනිස්‌ වාසයටත් ගොවිතැන් කටයුතුවලටත් නුසුදුසු මේ වගුරු බිමේ බීමට පවා ජල බිඳක්‌ සොයා ගැනීමට නොහැකි ය. ගොඩ කරන ලද වගුරු බිමක්‌ බැවින් විධිමත් බිම් සැකසීම සඳහා පස්‌ ඝන මීටර් 130,000ක්‌ පමණ යොදාගත් අතර භූමිය මිටර් 1ක්‌ පමණ ඉහළට ඔසවා ඇත්තේ ඉහළ භූගත ජල මට්‌ටමින් ඉදිකිරීම්වලට අපහසුවක්‌ නො වන පරිදි ය.

    ගොඩ කරන ලද වගුරු බිමක බලාගාරයක්‌ ඉදි කිරීම ඉතා ම අසීරු කාර්යයක්‌ වන බැවින් භූමිය මවු පාෂාණය දක්‌වා සිදුරු කර මවු පාෂාණය (Bed Rock) මීටර් 1ක්‌ පමණ ගැඹුරට සිදුරු කර ඒ සිදුරු මත ඉදි කළ කොන්ක්‍රිට්‌ කණු 1500ක්‌ වැනි විශාල සංඛ්‍යාවක්‌ මත බලාගාරය සතු සැම බර උපකරණයක්‌ ම සවිකර තිබීම විශේෂත්වයකි.

    ඉදි කිරීමේ දී දේශීය ඉංජිනේරුවන් ගේ ද දැනුම භාවිතයට ගැනීමත් දේශීය අරමුදල් මේ සඳහා යෙදවීමත් හේතුවෙන් මෙම බලාගාරය අපේ ම සම්පතක්‌ ලෙස සැලකිය හැකි ය. මෙහි ප්‍රධාන ඉංජිනේරු නිසල් පෙරේරා මහතා "යුගදනවි" වායු බලාගාරය ලෙස නම් කර ඇති මේ බලාගාරයේ ව්‍යqහය පිළිබඳව අදහස්‌ දක්‌වූයේ මේ අයුරිනි.

    "මේක ප්‍රධාන අදියර දෙකකින් ක්‍රියාත්මක වන බලාගාරයක්‌. මෙහි පළමු අදියර යටතේ වායු තල බමන (Gas Turbine) දෙකක්‌ ක්‍රියාත්මක වුණා. මේ නමින් ම තේරෙන දෙයක්‌ තමයි වායු මගින් ක්‍රියා කරන තල බමනයක්‌ කියන එක.

    වායු තල බමනයක්‌ කියන්නේ ගුවන්යානා එන්ජිමක්‌ වගේ දෙයක්‌. ගුවන් යානයකින් සිදු වන්නේ පියාසර කිරීමට අවශ්‍ය වායු තෙරපා විශාල ප්‍රවේගයක්‌ එන්ජිමේ පිටුපසින් පිටතට ලබා දීමයි. විදුලි බලාගාරයකට එවැනි ප්‍රවේගයක්‌ අවශ්‍ය වෙන්නේ නෑ. ගුවන් යානයක තිබෙන්නේ තල බමන තැටි (Turbine blades) එකක්‌ පමණයි. බලාගාරයේ තල බමන තැටි තුනක්‌ තිබෙනවා. මෙයින් කෙරෙන්නේ ප්‍රවේගය චාලක ශක්‌තිය බවට පත් කර මේ චාලක ශක්‌තියෙන් විදුලි උත්පාදක යන්ත්‍ර (Power generators) ක්‍රියා කරවීමයි. මේ වායු ටර්බයිනයේත් ගුවන් යානා එන්ජිමකත් මූලික වෙනස තමයි මේ සංසිද්ධිය. ඒත් අනෙක්‌ සැම අංශයක්‌ ම එකිනෙක සමානයි.


     
    Last edited:

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මේ තල බමනය ක්‍රියා කරවීම සඳහා මූලික ඉන්ධනයක්‌ අවශ්‍යයි. මේ සඳහා අපි යොදා ගන්නේ මිලෙන් අඩු දැවි තෙල් (Heavy fuel oil) කියන ඉන්ධනයයි. මේ දැවි තෙල් ඉන්ධනයක්‌ ලෙස යොදාගන්න මූලික හේතුවක්‌ තිබෙනවා. ප්‍රධාන හේතුව තමයි මිලෙන් අඩු වීම. මේ නිසා නිෂ්පාදන පිරිවැයක්‌ ඉතුරු වෙනවා. මේ ඉතිරිය විදුලි පාරිභෝගිකයාට ලබා දීමයි අපේ ප්‍රධාන අරමුණ.

    ලෝක තත්ත්වය ගැන විමසීමේ දී දැවි තෙල්වලින් ක්‍රියා කරන සංයුක්‌ත චක්‍ර විදුලි බලාගාර ලෝකේ තිබෙන්නේ ඉතා ම අඩු ප්‍රමාණයක්‌. මෙයත් ඉන් එකක්‌. බලාගාරයේ ක්‍රියාකාරිත්වයට පැය එකක කාලයක්‌ සඳහා දැවි තෙල් ටොන් 60ක්‌ පමණ අවශ්‍ය වෙනවා. මේ තල බමන ක්‍රියාකාරිත්වයෙන් නිකුත් වන වායුව අධික උෂ්ණත්වයෙන් යුක්‌තයි. පළමු අදියරේ දී මේ වායුව ප්‍රයෝජනයට නො ගෙන ඉවතට හරිනවා. ඒත් දෙවන අදියරේ දී මෙම අපතේ යන සෙල්සියස්‌ අංශක 530ක්‌ පමණ වන උණුසුම් වායුවේ තාප ශක්‌තිය ආධාරයෙන් හුමාලය නිපදවල ඒ හුමාලයෙන් වාෂ්ප තල බමනය (Steam Turbine) ක්‍රියාත්මක කරල අමතරව මෙගා වොට්‌ 100ක විදුලියක්‌ නිපදවනවා. මැදපෙරදිග රටවල තිබෙන මෙවැනි බලාගාරවලින් නිපදවන තාපය අමතර ඉන්ධනයක්‌ ලෙස ප්‍රයෝජනයට ගන්නේ නෑ. ඒත් අපි මේ අපතේ යන තාපය නැවත ප්‍රයෝජනයට අරගෙන අමතරව මෙගාවොට්‌ 100ක විදුලි ධාරිතාවක්‌ නිපදවීම බලශක්‌තිය අපතේ නො යවා ප්‍රයෝජනයට ගැනීමත් සිදු කරනවා. ඒ වගේම පරිසර දූෂණය ද අවම වී තිබෙනවා. මෙහි තිබෙන විශේෂත්වය තමයි මෙගා වොට්‌ 200ක්‌ නිපදවීමට යන ඉන්ධන ප්‍රමාණය ම අමතර මොගාවොට්‌ 100ක්‌ සමග මෙගාවොට්‌ 300ක්‌ නිපදවීමට වැය වීම. මේ ක්‍රියාවලිය සඳහා බොයිලේරු දෙකක්‌ සමග වාෂ්ප තල බමනයක්‌ ක්‍රියා කරනවා.

    මෙහි දී සිදු වන ක්‍රියාවලිය චක්‍රයක්‌ ආකාරයටයි සිදු වන්නේ. පළමු අදියරේ වැඩ කටයුතුවලට වඩා දෙවැනි අදියරේ වැඩකටයුතු වෙනස්‌. ඒ වගේම රාශියක්‌ තිබෙනවා. වායු තල බමනයෙන් නිකුත් වන වායුවේ තාප ශක්‌තිය උපයෝගි කරගෙන ජලය හුමාලය බවට පත් කරන්නේ ඒ සඳහා විශේෂ වූ උත්පාදක යන්ත්‍රයක්‌ මගින්. මෙය විද්‍යාත්මකව හඳුන්වන්නේ Heat Recovery Steam generator (HRSG) කියලයි. මෙමගින් ජලය හුමාලය බවට පත් කරල මේ හුමාලය වාෂ්ප තල බමනයට ලබා දෙනවා. මෙහි දී ශක්‌තිය අවශෝෂණය කරගෙන සංඝනීකාරක හෙවත් කන්ඩෙන්සර මගින් හුමාලය ජලය බවට පත් වෙනවා. මේ ජලය නැවතත් HRSG උත්පාදක යන්ත්‍රයට නළ මගින් යවනවා. මේ ක්‍රියාවලිය චක්‍රයක්‌ ආකාරයටයි සිදු වන්නේ. මෙහි දී පීඩනය වැඩි වන නිසා කුඩා ප්‍රමාණයක ජල ධාරිතාවක්‌ පිටතට යවනවා. මෙහෙම ඉවත් කරන්න තවත් හේතුවක්‌ තමයි මේ ජලයේ අපද්‍රව්‍ය එකතු වීම. හුමාලය නිපදවූවාට පසු හුමාලයත් සමග මිශ්‍ර නො වන අපද්‍රව්‍ය ජලයට එකතු වෙන නිසයි මේ ක්‍රමය අනුගමනය කරන්නේ. මේ අපද්‍රව්‍ය සමග පිට වන ජල ධාරිතාවට සමාන ජල ධාරිතාවක්‌ පමණයි නැවත ලබා දෙන්නේ."

    මේ බලාගාරය මගින් විදුලිය නිපදවීමේ දී අදාළ යන්ත්‍ර කොටස්‌ සිසිල් කිරීමකට හෙවත් සිසිලනයකට ලක්‌ කළ යුතු වෙයි. සිසිලන කටයුතු සඳහා මෙහි මුහුදු ජලය භාවිත කෙරෙයි. මෙය ද ඉතා ම සංකීර්ණ ක්‍රියාවලියකි. වෙනත් බලාගාර සිසිලන කටයුතු සඳහා යොදාගන්නා මුහුදු ජලය සෘජුව ම භාවිත කර නැවත සෘජුව ම මුහුදට මුදා හැරීමේ ක්‍රමය අනුගමනය කළත් මේ බලාගාරයේ සිසිලන කටයුතු සඳහා මුහුදු ජලය සුවිශේෂී ක්‍රමයකට භාවිත කරන අතර එමගින් පානීය ජලය මෙන්ම ආසූත ජලය ද නිපදවා, ලබාගත් මුහුදු ජල ධාරිතාවට අඩු ජල ධාරිතාවක්‌ නැවතත් මුහුදට මුදා හරියි. මෙහි දී නැවතත් මුහුදට යවන ජලය සාගර ජල උෂ්ණත්වයට වඩා අඩු බැවින් සාගර පරිසර පද්ධතියට හානියක්‌ සිදු වන්නේ නැත. මේ ක්‍රියාදාමය පිළිබඳව ඉංජිනේරු නිසල් පෙරේරා මහතා පැහැදිලි කළේ මෙලෙසිනි.

    "මේ බලාගාරයේ විශේෂත්වය තමයි සිසිලනය සඳහා මුහුදු ජලය භාවිත කිරීම. මේ මුහුදු ජලය කොටස්‌ දෙකක ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වෙනවා. එකක්‌ සිසිලන කුලුනත් (Cooling Tower) සංඝනීකාරක සිසිල්කරණත්. අනෙක වායු තලබමනයෙත් හුමාල තලබමනයෙත් තිබෙන ලිහිසි තෙල් සිසිල් කරන්න. මුහුදු ජලය ලබාගන්නා ලංකාවේ ප්‍රථම සිසිලන කුලුන තමයි මේ. උස අඩි 45ක්‌ විතර වෙනවා. මේ කුලුන Fibre Reinforced Plastic (FRP) කියන මළ නො බැඳෙන හෙවත් දිරා නො යන ප්ලාස්‌ටික්‌ විශේෂයකින් තමයි හදල තිබෙන්නේ. මුහුදු ජලය ලබාගන්නේ බලාගාරයේ සිට මීටර් 1000ක්‌ ඈතින් පිහිටි මුහුදෙන්. මේ සඳහාත් High Density Polyethylene (HDPE)වලින් තැනූ නළ වර්ගයක්‌ භාවිත වනවා. මේ නළ කොන්ක්‍රීට්‌ ආධාරක මත මුහුදේ ගිල්වලයි තිබෙන්නේ."
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මෙසේ නළ මාර්ගයෙන් ලබාගන්නා මුහුදු ජලයේ නොයෙකුත් ලවන වර්ග මෙන්ම වෙනත් අපද්‍රව්‍ය ද රාශියක්‌ ඇත. බොහෝ අපද්‍රව්‍ය විශේෂයෙන් ලවන මෙන්ම බැර ලෝහ (Heavy metals) ජලයේ දිය වී තිබෙන අතර දිය නො වී පා වන අපද්‍රව්‍ය ද තිබේ. එබැවින් මුහුදු ජලය ද අපිරිසිදු තත්ත්වයේ පවතින බැවින් ජල අවශ්‍යතා සඳහා යොදා ගැනීමේ දී ජලය පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වෙයි. මේ සඳහා සුවිශේෂී ක්‍රමවේදයක්‌ වෙයි. මේ ක්‍රමවේදය පිළිබඳව ඉංජිනේරු නිසල් පෙරේරා පැහැදිලි කළේ මේ අයුරිනි.

    "මුහුදෙන් ගන්නා ජලය අපිරිසිදුයි. ඒ නිසා මේ ජලය විශේෂ ක්‍රමයකට පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේම මේ භූමියේ භූගත ජලය නැහැ. ඒ නිසා පානීය ජලය ලබාගන්නෙත් මේ මුහුදු ජලයෙන්. බොයිලේරුවට අවශ්‍ය වන්නේ ආසූත ජලය.. ඒ කියන්නේ ක්‍රියාකාරීත්ව ගණනාවක්‌ සඳහා මුහුදු ජලය අවශ්‍ය වෙනවා. ඒ නිසා මුහුදු ජලය පිරිසිදු කරන්නේ විශේෂ ක්‍රමයකට. මේ ක්‍රමය හඳුන්වන්නේ ප්‍රතිලෝම ආස්‍රැතිය (Reverse osmosis) නමින්. ඒ කියන්නේ අපිට ඩහදිය දාන ක්‍රමයේ විලෝමය. ඩහදිය දැමීමේ දී රුධිර නාළ තුළින් ගලා යන විට ලවන ගලා යන්නේ අඩු පීඩනයක්‌ යටතේයි. මෙහි දී සම, අර්ධ පාරගම්‍ය පටලයක්‌ ලෙස ක්‍රියා කරන නිසා ලවන සහිත ජල කොටස්‌ ඩහදිය වශයෙන් පිටතට එනවා. මේක ආස්‍රැතිය කියලයි හඳුන්වන්නේ.

    ප්‍රතිලෝම ආස්‍රැතිය කියන්නේ මේ ක්‍රියාවලියේ අනෙක්‌ පැත්ත. ඒ කියන්නේ අඩු පීඩනයක්‌ යටතේ අර්ධපාරගම්‍ය පටලයක්‌ (Membrane) සහිත තුනී නළයකින් ලවන සහිත ජලය ගලා යැමට සලස්‌වන විට එතැනින් ජලය වෙන් වීමක්‌ සිදු වෙනවා. මේ තාක්‍ෂණ ක්‍රමවේදය උපයෝගි කරගෙන තමයි මුහුදු ජලය පෙරල පිරිසිදු ජලය ලබාගන්නේ. සරලව කියනවා නම් ප්‍රතිලෝම ආස්‍රැතිය මෙහි හදවත වගෙයි ක්‍රියා කරන්නේ. පා වන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පූර්ව ප්‍රතිකර්ම (Pre treatment) කියන ක්‍රමවේදය ප්‍රයෝජනයට ගන්නවා."

    සාමාන්‍යයෙන් මුහුදු ජලයේ ලවන වර්ග ප්‍රධාන කොටස්‌ දෙකකින් සමන්විත වෙයි. ඉන් එක්‌ වර්ගයක්‌ අවලම්බිත (Suspended) ලවන ය. අනෙක ද්‍රdව්‍ය ලවන (Soluble) යනුවෙන් හැඳින්වෙයි. මෙහි දී අවලම්බිත ලවන සහ ද්‍රdව්‍ය ලවන වෙන් කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. ඒ සිසිලන ක්‍රියාවලිය සඳහාත්, බොයිලේරුවේ ක්‍රියාකාරීත්වයටත්, පානීය ජලය ලබා ගැනීම සඳහාත් ය. මුහුදු ජලයේ තිබෙන අවලම්බිත ද්‍රව්‍ය වෙන් කර ගැනීමේ දී මුහුදු ජලය විශාල ටැංකියකට දමා නිසලව තැන්පත් වීමට ඉඩ හරිනු ලබයි. නිසලව තිබෙන විට අවලම්බිත ද්‍රව්‍ය මුහුදු ජලයෙන් වෙන් වෙයි. ඉන්පසුව පෙරහන්වලින් පෙරා අවලම්බිත ද්‍රව්‍ය රහිත මුහුදු ජලය වෙන් කර ගනියි. මුහුදු ජලයේ දිය වූ ලවන ද්‍රව්‍ය වෙන් කර ගනු ලබන්නේ ප්‍රතිලෝම ආස්‍රැතිය නම් වූ පෙර කී ක්‍රියාවලිය මගිනි.. ප්‍රතිලෝම ආස්‍රැතිය ද අදියර දෙකක දී සිදු වෙයි. මෙහි පළමු අදියරෙන් පානීය ජලය නිපදවන අතර ඉන් අනතුරුව බොයිලේරුවල ක්‍රියාකාරීත්වය සඳහා ආස්‍රැත ජලය නිපදවයි. බොයිලේරු සඳහා ආස්‍රැත ජලය නිපදවීමේ දී නැවතත් ප්‍රතිලෝම ආස්‍රැතිය නම් ක්‍රමවේදය භාවිත කරයි. මෙහි දී ජලයේ දිය වී ඇති සියලු ම ලවන ද්‍රව්‍ය ඉවත් වී සුපිරිසිදු කිසිදු ලවන හෝ එවැනි ද්‍රව්‍යයක්‌ දිය වී නැති ජලය (H20) නිපදවීමක්‌ සිදු කෙරෙයි. මෙසේ නිපදවන ආසූත ජලය ගබඩා කර තබන්නේ තවත් සුවිශේෂී වූ ප්ලාස්‌ටික්‌ විශේෂයකින් එනම් මළ නො බැඳෙන ප්ලාස්‌ටික්‌ විශේෂයක්‌ වූ Glass Reinforced Plastic (GRP)වලින් සාදන ලද ටැංකියක ය.
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මෙහි දී මුහුදු ජලය කොපමණ ධාරිතාවක්‌ ලබාගන්නවා ද, ක්‍රියාවලියෙන් පසු ඉවත ලන ජල ධාරිතාව කොපමණ ද යන්න පිළිබඳව ඉංජිනේරු නිසල් පෙරේරා මහතා දැක්‌වූයේ මෙවන් අදහසකි.

    "මේ ක්‍රියාවලිය සඳහා පැයකට ඝන මීටර් 1440ක මුහුදු ජල ධාරිතාවක්‌ ලබාගන්නවා. මේ මුළු ජල ධාරිතාවෙන් වැඩි ප්‍රමාණයක්‌ යොදා ගන්නේ සිසිලන කුලුනේ ක්‍රියාකාරීත්වය සඳහායි. ආස්‍රැත ජලය නිපදවීම සඳහා ලබාගන්නේ පැයට ඝන මීටර් 230ක්‌ පමණයි. මෙයින් පානීය ජලය පැයට ඝන මීටර් 10ක ධාරිතාවක්‌ ලබාගන්නවා. ආසූත ජලය පැයට ඝන මීටර් 50ක්‌ බැගින් ලබාගන්නවා. ඉතිරි ජල ධාරිතාව ප්‍රයෝජනයට නො ගත් ජලය ලෙස නැවතත් මුහුදට යවනවා.

    මේ ක්‍රියාවලියේ දී ප්‍රධාන ඉන්ධනය වන දැවි තෙල් සුවිශේෂි ක්‍රියාවලියකට ලක්‌ කරයි. එනම් දැවිතෙල් ඒ අයුරින් ම ප්‍රයෝජනයට නො ගන්නා අතර ඒ ඒ අංශ සඳහා අත්‍යවශ්‍ය වන අන්දමට සකස්‌ කරගැනීමක්‌ සිදු කෙරෙයි. ඒ සම්බන්ධව ප්‍රධාන ඉංජිනේරුවරයා දැක්‌වූයේ මෙවන් අදහසකි.

    "මම කලින් කිව්වා වගේ මෙහි ප්‍රධාන ඉන්ධනය අපද්‍රව්‍ය වැඩියෙන් පවතින දැවි තෙල්. බොයිලේරුවක දහනය සඳහා මෙවැනි ඉන්ධනයක්‌ කෙළින් ම භාවිත කරන්න හැකියාව තිබෙනවා. වායු තල බමනයක්‌ ක්‍රියා කරවීමේ දී අවශ්‍ය වන්නේ වායුවක්‌ පමණයි. ඒ නිසා මේ ඉන්ධනය වායු තලබමනයට ඇතුළු කරන්නේ අධික උෂ්ණත්වයක්‌ හා පීඩනයක්‌ ඇතිවයි. මේ නිසා තලබමනය තුළ දී මේ ඉන්ධනය ක්‍රියාත්මක වෙන්නේ වායුවක්‌ විදියටයි. මෙහි තිබෙන ප්‍රධාන ගැටලුවක්‌ තමයි මේ දැවි තෙල්වල සෝඩියම් සහ පොටෑසියම් වැනි බැර ලෝහ ද දිය වී තිබීම. මේ ලෝහ නිසා අධික උෂ්ණත්වයක දී මළ බැඳීමේ ක්‍රියාවලියක්‌ සිදු වනවා. මේ ක්‍රියාවලිය උණුසුම් මළ බැඳීම (Hot Corrosion) කියලයි හඳුන්වන්නේ. මෙවැනි ලෝහ තිබීම වායු තල බමනයේ ක්‍රියාකාරීත්වයට හානියක්‌ ගෙන දෙන්න පුළුවන්. ඒත් මෙහි තිබෙන වාසිය තමයි සෝඩියම්, පොටෑසියම් වැනි බැර ලෝහ ජලයේ දිය වීම. මේ ද්‍රව්‍ය ඉවත් කිරීමට කරන්නේ දැවි තෙල් ධාරිතාවෙන් සියයට 10ක ප්‍රතිශතයක්‌ ජලය මිශ්‍ර කර ඒ මිශ්‍රණය කේන්ද්‍රdපසාරී ක්‍රියාවලියකට (Centrifugal force) ලක්‌ කිරීමයි. මෙහි දී ජලය එකතු වීම නිසා මේ බැර ලෝහ ජලයේ දිය වනවා. කේන්ද්‍රdපසාරී බලයට මිශ්‍රණය ලක්‌ කිරීම නිසා බැර ලෝහ දිය වූ ජලයෙන් තෙල් වෙන් වෙනවා. ඉන් පසුව කරන්නේ මේ තෙල්, ටැංකි තුනකට වෙන වෙන ම දමා පැය 24ක කාලයක්‌ නිසලව තැන්පත් වෙන්න ඉඩ හැරීමයි. මේ ක්‍රියාවලියෙන් තවත් ජලය සුළු ප්‍රමාණයක්‌ හෝ ඉතිරි වී තිබුණොත් එයත් පහළට බැසීමක්‌ සිදු වෙනවා. මොකද තෙල්වල ඝනත්වයට වඩා ජලයේ ඝනත්වය වැඩි නිසා. දැන් මෙහි දී කරන්නේ වායු තල බමනයට මේ ටැංකි තුනෙන් ඉන්ධන දැවි තෙල් මාරුවෙන් මාරුවට ලබාගැනීමයි. මේ ක්‍රමය නිසා මේ සැම ටැංකියක්‌ ම පැය 24ක කාලයක්‌ නිසලව තැබීමක්‌ සිදු කරනවා. මේ තෙල්වල වැනේඩියම් කියන ලෝහ මූලද්‍රව්‍යයකුත් අඩංගුයි. මේවා ජලයේ දිය වෙන්නේ වත් ඉවත් වෙන්නේ වත් නෑ. මේ නිසා මැග්නීසියම් සංයෝගයක්‌ කෙළින් ම වායු තල බමනයට ලබා දෙනවා. මේ ඉන්ධන දහනයෙන් තමයි වායු තලබමනය කැරකෙන්නේ. මම කලින් කිව්වා වගේ අධික උෂ්ණත්වයකින් යුත් වාතය තාප් ශක්‌තිය උරාගෙන හුමාලය නිපදවල ඒ හුමාලයෙන් අමතර විදුලියක්‌ නිපදවනවා. මේ වායු තල බමනය සතු ව තිබෙන අනෙක්‌ සුවිශේෂී ලක්‌ෂණය වන්නේ ඩීසල්, ස්‌වාභාවික වායු සහ දැවි තෙල් (Auto Diesel, Natural gas and Heavy fuel oil)) යන ඕනෑ ම ඉන්ධන වර්ගයකින් ක්‍රියා කිරීමට හැකි වීම."

    ස්‌වාභාවික වායු දැනට අපේ රටෙන් සොයාගෙන නැති බැවින් එය ඉන්ධනයක්‌ ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි වුවත් අනාගතේ යම් දිනක ස්‌වාභාවික වායු හඳුනාගන්නට ලැබුණොත් මෙවැනි තල බමන ආධාරයෙන් වැඩි වැඩියෙන් විදුලිය නිපදවා ගැනීමට හැකි වනු ඇත. මේ වායු තලබමනය මගින් ක්‍රියාත්මක වන විදුලි උත්පාදක යන්ත්‍රයෙන් කිලෝවෝල්ට්‌ 14.5ක විදුලියක්‌ නිපදවයි. දුරස්‌ථ සම්ප්‍රේෂණය සඳහා මේ කිලෝවෝල්ට්‌ 14.5 ප්‍රමාණවත් නො වන බැවින් අධිකර පරිණාමක (Step up transformer) මගින් එය කිලෝවෝල්ට්‌ 220ක්‌ දක්‌වා වැඩි කරයි. මෙසේ වර්ධනය කරගන්නා විදුලිය කෙරවලපිටිය පිහිටි උප පොළ හරහා කොටුගොට උප පොළට ලබා දී එතැනින් ජාතික පද්ධතියට විදුලිය සම්ප්‍රේෂණය කරයි. ජාතික පද්ධතියට සම්ප්‍රේAෂණය වන විද්යුත් ධාරිතාව මෙගා වොට්‌ 300කි.
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    පරිසර හානිය

    මේ බලාගාරය ඉදි කිරීමේ දී පරිසරයට වන හානිය, භූමියට වන හානිය, වායුගෝලයට වන හානිය, අවට ජීවත් වන වැසියන්ට කවර හෝ අසාධාරණයක්‌ හෝ හානියක්‌ හෝ සිදු වනවා ද යන්න, ප්‍රදේශයේ ආර්ථිකයට වන හානිය යන මේ සියලු දෙයක්‌ ගැන ම සලකා බලා මධ්‍යම පරිසර අධිකාරියේ හා ඊට අදාළ රාජ්‍ය ආයතනවල අනුමැතිය ද ලබාගෙන ඇත.

    දැනට ලංකාවේ භාවිත කරන දැවිතෙල්වල ගෙන්දගම් ප්‍රමාණය සියයට 4ක්‌ පමණ වෙයි. මේ දැවිතෙල් භාවිත කළ හොත් වායුගෝලයට මුදාහැරීමට අනුමත සල්ෆර් ඩයොක්‌සයිඩ් වායු මට්‌ටම පවත්වාගෙන යා නොහැකි ය. ප්‍රධාන හේතුව මේ බලාගාරය කොළඹ නගරාසන්නයේ පිහිටා තිබීමයි. එබැවින් මේ කර්තව්‍යය සඳහා ගෙන්වන විශේෂ දැවි තෙල්වල අඩංගු ගෙන්දගම් ප්‍රමාණය සියයට 1.5ක්‌ පමණ වෙයි. මේ ප්‍රතිශතයට අනුව නිකුත් වන සල්ෆර් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාවක්‌ ඇත. වැය වන මුදල වැඩි වුවත් ඉන් වන පරිසර හානිය අවම වන බැවින් ලැබෙන ප්‍රතිලාභ ඉහළ ය. වායු තල බමනයක්‌ තුළ අධික උෂ්ණත්වයක්‌ යටතේ සිදු කරන ඉන්ධන දහනයේ දී නයිටි්‍රක්‌ ඔක්‌සයිඩ් නම් විෂ වායුව නිපදවෙයි. මේ තත්ත්වය ද අවම කළ යුතු වෙයි. මේ සඳහා ආසූත ජලය වායු තල බමනයට විදීමක්‌ සිදු කෙරෙයි. මෙය වායු තලබමන ක්‍රියා කිරීමේ දී යොදා ගන්නා ක්‍රමවේදයකි. මෙයින් සිදු වන්නේ දහන උෂ්ණත්වය අඩු කර නයිටි්‍රක්‌ ඔක්‌සයිඩ් නිෂ්පාදනය අඩු කිරීම ය. මෙහි දී මේ ක්‍රියාවලිය මැනැවින් සිදු කරන බැවින් වායුගෝලයට නිකුත් වන නයිටි්‍රක්‌ ඔක්‌සයිඩ් ප්‍රමාණය අවම වී ඇති අතර එය ද විෂ රහිත ය. කාබන් ඩයොක්‌සයිඩ් පිට වීමක්‌ සිදු වුව ද බොයිලේරුවේ කුලුන මීටර් 80ක්‌ වැනි ඉහළ උසකින් සවි කර තිබෙන බැවින් ඉහළ සීමාවක දී වායුගෝලයට මිශ්‍ර වන නිසා අහිතකර තත්ත්වයක්‌ පරිසරයට ඇති නො වේ.

    සිසිලනය සඳහා යොදාගන්නා මුහුදු ජලය සම්පූර්ණයෙන් නැවතත් මුහුදට යෑවෙන්නේ නැත. නිදසුනක්‌ ලෙස ගල් අඟුරු බලාගාරයක සිසිලන කටයුතු සඳහා ලබා ගන්නා මුහුදු වතුර ආධාරයෙන් සිසිලන කටයුතු කර ඒ සැණින් මුහුදට නැවත යෑවීමක්‌ සිදු කෙරෙයි. මේ බලාගාරයේ කටයුතු සඳහා පැයකට ඝනමීටර් 25000ක මුහුදු ජල ධාරිතාවක්‌ අවශ්‍ය වෙයි. මේ බලාගාරය සතු ව සිසිලන කුලුනු දෙකක්‌ ඇති බැවින් නැවත ආපසු මුහුදට යෑවෙන්නේ පැයට ඝන මීටර් 1100ක්‌ වැනි සුළු ප්‍රමාණයකි. මෙය ද පවතින මුහුදු ජලයේ උෂ්ණත්වයට වඩා අඩු මට්‌ටමක පවතින බැවින් සාගර උෂ්ණත්වයට හානියක්‌ සිදු වන්නේ නැත. එහෙත් මුහුදට ගලන ජලයේ ලවන සාන්ද්‍රණයේ තරමක වැඩි වීමක්‌ දක්‌නට ලැබේ. එයින් හානියක්‌ සිදු වන්නේ නැත. මේ හැර එහි විෂ සහිත ද්‍රව්‍ය අඩංගු ද නැත.

    මේ වන විට කෙරවලපිටිය බලාගාරය ඉදි කර අවසන් ය. දැන් ඇත්තේ ඉදිරි කාලයේ දී මැනැවින් නඩත්තු කටයුතු කිරීම ය. මෙය බලාගාරය ඉදි කිරීමට වඩා අපහසු කාර්යයක්‌ වෙයි. නිසි පරිදි නිසි විදුලි බල ධාරිතාව ලබා දීමට හැකි නො වුවොත් එය ද පිරිමැසිය නොහැකි අඩුපාඩුවකි. ඉදිරි නඩත්තු කටයුතු පිළිබඳව නිසල් පෙරේරා දක්‌වුයේ මෙවන් අදහසකි.

    "මේ බලාගාරයේ ඉදිරි පැවැත්ම ඇස්‌තමේන්තු අවුරුදු 25ක්‌. මේ බලාගාරයේ අත්‍යවශ්‍ය ප්‍රධාන උපාංග මිල දී ගත්තේ මේ තාක්‍ෂණය හා සම්බන්ධව ක්‍රියා කරන රටවලින්. මෙහි වායු තලබමනය මිල දී ගන්නේ ප්‍රංශයේ ජෙනරල් ඉලෙක්‌ටි්‍රකල් සමාගමෙන්. වාෂ්ප තලබමනය ඇමෙරිකාවේ ජෙනරල් ඉලෙක්‌ටි්‍රකල් සමාගමෙන් මිලදී ගත්තා. විදුලි පද්ධතිය මිල දී ගත්තේ ජර්මනියේ ABB සමාගමෙන්. තාප උත්පාදක යන්ත්‍රය (Recovery Steam Generator) මිල දී ගත්තේ නෙදර්ලන්තයේ NEM සමාගමෙන්. සිසිලන කුලුනත් ඒ සම්බන්ධ සියලු ම උපකරණත් මිල දී ගත්තේ ජර්මනියේ STX Cooling technologies කියන ආයතනයෙන්. මේ සියල්ල ම මූලික කොටස්‌. මේ කොටස්‌ සම්බන්ධ ඉංජිනේරු කාර්යයන් ඒ ඒ අදාළ සමාගම්වල ඉංජිනේරුවන් අපට ලබා දුන්නා. මේ සෑම කොටසක්‌ ම සම්බන්ධ කර සැලසුමක්‌ ඇති ව බලාගාරය ඉදි කළේ අපේ ඉංජිනේරුවෝ. ඒ අය කළේ ඒ අය ගේ කොටස විතරයි. කලින් සඳහන් කළ ආකාරයට මුහුදු ජලය පිරිසිදු කර විදුලිය නිපදවීමේ කාර්යය සඳහා වන සියලු ම දේවල් කළේ අපේ දැනුමෙන්. ඒ කියන්නේ ටර්මිනල් පොයින්ට්‌ මැනේඡ්මන්ට්‌ (Terminal Point Management) කළේ අපියි. මේක ඉතා ම අමාරු කාර්යයක්‌. මේක තමයි බලාගාරයේ හදවත.

    මෙවැනි බලාගාර ශ්‍රී ලංකාවේ ඉදි කර නො තිබුණ හෙයින් මෙරට ඉංජිනේරුවන්ට පවා මෙය නව දනුම් සම්භාරයක්‌ ලබා දුන් අත්දැකීමක්‌ විය. අපේ ඉංජිනේරුවන් මෙහි ලා ගත් ක්‍රියාමාර්ග හා ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ග ඉංජිනේරු නිසල් පෙරේරා පැහැදිලි කළේ මේ අයුරිනි.

    මේ බලාගාරය ඉදි කිරීමේ දී අපි උගත් ශිල්ප ක්‍රම මැනැවින් යොදාගැනීමට හැකි වුණා. මේකට හේතුව මම හිතන විදියට අපිට අපේ රටෙන් ලබා දෙන උසස්‌ ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනය. අපිට මේ නිදහස්‌ අධ්‍යාපනයෙන් ලබා දෙන්නේ යමක්‌ පරිශීලනය කරල එයින් දැනුමක්‌ ලබාගෙන එයින් අලුත් දෙයක්‌ ඉගෙන ගැනීමේ ක්‍රමවේදයක්‌. අපි නො දන්න දෙයක්‌ වුවත් දැනුම ඇති අය සමග සාකච්ඡා කරල සමීක්‍ෂණයක්‌ කරල නැත්නම් පර්යේෂණ කරල හෝ පොත්පත් කියවල දැනුමෙන් පෝෂණය වෙලා අලුත් දෙයක්‌ කිරීමේ හැකියාවක්‌ අපේ රටේ නිදහස්‌ අධ්‍යාපනයෙන් ලබා දෙනවා. මේක තමයි පාසල් අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අපිට ලැබුණු පන්නරය.

    මෙහි ඉන්න සැම ඉංජිනේරුවෙක්‌ ම නිදහස්‌ අධ්‍යාපනයෙන් රටට ලැබුණු දායාද. මේ අය ගේ තිබෙන සුදුසුකම් අනුව ලෝකේ ඕනෑ ම රටක රැකියාවක්‌ ලබාගන්න පුළුවන්. ඒත් මේ අය උපන් රට අධ්‍යාපනය ලබා දුන් රට දාල යන අය නො වෙයි. මේ සියලු දෙනා ගේ ම නොමසුරු දායකත්වයත් ජාතික හැඟීමත් නිසා තමයි මේ වගේ අභියෝගයක්‌ ජයගත්තේ. මේ ගමන අපි මෙතනින් නවතින්නේ නෑ. අපිට ලෝකේ ඕනෑ ම රටක මේ වගේ බලාගාර ඉදිකිරීමේ හැකියාව තිබෙනවා. මේ වන විටත් ඕමානය, කෙන්යාව, මැලේසිsයාව වැනි රටවලින් මේ වගේ බලාගාර ඉදි කරන්න ආරාධනා ලැබිල තිබෙනවා.

    අපි රටට දෙන ආදර්ශය නම් අපි මේ රටෙන් නිදහස්‌ අධ්‍යාපනය ලබලා පිට රටකට ගිහින් මුදල් උපයනවාට වඩා රටක්‌ නියෝජනය කරන කණ්‌ඩායමක්‌ හැටියට මෙවැනි බලාගාර පිටරටවල ඉදි කරල රටට විදේශ විනිමයක්‌ වගේම කීර්තියක්‌ ලබා දිය යුතුයි කියන එක. ඉදිරි අනාගතයේ දී රට සංවර්ධනය කරන්න නම් අප වැනි අය ජාතික හැඟීමකින් කටයුතු කළ යුතුයි කියලයි මම සිතන්නේ.


    අමල් උඩවත්ත
    ඡායාරූප : කමල් බෝගොඩ
    විශේෂ ස්‌තුතිය - සුදත් අන්නාසිවත්ත,
    ජ්‍යෙෂ්ඨ කළමනාකරු,
    ව්‍යාපෘති සම්බන්ධීකරණ. සහ නිසල් පෙරේරා
    (ප්‍රධාන ඉංජිනේරු) මහත්වරුන්ට.

    Source : Vidusara


    ~ Give a + Rep If You Like This Post ~
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Awesome post machang. Umba sahenna mahansi wela thiyanawa. Wooow. Amazing. Mekata kohoma hari rep denawa mama.
    You must spread some Reputation around before giving it to aragon again lu. Passe hari denawa. Aniwarrr.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වටිනා විස්තර ටිකක් .......ස්තුතියි

    You must spread some Reputation around before giving it to aragon again. :baffled:
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    නියමයි.දැවි තෙල් භාවිතා කරන එක නම්.එවා අපි නිකම්ම අපතේ යවනවනෙ.
    ඒත් අර නැවත් මුහුදට එකතු කරන ජලයේ ලවන සාන්ද්‍රණය වැඩි නේ ද ? ඒකටත් පිලියමක් ඇති මම හිතන්නෙ.අපිට වඩා දන්නවනෙ ඕවයෙ ඉන්න අය.:oo: ;) අනිවා ලන්කාවෙ ඉන්ජිනේරුවො රට ගැන හිතල වැඩ කරනව කියල විශ්වාසයි.නියමයි දැන් ලන්කාවෙ අයමයි නේද ගොඩක් project කරන්නේ.නියමයි සහොදරයා,නියම thread එකක්.:):):)

    You must spread some Reputation around before giving it to aragon again.:(I'll try latr.:)
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Great Job brother...sahenna mahansi wela..:) :) :D
    Niyama wadak :)

    Sorry bro spread karannalune..puluwan una gaman mekata denawa :( :(