ගඩලාදෙනිය පුරාණ රජමහා විහාරය.
පහුගිය දවස් කිහිපය තුල එලකිරි එකේ ගොඩක් හැල හැප්පීම් ඇති වුනා. ඒ දේවල් එක්ක treads දාන එක පොඩ්ඩක් පස්සට ගියා. අද මම හිතුවා ඔයාලාට ගඩලාදෙනිය ගැන කියලා දෙන්න.
කොලඹ - මහනුවර පාරේ පිලිමතලාව පහුකරගෙන පොඩ්ඩක් ඉස්සරහට යනකොට ගඩලාදෙනියට යන පාර ඔයාලාට දැකගන්න පුලුවන්. ගම්පොල රාජ සමයේ රජකරපු වික්රමබාහු රජතුමා අතින් මේ අපූරු විහාරය ඉදිවුනා කියලා තමයි ඉතිහාසයේ කියවෙන්නේ. ඒ ක්රි.ව. 1344 කාලයේ. තනි ගලේ කෙටු ගල් පඩිපෙලක් නැගීමෙන් මේ අපූරු විහාරයට ගොඩවෙන්න පුලුවන්.
ගල්පඩිපෙල ආසන්නයේම දකුනු පසින් නූතන සිoහල අක්ෂර වලින් කෙටූ ඉපැරනි සෙල්ලිපියක් පිහිටා තියනවා.
විහාරයට ඇතුල්වූ ඔබට ඉපැරනි බෝමලුව හා ඒ අසලම පිහිටි තවත් ඉපැරනි සෙල්ලිපියක් මුලින්ම දිස් වෙනවා.
ඒ අසලම පැරනි කැටයම් සහ බොහොම අපූරු පිලිම වහන්සේලා වැඩ සිටින වෙහෙර වහන්සේ වැඩ සිටිනවා.
ගඩලාදෙනිය විහාරයේ අපූරුම ස්ථානය තමයි ගලින් කෙටූ විහාර ගෙය. ඉපැරනි, අලoකාර පිලිම වහන්සේලා කිහිප නමක් මෙහි වැඩ සිටිනවා. බොහොම අපූරු බිතුසිතුවම් තවමත් හොදින් ආරක්ෂාවී තියෙනවා. ඉපැරනි දාතු කරඩුව වැඩ සිටින කුටිය බොහොම අලoකාර චිත්ර වලින් අලoකාර වී තිබෙනවා.
ඉපැරනි කොස් ලීයෙන් නිර්මාණය කරලා තියන බුදු මැදුරේ දොර පියන් අලoකාර චිත්ර වලින් සැරසිලා තියනවා.
ඒ වගේම ගඩලාදෙනිය පන්සලට නුවර අවට පරිසරය බොහොම අපූරුවට දර්ශනය වෙනවා.
මේ දවස්වල ගඩලාදෙනිය පුරාණ විහාරයේ ප්රතිසoස්කරන කටයුතු සිදුවෙමින් පවතිනවා කියලා එහෙ ගිය අවස්ථාවේ දැකගන්නට ලැබුනා. ඔයාලත් ගඩලාදෙනිය දැකබලාගන්නට වන්දනාමාන කරගන්නට ගියොත් පුලුවන් ආකාරයකින් ඒ කටයුතු වලට අධාර කරලා එන්න කියලත් කියන්න කැමතී. ඔබ ඒ ලබා දෙන ආධාරයෙන් මේ අපූරු ස්ථානය අපේ මතු පරපුරට දැකබලා ගන්නට සලස්වන්නට රුකුලක් වේවි.
ADD REP++ IF YOU LIKE MY TREAD !!!