මහසෙන් කසුප් යක් සබඳතාව
හසෙන් කසුප් යක් සබඳතාව මහාචාර්ය නලින් ද සිල්වා
මෙරට කලා ශිල්පවල අනන්‍යතාව ඇත්තේ යක්ෂ සම්ප්රදායෙහි ද යන්න සොයා බැලිය යුතු කරුණකි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීමත් සමඟ අටළොස් කුලයක ජනයා මෙහි පැමිණි බව මහාවංශයෙහි සඳහන් වෙයි. ඒ පිරිස යම් කලා ශිල්ප මෙරටට හඳුන්වා දෙන්නට ඇත. එහෙත් එයට පෙර මෙරට කලා ශිල්ප නො තිබිණි යෑයි කිව නොහැක්කේ යක්ෂ ගෝත්‍රිකයන් ගේ සංගීත උත්සව ගැන වංශකතාවල ම සඳහන් වන බැවිනි.
යක්ෂ ගෝත්‍රිකයන් වැව් කර්මාන්තයෙහි දක්ෂයන් වූ බව ද, පඬුඅබා කුමරු රජ වීමට පෙර ද මෙරට වැව් තිබූ බව ද අපි දනිමු. දක්ෂ ගොවියන් ද වූ යක්ෂ ගෝත්‍රිකයන් මෙරට දී වැව් නිර්මාණය කරන්නට ඇතැයි අපට නිගමනය කිරීමට හැකි වන්නේ යක්ෂ ගෝත්‍රිකයන් විසූ වෙනත් රටවල අපට පෙර වැව් තනා නොමැති බැවිනි. යක්ෂ ගෝත්‍රිකයන් කතා කළ භාෂාව ගැන අද අපට වැඩි විස්තරයක් දැනගත නොහැකි ය.
අද සිංහල භාෂාවේ මාතෘ භාෂා ලෙස පාළි හා සංස්කෘත භාෂා පිළිගැනෙයි. මේ අර්ධ වෛදික සංස්කෘතියෙහි බලපෑම නිසා සිදු වී ඇත්තකි. අද අප සිංහල භාෂාව ලෙස හඳුන්වන භාෂාව අර්ධ වෛදිකයන් ගේ මාගධී ප්රාකෘතයෙහි හෝ ආසන්න ප්රාකෘතයක හා පසුව සංස්කෘත භාෂාව ලෙස හඳුන්වන භාෂාවෙහි බලපෑම මත සකස් වී ඇති බව පැහැදිලි ය. මාගධී ප්රාකෘතයෙන් හෝ එයට ආසන්න ප්රාකෘතයකින් පොත් ලිවීමෙන් පසුව ඒ භාෂාවට පෙළ බස හෙවත් පාළි යෑයි ව්‍යාවහාර වී ඇති බව පෙනී යයි.

Last edited: