පිස්සා පරණම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පරණම පිස්සා

    තරමක් දුරට සුව වී ඇති රෝගීන් කණ්ඩායමක් තෝරාගෙන, ඔවුන් වෙත රෝහලේ ඇතැම් සරල ක්‍රියාකාරකම් පැවරීමට අංගොඩ මානසික රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා අදහස් කළේ, එය ඔවුන් ඉක්මනින් සුවපත් කිරීමට ආධාරකයක් කර ගැනීමේ අරමුණිනි.
    එවැනි කණ්ඩායමක් තෝරාගත් වෛද්‍යවරයා ඒ කණ්ඩායමට අයත් වූ පැරණිතම රෝගියා දෙස බලා මෙසේ කීය.
    ’ගුණපාල තමුසෙ තමයි මේ පිස්සන් කොටුවේ වැඩිම කාලයක් හිටපු ලෙඩා.’
    ගුණපාල වෛද්‍යවරයා දෙස බැලුවේ ඔහුගේ කීම නොපිළිගන්නා බව අඟවමිනි.
    ’මම වෙන්නෙ කොහොමද? මම එනකොටත් සර් මෙහෙ හිටියනෙ.’ හේ කීවේය.




    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්:)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕනෑ එකක් ගන්ඩ

    ඕනෑ එකක් ගන්ඩ

    වසන්තා උදේ නැගිටින කොට සාජන් මහත්තයා වැඩට යන්න යුනිෆෝම් එක ඇද ගෙනත් ඉවරයි. වසන්තා, සාජන් මහත්තයා ළඟට කිට්ටු කරලා කාකි කබායේ නැමී තිබුණු කොලර් එක හදන ගමන් මෙහෙම කිව්වා.
    ’ඊයේ රෑ ඔයා මට හීනෙන් රුපියල් දාහක් දුන්නා. ඒකෙන් මං ලබපු සන්තෝසෙ ඔයා නැති කරන්නෙ නෑ නේද වස්තුවේ.’
    ’පිස්සුද නෝනෙ, ඔයා ඒ රුපියල් දාහෙන් ඔයාට ඕනෙ එකක් ගන්ඩ.’ සාජන් මහත්තයා එහෙම කියල තොප්පියත් දාගෙන මාරු වුණා.


    :lol:

    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්
    :)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ සැරේ තාත්තා

    ඒ සැරේ තාත්තා

    ’සර් මෙච්චර වයසට ගිහිල්ලත් කසාදයක් බැන්දේ නැත්තෙ මොකද?’ චතුරංග දවසක් දා තම අංශ ප්‍රධානියා වූ අමරසේකර මහතාගෙන් ඇසුවේ හන්දියෙන් ගෙනා බත් පාර්සලය ඔහුට භාර දෙමිනි.
    ’මම බඳින්ඩ හිටිය හැම කෙල්ලටම අපෙ අම්මා විරුද්ධ වුණා බං.’ අමරසේකර කීවේ සිනාසෙමිනි.
    ’ඉතින් අම්මා වගෙ කෙනෙක්ව තෝරා ගත්තා නං ඉවරනෙ.’ චතුරංග පැවසුවේ මේසය මත වතුර වීදුරුවක් තබමිනි.
    ’ඒකත් මං කළා බං. ඒ සැරේ ඒ කෙල්ල බඳිනවට අපේ තාත්තා තදින්ම විරුද්ධ වුණා.’
    අමරසේකර කීවේ මදක් ඉස්සී තිබූ තම බොරු කොණ්ඩය දෑතින්ම සකස් කරමිනි.


    :lol:

    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්
    :)
     
    Last edited:
    • Like
    Reactions: Samantha567

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කවුද පිට හීරුවේ

    කවුද පිට හීරුවේ

    ’මොකද ඔයා ඊයෙ රෑ හීනෙන් මගෙ පිට හීරුවෙ?’ රංජනී කට බෙරි කරගෙන, පියදාසගෙන් ඇහැව්වේ පිට අත ගාමින්.
    ’මොන පිටක් ද?’ මම හවස ගත්ත සංවර්ධන ලොතරැයි පහක් නෙ ඒ හීරුවේ. පහේම කිසිම දිනුමක් තිබුණෙ නැහැ.’ පියදාස පිළිතුරු දුන්නේ් කේන්තියෙනි.



    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්
    :)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එලිවේටරය හා ලිෆ්ට් එක

    එලිවේටරය හා ලිෆ්ට් එක

    ඇමෙරිකානුවෙක් එංගලන්තයට ගොස් හෝටල් කාමරයක් වෙන්කරවා ගත්තේය.
    ඇමෙරිකානුවා - කොහෙද එලිවේටරය තියෙන්නේ? (ඇමෙරිකාවේ විදුලි සෝපානය හඳුන්වන්නේ ‘එලිවේටර්’ යනුවෙනි)
    කළමනාකරු - එලිවේටර්..? එහෙම එකක් මෙහේ නෑනේ.
    ඇමෙරිකානුවා - මොනවා..? එතකොට මම කොහොමද 11 වැනි තට්ටුවට නඟින්නේ?
    කළමනාකරු - ආ.. අර තියෙන්නේ ලිෆ්ට් එක. ඒකෙන් උඩට නඟින්න.
    ඇමෙරිකානුවා - ඒකට කියන්නේ ලිෆ්ට් නෙවෙයි එලිවේටර්.
    කළමනාකරු - නෑ.. නෑ.. ඒකට කියන්නේ ලිෆ්ට් එක කියලයි.
    (මේ සම්බන්ධයෙන් හෝටල් කළමනාකරු සහ ඇමෙරිකන් ජාතිකයා අතර උණුසුම් වාදයක් හට ගත්තේය. අවසානයේදී තදින් කෝප වී සිටි ඇමෙරිකානුවා මෙසේ කීය.
    ඇමෙරිකානුවා - හුහ්.. තමුසේ දැනගන්නවා ඔය එලිවේටරය නිර්මාණය කළේත් අපියි. ඒ නිසා ඒකට කියන්නේ එලිවේටර් එක කියලයි.
    කළමනාකරු - වෙන්න ඇති.. ඔය ඕන බඩකඩුත්තුවක් හදන්න කාටද බැරි? නමුත් මතක තියාගන්නවා ඉංග්‍රීසි භාෂාව හැදුවේ අපියි. ඒ නිසා ඒකට කියන්නේ ලිෆ්ට් එක කියලයි.

    :lol:


    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්
    :)
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    ත්‍රේඩ 1ක හොදයී
    එත්
    කොලපට කියවන්න අමාරුයී
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නත්තල් බෑනා

    නත්තල් බෑනා

    නත්තල් සමයේදී සුපිරි සාප්පුවල නත්තල් සීයා දකින්නට ලැබෙයි. සාමාන්‍යයෙන් නත්තල් සීයා සිටින ස්ථානයට රොක් වන්නේ කුඩා ළමයින්ය. වැඩිහිටියන් නත්තල් සීයාගෙන් තෑගි බලාපොරොත්තු වන්නේ නැත. එහෙත් 35 හැවිරිදි එමිලි නම් කාන්තාව සාප්පුවකට ගොස් කෙළින්ම නත්තල් සීයා ළඟට ගියාය. වැඩිහිටි කාන්තාවක් තමා වෙතට තෑගි බලාපොරොත්තුවෙන් පැමිණ සිටිනු දැකීමෙන් නත්තල් සීයා ද පුදුමයට පත්විණ.
    නත්තල් සීයා - ඔබටත් නත්තලට මගෙන් යමක් වුවමනාද?
    කාන්තාව - අනේ මට නෙවෙයි. මගේ අම්මටයි ඕන කරන්නේ.
    නත්තල් සීයා - ඔබ අම්මාට බොහෝම ආදරය කරන කාන්තාවක් බව පෙනෙනවා.
    කාන්තාව - ඔව් අම්මට ඉන්න එකම ළමයා මං විතරයි.
    නත්තල් සීයා - එහෙමද? ඉතිං මොන වගේ දෙයක් ද ඔබේ අම්මට මගෙන් වුවමනා වෙලා තියෙන්නේ?
    කාන්තාව - ඔව් එයාට ඕන කරලා තියෙනවා ඔයා වගේ හොඳ බෑනා කෙනෙක්.

    :lol:

    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්:)
     
    Last edited:
    • Like
    Reactions: Chooty malli

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොරු දෙන්නා

    හොරු දෙන්නා

    ඉතා ධනවත් මහලු පුද්ගලයෙක් රෝගාතුර වී ඇඳට වැටුණේය. ඔහු තවත් ජීවත් වන්නේ පැය කිහිපයක් බැව් වෛද්‍යවරුන් ගේ නිගමනය විය. හෙතෙම වහාම තම පෞද්ගලික වෛද්‍යවරයා සහ නීතිඥවරයා කාමරයට කැඳවා ගත්තේය.
    මහලු පුද්ගලයා ගේ කීම මත වෛද්‍යවරයා සහ නීතිඥවරයා ඔහු මැදි කොට ඇඳේ දෙපස වාඩි වූහ.
    නීතිඥයා - ඇයි මට එන්න කිව්වේ?
    මහලු පුද්ගලයා - ඔහොම ටිකක් මගේ පැත්තකින් වාඩිවෙලා ඉන්නකෝ.
    වෛද්‍යවරයා - එතකොට මට එන්න කිව්වේ ඇයි?
    මහලු පුද්ගලයා - ඔයත් ඔහොම මගේ පැත්තකින් වාඩි වෙලා ඉන්නකෝ.
    මෙසේ පැයක් පමණ කාලය ගතවිය. මහලු පුද්ගලයාගේ මුහුණ, අත, පය සුදුමැලි වෙමින් ඔහු මිය යෑමට ආසන්න බව පෙන්නුම් කෙළේය.
    වෛද්‍යවරයා සහ නීතිඥයා යළිත් කලබල වී මහලු පුද්ගලයාට කතා කළහ.
    ”ඇයි අපිට එන්න කිව්වේ..? ඉක්මනට කාරණය කියන්න” යැයි ඔවුහු කීවෝය.
    මහලු පුද්ගලයා - මටත් ඕනේ ජේසුතුමා වගේම ස්වර්ගයට යන්න.
    නීතිඥයා සහ වෛද්‍යවරයා - ඉතිං අපි මොනවද කරන්න ඕනේ?
    මහලු පුද්ගලයා - ඔය දෙන්නා ඔහොමම දෙපැත්තේ වාඩිවෙලා ඉන්න. මොකද ජේසුතුමා මැරෙන වෙලාවේත් දෙපැත්තෙන් හිටියේ හොරු දෙන්නෙක් නේ.

    :lol:

    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්
    :)