පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

    ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරගයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.

    ooo-3-logo-col-rgb.png


    මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.

    Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.
    100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

    ඔබ කොහොමඳ එක්වෙන්නේ?

    Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න.
    ඉන් අනතුරුව "Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.
    කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න.

    ඔබ මොනවද දැනගත යුත්තේ?
    සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම අනිවාර්ය වේ.
    අදාල ඉංග්‍රිසි වදන් තෙරුම් ගෙන එය සිංහලින් සරලව ලිවීමයි ඔබ කළ යුතු වන්නේ

    පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනීමක් අවශ්‍ය නොවේ!

    තනිවද තරග කරන්නේ?

    ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක.
    එනම් පාසැල්, විශ්ව විද්‍යාල, ආයතනික මිතුරන් සමඟ එක් රැස්වී තරඟ කළ හැක.

    සයුරෙන් එහා ඉන්න මම?

    ඔව් මව් රටින් බැහැර වුවත් ඔබටත් අන්තර්ජාලය හරහා දායක විය හැක.
    පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි.
    (දැනට එක්සත් රාජධානිය, සවුදි සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් තිදෙනෙක් සහය දීමට ඉදිරිපත්ව ඇත.)

    එන්න අපහා එක්වන්න.

    src : http://danishkanavin.blogspot.com/2010/04/2010.html
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    they need all the help they can get.
    The whole country benefits from this as it completes the localization of OpenOffice.