KANDYAN CONVENTION - උඩරට ගිවිසුම
Drafted :: 1815
Signed :: 2 - 18 මාර්තු 1815
Location :: මගුල් මඩුව
Signatories :: 12
Parties :: 2
Languages :: සිංහල , දෙමළ, ඉංග්‍රිසි
අත්සන්කරුවෝ
බ්‍රිතාන්‍ය
රොබර්ට් බ්‍රවුන්රිග් - ලංකා ආණ්ඩුකාරයා
ජෝන් ඩොයිලි - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක
ඡේම්ස් සදර්ලන්ඩ් - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම්
උඩරට මහජනතාව වෙනුවෙන් (උඩරට ප්‍රධානියා)
ඇහැලේපොල මහ නිලමේ
මිල්ලෑව - වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව
රත්වත්තේ -මාතලේ දිසාව
ගලගොඩ - නුවර කලාවියේ දිසාව
මොල්ලිගොඩ - මහ අදිකාරම් හා සත් කෝරළේ දිසාව
මොල්ලිගොඩ (කනිෂ්ඨ) - තුන් කෝරළේ දිසාව
පිළිමතලව්වේ (කපුවත්තේ)- දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව
පිළිමතලව්වේ (කනිෂ්ඨ) -සතර කෝරළේ දිසාව
මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ - ඌවේ දිසාව
ගලගම -තමන්කඩුවේ දිසාව
උඩරට_ගිවිසුම_අත්සන්කල සිංහලේ නිළමේවරු
වැඩි විස්තර සදහා . . . .
Drafted :: 1815
Signed :: 2 - 18 මාර්තු 1815
Location :: මගුල් මඩුව
Signatories :: 12
Parties :: 2
Languages :: සිංහල , දෙමළ, ඉංග්‍රිසි
වසර 1815 මාර්තු 04වන දින ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ශ්‍රී ලංකාවේ එකල පැවති එකම නිදහස් රට වූ කන්ද උඩරට විසූ රට කරවූ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී.
1815 මාර්තු 02 උඩරට ගිවිසුම අත්සන් කළ දා
උඩරට ගිවිසුම ආරම්භ වන්නේ "ක්‍රිස්‌තු වර්ෂ එක්‌වා දහස් අටසිය පහළොහක් වූ මාර්තු මස දෙවැනි දින නොහොත් සිංහල වර්ෂ ප්‍රමාණයෙන් ශක වර්ෂ එක්‌වා දහස් සත්සිය තිස්‌හයට පැමිණි අවුරුද්දේ නවම් මස අවසනවක් තීර්ථය ලත් ගුරු දින..." යනුවෙන් සඳහන් කරමිනි 1796 දී මෙරට මුහුදුබඩ පළාත් ලන්දේසීන්ගෙන් අල්ලාගත් ඉංග්‍රීසිහු උඩරටට ඇතුළුව 1815 පෙබරවාරි 18 වැනි දින ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමත් සමග සමස්‌ත දිවයිනේම ස්‌වාමීත්වයට පත්වූහ. 1796 සිට 1815 දක්‌වා ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනයට ඔවුන්ට ගිවිසුම් හෝ සම්මුතීන් අවශ්‍ය නොවූවත් 1815 දී උඩරට යටත් කිරීමත් සමග මෙවැනි ගිවිසුමක් අවශ්‍ය වූයේ එවකට බලවත්ව සිටි උඩරට සිංහල ප්‍රධානීන් අවනතව තබා ගැනීමට අවශ්‍ය වූ හෙයිනි. සිංහල ප්‍රධානීන් වටා ජනතාවද, ආගමද, සිංහල සිරිත් විරිත්ද, සම්ප්‍රදායන්ද ඇඳී බැඳී තිබුණ හෙයින් දෙපාර්ශ්වීය ගිවිසුමක අවශ්‍යතාව ඉංග්‍රීසිහු වටහාගෙන සිටියහ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගෙන සති දෙකක් යැමට පෙර උඩරට ගිවිසුම සිංහල ප්‍රධානීන් ඉදිරියේ කියවීමෙන් මේ සඳහා වූ ඉංග්‍රීසින්ට වූ හදිසිය කැපී පෙනේ. මෙම ගිවිසුම සකස් කිරීමට සිංහල පාර්ශ්වය වෙනුවෙන් ඇහැලේපොල, කපුවත්තේ (පිළිමතලව්වේ), මොල්ලිගොඩ හා මිල්ලෑව දිසාවද සහභාගි වී අති බවක් ඉංග්‍රීසි පාර්ශ්වය වෙනුවෙන් සිංහල භාෂාව පිළිබඳ මනා පරිචයක් ලබා සිටි ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ජෝන් ඩොයිලි මහතාත් ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම් වූ ඡේම්ස් සදර්ලන්ඩ් මහතාත් ක්‍රියාකර ඇති බව පෙනේ.