 |
|
|
|
|
Senior Member
|
|
Posts: 21,187
Join Date: Oct 2008
|
|
|
ධාතු විස්තරය -
04-22-2010, 11:44 PM
ධාතු විස්තරය
අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා විසින් බෙදාදෙන ලදී. එහිදී ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වලටත් ලංකාවටත් ධාතු ගෙන ගිය අතර, අද වන විට මෙම ධාතුන් ගෙන් බොහොමයක් (බොහෝ විට සියල්ලම) බුදුන්ගේ දේශය යන විරුදාවලිය ලත් මේ පින්බිමෙහි තැන්පත්ව ඇත. ගෞතම බුදුන් වහන්සේට පෙර විසූ කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුන් වහන්සේලා භාවිතා කල දෑද අතීතයේ මහමෙව්නා උයනේ නිදන් කර ඇත. මේ එම ධාතු විස්තරයයි.
සම්බුද්ධ පරිණිර්වාණයෙන් පස්සෙ ආදාහනයෙන් නොදැවී ඉතිරි උනේ ධාතුන් 7යි, නලාට ධාතුව, දෙ අකු ධාතුන් හා සතර දළදා ධාතුන්, ඉතිරි ධාතුන් සුඹුලු පරිදි විසිරුණාලු.
දළදාව 01
මෙයින් වම් දළදාව ඛේම ස්ථවිරයන් දරසෑයෙන්ම ගත් අතර දන්ත පුරයේ කාලිංග බ්‍රහ්මහදත්ත රජුට පැවරුවා..... කාලයාගේ ඇවෑමෙන් ලක්දිව කිත්සිරි මෙවන් රජ දවසේ හේමමාලා සහ දන්ත කුමරුන් ලක්දිවට රැගෙන විත් අද වන විට එම දළදාව මහනුවර දළදා මාළිගයෙහි තියෙනවා.
දළදාව 02
එක් දකුණු දළදාවක් ද්‍රෝණ බමුණා හිසේ සඟවගත් වෙලේ ශක්‍රයා ඇවිත් එම දළදා ධාතුව හොරෙන්ම අරං ගිහිං සිළුමිණ සෑයෙ තැන්පත් කලාලු.
දළදාව 03
තෙවන දළදාව ගන්ධාර රට රජු විසින් අරන් ගියා.
දළදාව 04
සිව්වන දළදාව නාග ගෝත්‍රිකයන් විසින් නා ලොවට ගෙනගොස් පූජා පැවැත්වුවා ...... නන්ද නම් රහතන් වහන්සේ නමක් භාරයේ තිබුන මේ දළදාව පරපුරෙන් පරපුරට විත්, කාවන්තිස්ස රජ සමයේ කාවන්තිස්ස රජුගේ සොයුරිය සෝමාදේවිය නමින් ගොඩනැගූ සෝමාවතී සෑයේ නිධන් කරනු ලැබුවා.
ක්ෂීණ ධාතුන්, අඟුරු සහ නැළිය
මෙම ධාතුන් කොටස් අටකට බෙදූ ද්‍රෝණ බමුණා එය විශාලා නුවර ලිච්ඡවී රජ දරුවන්ට, කිඹුල්වත්පුර ශාක්‍යන්ට, අල්ලකප්ප නුවර බූලි රජදරුවන්ට, රාමගාමයේ කෝළියයන්ට, වේඨදීපක බමුණුගම බමුණන්ට සහ පාවා නුවර මල්ල රජදරුවන්ට බෙදාදී රන් නැලිය ද්‍රෝණ බමුණා විසින් ගන්නා ලදී ...... සියල්ලෝම මෙම ධාතු නිදන් කර දාගැබ් තැනවූ බව සදහන්.
මේ අනුව පිලිවෙලින් රජගහනුවර, විසාලා මහනුවර, කිඹුල්වත් පුර, අල්ලකප්ප නුවර, රාම ග්‍රාමය, වේඨදීපක නුවර්, පාවා නුවර සහ කුසිනාරා නුවර දාගැබ් 8ක් ද, ද්‍රෝණ බමුණා සහ ධාතුන් බෙදීමෙන් පසු පැමිණි පිප්පලි නුවර රජදරුවන් ඉතිරි වූ අඟුරු ගෙන කල දාගැබ ඇතුළුව දඹදිව ගෞතම බුදුන්ගේ ධාතුන් නිදන් කල දාගැබ් 10ක් විය.
මහසුප් නම් තෙරණු කෙනෙකු, අනාගතයෙහි අන්‍ය ලබ්ධිකයන් විසින් මේ දාගැබ් විනාශ කරන බව දැන අජාසත් රජුට පවසා ඉහත ධාතු තැන්පත් කල දාගැබ් අටෙන් රාමග්‍රාමයේ දාගැබ හැර අනික් ධාතුන් සියල්ල එකතු කොට කරඬු සතක බහා රජගහ නුවර ගිණිකොන දාගැබක් කරවන ලදී. රාමග්‍රාමයේ දාගැබෙහි වූ ධාතුන් නොගත්තේ එම ධාතුන් වහන්සේලා පසුකලෙක ලංකාවේ ඉදිවන්නට නියමිත රුවන්මැලි සෑයට ගෙනයන බැව් උන්වහන්සේ දැනසිටි නිසාලු.
දකුණු අකු ධාතුව
ශක්‍රයා සතුව සිළුමිණ සෑයේ වූ මෙම ධාතුව පසු කලෙක ථූපාරාමයට වැඩමවූ බව සදහන්ය. ථූපාරාමය ඇති ස්ථානය, මෙම භද්‍ර කල්පයේ පෙර විසූ බුදුවරුන්ගේද ධාතු නිඳන් කල ස්ථානයක් බැවින් අකු ධාතුව වැඩම වූ කල යමා මහ පෙළහර පෑ බව පැවසේ. (කකුසඳ බුදුන්ගේ ඩබාරාධාතුව, කෝනාගම බුදුන්ගේ පටීධාතුව සහ කාශ්‍යප බුදුන්ගේ ජලසාටිකාව ථූපාරාමයට බටහිරින් වූ ප්‍රවේජවස්තු නම් කැලෑවී තිබූ තැන නිදන් කර තිබූ අතර, මෙම ගෞතම බුදුන්ගේ අකු ධාතුව එතැනට වැඩම කරන කල ධාතුව යමා මහ පෙළහර පා එම පැරණි ධාතුන් එහි වන බව දැන් විය යුතු යැයි ගෞතම බුදුන් වහන්සේ පරිණිර්වාණයට පෙර අධිෂ්ඨාන කල සේක.)
නලාට ධාතුව
කාවන්තිස්ස රජු විසින් ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල වෙහෙර ඉදිකරන ලද බව සදහන්ය. මෙතැනට ධාතුව වැඩමවන තෙක් එය කොහේ තිබුණි දැයි සොයා බැලිය යුතුය.
තිස්සමහාරාමයේ ඇති දළදා ධාතුව
වම් යටි හකු දලදාව තිස්සමහාරාම වෙහෙරෙහි ඇති බවට 10 වැනි සියවසේ ප්‍රවාදයක් ගැන මිහිඳු ඈපා ගේ කිරින්ද ටැම් ලිපියෙහි ඇත. එසේනම් එයද ගන්ධාරයේ තිබූ දළදාව විය හැක.
ග්‍රීවා ධාතුව
සැරියුත් තෙරුන්ගේ ගෝල සරභූ තෙරුන් වහන්සේ විසින්, බුදුන් වහන්සේගේ චිතකයේ ගිනි නිවෙන්නටත් පෙරම නොදැවී ඉතුරුවුණ ග්‍රීවා ධාතුව ගෙන සිරිලකට වැඩම කල බව සඳහන් වේ. එය බුදුන් වහන්සේ ජීවමාන සමයේම කේශ ධාතු නිදන් කර සුමන රජුන් විසින් මහියංගනයේ කල දාගැබේම තැන්පත් කරන ලදී.
මේ ආකාරයෙන් බුදුන් වහන්සේගේ ධාතුන් සියල්ලක්ම වගේ සහ සිව්මහා බුදුවරුන්ගේ ධාතුන්ද තැන්පත්ව ඇති මෙම පොලව ඇත්තෙන්ම පින්බරය. මෙහි සිංහල බෞද්ධයෙකුව උපදින්නට නම් අපිත් රැස් කර ඇත්තේ සුළුපටු කුසල් සම්භාරයක් නොවන බවත් පැහැදිලිය. එමෙන්ම බුදු දහම ආරක්ෂා කරන රටේ බෞද්ධයන් ලෙස උපන් අපට පැවරුන වගකීමක්දවෙයි. එනම් මෙම ශාසනය රැකගැනීමයි.
උපුටා ගැනීම - රාවන සොයුරෝ
|
 |
Senior Member
|
|
Posts: 13,904
Join Date: Aug 2006
Location: In Lions Land
|
|
|
04-22-2010, 11:46 PM
 bohoma pin
|
 |
Senior Member
|
|
Posts: 605
Join Date: Dec 2006
Location: Oz
|
|
|
04-22-2010, 11:56 PM
Thanks for great post
|
 |
Senior Member
|
|
Posts: 5,747
Join Date: Jan 2009
|
|
|
04-22-2010, 11:59 PM
ශා මාරයි නේ. මම මේ විස්තරේ සමහර දේවල් විතරයි දැනගෙන හිටියේ. තෑන්කියු වේවා මල්කා
අර ඉන්දියාවේ හම්බුන දලදාව එතකොට මේවායින් එකක් වෙන්න බෑ නේද?
|
 |
Senior Member
|
|
Posts: 1,620
Join Date: Sep 2008
Location: .:: arKHam ASylum ::.
|
|
|
04-23-2010, 12:00 AM
hmm...api aththenma pinwanthai....
thnx 4 sharng
|
 |
Senior Member
|
|
Posts: 13,295
Join Date: Feb 2009
Location: Elakiri Server....
|
|
|
04-23-2010, 12:01 AM
EK eke wadiya dakinna nathi widiyaka thread ekak...niyamai sis...thawa tikak pahadili unaanam thama honda...
Rep denna baalu..
You must spread some Reputation around before giving it to Amalka101 again.
|
 |
Senior Member
|
|
Posts: 839
Join Date: Mar 2010
Location: Cyber Space
|
|
|
04-23-2010, 12:02 AM
 ගොඩක් ස්තුතියි දනුවත් කලාට..............
|
 |
Senior Member
|
|
Posts: 23,201
Join Date: Apr 2009
Location: Beaver Land
|
|
|
04-23-2010, 12:03 AM
තෑන්ක්ස්
|
 |
Senior Member
|
|
Posts: 1,987
Join Date: Jan 2009
Location: Piliyandala
|
|
|
04-23-2010, 12:04 AM
Quote:
Originally Posted by Amalka101
ධාතු විස්තරය
අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා විසින් බෙදාදෙන ලදී. එහිදී ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වලටත් ලංකාවටත් ධාතු ගෙන ගිය අතර, අද වන විට මෙම ධාතුන් ගෙන් බොහොමයක් (බොහෝ විට සියල්ලම) බුදුන්ගේ දේශය යන විරුදාවලිය ලත් මේ පින්බිමෙහි තැන්පත්ව ඇත. ගෞතම බුදුන් වහන්සේට පෙර විසූ කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුන් වහන්සේලා භාවිතා කල දෑද අතීතයේ මහමෙව්නා උයනේ නිදන් කර ඇත. මේ එම ධාතු විස්තරයයි.
සම්බුද්ධ පරිණිර්වාණයෙන් පස්සෙ ආදාහනයෙන් නොදැවී ඉතිරි උනේ ධාතුන් 7යි, නලාට ධාතුව, දෙ අකු ධාතුන් හා සතර දළදා ධාතුන්, ඉතිරි ධාතුන් සුඹුලු පරිදි විසිරුණාලු.
දළදාව 01
මෙයින් වම් දළදාව ඛේම ස්ථවිරයන් දරසෑයෙන්ම ගත් අතර දන්ත පුරයේ කාලිංග බ්‍රහ්මහදත්ත රජුට පැවරුවා..... කාලයාගේ ඇවෑමෙන් ලක්දිව කිත්සිරි මෙවන් රජ දවසේ හේමමාලා සහ දන්ත කුමරුන් ලක්දිවට රැගෙන විත් අද වන විට එම දළදාව මහනුවර දළදා මාළිගයෙහි තියෙනවා.
දළදාව 02
එක් දකුණු දළදාවක් ද්‍රෝණ බමුණා හිසේ සඟවගත් වෙලේ ශක්‍රයා ඇවිත් එම දළදා ධාතුව හොරෙන්ම අරං ගිහිං සිළුමිණ සෑයෙ තැන්පත් කලාලු.
දළදාව 03
තෙවන දළදාව ගන්ධාර රට රජු විසින් අරන් ගියා.
දළදාව 04
සිව්වන දළදාව නාග ගෝත්‍රිකයන් විසින් නා ලොවට ගෙනගොස් පූජා පැවැත්වුවා ...... නන්ද නම් රහතන් වහන්සේ නමක් භාරයේ තිබුන මේ දළදාව පරපුරෙන් පරපුරට විත්, කාවන්තිස්ස රජ සමයේ කාවන්තිස්ස රජුගේ සොයුරිය සෝමාදේවිය නමින් ගොඩනැගූ සෝමාවතී සෑයේ නිධන් කරනු ලැබුවා.
ක්ෂීණ ධාතුන්, අඟුරු සහ නැළිය
මෙම ධාතුන් කොටස් අටකට බෙදූ ද්‍රෝණ බමුණා එය විශාලා නුවර ලිච්ඡවී රජ දරුවන්ට, කිඹුල්වත්පුර ශාක්‍යන්ට, අල්ලකප්ප නුවර බූලි රජදරුවන්ට, රාමගාමයේ කෝළියයන්ට, වේඨදීපක බමුණුගම බමුණන්ට සහ පාවා නුවර මල්ල රජදරුවන්ට බෙදාදී රන් නැලිය ද්‍රෝණ බමුණා විසින් ගන්නා ලදී ...... සියල්ලෝම මෙම ධාතු නිදන් කර දාගැබ් තැනවූ බව සදහන්.
මේ අනුව පිලිවෙලින් රජගහනුවර, විසාලා මහනුවර, කිඹුල්වත් පුර, අල්ලකප්ප නුවර, රාම ග්‍රාමය, වේඨදීපක නුවර්, පාවා නුවර සහ කුසිනාරා නුවර දාගැබ් 8ක් ද, ද්‍රෝණ බමුණා සහ ධාතුන් බෙදීමෙන් පසු පැමිණි පිප්පලි නුවර රජදරුවන් ඉතිරි වූ අඟුරු ගෙන කල දාගැබ ඇතුළුව දඹදිව ගෞතම බුදුන්ගේ ධාතුන් නිදන් කල දාගැබ් 10ක් විය.
මහසුප් නම් තෙරණු කෙනෙකු, අනාගතයෙහි අන්‍ය ලබ්ධිකයන් විසින් මේ දාගැබ් විනාශ කරන බව දැන අජාසත් රජුට පවසා ඉහත ධාතු තැන්පත් කල දාගැබ් අටෙන් රාමග්‍රාමයේ දාගැබ හැර අනික් ධාතුන් සියල්ල එකතු කොට කරඬු සතක බහා රජගහ නුවර ගිණිකොන දාගැබක් කරවන ලදී. රාමග්‍රාමයේ දාගැබෙහි වූ ධාතුන් නොගත්තේ එම ධාතුන් වහන්සේලා පසුකලෙක ලංකාවේ ඉදිවන්නට නියමිත රුවන්මැලි සෑයට ගෙනයන බැව් උන්වහන්සේ දැනසිටි නිසාලු.
දකුණු අකු ධාතුව
ශක්‍රයා සතුව සිළුමිණ සෑයේ වූ මෙම ධාතුව පසු කලෙක ථූපාරාමයට වැඩමවූ බව සදහන්ය. ථූපාරාමය ඇති ස්ථානය, මෙම භද්‍ර කල්පයේ පෙර විසූ බුදුවරුන්ගේද ධාතු නිඳන් කල ස්ථානයක් බැවින් අකු ධාතුව වැඩම වූ කල යමා මහ පෙළහර පෑ බව පැවසේ. (කකුසඳ බුදුන්ගේ ඩබාරාධාතුව, කෝනාගම බුදුන්ගේ පටීධාතුව සහ කාශ්‍යප බුදුන්ගේ ජලසාටිකාව ථූපාරාමයට බටහිරින් වූ ප්‍රවේජවස්තු නම් කැලෑවී තිබූ තැන නිදන් කර තිබූ අතර, මෙම ගෞතම බුදුන්ගේ අකු ධාතුව එතැනට වැඩම කරන කල ධාතුව යමා මහ පෙළහර පා එම පැරණි ධාතුන් එහි වන බව දැන් විය යුතු යැයි ගෞතම බුදුන් වහන්සේ පරිණිර්වාණයට පෙර අධිෂ්ඨාන කල සේක.)
නලාට ධාතුව
කාවන්තිස්ස රජු විසින් ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල වෙහෙර ඉදිකරන ලද බව සදහන්ය. මෙතැනට ධාතුව වැඩමවන තෙක් එය කොහේ තිබුණි දැයි සොයා බැලිය යුතුය.
තිස්සමහාරාමයේ ඇති දළදා ධාතුව
වම් යටි හකු දලදාව තිස්සමහාරාම වෙහෙරෙහි ඇති බවට 10 වැනි සියවසේ ප්‍රවාදයක් ගැන මිහිඳු ඈපා ගේ කිරින්ද ටැම් ලිපියෙහි ඇත. එසේනම් එයද ගන්ධාරයේ තිබූ දළදාව විය හැක.
ග්‍රීවා ධාතුව
සැරියුත් තෙරුන්ගේ ගෝල සරභූ තෙරුන් වහන්සේ විසින්, බුදුන් වහන්සේගේ චිතකයේ ගිනි නිවෙන්නටත් පෙරම නොදැවී ඉතුරුවුණ ග්‍රීවා ධාතුව ගෙන සිරිලකට වැඩම කල බව සඳහන් වේ. එය බුදුන් වහන්සේ ජීවමාන සමයේම කේශ ධාතු නිදන් කර සුමන රජුන් විසින් මහියංගනයේ කල දාගැබේම තැන්පත් කරන ලදී.
මේ ආකාරයෙන් බුදුන් වහන්සේගේ ධාතුන් සියල්ලක්ම වගේ සහ සිව්මහා බුදුවරුන්ගේ ධාතුන්ද තැන්පත්ව ඇති මෙම පොලව ඇත්තෙන්ම පින්බරය. මෙහි සිංහල බෞද්ධයෙකුව උපදින්නට නම් අපිත් රැස් කර ඇත්තේ සුළුපටු කුසල් සම්භාරයක් නොවන බවත් පැහැදිලිය. එමෙන්ම බුදු දහම ආරක්ෂා කරන රටේ බෞද්ධයන් ලෙස උපන් අපට පැවරුන වගකීමක්දවෙයි. එනම් මෙම ශාසනය රැකගැනීමයි.
උපුටා ගැනීම - රාවන සොයුරෝ
|
අපේ අය ගොඩාක් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ මෙලෝ රහක් නැති රටක් කියලයි මේ පිංබර දේශයේ වටිනාකම ගැන සදහනක් සමඟම මේ දහම් පඩුර තිළින කලාට ගොඩාක් ස්තුතී..... 
|
 |
Senior Member
|
|
Posts: 2,859
Join Date: Nov 2006
Location: ~With Speed~
|
|
|
04-23-2010, 12:07 AM
wow shock mamath ahala thiyenawa tika tika, den nam kiyawanna beriyo heta night balannam
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|