~ කමක් නැහැ… ඔයා ඉන්නවනේ…
වෙලාව හයයි. සුදුගේ පන්ති අරින වෙලාව. මම ජනෙල් රෙද්ද මෑත් කරලා ටිකක් එලිය බැලුවෙ කඩේක බෝඩ් එකකින්වත් ඉන්නෙ කොයි හරියෙද කියලා බලාගන්න. ඒත් බස් එකේ ජනෙල් කලුකරලා. මෙලෝ දෙයක් පේන්නේ නැහැ. ගස් කොලන් වලින් වංගු වලින් ඉන්න හරිය හිතාගන්න හැමදාම යන එන පාරවල්යෑ මේවා…
“කෑගල්ල බහින අය ඉස්සරහට එන්න…” හොද වෙලාවට කොන්දොස්තර මිනිහගේ කැසට් එකේ ඊලග සින්දුව කිව්වා. අපි කෑගල්ලේ.
මම සුදු දිහා බැලුවා. හොදටම නිදි. පොඩි එකෙක් වගේ. අද දවස පුරාවටම මට තෑගි කරපු හිනාවේ ඉතිරි වෙච්චි ටිකක් ද කොහෙදෝ තාමත් ලාවට මූණේ…
“නැගිටින්න පැටියෝ… වෙලාව හයයි”
“හම්ම්…” ඇරපු ඇස් ආයෙමත් පියාගත්තෙ බල බල හිටිය හීනේ තාම “මතු සම්බන්දයි” කියලා දැම්මෙ නැද්ද කොහෙද...
“තව පැය එක හමාරක් වත් යාවී කොළඹට යන්න. ඒ කියන්නෙ ගෙදර යන්න අට හමාරවත් වේවී සුදු…”
හොරාට වහගෙන හිටිය ඇස් දෙක ඇරියේ එලිය බලාගෙනමයි. නින්ද ගිය අතරේ එහා පැත්තට පෙරළිලා තිබුනු පොත් බෑග් එක තුරුලු කරගත්තු සුදු ආයෙමත් මගේ පැත්තට හැරිලා ජීවිත කාලෙටම ලියලා දීපු අයිතිවාසිකමට මගෙ පපුවට ඔලුව තියාගත්තා.
“කමක් නැහැ… ඔයා ඉන්නවනේ…”
කවුද මේ පුංචි කෙල්ලට මේ තරම් ආදරය කරන හැටි කියලා දුන්නෙ… මම මගේ ආදරයේ ගුරුතුමියගෙ මූණ නිකටෙන් අල්ලලා හිමින් සැරේ උඩට ඉස්සුවෙ ඒ ඇස් දෙක දිහා ටිකක බලන් ඉන්නයි. ඒ ඇස් දෙකෙන් මාව දකින්නයි…
මාව ඉන්ටර්විව් එකට කතා කරපු දවසෙමයි සුදුට ඕනේ උනේ මගෙ පලවෙනි පඩියෙන් නුවර යන්න. අරුණියි මලින්තයි වගේ නුවර යන්න… ඒක කාලෙක ඉදලා තිබණු ආසාවක්. ඒත් දෙන්නගෙන් එක්කෙනෙක් අතේවත් මේ වගේ ගමනක් එන්න තරම් සල්ලියක් තිබුනෙ නැහැ. ගිය සතියෙ පඩි හම්බ වුනා. ඉතින් අද අපි නුවර ආවා. සුදූ නම් ඊලඟ මාසෙත් එනවලු…
“වරකාපොළ බහින අය ඉස්සරහට එන්න…”
අමතක කරන්න, කතා නොකර ඉන්න හැදුවත් එහෙම කරන්න බැරි මාතෘකාව… සුදුගේ අම්මලා !
“අම්මලට මොකද කියන්නෙ… පරක්කු වුනේ ඇයි කියලා ඔයාගෙන් දාහක් ප්‍රශ්න අහාවී…”
මම බලාන ඉන්නවා වුනත් සුදු ඇස් දෙක පියාගත්තා. ඔලුව කෙලින් කරාන ඇඟිලි තුඩෙන් ජනෙල් රෙද්ද මෑත් කරලා වේගෙන් පහු වෙන නේක වර්ණ ගස්වැල් මිනිස්සු දිහා බලන් හිටියා.
අනේ මට සමාවෙන්න පැටියෝ මේ වෙලාවේ මේ ප්රශ්නය ඇහුවට…. මගෙ මිට මෙලවුනා.
“කමක් නැහැ… ඔයා ඉන්නවනේ…”
දවසක් අපි දෙන්නා මහරගම හන්දියේ හම්බවෙලා කතා කර කර ඉන්නවා දකපු සුදුගේ අම්මගෙ යාලුවෙක් තව කෑල්ලකුත් එකතු කරලා සුදුගේ ගෙදරට පනිවිඩය දීලා තිබුනා.
“සුදර්ශනි හන්දියේදි මින්දිකගෙ අතින් අල්ලගෙන කතා කර කර හිටියා”
තව දවසකුත් දැක්කා කියන්න පනිවිඩය කියන්න ආපු වෙලාවක ඒ ඇන්ටිත් ඉන්න තැනම අම්මා සුදුගෙන් මේ ගැන අහපු වෙලාවේ ඒ කේලම කියන්න ආපු ඇන්ටි දිහා බලාගෙනම සුදු කියලා,
“මම මහරගම හන්දියෙ යනකොට එයාගෙ අත අල්ලගෙන යන්නෙ නැහැ. එහෙම යන්නෙ පාර්ක් එකේ විතරයි”
එදා අම්මගෙන් වැදිච්චි කම්මුල් පාරට සුදුගෙ තොලත් පැලිලා තිබුනා.
“නිට්ටඹුව බහින අය ඉස්සරහට එන්න…”
මම ජොබ් එකක් කරන්න ගත්තට සුදු තාමත් ඉගෙන ගන්නවා. ලබන අවුරුද්දෙ ඒ ලෙවල් කරනවා. අපි දන්නවා අපි දෙන්නා කරන්නෙ වැරද්දක් කියලා… ඒත් අපේ හිත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ දෙයියනේ…
ඉස්සර හැමදාම හවසට මම පාඩම් කරන්නෙ ගත්තේ ගෙවල් දෙකකට එහා ගෙදර හිටිය සුදුව හම්බවෙලා ඇවිදින්… දවසක් හරි හම්බ වෙන්න බැරි වුනොත් මම ඔෆිස් එකේ වැඩ කරද්දි හොදටම බුල් ගහනවා කියලා ජොබ් එකේ පලවෙනි මාසෙම මට තේරුණා. එහෙව් එකේ මම කොහොමද මේක නවත්තන්නෙ…
අපි කුලියට ඉන්න ගෙදර අයිතිකාරයෝ සුදුලා. සුදුලගෙ අම්මලා කියන්නෙ මම සුදුව රවට්ටගෙනලු. අපේ අම්මලත් එකට අනුබල දෙනවලු. සුදූගේ අම්මටත් සුදූගෙ වගෙ හිතක් ඇත්නම්…
“කඩවත බහින අය ඉස්සරහට එන්න…”
පඩි හම්බ වුනායින් පස්සෙ සල්ලි තිබුනත් දෙන්නගෙන් එක්කෙනෙක් වත් බස් එකේ නුවර ගිහින් තිබුනේ නැහැ. දෙන්නම නුවර ගිහින් තිබුනේ ඉස්කෝලෙන් ගිය අධ්‍යාපන චාරිකා වලට විතරයි. අපි දෙන්නත් මෙච්චර කාලෙකට වැඩිම දුරකට ගිහින් තිබුනේ කලුතර බෝධියට.
පඩි හම්බවෙච්චි බදාදා හවස හම්බවුනු වෙලාවෙ සුදු නුවර කතාව මතක් කලා…
“සුදු, නුවර කලු ද සුදු ද කියලාවත් අපි දෙන්නා දන්නෙ නැහැ. අඩුම ගානේ යාලුවෙක් වත් නැහැ.බය නැද්දඔච්චර දුරක් යන්න…”
මම සුදුගේ උත්තරය දන්නවා.
“කමක් නැහැ… ඔයා ඉන්නවනේ…”
බස් එක කැළණි පාලම පහු කලා. සුදු මගෙ දගකාර ඇඟිලි වලට අහුවෙච්චි කොන්ඩේ ලිහලා ආයෙමත් බෝලේ ගහගත්තා. සුදු දන්නවා එයාගෙ ඔලුවෙ තිබුනට ඒ කොන්ඩේ අයිතිකාරයා මම කියලා.
බැස්ටියන් මාවතේ බස් ස්ටෑන්ඩ් එකට හරවලා නුවර බස් එක නැවත්තුවා. අපි දෙන්නා දුවලා ගිහින් මහරගම බස් එකට ගොඩවුනා. දෙන්නම පුරුද්දට වගේ බස් එක පුරාම බැලුවේ අදුරන කවුරුවත් ඉන්නවද කියලා….
“මහරගම දෙකයි”
සුදු ආයෙමත් නිදි. පැය ගානක් තිස්සෙ නුවර වැව රවුමෙයි, පේරාදෙණිය මල් වත්තෙයි ඇවිදලා මහන්සි ඇති…දවල් දවසටම කෑමක් නැහැ. බීපු පළතුරු බීම දෙක විතරයි. වෙලාව අටයි. අද ගෙදර ගියාම සුදුට මොනවා වෙයිද කියලා හිතෙනකොටත් ගල් රෝලක් තරම් බරක් හිතට එනවා. මම වැරදි කාරයෙක් කියලා හිතෙනවා. ඒත්… මම ඔයාට ආදරෙයි සුදු… මටත් වැඩිය.
සුදුලගෙ ගේ ගාවට එනකොට අටයි හතලිස් පහයි. ඒ වෙලාවට ආ ගත්තෙත් සල්ලි පස්සෙ දෙන්නම් කියලා අදුරන අයියා කෙනෙකුගෙ ත්‍රීවීල් එකක ගුරුපාරට හැරෙන තැන වෙනකම් ආපු හින්දයි.
හැරෙන වංගුවෙදි මම සුදුට සමු දුන්නා.
“අම්මා මොනවා කිව්වත් කමක් නැහැ. හොඳ ළමයා වගේ මොකුත් කියන්නෙ නැතිව අහගෙන ඉන්න ඕනේ හරිද…”
සුදු හිනා වුනා. අඩිය ඉස්සර කරපු සුදු ඇස් දෙකෙන් ගිහින් එන්නම් කියලා ගේට්ටුව ඇරගෙන ඇතුලට ගියා. ගෙදර එලියේ ලයිට් දාලා තිබුනත් දොර වහලා. අම්මයි තාත්තයි ඇතුලේ ඇති… ඒත්….
මම අපේ ගේට්ටුව ගාවට එනකොටම සද්දේ ඇහුණා. සුදුලගෙ අම්මයි තාත්තයි අපේ ගෙදර !
“ලබන සතියෙම මේ ගෙදර හිස් කරලා ඕනේ. නැත්නම් අපි ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දානවා බලහත්කාරෙන් ඉන්නවා කියලා”
මම ගේට්ටුව ඇරන් ඇතුලට ආවා.
“ ආහ් ප්‍රේම කුරුල්ලා… රවුම් ගහලා ආවද… තව වැඩි දවසක් ඕවා කරන්න හම්බ වෙන්නෙ නැහැ… යමු සිරිල් ගෙදර. දැන් අපේ නෑම්ඹිත් ඇවිත් ඇති…”
සුදුගේ අම්මගෙ ගෝරනාඩුව…
අපේ අම්මා මගේ ගාවට ආවා.
“කොහෙද පුතේ ගියේ…”
අපී ඊලඟ සතියේ සුදුලගේ ගේ අත ඇරලා ආවා. සුදූව මාසයක් විතර පන්ති ඇරියේ නැහැ. තිබුනු එකම හයිය රස්සාව හින්දා බොසාලගෙන් කොච්චර බැනුම් අහුවත් රස්සාවෙන් අස් වුනේ නැහැ.මගේ ජීවිතේ දිගම මාස දෙක….
අම්මගෙ සහචාරියෝ පස්සෙන් එන්නෙ නැහැ කියලා දැනගත්තු පළවෙනි සතියෙම, නුවර ගිය සතියට සති අටකට පස්සෙ ආපූ සතියේ අපි පාර්ක් එකට ආවා.
“එදා මොකද වුනේ සුදූ…”
මම මේ ප්රශ්නය අහපු තුන්වෙනි වතාව. තුන්වතාවෙම පිහිඹියා ගහට හේත්තු වෙලා මගේ වටේ ඔතාන හිටිය එයාගෙ අත් දෙකෙන් හිරකරගෙන මාව එයා ගාවට තවත් තුරුලු කරගත්තා මිසක් ඇස් දෙකවත් ඇරියේ නැහැ.
“අනේ කියන්නකෝ පැටියෝ… එදා මොකද වුනේ…”
සුදු ඇස් ඇරියා. මගේ දිහා බැලුවා.
“අපි ආයෙත් නුවර යන්නෙ කවදද…අපි ලබන සතියේ යමු...”

...පිවිසෙන්න මගේ බ්ලොග් අඩවියට...
..::මින්දදගෙ සිතුවිලි තෝතැන්න::..
Last edited: