කොවුර් ලා නැති බිමේ - තක්කඩි පිණුම් ගසති රි&#3

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
කොවුර් ලා නැති බිමේ - තක්කඩි පිණුම් ගසති රි&#3

අප දන්න පරිදි ලංකාවේ ජෝතීෂ‍ය හා එවැනි සංකල්ප තදින් මුල් බැසගෙන ඇත.. ඇතැම්හූ එය අප ආගම,සංස්කෘතිය සමග පටලවා ගැනීම දුකට කාරණයකි. හදි හූනියම්, අංජනම්, කේන්දර ,ලග්න පලාපල ආදිය සම්බන්ධව කරුණු දැක්වීමේදී විද්‍යාවෙන් පැහැදිලි කිරීමට මාද එකඟ නොවෙමි.මෙවැනි දේ අප දැනුම් පද්ධතියට ගෝචර නොවන බැවින් එය අසාර්ථකය. කරුණු එසේ වුවද මා දන්න ඇතැම් අය මේවා විද්‍යාව තුලින් සාධාරණීකරනය කිරීමට උත්සහ දරයි.(ඒවාට පිළිතුරු සහ හේතු නිදහස් වෙලාවක සකස් කොට පල කරන්නෙමි.) මෙවැනි දේ නිසා ජීවිත අසාර්ථක වූ පුද්ගලයන් මිස සාර්ථක වූ අය ගැන මම නොදනිමි.තවද මගේ දැනුමට ගෝචර වන(බොහෝ විට), මා අදහන ආගමට(බුදු දහම) හානියක් නොවන හා සත්‍ය යැයි මට හැඟෙන දේ මම පිළිගනිමි.

මේ ලිපිය කොවුර් සිතුවිලි නැමැති ලිපියෙන් උපුටා ගන්නා ලදුව අන්තර්ජාලය හරහා මා විසින් කොපි කර ගත් එකක් බව මුලින්ම කිව යුතුය..හේතු වාදියෙකු නොවුනත් මා කොවුර්ගේ ඇතැම් අදහස් වලට ගරු කරමි.ඇතැම් අත්භූත සිදුවීම් පවා ඔහු මෝහනය වැනි ප්‍රයෝග යොදාගෙන පැහැදිලි කර ඇති ආකාර ඉතා සිත් ගන්න සුළුය...(මෙය කොවුර්ගේ ලිපියක් නොවේ)
ඒබ්‍රහම්.ටී.කොවුර් ගේ ලිපි කියවීමට ඔබටද හැකි නම් මැනවි.

"
කොවුර් ලා නැති බිමේ - තක්කඩි පිණුම් ගසති රිසිසේ

මම (ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර්) 1972 වර්ෂයේ දී මදුරාසියට ගියේ "පුනර් ජන්මම්" චිත්‍රපටියේ පෙනී සිටීම සඳහා යි. ඒ අවස්ථාවේ දී ගුයිණ්ඩිෂ ඉන්දියානු තාක්ෂණික විද්‍යායතනයේ කතාවක් පවත්වන්නයැයි මට ආරාධනාවක් ලැබුණා. මගේ දේශනයට පෙර එක් මහාචාර්යවරයෙකු කීවෙ ඉන්දියාවේ මුල් පෙලේ විද්‍යාඥයන් පවා විද්‍යා පරීක්‍ෂණ කිරීම අතහැර දේව පුත්‍රයන්ගේ අනුගාමික බැතිමතුන් වී ඇත්තේ, ඒ කපටින් සමඟ හවුලට වැඩ කිරීමෙන්, විද්‍යාත්මක කටයුතු වලින් ලැබෙනවාට වඩා වැඩි ආදායමක් උපයා ගත හැකි බැවින් කියා (ප්‍රනාන්දු 2009 :111). ලංකාවේ තත්වය ද මෙයට වඩා වෙනස් වූයේ නැත. ඒ 1972 වර්ෂයේදී ය. අද ඉන් දශක හතරකට ආසන්නවෙමින් පවතී. කොවුර් හා හේතුවාදී සංගමය අති සක්‍රීයව කටයුතු කල එම අවධියේ දී තක්කඩීන්ට අභියෝගයන් පැවතිනි. එම අවධියේ දී ප්‍රසිද්ධ තක්කඩි ෂේප් එකේ ගතමනාව සොයාගත්තා මිස වැඩිය උඩ පැන්නේ නැත. එහෙත් එයින් දශක ගනනාවකට පසු විද්‍යාත්මක දැණුම හා තාක්ෂණික වර්ධනය ගව් ගණනක ඉදිරි පිම්මක් පැන ඇත. එහෙත් තක්කඩියෝ අද "ජාතික පුවත්පත්" වල ෆුල් පේජ් දැන්වීම් පලකරමින් සිටිති. මෙම ලිපිය ලිවීමට තුඩුදුන් ආසන්නතම කාරණය වන්නේ පසුගිය දවසක "ජාතික පුවත්පතක" එවැනි හාස්කමින් ලෙඩ සුවකරන තක්කඩියෙකුගේ ෆුල් පේජ් දැන්වීමක් දැකීමෙනි. ස්වාභාවික විද්‍යාවේ විවිධ ශික්ෂණයන් ඒකාබද්ධව දත කාගෙන පර්යේෂණ කර තවමත් නිශ්චිත ප්‍රතිකාර හදුනා නොගත් ලෙඩරෝග රැසක් සඳහා මෙම තක්කඩීන් ලග විසදුම් තිබේ.

මෙම තත්වයට හේතු වී ඇත්තේ කුමන කාරණයක් ද? මට දැනෙන විධියට නම් අද ලාංකීය සමාජය තුල උතුරා ගලමින් පවතින්නේ විද්‍යා විරෝධයකි. අද පෙර දිනයට වඩා ස්වාභාවික විද්‍යාව පිළිබඳව ඉගෙන ගත්තවුන් අධිස්වාභාවික බලවේග හා සංසිද්ධීන් සඳහා ආසක්ත වී ඇත. මෙයට හේතු කිහිපයක් තිබිය හැක. එකක් නම් ඔවුන් ඇත්තටම ඒ දේ පිළිබඳව විශ්වාස කිරීමය. අනෙක් කාරණය මෙම දේවල් නිවරදි කාරණා නොවන බව දැන දැනම ලාභ ප්‍රයෝජන තකා ඒ වෙනුවෙන් පෙනී සිටීමය. ඉතින් දැන් අපිට සමාජය කනපිට ගැසී පැවතීම නැරඹිය හැක. විද්‍යාඥයන් බණ කියන අතර, පූජකයෝ විද්‍යාවන් ගැන කතා කරති. උණු උනුවේ විද්‍යාඥයන් යමක් සොයා ගත් විට මෙම පූජකයන්ට අනුව මින් බොහෝ කලකට පෙර සිටි ආගමික නායකයෙක් මෙය සොයාගෙන තිබිණි. එසේම සෑම සංසිද්ධියකටම අධිස්වාභාවික හා ආගමික අර්ථයක් ඇතුලත් නොකලහොත් බොහෝ දෙනෙකුට 'නොකෑවා' වැනිය.

ස්වාභාවික විද්‍යාවන් උගත්තවුන් පවා අතිශය දැවැන්ත ලෙස අධිස්වාභාවික බලවේගයන්ට ආසක්ත වෙන්නේ ඇයි. මෙය විසදුම් සෙවිය යුතු ගැටලුවකි. උදාහරණ ලෙස ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරියෙකු වන මාගේ එක් මිත්‍රයෙක් කතරගම දෙවියන්ගේ අති සමීප මිතුරෙකි. ඔහුගෙන් මෙම පරස්පරය ගැන ප්‍රශ්ණ කල විට ඔහුගේ උත්තරය වන්නේ 'ඒවායේත් ඇත්තක් ඇති බවයි'. එසේ නම් මෙය විද්‍යා අධ්‍යාපනයේ ගැටලුවක් ද වන බව පැහැදිලිය. මෙම අධ්‍යාපනය අනුව ඔහුට මෙම අධිස්වාභාවිකත්වය 'ස්වාභාවික' වනවා වන්නට ඇත. මාගේ තවත් මිතුරන් දෙදෙනෙකු මා සමඟ දවස් ගනනක් කෙස් පැලෙන තෙක් වාද කලේ තල්මසා මත්සයෙකු මිස ක්ෂිරපායී සතෙකු නොවන බවය. ඔවුන් දෙදෙනා වානිජ අංශයෙන් අධ්‍යාපනය හදාරණ, ඒ වන විට උපාධි අපේක්ෂකයෝ වූහ. මෙතන තිබූ ගැටලුව වන්නේ සත්ත්ව වර්ගීකරණයේ අති මූලික දැණුම පිළිබඳව ගැටලුවකි. කුමන විෂයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුව ද සාමාන්‍ය පෙළ මට්ටමේ දී ලබාදෙන මෙම දැණුම ඔවුන් වෙත ග්‍රහනය වී ඇත් ද. තවත් කරුණක් මට මතකයට නැගේ. ඇයද කලමනාකරණය පිළිබඳ උපාධිධාරිනියකි. ඇය සිතා සිටියේ කුඩා පණුවත් වැනි සතුන් ඉබේ හටගන්නා බවයි. ස්වයං සිද්ධ ජනනවාදය අසත්‍යකරණයට ලක් කර කෙතෙක් කල්ද? අපි මේ නිග්‍රහකරන්නේ එම උදාරතර මිනිසුන්ට නොවේද?

විද්‍යාඥයන්, ආගමික පූජකයන් හා කට්ටඩියන් බවට පත්වීමට ලංකාවේ පවතින විද්‍යා විරෝධයේ දෘඩතර බව හේතු වී ඇත. එසේ නොවන්නන් වෙත පැවැත්මක් නැත. මදක් මතක් කර බලන්න. අපි දන්නා 'විද්‍යාඥයින්' බොහෝ දෙනෙකු ආගමික කටයුතු හා කට්ටඩිකම් ගැන දොඩවන්නන් නොවේද? එසේ නොකලහොත් ජනමාධ්‍ය තුල තාරකාවක් බවට පත්විය නොහැක. හේතුවාදීන් (හේතුවාදයේ සීමාකම් පවතින අතර හේතුවාදය ගැනද මා විවේචනාත්මක නමුත්) මෙම 'ජාතික මාධ්‍යයන්ට' වැද්ද නොගනී. ඉතින් ඉතිරි අයට තාරකාවක් වීමේ සිහිනය තිබේනම් පළමුව කල යුත්තේ තක්කඩියෙකු බවට පරිවර්තනය වීමය. තමාගේ මස්තිෂ්කයට නිවරදියයි දැණුනු දෙයට ප්‍රතිපක්ෂ දෙය වෙනුවෙන් පෙනී සිටීමය. දැන් ඔබට ස්වාභාවික විද්‍යාව (හෝ සමාජීය විද්‍යාවන් ගැන) ආචාර්ය උපාධියක් හෝ ඒ නැතත් විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය කමක් ද - කට්ටඩිකම් වලද, තමාගේ ආගම තුල අනිත් ආගම් වලට වඩා යම් කිසි ඇත්තක් ද ඇතිබව කීමේ හැකියාවද තිබිය යුතුය. ඒ සඳහා සාමාන්‍ය මිනිසුන් නොදන්නා තමා ඉගෙන ගත් විෂයය ක්ෂේත්‍රයේ සංකල්ප ස්වල්පයක් ද පදමට මිශ්‍ර කල යුතුය. ඒ අනුව බොහෝ විට සාකච්ඡා සඳහා තමන් කැදවීවීමේ ද, (ඒ නැතත් තමාම ලියා දීමේද) අවස්ථාව ඔබට හිමිවේ. ඉතින් මම අර කලින් සඳහන් කල ආචාර්ය හෝ කථිකාචාර්ය නොවන කට්ටඩි තක්කඩීන්ට ද, තක්කඩි බුද්ධිජීවීන්ට ද යෙහෙන් වැජබිය හැක.

"
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොවූර් මහත්මය ලංකාවේ මිත්‍යා මත වලට එරෙහිව තදින් පහර ගහපු පුද්ගලයෙක්.... ඉතාම අගනා ලිපි පෙලක් එතුමා ලියලා තියෙනවා ඒ ගැන....

    ස්තූතියි මචං....
    :):)
     
    • Like
    Reactions: Doo

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    කොවූර් මහත්මය ලංකාවේ මිත්‍යා මත වලට එරෙහිව තදින් පහර ගහපු පුද්ගලයෙක්.... ඉතාම අගනා ලිපි පෙලක් එතුමා ලියලා තියෙනවා ඒ ගැන....

    ස්තූතියි මචං....
    :):)
    ඔව් සහෝ.. ඒ කාලෙ හැටියට ලොකු මුදලක් ඔට්ටුවට තියල ලෝකෙටම අභියෝග කරල තියෙනවා එයා ඉදිරිපිට ඒ වගේ හාස්කමක් කරල පෙන්නන්න කියලා.කාටවත් බැරි උනා ඒක කරන්න.:):)
    ස්තූතියි සහෝ...:)
     
    කෝවුර්ගේ පොත් කීපයක් මමත් කියවලා තියනවා.ඒ මුල් කාලෙනං හිතුනා මිනිහා දෙවියන් බුදුන් කර්මය ධර්මය කිසිවක් මායිම් නොකරන මහා පෝරිසාදයෙක් කියලා...:lol:ඒත් දැන් දැන් තේරෙනවා බොහෝ දේ කිසිම හරයක් නැති ප්‍රපංච කියලා.සමහර සිද්ධ් විග්‍රහ කරලා තියන හැටි විශ්මිතයි.:yes:
    වටිනා සිහි ගැන්වීමක්.
    :D
     
    • Like
    Reactions: Doo

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් සහෝ.. ඒ කාලෙ හැටියට ලොකු මුදලක් ඔට්ටුවට තියල ලෝකෙටම අභියෝග කරල තියෙනවා එයා ඉදිරිපිට ඒ වගේ හාස්කමක් කරල පෙන්නන්න කියලා.කාටවත් බැරි උනා ඒක කරන්න.:):)
    ස්තූතියි සහෝ...:)

    තාමත් ඒ අභියෝගය කවුරුත් බාර අරහෙන නෑ... :yes:
     
    • Like
    Reactions: Elcid

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    bohoma harawath thread ekak thanx bro.... mewage thawa artical thiyenawanam danna good luck...

    rep+
    ගොඩක් ස්තූතියි සහෝ:yes::)කොවුර්ගෙම ආටිකල් ලැබුනොත් දාන්නම් සහෝ..:)
    කෝවුර්ගේ පොත් කීපයක් මමත් කියවලා තියනවා.ඒ මුල් කාලෙනං හිතුනා මිනිහා දෙවියන් බුදුන් කර්මය ධර්මය කිසිවක් මායිම් නොකරන මහා පෝරිසාදයෙක් කියලා...:lol:ඒත් දැන් දැන් තේරෙනවා බොහෝ දේ කිසිම හරයක් නැති ප්‍රපංච කියලා.සමහර සිද්ධ් විග්‍රහ කරලා තියන හැටි විශ්මිතයි.:yes:
    වටිනා සිහි ගැන්වීමක්.
    :D
    හේතුවාදියෙක් උනත් කොවුර් බුදු දහම බැහැර කලේ නෑ මම දන්න විදියට..:yes:මමත් හිතුවෙ එහෙම තමයි.:)ලංකාවෙ උපන් කෙනෙක් නොවුනත් උපතින්ම බෞද්ධයෙක් නොවුනත් එයාට ඒ ගැන හොඳ ආකල්පයක් තිබුණා..බුදු දහම ගැන කොවුර්ගෙ ලිපි තියෙනවා..ඒත් ආගම් ගැන තියෙන ගැටලු නිසා ඒවා පල කරන්න විදියක් නෑ.:(
    ගොඩක් ස්තූතියි සිස්..
    තාමත් ඒ අභියෝගය කවුරුත් බාර අරහෙන නෑ... :yes:
    :yes::yes:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්
    මේගැන දැන්ගත්තේ අදයි
    ස්තූතියි රෙප් +
     
    • Like
    Reactions: Elcid

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    කොවුර් වීරයෙක්!

    තියෙන සමාජක්‍රමයට අබියෝග කරන්න හැමෝටම කශේරුකාවක් නැ !!
    එහෙම කරන කෙනා මැරුණත් ජීවත් වෙනවා!!
    කොවුර් ගැන අදටත් කතාකරන්නේ ඒකයි!!
     
    • Like
    Reactions: Doo

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්
    මේගැන දැන්ගත්තේ අදයි
    ස්තූතියි රෙප් +
    ස්තූතියි මල්ලි
    මේ වගේ ත්‍රෙඩ් ගොඩක් අයගේ ඇහැ ගැටෙන්නේ නෑ වගේ....? :nerd::nerd::nerd:
    :yes:ඒක නම් ඇත්ත සහෝ..:(
    කොවුර් වීරයෙක්!

    තියෙන සමාජක්‍රමයට අබියෝග කරන්න හැමෝටම කශේරුකාවක් නැ !!
    එහෙම කරන කෙනා මැරුණත් ජීවත් වෙනවා!!
    කොවුර් ගැන අදටත් කතාකරන්නේ ඒකයි!!
    :yes::yes:පවතින ක්‍රමයට විරුද්ධ වෙන්න හැමෝටම බෑ.ඒ වගේ අය ගොඩක් අඩුයි..ඒ කියන්නෙ හොඳ පිට කොන්දක් තියෙන්න ඕන.;)ඔව් සහෝ ඒ චරිත හැමදාමත් අපිට මතක් වෙයි. ඒ කරපු සේවය නිසා.:)
    ස්තූතියි සහෝ:)
    ස්තූතියි:)
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මේවගෙ හරවත් දේකට කාලය වෙන්කළාට ස්තුතියි බොහොම!
    රෙප් හතරක් මගෙන්!!
    ස්තූතියි සහෝ..:) කෙනෙක් පෝස්ට් එකක් බලන එකත් සතුටක්.:yes:
    ස්තූතියි සහෝ:):)
     
    • Like
    Reactions: kitt354