දුරකථන කතාව මුසාවක්
එස්.එම්.එස් පණිවිඩයක් මඟින් ජනතාව තැති ගැන්වීමට උත්සහ දරන පිරිස පිළිබඳ පරීක්ෂණ පවත්වා වහාම දැනුම් දෙන ලෙස විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සියලු ජංගම දුරකථන සමාගම් වෙත දැනුම් දී තිබේ.
අද දිනයේ ලැබුණු බව කියන එවැනි එස්.එම්.එස් පණිවිඩ පිළිබඳ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා සඳහන් කළේය.
එස්.එම්.එස් පණිවිඩ හරහා කිසිඳු ශාරිරික බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් නොමැති බව එම කොමිෂන් සභාව අවධාරණය කරයි.
ඒ අනුව එවැනි එස්.එම්.එස් පණිවිඩ පිළිබඳ අනවශ්‍ය තැතිගැන්මක් ඇති කර නොගන්නා ලෙස විදුලි සංදේශන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි.
විදේශීය දුරකථන අංකයක් ඔස්සේ යොමු වූ එස්.එම්.එස් පණිවිඩයක් මඟින් සිදු කර තිබූ ප්‍රකාශයක් හේතුවෙන් අද දිනයේ ජනතාව අතර කුතුහලයක් මතු ව තිබුණි.

"Dont attend to calls from 7888308001, 9316048121, 9876266211, 9888854137, 9876715587. These numbers come in red colors. U may get brain hemrage due to high frequency. 27 persons died just recieving the call"