ලෝකයේ ලස්සනම වචනය අම්මා ඒත් අද අම්මලා ඉන්#

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ලෝකයේ ලස්සනම වචනය අම්මා ඒත් අද අම්මලා ඉන්#

ඔබට ඔබේ අම්මා ගැන මොනවද කියන්න තියෙන්නේ” මම යෙහෙළියකගෙන් විමසුවෙමි.

”අපෙ අම්මා ගැන කොච්චර දේවල් කියන්න තියෙනවද? කවදාවත් මට අම්මගෙ ගුණ කියලා නිම කරන්න බැහැ. මල් තියලා අම්මාට වැන්දත් පව් නැහැ. අපේ පවුලේ ඔක්කොම දරුවෝ දහ දෙනයි. අපිව ලොකු මහත් කරන්න අම්මා කොච්චර නම් දුක් වින්දද? දැන් අම්මට අවුරුදු අනූවක් විතර වෙනවා. ඒත් එදා දරුවෝ වෙනුවෙන් දහදුක් වින්ද අම්මගෙ දුක සැප සොයලා බලන්නේ කීදෙනාද?”

”ඇයි ඒ...?”

”සමහර නංගිලා මල්ලිලට ගෙදර එන්න වෙලාවක් නැහැ. එයාලට වැඩ වැඩියි. සමහරු ගෙදර එන්නේ අවුරුද්දට විතරයි.”

”අම්මා ඉන්නේ හිතේ අමනාපෙන් ද?”

”අයියෝ නැහැ. අම්මගෙ කරුණාව එදා වගේමයි තාමත්. මේ වෙනකොට අම්මට ටිකක් විතර මතකය අඩුයි. දරුවෝ නිතර දෙවේලේ තමන් බලන්න එනවද නැද්ද කියන එක අම්මට වැදගත් නැහැ. අවුරුද්දක් නෙමෙයි අවුරුදු දෙකතුනකින් දරුවෝ තමන්ව බලන්න ආවත් අම්මා ඒගොල්ලන්ව පිළිගන්නේ හැමදාම තමන්ගෙ ගෙට ගොඩවුණා වගෙයි. අම්මා කවදාවත් කාටවත් වෙනසක් කළේ නැහැ. අපෙ අම්මා අහිංසකයි. අම්මා නපුරුකම්, අඳුනන්නෙම නැහැ.”

යෙහෙළියට එතැනින් එහාට කතා කරගන්නට බැරි විය. ඇගෙ දෑසේ පිරී විසිරී ගියේ කඳුළු අහුරකි.

”අම්මා” ලොව අසන්නට ඇති සුන්දරම වදන. අම්මලා ගැන ඔවුන්ගේ ගුණ ගැන කියන්නට කොතෙකුත් දේ ඇත. අම්මා අවදි වන්නේ හිරුටත් පෙරය. ඇගේ කඩිසර දෑත දරුවන්ගේ දවස පිළියෙල කරන්නීය.

ලොවේ කොයි කාගේත් ‘අම්මා’ සිතන්නේ පතන්නේ එක ලෙසින්ය. අම්මලා දුක් විඳින්නේ ද ඇතැම් විට සමාජයෙන් නින්දා ගැරහුම් අවමාන ලබන්නේ ද දරුවන් නිසාවෙනි. දරුවාගේ ලෝකය සකස් කරන්නේ අම්මාය.

එහෙත් අද අපේ සමාජයේ ‘අම්මාට’ නියම තැන හිමිව ඇත්ද?

මොහොතකට සිතන්න. ඔබ ඔබේ අම්මා ගැන සිතන්න.

ඇතැම්විට ඇය ඇගේ මුළු ජීවිත කාලයම ගෙවා දැමුවේ ඔබ වෙනුවෙනි. ඔබගේ යහපත වෙනුවෙනි.

එහෙත් අවසන් කාලයේදි ඇයට නතර වන්නට සිදුවූයේ කොතැනද?

”දුව මාව ගෙනල්ලා මෙහෙට ඇරලුවා.”

ඈත මාවතට නෙත් යොමාගෙන වැඩිහිටි නිවහනේ කොරිඩෝවේ පුටුවක වාඩි වී හුන් ‘අම්මා’ පැවැසුවාය.

”ඇයි ඒ?”

”එයාට මාව බලාගන්න අමාරුලු. අනිත් දරුවෝ කිව්වෙත් ඒ ටිකම තමයි. අන්තිමට මම තීරණයක් ගත්තා මෙතැනට එන්න. ගෙදර වගේ නෑ තමයි. ඒත් පුතේ යන්න එන්න තැනක් නැතිව දුක් විඳිනවට වැඩිය මෙතැන හොඳා...”

දරුවන්ට සියලු දේ පැවැරූ අම්මා අද වැඩිහිටි නිවහනක කල් ගෙවන්නීය.

දරුවන් වෙනුවෙන් ජීවිත කාලයම කැප කළ ‘අම්මා’ට අද අත්ව ඇති ඉරණම එසේය. හැම අම්මා කෙනෙකුටම එසේ නොවුණද ඇතැම් විට දරුවන් ගැන කිසිදු හැඟීමක් නැති අම්මලා ද මේ අතර වෙති.

නැසීගිය ධර්මසිරි ගමගේ කලාකරුවාණන් ලියූ නැසීගිය සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ ප්‍රවීණ ගායිකා නන්දා මාලනී ගයන මේ ගීතය අම්මාවරුන්ට උපහාර ගීයක් බඳුය.

”අම්මාවරුනේ අම්මාවරුනේ

සම්මා සම්බුදු අම්මාවරුනේ.

දරුවන්ගේ දුක් කඳුළු දකිනදා

සුරලොව සිට අතපා

ඒ කඳුළැලි පිසින...

අම්මාවරුනේ”

අම්මා තැවෙන්නේ ද දැවෙන්නේ ද සැනසෙන්නේ ද දරුවන් නිසාවෙනි. ඇයට තම දරුවා පමණක් නොව ලොව කොයි දරුවාත් තමන්ගේය. ඇය එතරමටම කාරුණිකය. තමන් දුක් විඳිමින් දරුවන්ගේ දුක් නිවන්නේ එබැවිනි. එහෙත් දරුවන් එවන් දුක් ගැහැට විඳි ‘අම්මා’ ට සිය යුතුකම ඉටුකරන්නේ ද?

යුතුකම් හා වගකීම් පමණක් අතරට මැදි වූ සමාජයේ අම්මාට ඇත්තේ කෙබඳු වටිනාකමක්ද?

අදට යෙදෙන්නේ ලෝක මවුවරුන්ගේ දිනයයි. අම්මා වෙනුවෙන් දිනක් වෙන්වීම නම් හොඳය. එහෙත් අපේ අම්මාට එක දිනක් පමණක් සෑහේද? මහවැසි වැටෙද්දි පැලකුත් නැති හේනේ තමන් තෙමෙමින් දරුවා නොතෙමූ, තමන් කුස ගින්නේ සිටිමින් දරුවාගේ කුසගින්න නිවූ, සමාජයේ නින්දා අපහාස ලබමින් දරුවාගේ ලෝකය සොඳුරු කරවූ, දසමසක් කුස හොවා හරිහැටි නින්දක් නොලබා දරුවා ලොවට බිහිකර ලේකිරි කර පෙවූ උත්තරිතර ‘අම්මාට’ එක් දිනක් සෑහේද? ගම හැරදා නගරයට පැමිණි ඔබ ආපසු හැරී බලන්න.

ඔබ අම්මා බලන්න කී වරක් ගමට ගියාද? ඔබ වෙනුවෙන් වෙල් එළිවල ඇවිද ගොස්, කළුගල් තලා කරගැට මතුවූ දෑත් පිරිමදිමින්, කිරිපිහියට කරගැට ආ අම්මාගේ දෑත් දෙපා පිරිමැද ඈ දෙපා නැමද සුවදුක් සොයා බලන්නට කී වරක් ගමට ගියාද?

ගමට යන්නට වෙලාවක් නැතැයි කියා ඇගේ වියදමට මුදල් යැව්වද අම්මාට අවශ්‍ය මුදල්මද? තම ඇකයේ හැඳි වැඩුණු දුව, පුතා මොහොතකට මහගෙදරට ඇවිත් ඈ සෙවණෙ හිඳ යනු දැකීමට ඈ පි‍්‍රය කරන්නීය.

බටහිර සමාජයේ නම් මවුවරුන්ගේ දිනයට අම්මාට සුබ පැතුම් පතක්, මල්කලඹක් හෝ වෙනත් කුමක් හෝ තෑග්ගත් ලැබේ. ඇතැම් විට ඊළඟ වසරේ මැයි මස දෙවනදා මව්වරුන්ගේ දිනය එළඹෙන තුරු දරැැවන් අම්මා බලන්නට යන්නේ නැහැ. අපේ අම්මලාටත් මවුවරුන්ගේ දිනයට එයම සෑහේද? එක දිනක් නොව අවුරුද්දේ දවස් තුන්සිය හැටපහම ඇය වෙනුවෙන් වෙන්කළාට කම් නැත. ඒ ‘අම්මා’ ඇගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කළ බැවිනි.

විටෙක හඬමින්, විටෙක හිනැහෙමින්, තම ලෝකයම දරුවන් බව සිතමින් දිවි ගෙවන අම්මලා අතර දරුවන්ගේ ජීවිතවල වටිනාකමක් නොදන්නා අම්මාවරු ද වෙති.

අපි මේ සියලු අම්මලාට අනුකම්පා කරමු. තම දරු පැටවුන් දුක් විඳනු බලා සිටින්නට බැරිකමට දරුවන් සමඟම මිය ගිය අම්මලා අතර උපන් හැටියේ බිළිඳුන් මරා දැමූ අම්මලා සිටින රටක බුදු පදවි ලබන්නට සුදුසු අම්මලා ද වෙති.

’අම්මේ’ ඔබගේ ආදරයෙනි, ඔබෙන් ලද කිරි බිඳෙනි ලෝකය මෙතරම්ම හැඩ වූයේ සොඳුරු වූයේ.

එක මලක් නොව මල් යායක් ඔබ වෙනුවෙන් පුද දුන්නද ඔබ ලොවේ දරුවන් වෙනුවෙන් කළ මෙහෙය අගය කළ නොහැක්කේය.



-Silumina newspapaer-
 
Last edited:

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ’අම්මේ’ ඔබගේ ආදරයෙනි, ඔබෙන් ලද කිරි බිඳෙනි ලෝකය මෙතරම්ම හැඩ වූයේ සොඳුරු වූයේ
    duka hithenawa godaaak ma.....
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    Amma gana kiyanna mata wachana na...me loke thiyena uthuma watinama gaburuma adaraya uparimen pirichcha 1ma wachanaya Amma.Thaththa nathi unata passe aw 22k apiwa balagatta Mage amma mathu budu wenna oni.Amma man Ammata godak adarei...hugak....
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ’අම්මේ’ ඔබගේ ආදරයෙනි, ඔබෙන් ලද කිරි බිඳෙනි ලෝකය මෙතරම්ම හැඩ වූයේ සොඳුරු වූයේ
    duka hithenawa godaaak ma.....

    ආදරයෙනි, ඔබෙන් ලද කිරි බිඳෙනි ලෝකය මෙතරම්ම හැඩ වූයේ සොඳුරු වූයේ
    respect you
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    තොත්තබබා;7445705 said:
    අම්මාවරුනේ... අම්මාවරුනේ... සම්මාසම්බුදු අම්මාවරුනේ.....
    දරුවන්ගේ දුක් කදුළු දකිනදා... සුරලොව සිට අත පා ඒ කදුලැලි පිසනා....

    අම්මේ ඔබ බුදු වේවා!!! මු ගුණ ගී ගයමි මෙමා
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලෝකයේ අම්ම තරම් ආදරය,සෙනෙහස,කරුණාව දක්වන කෙනෙක් මිහිපිට නොමැත
    කුරිරු සමාජයේ හැටි දරුවෙක්ට තමන් ගේ අම්මවත් බලන්න වෙලාවක් නෑ
    අපි මෙහෙම සමාජයකනේ ජිවත් වන්නේ
    එත් ඔය අතරේ අම්මා වෙනුවෙන් තම ජීවිතය පවා පුදන මිනිසුන් සිටින බව අප අමතක නොකළ යුතුයි
    මේ පොස්ට් එක මම දැකපු පොස්ට් වලින් හොදම එකක් බ්‍රෝ
    එත් රෙප් දෙන්න බැලූ

     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ලෝකයේ අම්ම තරම් ආදරය,සෙනෙහස,කරුණාව දක්වන කෙනෙක් මිහිපිට නොමැත
    කුරිරු සමාජයේ හැටි දරුවෙක්ට තමන් ගේ අම්මවත් බලන්න වෙලාවක් නෑ
    අපි මෙහෙම සමාජයකනේ ජිවත් වන්නේ
    එත් ඔය අතරේ අම්මා වෙනුවෙන් තම ජීවිතය පවා පුදන මිනිසුන් සිටින බව අප අමතක නොකළ යුතුයි
    මේ පොස්ට් එක මම දැකපු පොස්ට් වලින් හොදම එකක් බ්‍රෝ
    එත් රෙප් දෙන්න බැලූ


    ගොඩක් ස්තුති සහෝ... පුළුවන් වෙලාවක ඇවිත් රේප් එකක් දීල යන්න...මන් ගොඩක්ම මේ තේර්ඩ් එක දැන් මේ සංවේදී හදවත් තියනව අපේ EK Family එක එකේ ය වෙනුවෙන්
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්මා.......... පෙව් කිරි කදූලෙනි...... මේ ලොව මෙතරම්.... හැඩ උනේ...............
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    this made me cry :(:(:(
    i can remember day my mother admit to operation
    And doctor said it's critical may she can't survive...
    But thanks to god she really fine now

    mother is word of purity of love.........