~~~~ මම ඔයාට ණය ගැතියි අම්මේ... ~~~~

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
~~~~ මම ඔයාට ණය ගැතියි අම්මේ... ~~~~

මම ඔයාට ණය ගැතියි අම්මේ…​


mother-and-son.jpg


දොස්තර ඇවිත් මට කිව්ව දේ අහලා මට දරාගන්න බැරිව ගියා..

" ඔයාගෙ අම්මට ආයෙමත් පෙනීම ලැබෙන්නෙ නැහැ ,එයාට අනිවාර්යයෙන් ඇස් දෙකක් බද්ධ කරන්න ඕන."

මට දරාගන්න බැරිඋනා ඒ වචන ටික..

තාත්ත නැති අපිව අම්මා බලගත්තේ හුඟාක් මහන්සි වෙලා,සමහර දවස්වලට අම්මා කන්නේ බොන්නේ නැතිව ඉස්කෝලෙ ගාස්තු ගෙවපු දවස් ගොඩාක් තිබ්බා. අසනීපයක් හැදුනහම අම්මා අඬලා දෙවියන්ගෙන් කන්නලව් කරපු ඒව මට අද වාගෙ මතකයි.

එහෙම හිටපු අම්ම අද ඉස්පිරිතාලෙ ඇදක දිගා වෙලා ඉන්නවා ,හරියට එයාට කිසිම ආදරයක් ලඟ නැහැ වගේ. එයාව එහෙම බලන් ඉන්න බැහැ මට.

අනේ මගේ අම්මට ආයෙ මාව බලන්න බැරිවෙයිද?

හිතට ලොකු වේදනාවක් දැනෙනවා..
මේ ලෝකෙ උතුම්ම වස්තුව අම්මා, අපිට මේ ලෝකය දකින්න ඉවහල් උන අම්මා,අපිව ඇස් දෙක වගේ බලාගත්ත අම්මා, දෙවියනේ එයාට අද මේ ලෝකෙ බලන්න බැරිවෙලා..

එයා වෙනුවෙන් මට යමක් කරන්න පුලුවන්නම්..දෙවියනේ මම මොනවද කරන්නේ..

දින කීපයක් ගෙවිලා ගියා..අම්මා සත්කාර ඒකකයේ තිබ්බා..දවස් 3ක් ගතවුනා. අම්මා ඒ සත්කාරයෙන් පස්සෙ කිව්වෙම “මට ඉස්සෙල්ලම මගෙ පුතාව බලන්න ඕන,එයාගෙ මුහුණ බලන්න ඕන “ කියලා..

දොස්තර මගේ ලඟට ඇවිත් කිව්වා.

"මම ඔයා ගැන ආඩම්බර වෙනවා පුතා" කියලා…

විවේක දින කීපය ගත උනාට පස්සේ අම්මගේ ඇස්වල බැඳලා තිබුන වෙලුම් පටි ලිහිල් කරා. අනේ මගේ අම්මට දැන් ලෝකය බලන්න පුලුවන්, එයාට දැන් මාව බලන්න පුලුවන්, කොයි තරම් සතුටක් මට හිතට දැනෙනවද…

අම්මා මට ඒ වෙලාවෙ කතා කලා. “ කෝ මගේ රත්තරන් පුතාව බලන්න ඕන ..කෝ මගේ පුතා එයාව මට පෙන්නන්න…"

මම අම්මා ඉස්සරහින් ගිහින් හිටගත්තා..

“අම්මේ,.. මම මෙහෙ අම්මේ”

අම්මගේ ඇහේ තිබ්බ වෙලුම් පටි ලිහනවත් එක්කම අම්ම ඇස් ඇරල මා දිහා බලන් හයියෙන් අඬන්න පටන් ගත්තා..මට ඒ හඬ විතරයි ඇහුනේ..

“පුතේ ඇයි පුතේ මෙහෙම කලේ ..ඔයා අම්ම වෙනුවෙන් ඇයි මෙහෙම දෙයක් කලේ ..ඔයාගෙ හිත මෙච්චර මෙලෙක් උනේ ඇයි මයෙ පුතේ”’ අම්මා විලාප තිබ්බා..

මම අම්ම දිහාවට හැරුනා .

“මට ඔයාගේ සෙනෙහසට ප්‍රති උපකාර කරන්න මට මගේ ඇස් දෙක දන් දෙන්න විතරයි පුලුවන් වුනේ අම්මේ, මට සමා වෙන්න..”

මට මීට එහා එයාට කියන්න පිල්තුරක් තිබ්බේ නැහැ ..


--- මේ ලෝකයේ උතුම්ම වස්තුව අම්මා ---
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
thanks machan mama me comment eka danne kiyawana gaman godak hadawathata denuna thanks meka sathya siduvimakda machan
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    සංවේදී නිර්මාණයක් , අම්මා වෙනුවෙන්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙම දෙයක් දරුවෙක් කලොත් ඒ අම්ම ඒ ගැන සදාකල් දුක් වේයි....

    තමන්ගේ දරුවගේ සීරුම් තුවාලයකවත් බලන්න අකමති අම්මා ...තමන් වෙනුවෙන් දරුවා ඇස් දන් දුන්න කිව්වහම දරාගන්නේ කොහොමද..?
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මෙහෙම දෙයක් දරුවෙක් කලොත් ඒ අම්ම ඒ ගැන සදාකල් දුක් වේයි....

    තමන්ගේ දරුවගේ සීරුම් තුවාලයකවත් බලන්න අකමති අම්මා ...තමන් වෙනුවෙන් දරුවා ඇස් දන් දුන්න කිව්වහම දරාගන්නේ කොහොමද..?

    eekath hari saho..eeth amma kenek ehama innawa balan puthekta inna puluwandha?:(