තෑගි දෙනවද?ඇපෙන් බේරෙනවද?
ඇත්තටම අපි දෙන තෑගිවල තේරුමක් තියනවද?හරියට ඇපෙන් බේරෙන්න වගේ දෙන තෑගි වලින් ඒ තෑගි ලබන්නාට වැඩක් තියෙයිද කියලා අපි හිතනවද?
කරුනු 3ක් ඔස්සේ කතා කරමු.
1-හිඟමන් යදින අයට අපි තවමත් දෙන්නෙ සත50/රුපියල වගේ සොච්චමක්.ඒත් අද රුපියලකින්-දෙකකින් මේ රටේ මොනවද කරන්න පුලුවන්.මාරු කාසි තියෙන්නෙ හිඟන්නන්ටම දෙන්න වගේ අදහසක් සමහරුන්ට තියෙන්නෙ.මට ඇහිලා තියනවා..හුඟක් අය කියනවා හිඟන්නෙක් දැක්කම අද මාරු කාසි නෑ කියලා..(සමහර යාචකයන්ගෙන් ලේසියෙන් බේරෙන්නත් බෑ.ඒක වෙනම කතාවක්.)කෙනෙකුට කියන්න පුලුවන් තියන විදිහයට නේ දෙන්නෙ කියල?සතෙන් සතේ එකතුවෙලා ලොකු ගානක් හදාගනියි කියලා.ඒත් මම හිතනවා අද කාලෙට ගැළපෙන යම් මුදලක් දෙනවා නං හොඳයි කියලා.මොකද අපි දෙන්නෙ පිං සළකා හෝ උපකාරයක් විදිහට නිසා.
මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.
2-සමහර උත්සව අවස්ථාවල(නිවසකට ගෙවදීම-විවාහ..වගේ)මොනවාහරි දෙන්න ඕනම නිසා මොකක් හෝ තෑග්ගක් දීලා දානවා.ඒත් ඒවා එයාළට ප්‍රයෝජනවත්ද කියලා හිතනවද?මට මතකයි මට බිග් ගර්ල් කෙනෙක් වුනාම ලැබුනෙ 75%වීදුරු බඩු.ඒවා වේයො කනවා..කැරපොත්තෝ බෝවෙනවා..තැනින් තැනට අදිනවා මිස වැඩක් නෑ.දවසක් ගෑනු කෙනෙක් කිව්වා උඹලත් වීදුරු වගේ පරිස්සම් වෙයල්ලා කියලා..හිතලලු එහෙම දෙන්නෙ.
කෙසේවෙතත් එදායින් පස්සෙ මම තෑග්ගක් දෙන්නෙ හොඳට හිතලා.අවුරුද්දට කිරිබත්-කැවුම් වෙනුවට හොඳ කිරිපිටි පැකට් වගේ දෙයක්.
3-තෑගි වෙනුවට මුදල් දෙන එක ගැන මගේ නං ප්‍රසාදයක් නෑ.මොකද යම් අවස්ථාවක තෑග්ගක් දෙන්නෙ විශේෂයක් නිසා නේ.තෑග්ගකින් ලැබෙන සතුට මුදලින් දෙන්න පුලුවන්ද කියන එක මට ගැටළුවක්.
ඔයාලගේ අදහස් තියනවද මේ ගැන?
(මම යමක් ලියනකොට ටිකක් කරුනු කාරනා එක්ක තමයි ලියන්නෙ.දැනටත් දිග වැඩියි ඒත්..තව අත්දැකීම් -උදාහරණ ලියන්න ඕන පැහැදිලි කරන්න.ඒත් කට්ටිය හිතනවනේ පොර ටෝක් කියලා.
එනිසා එහෙම හිතෙන තැන් නොසළකා සමස්ථ අදහස ගැන කතා කරමු)
ඇත්තටම අපි දෙන තෑගිවල තේරුමක් තියනවද?හරියට ඇපෙන් බේරෙන්න වගේ දෙන තෑගි වලින් ඒ තෑගි ලබන්නාට වැඩක් තියෙයිද කියලා අපි හිතනවද?
කරුනු 3ක් ඔස්සේ කතා කරමු.

1-හිඟමන් යදින අයට අපි තවමත් දෙන්නෙ සත50/රුපියල වගේ සොච්චමක්.ඒත් අද රුපියලකින්-දෙකකින් මේ රටේ මොනවද කරන්න පුලුවන්.මාරු කාසි තියෙන්නෙ හිඟන්නන්ටම දෙන්න වගේ අදහසක් සමහරුන්ට තියෙන්නෙ.මට ඇහිලා තියනවා..හුඟක් අය කියනවා හිඟන්නෙක් දැක්කම අද මාරු කාසි නෑ කියලා..(සමහර යාචකයන්ගෙන් ලේසියෙන් බේරෙන්නත් බෑ.ඒක වෙනම කතාවක්.)කෙනෙකුට කියන්න පුලුවන් තියන විදිහයට නේ දෙන්නෙ කියල?සතෙන් සතේ එකතුවෙලා ලොකු ගානක් හදාගනියි කියලා.ඒත් මම හිතනවා අද කාලෙට ගැළපෙන යම් මුදලක් දෙනවා නං හොඳයි කියලා.මොකද අපි දෙන්නෙ පිං සළකා හෝ උපකාරයක් විදිහට නිසා.
මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.

2-සමහර උත්සව අවස්ථාවල(නිවසකට ගෙවදීම-විවාහ..වගේ)මොනවාහරි දෙන්න ඕනම නිසා මොකක් හෝ තෑග්ගක් දීලා දානවා.ඒත් ඒවා එයාළට ප්‍රයෝජනවත්ද කියලා හිතනවද?මට මතකයි මට බිග් ගර්ල් කෙනෙක් වුනාම ලැබුනෙ 75%වීදුරු බඩු.ඒවා වේයො කනවා..කැරපොත්තෝ බෝවෙනවා..තැනින් තැනට අදිනවා මිස වැඩක් නෑ.දවසක් ගෑනු කෙනෙක් කිව්වා උඹලත් වීදුරු වගේ පරිස්සම් වෙයල්ලා කියලා..හිතලලු එහෙම දෙන්නෙ.
කෙසේවෙතත් එදායින් පස්සෙ මම තෑග්ගක් දෙන්නෙ හොඳට හිතලා.අවුරුද්දට කිරිබත්-කැවුම් වෙනුවට හොඳ කිරිපිටි පැකට් වගේ දෙයක්.3-තෑගි වෙනුවට මුදල් දෙන එක ගැන මගේ නං ප්‍රසාදයක් නෑ.මොකද යම් අවස්ථාවක තෑග්ගක් දෙන්නෙ විශේෂයක් නිසා නේ.තෑග්ගකින් ලැබෙන සතුට මුදලින් දෙන්න පුලුවන්ද කියන එක මට ගැටළුවක්.