||හෙලිකොප්ටරයේ කතාව||

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ||හෙලිකොප්ටරයේ කතාව||

    හෙලිකොප්ටරය හැදුනු හැටි


    හෙලිකොප්ටරය නිර්මාණය කිරීමට මුල් කාලයේ උත්සහ කල බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍ය අංග 2ක් මග හැරී ගියා.


    * ඒ පොලොවෙන් ඉහලට ගෙනයාමේ න්‍යාය හා
    * යමක් නොකඩවා ඉදිරියට ගෙන යාමේ යාන්ත්‍රණයයි

    මේ ප්‍රශ්න වලට පිලිතුරු සපයමින් 1907 දී පෝල් කේනූ විසින් ලොව මුල්ම හෙලිකොප්ටරය නිපදවූවා.
    ​

    061113_Paul_Cornu_helicopter.jpg

    ​

    සුළං පෙති 2ක් ඇති මෙය සෙන්ටිමීටර් 30 ක් ඉහල නැග තත්පර 20ක් ගුවන් ගතවී තිබුණා
    ​



    HE2G13.jpg


    පෝල් කෝනු තමන්ගේ හෙලිකොප්ටරය සමග

    ​
    1923 :

    C4 - ලෝකයේ පලමු වරට යාන්ත්‍රික සුළං පෙත්තක් සහිත හෙලිකොප්ටරය
    ජුවාන් ද ලා සියේවා ගේ නිර්මාණයක්



    cierva1.jpg


    ජුවාන් ද ලා සියේවා තම නිර්මාණය සමග


    ​
    1936 :

    FW 61 - සම්පූණයෙන්ම පාලනය කරන්න පුලුවන් තත්ව යටතේ නිපදවූ හෙලිකොප්ටරයක් ජර්මනිය පියාසර කලා.ඒකේ වේගය පැයට කිලෝ මීටර් 122ක් .


    fw-61_1.jpg

    ​


    1942 :

    සිකෝස්කයි R 4 - පලවෙනි මහා පරිමාණ හෙලිකොප්ටර් නිශ්පාදකයායි.2 ලෝක යුද්ධයේදී මිත්‍ර හමුදාවන්ට හෙලිකොප්ටර් 100ක් විතර එකවර නිපදවුනා.


    sikorski_r4.jpg

    ​


    1946 :

    බෙල් 47 - සාමාන්‍ය ජනතාවගේ ප්‍රයෝජනයට නිශ්පාදනය කළ පලමු හෙලිකොප්ටරයයි


    bell_47.jpg

    ​


    1959 :

    බෙල් UH 1 - වියට්නාම් යුද්ධයේදී බහුලවම යොදාගත්තේ මේ හෙලිකොප්ටරය. මේවායින් 16000 ක් පමණ නිපදවුනා ලොව පුරා යුද පෙරමුණූ වලදී යොදාගනු ලැබෙනවා


    bell-uh1-iroquois-huey_3.jpg

    ​


    1961 :

    සී කිං H 3 - අනතුරට පත් අය බේරා ගැනීමට බහුලව යොදා ගැනේ.ඇමරිකන් ජනාධිපතිගේ නිල වාහනයත් මෙයයි


    h3seaking_infl.jpg

    ​


    1962 :

    චිනුක් CH 47 - දිගු කාලයක් තිස්සේ බර ඉසිලීමට යොදා ගනී


    ch47-002.jpg

    ​


    1967 :

    Mi 8 Hip - රුසියානුවන් බහුකාර්ය ප්‍රවාහන කටයුතු වලට යොදා ගන්නවා
    ඉතිහාසයේ මෙතෙක් වැඩියෙන්ම නිපදවුනු හෙලිකොප්ටරයයි.ප්‍රමාණය 20 000 ඉක්මවනවා.


    mil_mi8_hip.jpg

    ​


    1966 :

    MH 53 - ඇමරිකන් හමුදාවේ පැරණිම හෙලිකොප්ටරයයි


    mh53j1.jpg

    ​


    1967 :

    බෙල් 206 - ඉතා සාර්තක වූ වාණිජ කටයුතු වලට යොදා ගන්නාඅ හෙලිකොප්ටරයක්. ප්‍රභූන් ප්‍රවාහනයට , පුවත් රැස් කීරීමට ආදී කටයුතු රශිුයකට යොදා ගන්නවා.


    bell_206b_1578.jpg



    ​
    1968 :

    Mi 12 - ලොව විශාලම හෙලිකොප්ටරයයි.බෝයිං 727 ගුවන් යානයකටත් වඩා විශාල වන අතර කිලෝ ග්‍රෑම් 30 000 ක පමණ බරක් ඔසවන්න පුලුවන
    ්

    Mil_Mi-12.gif



    ​
    1974 :

    Mi 24 - ඉතා වේගවත් ප්‍රහාරක යානාවක්.වේගය පැයට කිලෝ මීටර් 335 කි


    MI-24_Hind_AD.jpg

    ​


    1979

    UH 60 Black Hawk - ඇමරිකන් සෙබලු යුද පෙරමුණට ගෙන යාමට යොදා ගන්නවා.සම්පූර්ණයෙන් සන්නාහ වුනු 11 දෙනෙක් මෙයින් ගෙන යන්න පුලුවන්.වේගය පැයට කිලෝ මීටර් 270ක්


    ride.jpg


    black_hawk_down_pic1.jpg


    ​
    මේ Black Hawk Down චිත්‍රපටයේ අවස්තාවක්


    1984 :

    AH 64 - වඩාත් නවීන සටන් හෙලිකොප්ටරයක්.මෙහි ඇති ආයුධ අතර මිලි මීටර් 30 දම්වැල් තුවක්කුව, රොකට් විදින යන්ත්‍ර , මිසයඉල ඇතුලත්


    ah64d_01.jpg

    ​


    V-22 ඔස්ප්‍රේ -

    භ්‍රමකයේ පිහිටීම වෙනස් කරලා හදපු පලමු හෙලිකොප්ටරය.
    සිරස් රේඛාවක් ඔස්සේ ගුවන් ගත්වී නැවත පොලොවට පහත් වීමටත් පුලුවන්
    භ්‍රමකයට සවි කල පියාපත් අංශක 90 ක් කැරකවීමෙන් ගුවන් යානයක් මෙන් ඉදිරියට පියාසර කරවන්නත් පුලුවන්


    V-22Osprey.jpg


    -----------------------------------------------------
    ​
    නිදහස් වෙලාවක හදලා දැම්මා කැමති අයට බලාගන්න
    ස්තුතියි
    !​
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83