මුස්ලිම්වරුන් තුළ සදාචාර හැදියාවක් තියන&
අනුරාධපුර ගාලදිවුල් වැව ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත දොඹවලගම ශ්‍රී අභිනවාරාමාධිපති රැලිපනාවේ පඤ්ඤාසිරි ස්වාමිපාදයාණන් වහන්සේ සමග පැවැත්වූ සාකච්ඡාවක්
ප්‍රශ්නය: ගරු හාමුදුරුවනේ දැන් ලංකාවේ තිඛෙන ඉස්ලාම් සමාජය හා බෞද්ධ සමාජය අතර දැනට තිඛෙන සම්බන්ධීකරණය කොයි ආකාරයෙන් ද ඔබ වහන්සේ දකින්නේ?
පිළිතුර: මුස්ලිම් (ඉස්ලාම්) ආගම කියන්නේ එකක්¦ බෞද්ධ ආගම කියන්නේ තවත් එකක්. ඒ දෙක අතර සම්බන්ධතාවයක් තිඛෙනවා කියන එකක් අපිට දකින්න අමාරුයි. නමුත් වර්තමානයේ පවත්නා තත්ත්වය හැටියට මුස්ලිම් (ඉස්ලාම්) ආගම දේව වාදී ආගමක් හැටියට ආගමෙන් මිනිසුන් බැඳලා තියෙනවා. ඒ වගේම නොනැසි පවතින නීති සමූහයක් තියෙනවා. ඒ නීති ඒ අයගේ ආගමිකත්වය රැකගන්නට විශාල වශයෙන් මහන්සියක් අරගෙන තියෙනවා. එම නිසා අපේ බෞද්ධ සමාජයට වඩා ඒ අයගේ යම්කිසි ආගමික හැදියාවක් තියෙනවා.
ප්‍රශ්නය: ඒ කියන්නේ සිංහල බෞද්ධයන්ට වැඩිය මුස්ලිම් සමාජය තුළ ආගමික වශයෙන් හැදියාවක් තියෙන බව ඔබ වහන්සේ පිළිගන්නවා.
පිළිතුර: නීතිමය රාමුවකට කොටු කරල හරි ඒ අයගේ යම්කිසි ආගමික සදාචරායක් හැදියාවක් තියෙනවා.
ප්‍රශ්නය: හාමුදුරුවනේ බෞද්ධ ආගමේ හැටියට පළවෙනි ශික්ෂා පදය තමයි ප්‍රාණඝාත අකුසලයෙන් වැළකීම. නමුත් අතීතයේ බුදුන් දවස සිටම බෞද්ධයන් බොහෝ දෙනෙක් මාංශ භක්ෂකයින්. එහෙත් ඔවුන් මුස්ලිම් සමාජයට චෝදනා කරනවා, ප්‍රාණ ඝාතනය කරමින් මස් අනුභව කරන්නේ මුස්ලිම් අය කියලා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මොකක් ද?
පිළිතුර: ප්‍රාණඝාතනය බුදු දහමේ ප්‍රතිෙකෂ්ප කරන දෙයක්. පළවෙනි ශික්ෂා පදයේම හඳුන්වනවා —පානාතිපාතා වේරමණි සික්ඛා පදං˜ කියලා. ඒ නිසා මස් කෑම කෙසේ වෙතත් ප්‍රාණ ඝාතනය කියන එක බුද්ධාගමේ දැඩිව ප්‍රතිෙකෂ්ප කරනවා.
ප්‍රශ්නය: හාමුදුරුවනේ මම ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම, මස් කන නිසාද ප්‍රාණ ඝාතනය කරන්නේ. නැතිනම් ප්‍රාණ ඝාතනය කරන නිසා ද මස් කන්නේ කියලා
පිළිතුර: ඔය ප්‍රශ්නය හරියට අර කිකිළි ද බිත්තරේ ද ඉස්සරලා ආවේ කියලා
ඇහුවා වගේ නේද? ඒ නිසා ඔය ප්‍රශ්නයට උත්තර හොයන්න අමාරුයි
ප්‍රශ්නය: දැන් මේ ප්‍රාණ ඝාත අකුසලය හරහා බෞද්ධයන් ඉස්ලාම් සමාජයට කරන චෝදනාව තමයි හරකුන් මැරීම. ඉස්ලාම් සමාජය විසින් බෞද්ධයින්ට කරන චෝදනාව නම් —බුදු හිමි මස් කන්න එපා˜ කියද්දී ඇයි බෞද්ධයෝ මස් කන්නේ කියන දේ. මෙය ඔබ වහන්සේ දකින්නේ කොයි ආකාරයෙන් ද?
පිළිතුර: —මස් කන්න එපා˜ කියලා බුදු හිමියන් කියලා නෑනේ. දේවදත්ත තෙරුන් වහන්සේ ගේ වර 5 ක් (ඉල්ලීම් පහක්) තියෙනවා එයින් එකක් තමයි —ජීවිතාන්තය දක්වා භික්ෂූන් වහන්සේලා නිර්මාංශ විය යුතුයි කියලා.˜ එහිදි බුදු හිමියන් කීවා, —කැමති අයට මස් කෑමටත් අකැමති අයට නොකෑමටත් පුළුවනිය. නමුත් එය කන්න හෝ නොකන්න කියලා තහනම් කිරීම අසාධාරණයි˜ යනුවෙන් පැවසුවා
ප්‍රශ්නය: එසේ නම් බුදු හිමියන් එය දැඩිව ප්‍රතිෙකෂ්ප කරන්නේ නැහැæ
පිළිතුර: බුදු හාමුදුරුවෝ සමහර භික්ෂූන් රෝගී වූ අවස්ථාවල දී එය සුවකර ගැනීම සඳහා කෑමට මස් තිඛෙන ස්ථානවල පිණ්ඩපාතයේ යන්න කියලා නියෝග කළා. මොකද ඒ තැනදී මස් ලැඛෙන නිසා. ඒ නිසා මස් කෑමම කියලා ප්‍රතිෙකෂ්ප කිරීමක් කොතනැකදී වත් කරන්නේ නැහැ. නමුත් සත්ත්ව ඝාතනය ප්‍රතිෙකෂ්ප කරනවා
ප්‍රශ්නය: මස් අනුභව කිරීම අතර හරකා සම්බන්ධව කොහොමද බුදු දහමේ අර්ථ නිරූපණය කරන්නේ? ඒ කියන්නේ හරකා හැර අන් සතුන් මැරුවාට කමක් නැහැ කියලා දේශනා කර තිඛෙන්වා ද?
පිළිතුර: කිසිම සත්ත්වයෙක් මරන්න කියලා නැහැ. මරන්න කියන්නෙත් නෑ. මරන්න එපා කියලත් නෑ. සමහරක් වේලාවට රැකියාව වශයෙන් සතුන් මරලා මස් කර විකුණා යැපෙන පුද්ගලයන් සිටිනවා. උදාහරණ වශයෙන් ඡේතවනාරාමයේ අල්ලපු වැටේ හිටියේ චුන්ද. ඔහුගේ රැකියාව තමා මස් පිණිස ඌරන් ඇති කර මරන එක. එකකොට ඌරො මරන්න එපා කියලා බුදු හිමියන් ඒ බමුණාගේ ගෙදර ගිහිල්ලා කියලා නෑ. තමන්ගේ රැකියාව කරගෙන යන්න ඔහුට අයිතියක් තියෙනවා. එය කිසිදු අයුරකින් තහනම් කළේ නැහැ. නමුත් බෞද්ධයන් ගේ අරමුණ නිවන් දැකීමයි. එහෙම නම් මෙයට ප්‍රාණ ඝාතනය මහත් බාධාවක්. ඒ නිසා නිවන් දකින්නට උත්සාහ දරන කෙනෙක් සිටිනවා නම් මස් මාංශ වලින් තොර විය යුතුයි. එහෙම නොවෙනවා නම් ඔහුට නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ
ප්‍රශ්නය: හාමුදුරුවනේ බුදු හිමියන් කොතැනක හරි ති්‍රපිටකයේ කියලා තියෙනවාද හරකා ගැන විශේෂ කරලා. ගවයන් ඝාතනය කරන්න එපා කියලා?
පිළිතුර: කොතැනකවත් කියලා නැහැ. නමුත් ගවයා සම්පතක් හැටියට පෙන්නලා තියෙනවා. ගවයා උතුම්ම සම්පතක්. ගව සම්පත තරම් වටිනා සම්පතක් ලෝකේ නැහැ කියන එක පෙන්නලා දීලා තියෙනවා. මිහිපිට ඇති එකම සම්පත ගව සම්පත කියලයි කියන්නේ
ප්‍රශ්නය: හාමුදුරුවනේ මෙතැනදී තවත් එක් ප්‍රශ්නයක් තමයි ලාංකීය බෞද්ධයින් හැර වෙනත් රටවල වෙසෙන බෞද්ධ සහ අබෞද්ධ ජනතාවට එම රටවල පාරිසරික පසුබිම අනූව ධාන්‍ය වර්ග හා එළවළු, පළතුරු නොමැතිකම. මෙවැනි පලාත් වල වෙසෙන්නන් අනුභවය සඳහා තිඛෙන්නේ මාංස පමණක්ම නම් ඔවුන් කරන්නේ කුමක් ද? බුදු දහම තුළින් මෙවැනි අවස්ථා වලට මුහුණ දී තිඛෙන්නේ කොයි අයුරින්ද?
පිළිතුර: බුදු හිමියන් සතුන් මරන්න එපා කියලා නෑ. දේශයෙන් දේශයට ආවේනික රටාව අනූව මිනිසා හැඩ ගැසිය යුතුයි. උදාහරණයක් වශයෙන් ගත්තහම ඇමරිකාව, ස්විට්සර්ලන්තය වැනි රටවල ජීවත්වන මිනිසුන් බැටළු මස් කන්න ඕනි. එහෙම නැතිනම් ඒ අයගේ ඇෙඟ් උෂ්ණත්වය පවත්වාගෙන යන්න බැහැ. මම බෞද්ධ වුනා භික්ෂුවක් වුනා කියලා බැහැ. ඒ ඒ රටවල රාජ්‍ය නීතිය හා රටට ආවේනික වූ පොදු සම්මතයන්ට අපි අවනතවෙන්න ඕනි. නැතිනම් පුද්ගලයා විනාශ වෙනවා. මෙතැනදී පුද්ගල විනාශයක් වූවොත් ආගම පැහැදිලිවම විනාශ වෙනවා. බුහු දහම විනාශ නොවෙන්න නම් මිනිසා ආරකෂා විය යුතුයි. නිකරුනේ නොමැරි සිටිය යුතුයි
ප්‍රශ්නය: හාමුදුරුවනේ බොහෝ බෞද්ධයන් අතර මෙහෙමත් මතයක් තියෙනවා. අපේ ගෞතම බුදුහිමියන් බුදු වීමට පෙර ගව ආත්මෙක ඉපදුණු නිසා (නන්ද විශාල ජාතක කථාව) එයට ගෞරවයක් වශයෙන් ගවයන් මැරීම ප්‍රතිෙකෂ්ප කරන බව. ඒ ඇත්තද?
පිළිතුර: නැහැ. ඒකාලේ ඉන්දියාවේ තිබුණු සම්ප්‍රදායක් තමයි එය. ශිව භක්තිකයින්ගේ තිඛෙනවා ගවයාට ගරු කිරීමක්. මූලිකත්වය දීමක්, ඊට හේතුව ශිව දෙවියන්ගේ වාහනය ගවයා වීමයි. ලෝකය නිර්මාණය කළ පුද්ගලයාගේ වාහනය ගවයා. ඒ නිසයි ඔවුන් වඳින්නේ. ඒ එක්කම බුදු හිමියනුත් එයට විරුද්ධ නොවී ගවයාට මූලිකත්වය දී තිඛෙනවා

Last edited: