Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
Religious
නැවත හිතමු අළුතින්
Tweet
Thread Tools
Display Modes
(#
1
)
hukp1
Senior Member
Posts: 377
Join Date: Apr 2009
Location: Kalutara
නැවත හිතමු අළුතින් -
05-29-2010, 07:54 AM
මරණානුස්මෘතිය
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ
ශක්‍ර දෙවියෝ කියපු දෙයක් තමා ඇතිවෙන හැමදේම නැතිවෙනවා කියන එක. බුදු හාමුදුරුවොත් තමන් වහන්සේගේ ජීවිතයෙන් වැඩි කාලයක්ම වැය කලේ මේ බව අපිට කියලා දෙන්නයි. අදත් ඒ උත්සාහය ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කලා මේ ඇති වෙන සියළු දේම නැති වෙන නිසා දුක ඇති වෙනවා ඒ විදියටම ඒ බව තේරුම් නොගන්න කම් අපි නැවත නැවතත් මේ කෙළවරක් නොපනෙන සසරේ ඉපදි ඉපදි මැරි මැරි දුක් විඳ විඳ යන බව. තවදුරටත් උන්වහන්සේ අපිට දේශනා කලා මේ ලෝකේ කිසිම දෙයක් තමන්ගේ කියලා අයිති කරගන්න බෑ කියලා. මේ හැමදේම අපිට කිව්වා පමණක් නෙමෙයි ක්‍රියාවෙනුත් පෙන්නුම් කරලා දුන්නා.ඒකයි උන්වහන්සේ මෙලොව පහල වෙච්ච මහා පුරුෂයා ලෙස සලකන්නේ. වෙන කිසිම ආගමික නායකයෙකුට ඒ දේ කරන්න බැරිවුනා. අදත් ඒ හේතුව නිසා බුද්ධ ධර්මය ප්‍රඥාවතුන්ගේ ධර්මය වෙලා.
බුදු හාමුදුරුවෝ ඉපදුනා. බුදු උනා. පිරිනිවන් පෑවා. පිරිනිවන් පාන වෙලාවෙත් උන්වහන්සේ අපිට මතක් කලා උපදින සියල්ලම නැති වෙන බව. මහා පුරුෂයා වන බුදු හාමුදුරුවොත් පිරිනිවන් පෑවා. බුදු හාමුදුරුවන්ට පමණක් දෙවැනි වන සැරියුත් හාමුදුරුවොත් පිරිණිවන් පෑවා. අනෙක් මහරහතන් වහන්සේලාත් පිරිණිවන් පෑවා. ඉතින් අපි ගැන කුමන කථාද? උන්වහන්සේලා වැඩසිටි පන්සල් අද නටබුන් වෙලා. අපිට බලන්න ඉතිරිවෙලා තියෙන්නෙ ශේෂ වෙච්ච දේ පමණයි. ඒකෙන්ම තේරෙනවානේ ඒ ධර්මය කොයි තරම් නම් සත්‍යද ප්‍රායෝගිකද කියලා.
මේ සියළු දේ බුදු මුවින් දේශනා වූ දේ. එනම් අපි ඇතුළු මේ ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයන්ට යටත් වන බව. අපේ අකුශල කර්මයට අද මහා බෞද්ධ උරුමය අතේ තියාගෙන පිළිවෙතින් 2600 වෙනි සම්බුද්ධ ජයන්තියට පෙළ ගැසෙන අපිට ඒ සේරම අමතක වෙලා. අපි හිතාගෙන ඉන්නේ අපි මැරෙන්නේ නෑ කියලා. මැරෙනවා කියලා හිතන් ඉන්න අයත් ඒ වෙනුවෙන් ලැහැස්ති වෙන්නේ නෑ. ඔහේ වැනෙන්නන් වාලේ වැනෙමින් ඉන්නවා මැරෙනකම්. හැබැයි මරණය ළඟට ආවම මර බයෙන් ගැහෙනවා. මේක තමයි අද ශ්‍රී ලාංකික බෞද්ධයාට වෙලා තියෙන වින්නැහිය. මන් දන්නෑ ඔයාලටත් එහෙමද කියලා. හැබැයි හොඳට ඇස් දෙක ඇරලා වටපිට බැලුවොත් ඔයාලට තේරේවි මන් මේ කියන දේ කොයි තරම් ඇත්තද කියලා.
ඉතින් මේ ලිපියෙන් මන් බලා පොරොත්තු වුනේ මේ ගැන ඔයාලා දැනුවත් කිරීම විතරක් නොමෙයි. මරණය ගැනත් ඔයාලට කිසියම් වටින දෙයක් කියන්න. අපි දන්නවා අපි හැමෝම මැරෙන බව. ඔයාලගේ පවුල් වල අඩුම තරමේ එක් කෙනෙක් හරි මැරිලා ඇති. හැමදාමත් කවුරු හරි අපි දැනුවත්ව හෝ නැතිව මැරෙනවා. ඒක නිසා තමයි බුදු හාමුදුරුවෝ කිව්වේ උපදින සියල්ලන්ටම මරණයි උරුමයි කියලා. අපි මේ බව තේරුම් ගන්න ඕනා. එහෙම උනොත් තමයි අපි බුදුන් සරණ දහම් සරණ සඟුන් සරණ ගිය බෞද්ධයො වෙන්නේ.
දන්නවනේ සැබෑ බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියලා? ඔව් ඔයාලා ඒ බව දන්නවා.ඒ ගැන මට සතුටුයි. මන් කෙටියෙන් කොයිකටත් ඒ ගැන ලියන්නම්. සැබෑ බෞද්ධයෙක් වෙන්න ක්‍රිස්තියානි අය වගේ පල්ලියට ගිහිල්ලා බෞතීස්ම කරන්න ඕනා වෙන්නේ නෑ. ඉස්ලාම් ආගමේ වගේ ක්‍රියාවන් වත් හින්දු ආගමේ තියෙන පූජා විදි කරන්නවත් උවමනා නෑ. අවශ්‍ය වන්නේ තෙරුවන් සරණ යාම පමණයි. හැබැයි නිකන්ම බුද්ධං සරණං ගච්ඡාමි ...කියලා අත්දෙක නළලෙ බැඳගෙන වැඳගෙන කිව්වාට වැඩක් නෑ. ඒ බුද්ධ ධර්ම සංඝ යන අංගයන්ගේ පිරිච්ච ගුණයන් ගැන අවබෝධයෙන් යුතුව තිසරණයේ පිහිටන්න ඕනා. මේකට බුදු හාමුදුරුවෝ ඉන්නම ඕනා නෑ. වෙන හාමුදුරු නමක් ඉන්න ඕනාමත් නෑ. හැබැයි ධර්මය පිළිබඳ දැනීමක් අපි තුල තියෙන්න ඕනා. මේ නිසා තමයි පෙර පින් ඇති බව මංගල කාරණයක් විදියට බුදු හාමුදුරුවෝ දක්වලා තියෙන්නේ. එහෙම නැතිව අපේ අතපය ඔක්කොම කොයි තරම් හෙඳට වැඩ කලත් වැඩක් නෑ. මේ ගැන දැනීමක් නැත්නම්.
ඉතින් මේ ධර්මය බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳව විශ්වාස කරන ඒ ධර්මය පිළිපදින ආර්ය සංඝයා ගැන විශ්වාස කරන සැබෑ බෞද්ධයා මරණය ගැනත් විශ්වාස කරනවා. හැබැයි ඒ අඥාණ මිනිස්සු විශ්වාස කරන විදියට නෙමෙයි. ඒ විශ්වාසය බෞද්ධ දේශනාවෙදී අපි හඳුන්‍වන්නේ මරණානුස්මෘතිය කියලා. මේ මරණානුස්මෘතිය වැඩීම අපිට හුඟක් ප්‍රයෝජනවත්. ඒකට ආගම බෞද්ධ වෙන්නම උවමනා නෑ. මොකද කොයි ආගමේ මිනිහත් මැරෙනවා. ඒක වලක්වන්න බෑ.
මීළඟ ලිපියෙන් ඒ අපි හැමෝටම වැදගත් වන මරණානුස්මෘතිය වඩන ආකාරය ඔයාලාට විස්තර කරලා දෙන්න මන් බලා පොරොත්තු වෙනවා.ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. අද හෙට ඔයාලට ඒ ගැන දැනීම අනවශ්‍ය වුනත් අනිවාර්යෙන්ම එක දවසක එක මොහොතකදී ඒ පිළිබඳ දැනීම අවශ්‍ය වෙන නිසා. ඔයාලා ඒ ගැන දැන ගන්න කැමති නම් මේ ලිපි එකතු කරගන්න. මේ ලිපි ප්‍රින්ට් කරගත්තත් ඔයාලාට පාඩු වෙන්නේ නෑ යාළුවනේ.හැබැයි ඔයාලා කැමති නම් විතරයි. මගේ එකම බලාපොරොත්තුව වගේම අධිෂ්ඨානය මේ ලිපි කියවන අයට තමන්ගේ ජීවිතය ගැන ඉගෙන ගන්න උදව් වෙන එක විතරයි. ඒ වෙන දෙයක් නිසා නොවෙයි. කෙනෙක්ට නිවන් දකින්න පුළුවන් වෙන්නේ ඒ ඉගෙන ගැනීමෙන් විතරක් නිසා.
ඉතින් මන් ඔයාලට ආරාධනා කරනවා පුළුවන් කමක් තියේනම් මේ සමග එක් වෙන්න කියලා. මේ ගැනත් හිතලා බලන්න කියලා. අපි මරණානුස්මෘතිය සමගින් ඉදිරියේදී නැවතත් හමු වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි.
hukp1
View Public Profile
Send a private message to hukp1
Find all posts by hukp1
(#
2
)
Jamison
Senior Member
Posts: 287
Join Date: May 2009
Location: Homagama
05-31-2010, 10:30 AM
ඉතාමත් වටිනවා යාලුවා. ගොඩක් පිං ඔබට.
Jamison
View Public Profile
Send a private message to Jamison
Find all posts by Jamison
(#
3
)
mensoft2003
Senior Member
Posts: 1,782
Join Date: Sep 2007
06-01-2010, 10:33 AM
බොහොම පින් !
mensoft2003
View Public Profile
Send a private message to mensoft2003
Find all posts by mensoft2003
(#
4
)
shammee
Senior Member
Posts: 6,979
Join Date: Jul 2009
Location: ලස්සන ශ්‍රී ලංකා
06-01-2010, 10:41 AM
...........සැබෑ බෞද්ධයා මරණය ගැනත් විශ්වාස කරනවා. හැබැයි ඒ අඥාණ මිනිස්සු විශ්වාස කරන විදියට නෙමෙයි. ඒ විශ්වාසය බෞද්ධ දේශනාවෙදී අපි හඳුන්‍වන්නේ මරණානුස්මෘතිය කියලා....
හිතන්න වටින කරුනු කීපයක්.අපි හැමෝම දන්නව වුනත්!
බොහොම පිං ඔබට.
shammee
View Public Profile
Send a private message to shammee
Find all posts by shammee
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.11516
seconds with
6
queries