හිනා..හිනා.වෙන්න හිනා - 4
බේබද්දෝ
ඔන්න එක දවසක් යාළුවො දෙන්නෙක් හොඳටෝම බීලා. උතුර දකුණ සොයා ගන්න බෑ. හරියට පහුවදාට රටේම අරක්කු තහනම් කරනවා කියල හිතාගෙන තමයි බීල තියෙන්නේ. හැබැයි මේ දෙන්න තැබෑරුමෙන් නැගිටල යන්න හදන කොට තමයි මුණ ගැහුණේ
දැන් දෙන්නට දෙන්නා බදාගෙන පයින් ඇවිද ගෙන යනව ගෙදර යන්න. ඔහොම ගිහිල්ල ගෙයක් ළඟ නතර වුණා මෙන්න මෙහෙමයි දෙන්නගේ කතා බහ. නැත්නම් සංවාදේ.
1 මිත්‍රයා - එහෙනම් මචං මම යනවා. චෙරියෝ ගුඩ් නයිට්.
2 මිත්‍රයා - උඹ කොහේ යන්නද? ඔය තියෙන්නේ මගේ ගේ
1 මිත්‍රයා - පිස්සුද? උඹට වැඩියි මේක මගේ ගෙදර.
2 මිත්‍රයා - මට නෙවෙයි පිස්සු ඔයාට. මේක මගේ ගේ. උඹේ ගේ කියල කොහොමද ඔප්පු කරන්නේ.
1 මිත්‍රයා - හරි මේ ගෙදර ඉන්නේ මගේ වයිෆ්. ඊළඟට පුතා. අපි තුන් දෙනා තමයි ඉන්නේ.
2 මිත්‍රයා- ඔයාට පයිත්තියන්. මේ ගෙදර ඉන්නේ අම්මයි - තාත්තයි - මමයි හරිද?
1 මිත්‍රයා- හොඳයි මම ද උඹ ද හරි කියල බලන්න දොරට තට්ටු කරමු. සොරි සොරි බෙල් එක ගහමු.
ඔන්න ඉතින් බෙල් එක ගැහැව්වා. නෝනා කෙනෙක් දොර ඇරියා.
නෝනා - හනේ! හනේ!
ලැජ්ජ නැතිකම අද තාත්තයි
පුතයි දෙන්න එකට බීල නේද?

ගනන්කිරීම
අළුත විවාපත් ගොවියෙක් සිය බිරිඳ සමග අශ්වකරත්තයකින් සිය නිවස බලා පැමිණෙද්දී....... එක් අශ්වයෙක් කෙඳිරිලි ශබ්දයක් නැගීය. එවිට ගොවියා “එකසැරයයි” කියා තමන්ටම කියා ගත්තේය. තව ටික දුරක් ගිය පසු නැවතත් පෙර කී අශ්වයා කෙඳිරිලි ශබ්දයක් නැගීය. එවිට ගොවියා “දෙසැරයයි” කියා තමන්ටම කියා ගති. දෙදෙනාම නිශ්ශබ්දව ගමනේ යෙදෙයි. නැවත සැරයක් පෙර කී අශ්වයා කෙඳිරි ගෑය. කිසිත් නොදොඩා කරත්තය නැවැත්වූ ගොවියා අසුන යටින් ගිනි අවියක් රැගෙන අර අශ්වයාට වෙඩි තබා මරා දැමීය.
මේ දෙස බලා හුන් ගොවියාගේ නවක බිරිඳ ....... “මොකක්ද මිනිහෝ උඹ කරපු පවුකාර වැඩේ..... තමුසෙනම් මහා පවුකාරයෙක්.....” යි කියමින් දොස් නගන්නට පටන් ගති.
ගොවිරාල - “එකසැරයයි” කියා නැවත තමන්ටම කියාගත්තාලු....

සතුටු කිරීම
දිනක් සිය ඇඳ යටට අහම්බෙන් එබුන ස්වාමි පුරුසයෙකුට එහි වූ පෙට්ටියක් හමුවිය. එහි බිත්තර තුනක් සහ රුපියල් හත්දාහක් විය.
ස්වාමියා - "මොනවද මේ බිත්තර ?"
බිරිඳ - "ඔයාට මාව සතුටු කරන්න බැරිඋන හැම දවසකටම මම එක බිත්තරයක් මේ පෙට්ටියට දානවා.
ස්වාමියා - "ඒ කියන්නේ ඔයාව සතුටු කරන්න බැරිවුනේ දවස් තුනයි". "එතකොට මේ සල්ලි ?"
බිරිඳ - "බිත්තර දුසිමක් එකතු වෙච්ච ගමන් මම ඒව විකුණනවා. මේ ඒ බිත්තර විකුණල එකතුකරපු සල්ලි"
ස්වාමියා - "?????"

රිය අනතුර
වැසි සහිත සැන්දෑවකි. එක් පාළු ස්ථානයකදී රූමත් කාන්තාවක් පදවාගෙන ගිය රථයක් තවත් රථයක ගැටිනි. අනිත් රථයේ සිටියේ කාන්තාවගේ සමවයසේ පුරුෂයෙකි.
කාන්තාවගේ රථය සම්පූර්ණයෙන්ම හානිවී ඇත. පුරුෂයාගේ රථයද එසේමය.
පුරුෂයා - "බලනවා තමුසේ කරපු දේ ..." මගේ කාර් එකේ ගන්න දෙයක් නෑ.... සම්පූර්ණයෙන්ම වරද තමුන්ගේ. ඉන්නවා මම පොලීසියට කෝල් කරන්නම්"
කාන්තාව නිහඩය... පසුව සිහින් ස්වරයෙන් පුරුෂයා ඇමතූ ඇය..
"බලන්න මේ වගේ පාළු තැනක, වහින වෙලාවක, අපි දෙන්නව එකට එක් කලේ දෙවියෝ කියලයි මට හිතෙන්නේ. ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද ? කාර් එකනම් මොකද? අපි දෙන්න හොඳටම ගැලපෙනව කියලයි මට හිතෙන්නේ"
පුරුෂයා - "ඕහ්.... මට ඒ ගැන හිතුනෙ වත් නැහැ"
කාන්තාව - "ඒකනේ ඔයා කලබල වෙලා. කාර් කටුවක් ගැන හිතනවා. මා දිහා හරියට බැලුවෙවත් නැහැ.
පුරුෂයා - "මටත් පිස්සු... "
දෙදෙනාම ප්‍රේමයෙන් මුසපත්වී ඇත. තදින් වැස්සද ඇදවැටේ. හොඳටම ඇඳිරි වැටී ඇත. දෙදෙනාටම අනතුර ගැන වගක් නැත.
පුරුෂයා - "ඉන්න කාර් එකේ විස්කි බාගයක් තිබුනා.. ටිකක් ගමු."
කාන්තාව - "හා.."
පුරුෂයා බෝතලය ගෙන මූඩිය ගලවා ඉන් දෙකෙන් පංගුවකටත් වඩා ගිල දමා බෝතලය කාන්තාව අත තැබීය. කාන්තාව පානය කරන පාටක් නැත, ඇය ජංගම දුරකථනයේ ඇමතුමක පැටලී සිටී.
පුරුෂයා - "ඇයි ඔයා බොන්නේ නැද්ද ?"
කාන්තාව - "බොන්න ! " ඉන්නවා තව ටිකකින් පොලීසිය එයි. එතකොට මම බලාගන්නම්. බීල බීල මගේ කාර් එක හැප්පුවට පාඩමක් උගන්නන්න.

මොකද කරන්නේ
ගුරුතුමිය - ගීත, ඔයාගේ තාත්තා මොකද කරන්නේ ?
ගීත - නීතීඥයෙක්
ගුරුතුමිය - සීත, ඔයාගේ තාත්තා ?
සීත - දොස්තර කෙනෙක්
ගුරුතුමිය - ස්වර්ණ ගේ තාත්තා.
ස්වර්ණා - මගේ තාත්තා මැරිලා මිස්.
ගුරුතුමිය - අනේ සොරි ස්වර්ණා.... මම ඇහුවේ මැරෙන්න කලින් මොකද කලේ කියලා ?
ස්වර්ණා - වමනේ කලා මිස්..

හොඳනම් රෙප් දෙන්නෙ අමතක කරන්න එපා

බැලුවෙ නැත්නම් බලන්න..
හිනා..හිනා.වෙන්න හිනා - 1
හිනා..හිනා.වෙන්න හිනා - 2
හිනා..හිනා.වෙන්න හිනා - 3

මටත් බාධකයක් තියනවා රෙප් දෙන්න.ඇයිදෝ නොදනිමි