කව්ද ලොකුම බොරුව කිව්වෙ......?

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කව්ද ලොකුම බොරුව කිව්වෙ......?

    ......කව්ද ලොකුම බොරුව කිව්වෙ......?​

    අමිල කියන්නේ අලුත් අලුත් විදියට හිතන විද්‍යාඥයෙක්..... ඉතින් දවසක් අමිලට හිතුනා අලුත් රොබෝවෙක් හදන්න ...අමිලත් ඉතින් බොහොම මහන්සි වෙලා මෙ රොබොවත් හැදුවා...

    asimo-robot_48.jpg


    මෙ රොබෝගේ විශේෂත්වය තමයි බොරු කියන මිනිස්සු අල්ල ගන්න පුලුවන් වෙන එක.... මෙ රොබෝව ඉස්සරහ කවුරු හරි මොකක් හරි කිව්වොත් ඒක බොරුවක් නම් රොබෝවට අහු වෙනවා , ඒ විතරක් නම් නෙවෙයි හොඳවයින් කනේ පාරකුත් වදිනවා බොරුව කිව්ව කෙනාට .....හැමෝටම එක වගේ නෙවෙයි පොඩි බොරුවක් කිව්වොත් ලාවට කනේ පාරකුයි ලොකු බොරුවක් කිව්වොත් හෙණ ගහන්න වගේ කනේ පාරකුයි රොබෝගෙන් හම්බ වෙනවා ..... ඉතිං බොහොම අමාරුවෙන් මෙ රොබෝගේ වැඩ ටික අමිල ඉවර කරා..... දැන් අමිලට හරි සංතෝෂයි ඉතිං මෙ රොබෝ උස්සං ඇවිල්ලා සාලේ මැද්දේ තියලා පරීක්ෂා කර කර හිටියා ... එතකොටම වගේ අමිලගේ පුතා නිවාඩු දවසේ පන්ති යන බෑග් එකත් කරේ දාං මෙන්න ගෙදර එනවා ......

    අමිල පුටුවට හේත්තු වෙලා ඇහුවා "ආ පුතා පන්ති ගිහින් වගේ නේද"

    එතකොට පුතා කිව්වා" ඔව් තාත්තේ "
    මෙන්න එක පාරටම අර රොබෝගේ අත දිග ඇරිලා ලාවට කනේ පාරක් පුතාගේ කම්බුලට වැදුනා

    "ආ..... උඔ... මට බොරු කියන්න නේද ....අදින් පස්සේ උඔ මෙ බොරු කියලා ඉවරයි පුතෝ... ආ දැන් ඉතිං මට ඇත්ත කියපං... අද නිවාඩු දවසේ කොහෙද ගියේ පන්ති යන්නේ නැතුව"

    "අනේ තාත්තේ අද මම පන්ති තමයි ගියේ ....ඒත් පන්ති තිබ්ඛෙ නෑ... ඒ නිසා පොඩි ෆිල්ම් එකක් බලන්න ගියා....."

    "මොකක්ද Film එක "අමිල ඇහුවා.....

    ඒකේ ඒකේ නම තමයි "අංගුලිමාල"
    අනේ ඉතිං රොබෝගේ අත ආයිත් දිග ඇරිලා ටිකක් සැරට කනේ පාරක් පුතාට වැදුනා...

    'අනේ කොල්ලො අයේ බොරු කියලා ඉවරයි මට...... උඔ දැන් වත් ඇත්ත කියපං... ආයේ බොරු කිව්වොත් කනේ පාර වදින්නේ මගේං හරිද....."

    "අනේ තාත්තේ.... මට ගහන්න එපා ඇත්ත කියන්නම් ... අපි බැලුවෙ "ඇගේ වෛරය" කියන ෆිල්ම් එක....... පුතා ඉකි ගැහුවා....

    අමිලගේ නෝනා සුජානිත් කුස්සියේ ඉඳලා මෙ සද්දෙට සාලෙට ආවා.......
    සුජානි දිහාවට හැරිලා අමිල මෙහෙම කිව්වා .......

    "බලන්න ....දැන් කාලේ එවුන් නම් ගන්නම දෙයක් නෑ අනේ ...අපි නම් මෙ වයසෙදි ඔහොම නරක වැඩ කලේ නෑ....."

    වාක්‍ය සම්පූර්ණ කරනවත් එක්කම ...අර රෙබොගේ අත දිග ඇරිලා අමිලට ටිකක් සැරට කනේ පාරක් වැදුනා....

    .....මෙක දැකපු සුජානිට ලොකු හිනාවක් ගියා ......

    "අන්න දැක්කද .......කොහෙද පුතාව හදන්නේ..... පුතාට බැන්නට තාත්තා ඊට හපන්නේ..... ඇයි ඉතිං තාත්තගෙම පුතානේ."

    සුජානිට වාක්‍ය කියලා ඉවරවෙන්නවත් හම්බවුනේ නෑ රොබොගේ අත දිග ඇරිලා දැවැන්ත කනේ පාරක් වැදුනා සිහිය නැති වෙන ගානටම....

    ප්‍රශ්නය.....කවුද ලොකුම බොරුව කිව්වෙ.........?​


    අනේ Reps නැතත් මතක ඇතුව Comments දීලා පලයල්ලා.....
     
    Last edited:

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    අනේ Reps නැතත් මතක ඇතුව Comments දීලා පලයල්ලා..

    :lol::lol::lol: siravta machn kastiya balanava eth un cmmnt keranneh na hehehe ... lolz .... ela joke eka hehehe ... .