ඉන්ද්‍රනාථ තේනුවර - ඩිජිටල් කැමරාවෙන් පැ&#3505

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉන්ද්‍රනාථ තේනුවර - ඩිජිටල් කැමරාවෙන් පැ&#3505

    ඩිජිටල් කැමරාවෙන් පැනොරාමා දැක්මක්


    ඡායාරූප කලාවේ බොහෝ ඉසව් ස්පර්ශකොට ඇතත් ඉන්ද්‍රනාථ සැනහෙන්නෙ එහි මාධූර්යය සොයා යෑමෙන්. කොටින්ම එය නිම නොවන ගමනක්. මේ අහසෙ - පොළොවෙ... කඳු වළලු අතරෙ විතරක් නෙවෙයි කළු ගල් පරුවතයක වුණත් ඔහු හොයන්නෙ ඒ මාධූර්යය.

    පියවි ඇසින් දැකීමෙන් නොනවතින ඒ විඳීම ඊළඟ මොහොතෙ ඡායාරූපයකට නැඟෙනව. ඒ, නිකම්ම නිකන් ඡායාරූපයකින් නෙවෙයි, අප විස්මයට පත් කරවන පැනොරාමා ඡායාරූප කලාවෙන්. මේ මහ පොළොවෙ නෙක සොඳුරු භූමි දර්ශන, ඓතිහාසික වටිනාකමැති ස්ථාන, පෞරාණික සංස්කෘතික උරුමය... ඔහුගේ ඩිජිටල් කැමරාවෙ පෙළින් පෙළ සටහන් වෙන්නෙ සීරුවට.
    av10060616-1.jpg
    එක යායට ඇහැ ගැටුණත් තවත් කෙනෙකුට රස විඳින්න නම් මෙවැනි ඡායාරූපයක් මොන තරම් විසල් වෙන්න ඕනෙද...

    ඩිජිටල් කැමරාව හතර වටේ කැරකෙනවා. අංශක 180 ක කෝණයෙන් නොනැවතී සමහරවිට අංශක 360 දක්වාම. පොළොන්නරුවෙ ගල් විහාරය, සම්පූර්ණයෙන්ම දකින්න ඔබේ දෙඇස් කොයි තරම් දුරක් ගමන් කරන්න ඇත්ද... දිනෙක ඒ අත්දැකීම විඳ ඇත්නම්, ඉන්ද්‍රනාථගෙ කැමරා ඇහැ ගමන් කළ අයුරු ඔබට වැටහේවි. කොටසින් කොටස ඡායාරූප 35 කට නැඟෙන ගල් විහාරය එකම ඡායාරූපයක් බවට පත් කිරීම ඊළඟ අභියෝගය. මෙවැනි සූක්‍ෂම කාර්යයන් සඳහා භාවිතා කරන සුවිශේෂී විරල පැනොරාමා කැමරා ලොව තිබුණත් ලංකාවටම ඇත්තෙ එකක්.
    ඉතා මිල අධික වීම හේතුවෙන් ඒ බලාපොරොත්තුවත් අතැර දැමූ ඉන්ද්‍රනාථ අතට හුරු පුරුදු ඩිජිටල් කැමරාවෙන්ම මේ කටයුත්තට අත ගැහුවෙ දන්න ශිල්ප සියල්ලම භාවිතා කරල.
    එකකින් දෙකකින් නොනැවතුණු මේ වැඩේ අන්තිමේ ඡායාරූප මහ හුඟක් දක්වා ඉහළ ගියා. හය හත් මාසයක් තිස්සෙ ගත්තු පින්තූර. විඳපු ගැහැට අපමණයි. ඒත් එහි ප්‍රතිඵලය තමයි, ශ්‍රී ලාංකික කැමරා ශිල්පියකු විසින් පවත්වන අපේ රටේ ප්‍රථම පැනොරාමා ඡායාරූප ප්‍රදර්ශනය, ලබන 11 වැනිදා පටන් 14 වැනිදා දක්වා කොළඹ කලා භවනෙදි පැවැත්වීම. ඩිජිටල් කැමරාවකින් පැනොරාමා ඡායාරූප නිර්මාණය කිරීම ලේසි පහසු කටයුත්තක් නොවුණත් ඉන්ද්‍රනාථට ඕනෙ වුණේ අභියෝගයක් විදියට මේ වැඩේ කරන්න. ලේසි වුණා කියල ඔබ හිතනවද... කොහෙත්ම නැහැ.
    පොළොන්නරුවෙ ගල් විහාරය ඡායාරූප 35 කට ගොනු කරගන්න ඉන්ද්‍රනාථට ගියා පැය එකහමාරක්. සම්පූර්ණ ගල් විහාරය ඒ හැටියටම පේන්න, ඡායාරූප ටික සංස්කරණය කරන්න තවත් පැය 7 ක්. ”දළඳා මාළිගාවේ සම්පූර්ණ ඡායාරූපය වෙනුවෙන් පින්තූර 41 ක් ගන්න වුණා. පැය 6 ක් ගියා ඒ ෆොටෝ ෂූට් එකට. ඉසුරුමුණිය ගල්ලෙන රූගත කළේ කොටස් 12 කට. කිසිම ආකාරයකින් දුරස්ථ ඡායාරූපයකට ගන්න බැරි තැනක්, මේ ඉසුරුමුණියෙ සැතපෙන පිළිමය සහිත බුදු මැදුරේ අභ්‍යන්තරය.
    ගල්ලෙන් බිත්තියයි පිළිමයි අතරේ දුර අඩි 5 ක්වත් නෑ. අඳුර ඊට එහා. එහෙම තැනෙක රූප රාමු එකම ආලෝක මට්ටමක තබාගෙන ඡායාරූපගත කරනව කියන්නෙ අසීරු කටයුත්තක්.
    av10060616-2.jpg

    සමහර වෙලාවට මට සිද්ධ වුණා එක ඉරක් ඇඳගෙන ඒ දිගේ නොසෙල්වී සමාන්තරව හිඳ පින්තූර ගන්න. ඉසුරුමුණියෙ සැතපෙන පිළිමය සහිත බුදු මැදුරෙ අභ්‍යන්තරය ඔබ ඡායාරූපයකින් මේ විදියට දකින පළමු අවස්ථාව මේක. ගල්විහාරය, අම්බුලුවාව කන්ද මුදුනේ හිඳ පෙනෙන ගම්පොළ නගරය ඇතුළත් අංශක 360 ක පරිසර දර්ශනය, දළදා මාලිගාව වගේ ප්‍රදර්ශනයෙ ඇති හැම ඡායාරූපයක්ම අපේ රටේ උදවිය මේ පැනොරාමා හෙවත් අති පුළුල් (පරිදර්ශන) ආකාරයට අඩි 2ක් දකින පළමු වතාව මේක...” ඉන්ද්‍රනාථට වගේම අපේ රටේ හැම කෙනෙකුටමත් මේ ප්‍රදර්ශනය සුවිශේෂී අත්දැකීමක් වෙන්නෙ ඒ නිසා.

    1992 පවත්වපු ‘සොබා රූ’ පොත් කවර හා පුවත්පත් කවර ප්‍රදර්ශනය ඉන්ද්‍රනාථගෙ පළමු ප්‍රදර්ශන අත්දැකීම. ඔහු අතිශය කාර්ය බහුල මංගල ඡායාරූප ශිල්පියා බවට පත් කළේ 1997 පැවැත්වූ ‘වෙඩින්’ ඡායාරූප ප්‍රදර්ශනය. 1997 න් පසු උදා වෙන්නෙ ඉන්ද්‍රනාථගෙ ස්වර්ණමය යුගය. 1998 ඔහු පරිගණකයක් මිලදී ගන්නවා. එතෙක් ‘මැනුවල්’ කළ සියල් විස්කම් බොහොම ලේසියෙන් ඔහු පරිගණකය හරහා සිදු කරනව.මඟුල් ගෙවල්වලට දින දී ගන්න බැරි කාල පරිච්ඡේදයක්. 1993 පටන්ගත්තු ‘ෆොටෝ කම්පැනි’ ව්‍යාපාරය අතිශය දියුණු වෙනව පමණක් නෙවෙයි, සුපිරි ඩිජිටල් මුද්‍රණ තාක්‍ෂණය පාවිච්චි කරන එකම ඡායාරූප ශිල්පියා බවට ඔහු පත් වෙනව. හැබැයි ඒ ගමන එන්න ඔහු හුඟක් මහන්සි වුණා. ඉන්ද්‍රනාථගෙ තාත්තා විදුහල්පතිවරයෙක්. අම්මා ගුරුවරියක්. චිත්‍ර සහ සංගීතය පුංචි කාලෙ පටන් තේනුවර පවුලෙ තිබුණු පරිසරය. තාත්තා මාරුවෙවි යන ගානෙ දරුවොත් ගියා.

    අම්පාර කණිෂ්ඨ විදුහල, අම්පාර සද්ධාතිස්ස විදුහල්වලින් පස්සෙ ඉන්ද්‍රනාථ නැවතුණේ් තර්ස්ටන් විදුහලින්. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරල 1979 ඔහු සිය වෘත්තීය ජීවිතය අරඹනව. ඒ විද්‍යා - ගණිත ගුරුවරයෙක් විදියට. පත්වීම විද්‍යා - ගණිත වුණත් කොටහේන ශාන්ත ලුසියා මහ විදුහල, හාවඩ් බාලිකාවෙ උගන්වද්දි ඔහුට උගන්වන්න ලැබෙන්නෙ චිත්‍ර විෂය. 1977 පටන් ප්‍රවීණ ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩ පුවත්පත්වලට ලියූ ලිපි ඇසුරෙන් ඡායාරූප කලාව තනිව ප්‍රගුණ කිරීමයි ඉන්ද්‍රනාථගෙ ජීවිතේ සුවිශේෂම ලක්‍ෂණය. 1980 වසරෙ ‘යොවුන් ජනතා’ පත්‍රයේ පිටු සැකසුම් හා අකුරු නිර්මාණ ශිල්පියා විදියට ඔහු ලේක් හවුස් පඩිපෙළ නඟින්නෙ ධර්මසිරි ගමගේ සූරීන්ගෙ ආරාධනාවට. ඒ එතුමන්ගෙ ‘පහන් වැටෙන්’ බිහිවූ තරුණ නිර්මාණකරුවෙක් විදියට.
    කලෙක ‘තිරතරු’ පත්‍රයේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා හා රූ රටා සංස්කාරකවරයා වූ ඉන්ද්‍රනාථට ‘සරසි’ සිනමා පුවත්පතේ විශේෂ ඡායාරූප ශිල්පියා වීමේ භාග්‍යය උදා වෙනව. ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි බන්දුල පද්මකුමාරයන් සංස්කරණය කළ ‘සරසි’ හරහා. ‘තරුණයා’ හි පිටු සැකසුම් අධීක්‍ෂණය කළ යුගයත් අද ඔහුට සොඳුරු මතකයක්.

    ඉනෝකා පෙරේරා බණ්ඩාර
    ඉන්ද්‍රනාථ තේනුවර

    (uputa geneema 06-06-2010 Silumina)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාර හැකියාවක් තියෙන කෙනෙක්නේ... :):)

    thnx.. :):)


    මචං.. ෆොන්ට් එක ටිකක් ලොකු කරලා දාපං..නැත්නම් කියවන්න අමාරුයි... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාර හැකියාවක් තියෙන කෙනෙක්නේ... :):)

    thnx.. :):)

    මචං.. ෆොන්ට් එක ටිකක් ලොකු කරලා දාපං..නැත්නම් කියවන්න අමාරුයි... :)

    hari machan font size loku kara :D ow meya daksha camera karuwek !! :) meka machan mama siluminen copy paste keruwe eka balanne nethi ayata balannai.. mei thread eka kochchara wela thiyei da ndanne naa live condition :rolleyes:.. panaroma eka nam maru neda ? :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hari machan font size loku kara :D ow meya daksha camera karuwek !! :) meka machan mama siluminen copy paste keruwe eka balanne nethi ayata balannai.. mei thread eka kochchara wela thiyei da ndanne naa live condition :rolleyes:.. panaroma eka nam maru neda ? :)

    ඒක තමයි... මමත් මේ පැනෝරාමා කියන එක දැනගත්තෙ මේකෙන්... :) පින්තුර ටික නම් සිරාවට ඇති.. අපි හිතනවට වඩා ඡායාරූප කලාව ගොඩක් සංකීර්ණයි...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි... මමත් මේ පැනෝරාමා කියන එක දැනගත්තෙ මේකෙන්... :) පින්තුර ටික නම් සිරාවට ඇති.. අපි හිතනවට වඩා ඡායාරූප කලාව ගොඩක් සංකීර්ණයි...

    ow machan godak sankeernai ! lassanata ethi aniwaa ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොළොන්නරුවෙ ගල් විහාරය Onna mama nam a paththa gana dannewath naa......!! ;) ;) Nice post bro... :) Thanks 4 sharing :D Rep+

    sure ekata umba dannawa ethi ... :lol: sirawata mama nam podi kale giyata passe gihillama na ban :no: lankawe mechchara watina then thiyenawa api nodekapu..:( pita ratawal walata wada kochchara dewal thiyenawada mehe ? :dull: apita uwamanawak nethi kama thamai thiyenne ! :(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගොඩක් හොද පොස්ට් එකක් බ්‍රෝ
    තැන්ක්ස් මේක අපි එක්ක බෙදා ගත්තාට
    රේප්+