හිත දැවෙයි ගින්දරේ
මේක අවුරුදු පහ හයකට කලින් වැහි කාලෙත් එක්ක සිද්ද වෙච්ච සිද්ධියක්. මේ වැහි කාලෙත් එක්ක මට ආයෙත් මතක් උනා. මම දවසක් ටවුමට ගිහින් එද්දි තදම තද වැස්සකට අහුඋනා. ඉතිං කුඩයකුත් ගෙනිච්ච නැති හින්ද දුවං ගිහින් ළග තිබුන ගේකට ගේකට ගොඩඋනා. ඒ ගෙදර හිටියෙ වයසක අම්ම කෙනෙකුයි අවුරුදු දහයක විතර පොඩි කොල්ලෙකුයි. එකම ගමේ නිසා මම ටිකක් අදුරනව. මාව දැකල පොඩි එකා මට ගේ ඇතුලට කතා කලා. පුටුවක් තිබුනෙ නැති නිසා බිත්තිය අයිනෙ තිබුන බංකුවෙ මම වාඩි උනා. ගේ පුරාම ටින් කෑලි තියල වහලෙ සිදුරු වලින් වැටෙන වතුර එකතු වෙන්න. මං වාඩිඋන තැනට මුලු කුස්සියම පේනව. මොකද ඒ ගෙදරටම තිබුනෙ ඉස්සරහ කාමරෙයි කුස්සියයි විතරක් නිසා. එතකොටයි මං දැක්කෙ ඒ අම්ම කුස්සියෙම වෙනම ලිපක් හදාගෙන පොඩි හැලියක බතක් උයනව. කුස්සියෙ තිබුන අනිත් ලිප දිගේ වතුර බේරෙනව. මාව දැකල ඒ අම්මගෙ ඇහට උනපු කදුලු ලිපේ ගින්දර එලියට මට හොදටම පෙනුන.
~#ඨාකුර්Z#~ විසිනි.

අව්ව දා ඉර එළිය
වැටෙයි ලිප මුට්ටියේ..
වැස්ස දා ඒ ලිපම
තෙමෙයි දිය පිහිල්ලේ..
මෙදා නම් වහින වැසි
ඉවරයක් නෑ වගේ..
හදා ගෙන වෙන ලිපක්
අම්ම බත උයන්නේ..
හැමදාම උන්දැගේ
හිත දැවෙයි ගින්දරේ...

වැටෙයි ලිප මුට්ටියේ..
වැස්ස දා ඒ ලිපම
තෙමෙයි දිය පිහිල්ලේ..
මෙදා නම් වහින වැසි
ඉවරයක් නෑ වගේ..
හදා ගෙන වෙන ලිපක්
අම්ම බත උයන්නේ..
හැමදාම උන්දැගේ
හිත දැවෙයි ගින්දරේ...

~#ඨාකුර්Z#~ විසිනි.
keep writing bro 