ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&

    all.jpg



    A.L මැරීගෙන කරලා campus එකට එන්නේ ගොඩක් බලාපොරොත්තු තියන්,
    තමන්ගේ ගෙදර ඉදන් යන්න පුළුවන් එකක් Z-score එකෙන් අහුවෙන්නත් පින් කරලා තියෙන්න
    ඕනා.
    කොහොමහරි ගියා කියමුකෝ,
    පලවෙනි දවසේ "නවක ඔබ සාදරයෙන් පිළිගනිමු" කියලා ගේට්ටු වල තොරණ ගහගෙන උත්සවයකුත් තියනවා.
    ලොකු අයියලා ඇවිල්ලා අපි නොදන්න දේවල් කියලා දෙනවා,

    "campus වල තනියෙන් ඉඳලා ගොඩයන්න අමාරුයි, තමන්ගේ මුළු batch එකම එකට ඉන්න ඕනා"
    "ලොකු අයියලාගෙන් කුප්පි කරවගන්න ඕනා"
    "ඔයාලව පිළිගත්තා වගේ ඊළඟ batch එකත් මේ වගේම ඔයාල පිළිගන්න ඕනා"

    ඔබ ශිෂ්‍යයකු නම් ඉහත වචන එම විදිහටම අසා ඇති..

    ඔය ආදරය දින දෙක තුනයි,

    මල්ලිලා නංගිලා උදේ 6 වෙනකොට එන්න ඕනා, ආවාම රැග් පටන් ගන්නවා මාස 2ක් 3ක් විතර රැග් තියෙනවා.
    ඔය මාස 3 තමයි ඔබගේ ජීවිතයේ වටිනාම කාලය ලෙස ඔවුන් පසුව පවසයි..
    රැග් කරවලා බලෙන්ම batch fit එක කියා දෙයක් ඇතිකරයි. මෙම කාලයේදී වැඩියෙන් රැග් වී ප්‍රසිද්ධවන චරිත දෙස ලොකු අයියලා බලාසිටී. batch fit එකේ මූලිකයන් ඔවුන්වේ.
    අලුත් මල්ලිලාගේ බැති ගී, නාට්‍ය, දන්සැල් ආදී දේ වලදී මූලික වන්නේ ඉහත ප්‍රසිද්ධවන චරිතවේ.
    නොදැනීම ඔවුන් වටා එම නවක කණ්ඩායම එක්වේ.
    ප්‍රසිද්ධවන චරිත බොහෝවිට ඩොටේවේ. එනම් ඉතාදුර බැහැර පළාත්වලින් පැමිණි ශිෂ්‍යයින්වේ.

    ---ඔවුන් තෝරා ගැනීම---

    ►මාස 2කට 3කට වරක් නිවසට යාම ප්‍රමාණවත්වේ.
    ►මෙහි සිදුවන ක්‍රියාකාරකම් නිවසට ආරංචිනොවේ.
    ►පූර්ණකාලීනව යම් ක්‍රියාකාරකම්වල නියැලීමේ හැකියාව.

    රැග් කාලය අවසන් වූ පසු විභාගද ලංවේ,
    ප්‍රසිද්ධවන චරිත batch එකේ වැඩ වැඩිබැවින් පාඩම් කිරීමට වෙලා නැතිවීමෙන් විභාගය අසමත්වේ.

    මෙයින් පසුව පශ්චාත්භාගයේ අමාරුව ආරම්භවේ.

    j17-sril-480.jpg


    විභාග කාලයට ශිෂ්‍ය අයිතිවාසිකම් උදෙසා කොළඹදී පිකටින්, සත්‍යග්‍රහ පැවැත්වේ.
    ප්‍රසිද්ධවන චරිත කොළඹ පැමිණ ලොකු අයියලා සමඟ ලොකු වැඩ සංවිධාන කරයි.
    පෝස්ටර් ව්‍යාපාරය ඉන් ප්‍රධානවේ.
    නයිටක් ගසා drink එකක් දමා ගංජා පොඩ්ඩක් ගැසූවිට ඔවුන්ට තම අරමුණ කෙසේදයත් ගමේ අම්මලා පවා අමතකවේ.

    පසුව එන්නේ campus වල union ඦන්දයයි. ප්‍රසිද්ධවන චරිත මෙයට ඉදිරිපත්ව ජයග්‍රහණය කරයි.
    එම රාජකාරිත් සමඟ අධ්‍යාපනය තවත් ඈතට යයි.
    ප්‍රසිද්ධවන චරිතවලට අධ්‍යාපනය අසාර්ථක බැවින් ගැලවුම සඳහා ඉබේම දේශපාලනය තෝරාගනී.


    ---ශිෂ්‍ය දේශපාලනය---

    ලංකාවේ ප්‍රධානව ශිෂ්‍ය දේශපාලන කණ්ඩායම් 2ක් පවතී. අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය හා එයට විරුද්ධ කණ්ඩායම්වේ.

    ඔබ අන්තරේ ගැන අසා ඇති,

    ►ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් සඳහා ඔවුන් සටන් කරයි....ද?

    -----සත්‍ය-----

    ජ.වි.පෙ හි ශිෂ්‍ය සංවිධානය අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයයි. තම පටු දේශපාලන අරමුණු උදෙසා සිසුන්ව බිලිදෙන සංවිධානයකි.
    එහි පසුගිය කැඳවුම්කරුවන් සියල්ලන්ම වාගේ අද ජ.වි.පෙ සාමාජිකයන්වේ.
    ඉහත ප්‍රසිද්ධවන චරිත නිර්මානය කරන්නේ තම අරමුණු ඉටුකරගැනීමට වේ.
    සියලුම විශ්වවිද්‍යාල වල ඔවුන් තම අරමුණු සඳහා කටයුතු කරයි.
    ඔවුන් නැතැයි සිතූ මොරටුව සරසවියේ පවා අදවනවිට ඔවුන් තටු දිගහැර ඇත,
    NDT ශිෂ්‍යාවක් ගැබ්ගන්නේ ඔවුන් පවසන ලෙස "ජීවිතයේ වටිනාම කාලයේදී" වේ.
    ජ.වි.පෙ මන්ත්‍රී වාහනයෙන් නිවසෙන් පැමිණ, අවසන් ටික බස් එකේ එනබව දන්නෝ දනී.

    පේරාදෙණිය, වයඹ, රජරට, රුහුණු, ජපුර, මොරටුව යන සරසවිවල අන්තරේ තත්වය දරුණු වේ.
    තවද TTI, NDT, HNDE වැනි උසස් තාක්ෂ්ණ ආයතනවලද ඔවුන් හිස ඔසවමින් පවතී.


    සරසවි සඳහා නව බඳවාගැනීම් මේ දිනවල සිදුකෙරේ. ඔබ යමක් කිරීමට පෙර සිතන්න,
    මේවාට විරුද්ධ ශිෂ්‍ය කණ්ඩායම් සෑම විශ්වවිද්‍යාලයකම සිටී ඔවුන් සමඟ එක්වන්න,

    මේගැන ඔබ දන්නා නවක ශිෂ්‍යයන් ලෙස සරසවි සඳහා ඇතුල්වීමට බලාපොරොත්තුවෙන සිටින්නන් දැනුවත් කරන්න.


     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,751
    113
    ජපුරෙ මහා සන්ගමය විසුරුව ඈත....:P
    දෑන් ම්ලගට පමිණෙන කාලය ,ගහ මරා ගන්නා කලයයී..:angry::angry:
    ( රැග්+ අන්ටි රැග් +අලුතෙන් එන සන්ගම් )
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දැනට අවුරුදු 10කට 15කට කලින් කොළඹත් ඔය රෙද්ද තිබ්බා බන් ඒත් අපේ කොල්ලො කෙල්‍ලෝ ජීවිතේ ගැන ඩිග්‍රිය ගැන හිතන්නෙ නැතුව ඕකුන්ව එළවල දැම්මා 2ක්ද කොහෙද මැරුණලු 5කගේ ඩිග්‍රි නැති උනාලු ඒත් උන් ට පින්සිද්ධ වෙන්න අද අන්තරේ කොළඹ හතර මායිමක නෑ මම නම් කියන්නෙ ශිෂ්‍යයන්ට දේශපාලනේ ඕනෙ නෑ ඒ කියන්නෙ ප්‍රසිද්ධ දේශපාලනය කරන්න විශ්ව විද්‍යයාල ශිෂ්‍යයන්ට අවශ්‍ය කරුණක් නෙවේ යුනියන් තියා ගන්න ඕනෙ අධ්‍යයන සහ වෙනත් පහසුකම් වැනි දේවල් වලදි ඇතිවන ගැටලු සම්බන්ධයෙන් සාමුහික ක්‍රියා මාර්ගයක් ගන්න මිසක් එක එකාට කඩේ යන්න නෙවේ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Good post!!

    Migara, You guys are involved in the uni scene. I am sure you guys have a plan against these "kaalakanni". We will do what we can to support you. This period should be the end of JVP student union curse...............
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    apiwa baya karanna nam epaaaaaaaaaaaaaaaaaaaaa
    thama hari theeranayak ne USJ Or SLIIT
    Hm Bayeth Be Noyath Be
    Anthare Ta Ahuweido Bayai Macho

    ජපුර සයන්ස් එකේ ඔය කචල් නෑ මැනේජ්මන්ට් එකේ නම් ටිකක් තියෙනවා මචන් කරන්න තියෙන හොදම දේ මැනේජ්මන්ට් යනවා නම් වැඩියේ කැපී පේන්න යන්න එපා උන්ගෙ අලයො සෙට් එක මාර හොදයි ඒ වගේ එවුන් ටිකක් හොයල ෂේප් එකේ තියා ගනින් රැග තියෙන්නෙ මාසයයි ඒ මාසෙ වැඩියෙ රෑවෙනකන් කැම්ප එක ඇතුලෙ ඉන්න එපා ඉන්ටෙන්සිව් නම් නොගියත් අවුලක් නෑ ඒත් ඒක උඹේ කැමැත්ත මම නම් කියන්නෙ යමන් කියල මොකෝ ඔය කාලෙ විතරයි කෙල්ලො කොල්ලොන්ගෙ මූන බලල කතා කරන්නෙ ඊට පස්සෙ උන්ගෙ අර පහල තියෙන ඒව ආයි නළලට එන්න ගන්නවා :lol:

    machan colombo oya seen nadda
    moratuwe nam patta kachal dan
    mage yaluwek me awurudde NDT giya,...
    u class enne marila scott gahalama
    e madiwata hamadama wali
    chaaa 7i

    කොළඹයි මෝර ඉන්ජ ෆැකලටියයි ය මගුල් නෑ බන්
    සමහරු කියනවා අපේ ආර්ට් එකේයි ලෝ එකෙයි ඕව තියෙනවා කියල ඒත් න ෑබන් ආර්ට් එකේ කිසිම සංවිධානයක් නෑ ඉන්ටෙන්සිව් වල උන් කරන්නෙ වැඩි හරියක් උන්ගෙ වැඩක් බලන් ඉන්න එක හොස්ටල් වල නම් තාම තියෙනවාලු ඔය බම්බුව ඒත් කැම්පස් එක ඇතුලෙ හොස්ටල් උන්ට රගන්න දෙන්නෙ නෑ වැඩියේ ඒ හින්ද ගේමක් නෑ

    ජපුරෙ මහා සන්ගමය විසුරුව ඈත....:P
    දෑන් ම්ලගට පමිණෙන කාලය ,ගහ මරා ගන්නා කලයයී..:angry::angry:
    ( රැග්+ අන්ටි රැග් +අලුතෙන් එන සන්ගම් )

    එහෙනම් හොද සංදර්ශන ටිකක් බලා ගන්න පුලුවන් නේ :lol:
    අලුත් බැච් එක එද්දි ඡන්දෙ ඉවර වෙලා තිබ්බෙ නැත්නම් රැග් එකක් නැත්තටම නැතිවෙයි
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඔවුන් නැතැයි සිතූ මොරටුව සරසවියේ පවා අදවනවිට ඔවුන් තටු දිගහැර ඇත,
    na machan...
    kalin idanma anthare NDT eke thibuna. eka hamadama thibuna deyak. ewagema E-fac eke anthare na. kalin thibuneth na. adatath na.. enna dennth na ekata.