වාහන හිමියන්ට හොඳ ආරංචියක්‌!

වාහන හිමියන්ට හොඳ ආරංචියක්‌!

වාහවල ඉන්ධන භාවිතය සියයට 30-40 ත් අතර ප්‍රමාණයකින් ඉතුරු කරන නව නිපැයුමක්‌ ඊයේ (17) ප්‍රථම වරට ලෝකයට හඳුන්වාදීම ශ්‍රී ලංකාවේදී සිදුවිය.

මෙය ජලය යොදාගෙන ක්‍රියාත්මක කෙරෙන යන්ත්‍රයක්‌ වන අතර ලොව මෙතෙක්‌ නිෂ්පාදනය කළ කුඩාම වියලිකෝෂ හයිඩ්‍රජන් උත්පාදක යන්ත්‍රය මෙය බව ඊයේ මෙම යන්ත්‍රය හඳුන්වා දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අදහස්‌ දැක්‌වූ එහි නිපැයුම්කරු වන කීර්ති ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් මෙම නව නිපැයුම හඳුන්වාදීම සඳහා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම නව නිපැයුම හඳුන්වා දෙන ලදි.

මෙය ලෝකය මවිත කරන නව නිපැයුමක්‌ බවද, ලෝකයේ බොහෝ විද්‍යාඥයින් මෙතෙක්‌ කලක්‌ බොහෝ පර්යේෂණ සිදු කළද මෙවැනි ජලය මගින් ඉන්ධන කාර්යක්‍ෂමතාව ඇති කරන යන්ත්‍රයක්‌ නිපදවීමට නොහැකිවූ බවද මෙහිදී අදහස්‌ දැක්‌වූ නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්‌ මහාචාර්ය මහින්ද පාතේගම මහතා ප්‍රකාශ කළේය.

මේ උපකරණය භාවිතා කිරීම නිසා වාහනවල දහනය වන ඉන්ධන ප්‍රමාණය සියයට 30/40 ත් අතර ප්‍රමාණයකින් ඉතුරු වනවාට අමතරව සයිලන්සරයෙන් පරිසරයට හානිකර විෂ වායු පිටවීමක්‌ සිදුනොවන බවද මහාචාර්ය පාතේගම පෙන්වා දුන්නේය.

මේ සඳහා පේටන්ට්‌ බලපත්‍රය දැනටමත් අයෑදුම්කර ඇති බවද මහාචාර්යවරයා කීය.

ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසු ජලය යොදාගෙන ක්‍රියාත්මක කෙරෙන මෙම යන්ත්‍රය සවිකර වාහන ධාවනය කර පෙන්වීමද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු භූමියේදී සිදුවිය.
(දිවයින)
මේ ගැන වැඩි විස්සතයක් දන්න කවුරුත් ඉන්නවද?:):rolleyes:
 
Last edited:

rohana1985

Active member
  • Mar 22, 2007
    554
    24
    28
    ෂා කියල වැඩක් නෑ. වැඩේ තියෙන්නෙ ඕක කවද වෙළඳපලට එයිද කියල. අපේ රටේ මේ වගේ නව නිශ්පාදන කරන අය නවතින්නෙ USA හරි කොහෙ හරි. මේකවත් වෙළඳපලට ආවොත් ලොකු දෙයක්.:oo::oo:
     
    • Like
    Reactions: vidura99

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    does anyone know how it works?:oo:

    are you sure it's not another scam, like the guy who said
    just a coupla years ago that he can run a car with water?:oo:
     
    ෂා කියල වැඩක් නෑ. වැඩේ තියෙන්නෙ ඕක කවද වෙළඳපලට එයිද කියල. අපේ රටේ මේ වගේ නව නිශ්පාදන කරන අය නවතින්නෙ USA හරි කොහෙ හරි. මේකවත් වෙළඳපලට ආවොත් ලොකු දෙයක්.:oo::oo:
    ඒක නං ඇත්ත.:(
    පුදුමෙකට මේ දිවයින පත්තරේ තිබුන ටික හැර වෙන කොහේවත් විස්තර නෑ.වැඩකාරයෝ ඉන්නව නං හොයලා අපටත් කියන්නකෝ.මේක ලොකු ලාබයක්නේ.
     
    good news.. but wonder why these didn't come commercially.. only herd in tests..
    ඒක නේ.:dull::rolleyes:
    නිකමට හිතලා බලන්න රජයක් විදිහට මේ ගැන ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නවා නං රටට මොනතරම් ඉතිරියක්ද?රටට මොනතරම් නම්බුවක්ද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක නේ.:dull::rolleyes:
    නිකමට හිතලා බලන්න රජයක් විදිහට මේ ගැන ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නවා නං රටට මොනතරම් ඉතිරියක්ද?රටට මොනතරම් නම්බුවක්ද?

    ඔයිට වැඩ කොච්චර වැඩ තියෙනවද ආණ්ඩුවට ? යුද ජයග්‍රහණ තව කොච්චර කල් සමරන්න තියෙනවද ? එක විකුණගෙන ආණ්ඩුක්‍රම සංශෝධනයක් ගෙන්න ඕන ... දිගටම බලේ ඉන්න වැඩ කරන්න ඕන ... ෆොන්සේකාව එල්ලන්න ඕන ....ඔය වගේ තව දේවල් කොච්චර තියන්න ඕනද ? අද වගේ සතියේ දවසක නිවාඩු දීල රටේ නිෂ්පාදන වේගය වැඩි කරන්න ඕන ...ඔය වගේ රටට වැඩ දායක දේවල් කරන්න තියෙද්දී ඔයා පිස්සු නටනවා ... අනේද කියන්නේ ..... :baffled::dull::rolleyes:
     
    :lol:&:(