බේබද්දන්ට නිකන් බේත් නෑ:මතට තිත බොරුව II

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බේබද්දන්ට නිකන් බේත් නෑ:මතට තිත බොරුව II

    'බීලා බීලා ලෙඩ හදාගන්න බේබද්දන්ට බේත් දෙන්න මහජන මුදල් වියදම් නොකල යුතුයි........." කියලා මෛත්‍රී ඇමතිතුමා ගොඩක් ජනප්‍රිය කතාවක් කිව්වා.

    මතට තිත වගේම හරිම ජනප්‍රිය කියමනක් වුනා ඒක....

    "වහාම ක්‍රියාත්මක කළ යුතුයි......." අති පණ්ඩිතයෝත්, වන්දිභට්ටයෝත් එක හඬින් කියා සිටියා..

    පොඩ්ඩක් හෝව්..... මේකත් ආණ්ඩුවේ තවත් පල් විජ්ජාවක් විතරයි.....මම ඔප්පු කරන්නම්.

    1] මෙන්න ආණ්ඩුව ගහන බදු
    ===============

    -අරක්කු ලීටරයකට: රු.660
    -රට බීම ලීටරයකට:රු.790
    -5% අඩු බියර් ලීටරයට:රු.57
    -5% වැඩි බියර් ලීටරයකට්:රු.74
    -වයින් ලීටරයකට:රු.515

    ඇයි බදුගහන්නේ?? මතට තිත තියන්න නම් බාර් වහලාදාලා, බොන එවුන්වයි විකුනන එවුන්වයි හිරේදා දඬුවම් දෙන්න පුලුවන්.

    මේ ආණ්ඩුවට කවදාක්වත් බොන එක නවත්තන්න ඕනෙ නෑ, මිනිස්සු ඇත්තටම බොන එක නැවැත්තුවොත් ආණ්ඩුවට යන එන ම්ං නැතිවෙනවා.:rolleyes:

    2] අලුත් බාර් ලයිසොන්
    ===========

    රාජපස්ස ආණ්ඩුව යටතේ 2005-2008 කාලයතුල අලුතින් නිකුත්කල මත්පැන් විකිණීමේ බලපත් (බාර් ලයිසන්) 200. (2008 සුරාබදු කොමසාරිස් වාර්තාව )

    ***මතට තිත තියන්න බාර් වහනවා මිසක් අලුතින් ලයිසන් දීලා අරිනවායැ.***:no:

    3] 2008 වසරේ මත්පැන් අලෙවිය
    ================

    -සැර මත්පැන් : ලීටර් කෝටි 4.5
    -බියර් : ලීටර් කෝට් 5.75

    ලංකාවේ ජනගහනය වෙන කෝටි 2ක ජනතාව 2008 වසරේදී මත්පැන් ලීටර් කෝටි 10කට වැඩිය ගිලදමා ඇත.

    4] මත්පැන් ආදායම
    =========

    2008දී සුරාබදු ආදායම රුපියල් කෝටි 2744කි

    තවත් රු.කෝටි 60ක් බලපත්‍ර ගාස්තු හා දඩ ලෙස උපයාගෙන ඇත.

    එතකොට 2008 වසරේ මුලු සුරාබදු ආදායම රු.කෝටි 2800 ඒ කියන්නේ රුපියල් මිලියන 28,000යි (කෝටිය යනු මිලියන 10කි )

    බොරුවට ජනප්‍රිය වෙන්න මතට තිත කියලා කෙකර ගෑවාට, තමුන්නාන්සේලා හිතනවාද ආණ්ඩුව කවමදාක්වත් ඇත්තටම මිනිස්සු මතට තිත තියලා බොන එක නවත්තලා ආණ්ඩුවට මේ රුපියල් මිලියන 28,000ක ආදායම නැති කරනවාට කැමතියි කියලා?

    කවදාක්වත් නෑ.

    ඒනිසා තමයි අරලිය මන්දිරේදි බොන්න දීලා, හාමුදුරු කෙනෙක් ලව්වාම බිව්වට කමක් නෑ කියලා කියවගත්තෙ.:yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොන ආණ්ඩුව හිටියත් මිනිස්සු බොන එක නවත්ත්න්නේ නෑ... අනිත් එක හම ආණ්ඩුවක්ම මත්පැන් වලින් ලොකු බදු ගහලා ආදායම් ගත්තා...
     

    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    එ උනාට තාම කව්රුවත් කැසිනො ගැන කතා කරන්නෙ නැහැ!හෙළ උරුම‍ය එ ගැන කතාවක්වත් නැහැ!කැසිනො හින්දා පවුල් කි‍යක් පාරට වැටිලා ති‍යෙනවාද?සක්විති රණසිංහ‍යා නැතුනෙත් ඔකෙන්මනෙ!