මුහුණේ උපන් ලප හෙළි කරන රහස්‌

May 12, 2010
483
49
0
On a dreamscape
මුහුණේ උපන් ලප හෙළි කරන රහස්‌

මුහුණේ උපන් ලප හෙළි කරන රහස්‌
upanlapa.jpg

කැඩපතක්‌ ඉදිරියට ගොස්‌ ඔබේ මුහුණ දෙස හොඳින් බලන්න. ඔබේ මුහුණේ උපන් ලප පිහිටා තිබෙනවා ද? උත්තරය ඔව් නම් එම උපන් ලප පිහිටි ස්‌ථාන හොඳින් මතක තබා ගන්න. මේ සමඟ ඇති රූපයේ දක්‌වා ඇති ස්‌ථානවල ඔබගෙත් උපන් ලප පිහිටා තිබෙනවා ද? එසේ නම් එම අංක වලට අදාළව විස්‌තර කර ඇති රහස දැනගන්න. ඔබගේ මිතුරන් , ඥාතීන් ආදි අනෙක්‌ අය ගේ මුහුණෙන් හෙළිවන රහස්‌ දැන ගන්නට ඔබටත් පුළුවන්.

උපන් ලප අංක 01, 02, 03

දරුවෙකු ලෙස සිටියදී ඔබ විප්ලවීය ගති පැවතුම් තිබූ නිදහස්‌ සිතිවිලි වලින් හෙබි නිර්භීත අයෙකි. නිර්මාණශීලි හැකියාවන් සඳහා සහජ දක්‌ෂතා ඔබ සතුය. එම කුසලතා හා හැකියාවන් සාර්ථක කර ගැනීමට පුළුල් නිදහසක්‌ ඔබට තිබිය යුතුය. ඔබ දායකවන ඕනෑම කටයුත්තකදී පුරෝගාමියා වීමේ වාසනාව ඔබ සතුය. ප්‍රධානියෙක්‌ යටතේ සේවය කිරීමට එකඟ නොවන බව, ඔබගේ ස්‌වාමියා තමන්ම යන ආකල්පය මුදුන් පමුණුවා ගන්නෙකි. ඒ නිසාම ඔබට දිනක වාසනාව උදා වනු ඇත.

උපන් ලපය අංක 04

ආකර්ෂණීය පෞරුෂයක්‌ හිමි ඔබ ජනප්‍රිය චරිතයකි. නමුත් ජීවිතයේ වැදගත් අවස්‌ථාවන් වලදී තීරණ ගැනීමට පසුබට වීමට ඉඩ ඇත. තවද විකල්ප කිහිපයක්‌ ඔබ ඉදිරියේ ඇති විට සුදුසුම විකල්පය තෝරා ගැනීමට ඔබ අසමත් ය. ඕනෑම කාරණාවක්‌ සම්බන්ධව වාද කිරීමට ඉතා උනන්දු මුත් කිසිවෙකු හා අමනාපයෙන් සිටීමට කැමති නැත. සන්සුන් කමක්‌ නොමැති ඔබ ක්‌ෂණිකව කෝපයට පත්වන චරිතයකි.

උපන් ලපය අංක 05

ඇහි බැමට උඩින්a පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබට ධන වාසනාව උදාවෙනු ඇත. ඒ සඳහා ඔබ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩියෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුමය. මිහිරි - චාටු කතාවෙන් ඔබේ ධනය සූරා ගන්න මාන බලන අය අපමණ ය. කිසිවෙකු පමණට වඩා විශ්වාස නොකිරීමට වග බලා ගත යුතුය. ඔබගේ සහජ ඥාණය භාවිත කරමින් ඔබේ ආදායම ප්‍රවේශම් කර ගන්න. මුදල් පාලනය කිසිවෙකුට භාර දීම නොකළ යුතුය.

උපන් ලපය අංක 06

ඇහිබැම මත උඩින් උපන් ලපයක්‌ හිමි ඔබ උපතින් ම කලාකරුවෙකි. නිර්මාණශිලිත්වය හා හොඳ බුද්ධියක්‌ ඔබ සතුය. කලා හැකියාව ඔබට ධනය, කීර්තිය සහ සාර්ථකත්වය උදාකරදේ. නමුත් ධන වාසනාව ළඟා කර ගැනීම සඳහා ජීවිකාවක්‌ ලෙස කලාවේ

නිරත නොවී විප්ලවීය අදහසින් නව නිර්මාණ බිහි කළ යුතුය. එවැනි විප්ලවීය අදහස්‌ අනුව නිර්භීතව නිර්මාණ වල නිරත වන්නේ නම් ඔබට ධන වාසනාව උදාවනු ඇත.


උපන් ලපය අංක 07 - පවුල් ප්‍රශ්න

ඇහි බැමට පහළින් ඇති උපන් ලපයක්‌ හිමි ඔබ පවුල් ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙකි. එම ප්‍රශ්න නිසාම ඔබ කනස්‌සල්ලට පත්විය හැකිය. රැකියාව සඳහා ද මෙම ප්‍රශ්න බලපෑම් කරනු ඇත. ඒනිසාම වහා ම ඔබ කළ යුතු වන්නේ පවුලේ ඥාතීන් සමඟ තිබෙන ප්‍රශ්න සාමකාමීව විස¹ ගැනීම යි.

උපන් ලපය අංක 08 - ප්‍රවේශමෙන්

අධික වියදම්කාරි බව නිසා ම ඔබේ ආර්ථික මට්‌ටම අසතුටුදායක ය. සූදුව කෙරෙහි යොමුවීමට ඉතා කැමැත්තක්‌ දක්‌වයි. නමුත් සීමාව දැනගෙන ඕනෑම දෙයක්‌ කළ යුතුය. ඕනෑම තරාතිරමේ කෙනෙක්‌ වරදට පොළඹවා ගැනීමේ ශක්‌තියක්‌ ඔබ සතු නිසා නොයෙක්‌ කරදර වලට පැටලීමට සිදුවෙයි. මෙම කාරණා - සැලකිල්ලට ගෙන ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

උපන් ලපය අංක 09 නිමක්‌ නැති කරදර

ජීවිත කාලය පුරාවට ම සංකීර්ණ ප්‍රශ්න වැලකට මුහුණ දීමට ඔබට සිදුවෙනවා ඇත. මෙම උපන් ලපය මගින් සංකේතවත් වන්නේ නිමක්‌ නැති කරදර ඔබ පසුපස හඹා එන බවයි. කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලා ගන්න

උපන් ලපය අංක 10- දරුපල වලින් හිඟයක්‌ නැත.

ඔබට දරු පලවලින් හිඟයක්‌ නැත. දූ දරුවන් සහ දරු මුණුබුරන් රාශියක්‌ පිරිවරාගෙන සතුටින් ජීවත්වීමේ දුර්ලභ වාසනාව ඔබට හිමිය. සමීපතමයන්ගෙන් පවා උදව් උපකාර ලැබේ. ඔබට ලැබෙන සහකරු හෝ සහකාරිය ද මානසික වශයෙන් පවා ඔබව තෘප්තිමත් කිරීමට සමත් අයෙකු ය.

උපන් ලපය අංක 11 ශරීර සෞඛ්‍යයට අහිතකරයි.

විවිධ ලෙඩ රෝග වලට ගොදුරුවීමේ අවදානමක්‌ පෙන්නුම් කරයි. විශේෂයෙන් ම මෙම උපන් ලපය තද පාටට ලොකුවට පිහිටියේ නම් ඔබ තම ශරීර සෞඛ්‍යය ගැන නිතර අවධානයෙන් සිටීම ඔබගේ ශරීරය සෞඛ්‍යයට හිතකරවන්නට පුළුවනි.

උපන් ලපය අංක 12 - දීර්ඝායුෂ හිමිවේ

කට කොණවන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය ඉතාම සාර්ථක සහ සමබර ජීවිතයක සළකුණකි. ධනය සමඟ නිරායාසයෙන් ම ඔබට ප්‍රසිද්ධිය ද ලැබෙනු ඇත. දීර්ඝායුෂ හිමි ඔබට ප්‍රීතිමත් පවුල් ජීවිතයක්‌ ද හිමි ය. මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා තිබෙයි නම්, ඇය අතිශයෙන්ම වාසනාවන්ත ය. එමෙන් ම මන බඳනා අයෙක්‌ වන්නී ය.

සුපරි හොලිවුඩ් නිළි කෝට්‌ හඩ්සන්ගේ මව වන ගෝල්ඩී හොන්ගේ ද මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා තිබේ. අතීතයේ සුපිරි නිළියක්‌ වූ ඈ විවාහ පත්වූයේද සුපිරි නළු කර්ට්‌ රසල් සමඟ ය. ගෝල්ඩ් ගේ ජීවිතය හැම අතින් ම සාර්ථක ය. හැම අතින් ම පිරිපුන් ය.

උපන් ලපය අංක 13

ඔබගේම දරුවන් ඔබගේ ජීවිතයේ විශාලම කණස්‌සල්ල වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඔබ ඔවුන් සමග සමීප සම්බන්ධතාවයන් ගොඩ නගා ගත යුතුමය. ඔබගේ දුරස්‌ථ බව ඔබට ඇතිවන ප්‍රශ්නවල මුලයි.

උපන් ලපය අංක 14

ආහාර විෂ වීම පිළිබඳ ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. අසාත්මිකතා ඇති විය හැක. පමණට වඩා ආහාර ගැනිමෙන් වළකින්න.

To be continued........
 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mage nam 10 mala ekeliyai............ he he he elaz.............

    උපන් ලපය අංක 10- දරුපල වලින් හිඟයක්‌ නැත.

    ඔබට දරු පලවලින් හිඟයක්‌ නැත. දූ දරුවන් සහ දරු මුණුබුරන් රාශියක්‌ පිරිවරාගෙන සතුටින් ජීවත්වීමේ දුර්ලභ වාසනාව ඔබට හිමිය. සමීපතමයන්ගෙන් පවා උදව් උපකාර ලැබේ. ඔබට ලැබෙන සහකරු හෝ සහකාරිය ද මානසික වශයෙන් පවා ඔබව තෘප්තිමත් කිරීමට සමත් අයෙකු ය.

    Pattane :D:D:D:D:D